IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විශ්වාසභංගයට මුහුණ දෙන හැටි එජාපය කතා කරයි

අගමැති රනිල්ගේ ඇතැම් ක්‍රියා කලාප විවේචනය කරමින් ඔහු එජාප නායකත්වයෙන් යා යුතු බවට පළාත් පාලන මැතිවරණ පසුබෑමෙන් පසු පළමු විරෝධතාව පැමිණියේ එජාපය පැත්තෙනි.


රංගෙ බණ්ඩර, වසන්ත සේනානායක ඇතුළු පිරිස එළිපිට ඒ බව ප්‍රකාශ කළා පමණක් නොව රංගෙ බණ්ඩර වරෙක කීවේ රනිල්ට එරෙහිව විශ්වාසභංගයක් පවා ගෙන ඒමට තමන් පසුබට නොවන බවය.


එජාප ප්‍රතිසංස්කරණ වහාම කළ යුතු බවටත්, නායකත්වයේ මිතුරන් හා වයෝවෘද්ධ අය සතු පක්ෂයේ තනතුරු තරුණ පරපුරට දිය යුතු බවටත් එජාප මහ ලේකම් කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් එජාපයේ ප්‍රබලයන් රැසක් රැස්වී දීර්ඝ ලෙස සාකච්ඡාවක් ද කළහ.


එජාපය පැත්තෙන් ආවේ රනිල් අගමැති ධුරයේ දිගටම රැ​ෙඳමින් එජාප ප්‍රතිසංස්කරණ පමණක් කළ යුතු බව වුවද ඒකාබද්ධ විපක්ෂයේ එජාප අභ්‍යන්තර ආරවුල කියවා තේරුම් ගෙන තිබුණේ වැරදි ආකාරයට බව එජාපය සිතයි.

ඒ තුළ ඔවුන් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට සැලසුම් කළේ එජාපයේ බහුතරයක සහාය ඊට ලැබෙනු ඇතැයි යන විශ්වාසය තුළ බවත් සියල්ල කණපිට හැරවුණේ එතැනදී බවත් එජාප මතය වේ.


එජාප ප්‍රතිසංස්කරණ අපි විසදා ගනිමු. විපක්ෂය හදන්නේ බොර දියේ මාළු බාන්නයි. අගමැති ඉවත් කරන්න විශ්වාසභංග ගෙනැවිත් එජාප අයගේත් සහාය ගෙන එය ජයගෙන අනතුරුව කතානායක මෙන්ම ආණ්ඩුවද පලවා හැර බලය ඩැහැ ගැනීම ඔවුන්ගේ අරමුණයි. එජාපය ඒ ලණුව නොකා අගමැති මෙන්ම ආණ්ඩුව ද රැක ගැනීමට පෙරමුණ ගනිමු.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රමුඛ ආණ්ඩුවේ නායකයන් එජාප මැති ඇමැතිවරුන් එජාපය පසුපෙළ දැනුවත් කළේ ඒ පදනමින්ය.


ඒ විග්‍රහය තුළ එජාපයේ සියලු දෙනා අගමැති මෙන්ම ආණ්ඩුව රැක ගැනීමට කැපවන බව ප්‍රකාශ කළේ ඒකමතිකවය. ඒ අතර තුර ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංගය ඉදිරිපත් කළේය. ඒ තුළ චෝදනා 14 කින් යුතු විශ්වාසභංගයට අත්සන් ගැනීම ඇරැඹිණි. එහෙත් මහින්ද රාජපක්ෂ ඊට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කිරීම විශේෂ සිද්ධියක් බව එජාප මතයයි. බැසිල් රාජපක්ෂ විශ්වාසභංගයට එරෙහි ස්ථාවරයක සිටින බවත් එජාප මන්ත්‍රීවරු කතා බහ කළහ.


‘මට මෙහෙම තොරතුරක් ලැබුණා. මේක ගෙනත් පැරදුණොත් ඔවුන් ඡන්දෙන් ලැබූ ජය යට යනවා කියලා. ඒ නිසා මුලින් එජාප අයගේ අත්සන් ගෙන අපේ අයට අත්සන් කරන ලෙස බැසිල් කියා තිබෙනවා. කියා මට ආරංචි වුණා. ඒත් ගම්මන්පිලලා, වීරවංශලා කියලා තිබෙන්නේ අප අත්සන් කර බාර දුන්නම එජාප අය වෙලාවට ඡන්දය දේවි කියලලු.’


අන්තිමේ ඔවුන්ට උතුර දකුණ සොයා ගන්න බැරි තරමට හිරවෙලා තමයි විශ්වාසභංගය භාරදී තිබෙන්නේ.’ ගයන්ත කරුණාතිලක කී​ෙව් තමන්ට ලැබුණු තොරතුරු මතය.


‘මහින්ද අත්සන් කළෙත් නැහැ. කතානායකට භාර දෙන එක මඟ හරින්නත් හැදුවම මහින්දව බලෙන්ම ඇදගෙන ගිහින් කියලා ආරංචියි. නවීන් දිසානායක කීවේ සියලු දෙනාම සිනා ගන්වමිනි.


බ්‍රහස්පතින්දා අගමැතිවරයා අරලියගහ මැදුරට පැමිණ ඉතා සැහැල්ලුවෙන් පැමිණ සිටි මැති ඇමැතිවරුන් හා කතාබහ කරන විට මේ කරුණු හෙළිදරව් විය.


ලෝකය ඔළුව උඩට වැටුණත් අගමැතිතුමාට ගානක් නැහැනේ.? විශ්වාසභංගයක් එනකොට වෙන ඕනෑම කෙනෙකු ‘ෂොක්’ වෙනවා. ලක්ෂ්මන් කිරිඇල්ල කී විට අගමැතිවරයා මද සිනහවක් පෑවා මිසක කිසිවක් කීවේ නැත.


චෝදනා 14 න් 12 කම අමුවෙන්ම මඩ ගහන, හොර ලේබල් අලවන ඒවා බව පේන නිසා මේ ගැන නීතිපතිට යවලා මතය විමසනවාද? ගයන්ත කරුණාතිලක විමසුවේ අගමැතිගෙනි.


‘නීතිපතිට යවලා කාලය මරන්න ඕනෑ නැහැ. පුළුවන් තරම් ඉක්මනින් විශ්වාසභංගය විවාදයට හා ඡන්දයට දාන්නයි මට අවශ්‍ය’ අගමැති කීවේ සැහැල්ලුවෙනි.


‘ඒකාබද්දේ අය හිතුවෙ අපේ විජයදාස, රංගෙ බණ්ඩාර, වසන්ත සේනානායක තෙවරප්පෙරුම ඇමැතිවරුන් අත්සන් කරාවි කියලයි අන්තිමේ එයාලා සවුත්තු වුණා විතරයි.’ පී. හැරිසන් කීය.


විශ්වාසභංගය අගමැතිතුමා පහසුවෙන් දිනන බව ඒකාබද්දේ අයට දැන් තේරීලා මේක ගේන්නේ දිනන්නම නොවෙයි කියලා එයාලම දැන් කියාගෙන යනවා.’ දයා ගමගේ කීවේ සිනා සෙමිනි.


ආණ්ඩුවට විරුද්ධව මේකට අත්සන් කරපු ශ්‍රීලනිපයේ පුංචි නිළමේ, මුතුහෙට්ටිගම, ටී.බී. ඒකනායකලා දැන් තනතුරු වලින් ඉවත් කිරීම ජනාධිපතිතුමාගේ වගකීමයි. බදුලු දිසා මන්ත්‍රී චමින්ද විජේසිරි කීවේය.


ජවිපෙ විශ්වාසභංගයට සහාය දෙන තත්ත්වයක් තිබෙන්නේ. පරණ හොරු රැක්කාය කියන චෝදනාවත් මේකට නොදැම්මේ ඇයි කියලා ජවිපෙ තර්ක කිරීම නිසා ඒකාබද්දේ අයට කටඋත්තර නැතිවෙලා.’ නවීන් දිසානායක කීවේ එවැන්නකි.


ජවිපෙ තමයි පොදු අපේක්ෂක තෝරන්නයි, යහපාලනය ගේන්නයි ​ලොකුම උනන්දුව දැක්වූවේ. දැන් ඔවුන් පරණ හොරුන් ගේන විශ්වාසභංගයට සහාය දුන්නොත් ආණ්ඩුව එක්ක එකතුවෙලා රටට හොඳ දේවල් කරන්න දරණ ජවිපෙ උත්සාහය පලුදු වේවි. එහෙම වු​ෙණාත් ආණ්ඩුව එක්ක රටේ යහපතටවත් ඔවුන්ට යමක් කරන්න බැරි වේවි. ඒ නිසා එදා බැණපු පරණ හොරුන් එක්කයි මීට පස්සේ ජවිපෙට යන්න වෙන්නේ.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


ශ්‍රීලනිපයේ ප්‍රධානීන් විශ්වාසභංගයට සහාය දිය යුතු බවටයි මුලින් ඉඳලා තිබෙන්නේ. ඒත් අන්තිමේ මහින්දට වාසි වෙන නිසාත්, එතන දී ජනාධිපතිතුමා දෝෂාභියෝගයකට ලක් කරන්නත් මේ අය ක්‍රියා කරාවි කියන ඒකත් තේරුම් ගෙන රිවස් ගිහින් කියලයි සමහරු කියන්නේ. එස්.බී., තිලංග, දයාසිරි අත්සන් නොකළෙත් ඒකලු’ චමින්ද විජේසිරි කී දේ කාගේත් අවධානයට යොමුවිය.


එජාප ප්‍රතිසංස්කරණයත් විශ්වාසභංගය නිසා ටිකක් යට ගියා. මේ පාර කෘත්‍යාධිකාරියේ ඒ ගැන කතා කරන්න හිටියත් විශ්වාසභංගය ගැන කතා කරන්න මෙවර රැසවීම වෙන් කරමු.’ ලක්ෂ්මන් කිරිඇල්ලගේ යෝජනාවට අගමැතිගේද එකඟත්වය හිමි විය.


දැන් අාණ්ඩුවක් නැහැ කියලා කියන අයත් ඉන්නවානේ. විශ්වාසභංගය දිනුවට පස්සේ ආණ්ඩුව තිබෙන බව විතරක් නොවෙයි. ආණ්ඩුව කොච්චර ශක්තිමත් ද කියලත් රටට දැනේවි. දිනපු දවසට පසුදා ඉඳලා ආණ්ඩුවේ නව වැඩපිළිවෙළ ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්න පුළුවන් නිසා විශ්වාසභංගය මටයි ආණ්ඩුවටයි ලොකු ආශිර්වාදයක් වේවි.’ අගමැතිවරයා විග්‍රහ කළේය.



අදහස් (0)

විශ්වාසභංගයට මුහුණ දෙන හැටි එජාපය කතා කරයි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 134 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site