( මනුල වික්‍රම)
මෙම මාසයේ සේවක වැටුප් ගෙවා ගැනිමට නොහැකි තරමට අනුරාධපුර මහ නගර සභාව මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බව නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා පවසයි.
පවතින වසංගත රෝග තත්ත්වය හමුවේ ලැබිය යුතු ආදායම් අහිමිවීම ප්‍රධාන හේතුව වී තිබේ.
අනුරාධපුර මහ නගර සභාවේ වාර්ෂික ආදායමෙන් විශාලම කොටසක් සම්පූර්ණවන්නේ පොසොන් උත්සවය සංවිධානයෙනි. මෙම වසරේ පොසොන් ඇතුළු නගරයේ ප්‍රධාන උත්සව සියල්ලම අඩාලව තිබේ.
පොසොන් උත්සවයේ දී පමණක් ලබන සම්පූර්ණ ලාභය රුපියල් කෝටි 4ක් පමණ වේ.
රුපියල් කෝටි 65ක පමණ වාර්ෂික ආදායමක් නගර සභාව අපෙක්ෂා කරයි. එහෙත් වරිපනම් ඇතුළු සියලු අයකිරිම් මෙ වන විට නතර කිරීමට සෑම පළාත් පාලන ආයතනයකටම රජය දැනුම් දී තිබේ.
මහ නගර සභාවේ අරමුදලින් මාසිකව ගෙවන වැටුප ප්‍රමාණය රුපියල් ලක්ෂ 47ක් පමණ වන අතර රුපියල් ලක්ෂ 125ක් පමණ මධ්‍යම රජය මගින් ගෙවන ලබයි.
අනුරාධපුර මහ නගර සභාවේ සම්පූර්ණ සේවක සංඛ්‍යාව 600ක් වන අතර ස්ථිර සේවක සංඛ්‍යව 200කි. ස්ථිර සේවකයින්ට හා මන්ත්‍රි දීමනා ගෙවනු ලබන්නේ මධ්‍යම රජය මගිනි.
තවත් ලක්ෂ 27ක් පමණ අතිකාල දිමනා වශයෙන් නගර සභාවෙන් ගෙවීමට ද සිදුවේ. ඉකුත් පෙබරවාරී මාසයේ සිට අතිකාල දිමනා ගෙවීම නතරව තිබේ.
අතිකාල දිමනා නොගෙවන බැවින ලබන් මාසයේ සිට අනියම් සේවකයින් වැඩට නොපැමිණෙ න බව ද විජේසිංහ මහතා පැවැසුවේ ය.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අනුරාධපුර මහ නගර සභාව මූල්‍ය අර්බුදයක
සමන් Friday, 08 May 2020 05:53 AM
තමන්ගේ හිතවතුන්ගෙන් අනවශ්‍ය විදියට නගර සභාව පිරවූ දේශපාලකයින්ට වැටුප් ගෙවන්න කියන්න කොමසාරිස්තුමනි.
Dilan Friday, 08 May 2020 07:58 AM
දේශපාලකයන්ට බැනලා වැඩක් නෑ. ඒ අය පත්වෙලා ටික කාලයක්නේ.
SiriFriday, 08 May 2020 10:35 AM
දේශපාලකයෝ මේ රටට පත්වෙලා අවුරුදු 72ක් වෙනවා. ඒක ටිකකාලයක් නෙවි. මේකට නිල්, කොළ , රතු සියලුදෙනාම වග කියන්න ඕන. දැයට කිරුල, බස් ගිනිතියපුවගේ ගම්පෙරලිය ප්‍රතිපලේ තමයි මේ... ඔක්කොමල සල්ලි විනාසකර හමාරයි. දැන්වත් අපි නායකයෝ ගැන නොසිතා තනිව නැගිටිමු . අපිට මේ දේශපාලුවන් තවත් නඩත්තු කරන්න බෑ.
ශ්‍රී ලාංකිකයා Friday, 08 May 2020 03:54 PM
ලේ හලන විප්ලවයකින් හෝ ජනතාවට පක්ෂ හමුදා රජයකින් පමණයි මෙරට ගොඩගත හැක්කේ... අවුරුදු 70ක්ම රට විකුණාගෙන කාපු සියලුම දේශපාලුවන් සහ ඔවුන්ගේ පවුල් වෙඩි තබා විනාශ කළයුතුමයි. මේ හැමෝම රට තල්ලු කරන්නේ ඒ දෙසටයි..
Makola Mangala Himi Friday, 08 May 2020 08:04 AM
මෙතෙක් කලක් හම්බ කළ මුදල් කාගේ සාක්කුවටද ගියේ ?
Siri Friday, 08 May 2020 08:17 AM
කරන්න බැරි නගර සභා, ප්‍රාදේශීය සභා වසාදමන්න. ඕවගෙන් ඇති වැඩේ මොකක්ද? ඉක්මනට MCC අස්සන් කරන්දෝ. අපිට වැලේ වැල් නැතෝ... පුටින් කියලා අපි රැවටුනේ හිටන්ටමද මන්දා?
Prasad Friday, 08 May 2020 08:51 AM
චන්ද්‍රසේන ඇමැතිට කියන්න. ගෙදරින් ගෙනත් දේවි...
sudubandara Friday, 08 May 2020 10:29 AM
එයාගේ ගෙදර නිතරම තියෙන්නේ වල් උෟරු මස් තමයි.
semasinghe Friday, 08 May 2020 09:55 AM
ඔන්න හෙළුව පේන්න අරගෙන.. මෙච්චර කල් බුද්ධාගම විකුණගෙන කාල තියෙන්නෙ .
rana Friday, 08 May 2020 10:43 AM
මේ වැනි දේ පටන් ගැම්මක්, අවසානයක් නොපෙනේ ! අනේ අපේ රට ! වැරදි මුරණ්ඩු තීරණයක් නිසා නේද මේ ?
Samitha Senaka Aluthgamage. Friday, 08 May 2020 12:14 PM
වැටුපක් ගෙවීමටවත් බැරි නගර සභා ... හදිසියකදී ගන්න මුදලක් නැතිද බබා ...?