තමන්ගේ ආරක්ෂක වියදම් සඳහා ඇමරිකාවෙන් උදව් ඉල්ලා සිටීමට කිසිදු සැලැස්මක් නැතැයි හැරී කුමරු සහ මේගන් කුමරිය පවසති.
හැරී මේඝන් යුවලගේ ආරක්ෂාව සඳහා ඇමරිකාව මුදල් නොගෙවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ ට්ටිටර් පණිවුඩයකට ප්‍රතිචාර ලෙස ඔවුන් එම ප්‍රකාශය කර තිබේ.
හැරී කුමරු සහ මේඝන් කුමරිය නිකුත් කළ පණිවුඩයේ මෙසේ දැක්වේ,
" තම ආරක්ෂක වියදම් සඳහා ඇමරිකාවෙන් මුදල් ඉල්ලා සිටීමට සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරියට කිසිදු සැලසුමක් නැත. පුද්ගලික වියදමින් ආරක්ෂක විධිවිධාන සලසා ඇත."
“ඔවුන් දැන් කැනඩාව අතහැරලා එක්සත් ජනපදයට ඇවිත්. ඒ වුණත් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තවදුරටත් එක්සත් ජනපදය වියදම් කරන්නේ නෑ. ඒකට ඔවුන් වියදම් කරපුවාවේ“ යයි ඇමරිකානු ජනාධිපතිවරයා පසුගියදා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණ.
පසුගිය ජනවාරි මාසයේදී හැරී මේඝන් යුවල තම රාජකීය රාජකාරි වලින් ඉවත් වන බව පැවසූහ. පසුව කැනඩාවේ වැන්කුවර් දූපතේ මාස කිහිපයක් ගතකළ ඔවුන් මෑතකදී ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් වෙත පදිංචියට ගිය බව වාර්තා විය.
රාජකීය යුවළ ලොස් ඇන්ජලිස් දක්වා පුද්ගලික ගුවන් යානයකින් පියාසර කළ බව එංගලන්තයේ ‘සන්‘ පුවත්පත වාර්තා කළ නමුත් ඒ කවදාද යන්න හෙළිකර නොතිබිණ. මේ වන විට පැතිර යමින් පවතින කොරොනා වසංගතය හේතුවෙන් අත්‍යවශ්‍ය ගමන් හැර අනෙක් ගමන් බිමන් සඳහා ඇමරිකාව සහ කැනඩාව අතර දේශසීමා වසා දමා තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අපේ ආරක්ෂාවට ඇමරිකාවේ උදව් එපා යැයි හැරී-මේගන් කියති
රවින් Tuesday, 31 March 2020 09:08 AM
ඔය මෑන්ස් නිකම්ම ෂෝ කාරයෙක්. තමන්ගේ අයට හරියට ආරක්ෂාව දෙන්න බැරිව අනික් අයට ආරක්ෂාව දෙන්නේ කොහොමද? ලංකාවේ ඕකට කියන්නේ " ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ " කියලා.
de silva Tuesday, 31 March 2020 03:27 PM
අමෙරිකාව හතරගාතේ වැටිලා ඉන්න මොහොතක මේ ගොල්ලත් එහෙට කඩා වැටුනහම නිකන් කොරේ පිටට මරේ වගේ තිබේවි... ඇමරිකාවට එන්නේ නැතුව කැනඩාවේම හිටියනම් ඔබලාට මීට වැඩිය හොද නැද්ද? ලෝකේ වටේම කරක් ගහල අන්තිමට එංගලන්තෙට අපහු යන්න වේවිද ?