IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මෛත්‍රී විශ්‍රාම යන්න ​බඩු පොදි බඳියි

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. එය හරියටම දින ගණනින් කීවොත් දින 27කි. ප්‍රචාරක කටයුතු සඳහා ඉතිරිව ඇත්තේ දින 24කි. ඒ නිසාම මැතිවරණ උණුසුම දිනෙන් දින ඉහළ යමින්, දේශපාලන පොරපිටිය ද ගිනියම් වෙමින් තිබේ.  


ජනාධිපතිවරණය ළංවුවද ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ මැතිවරණ ප්‍රකාශ තවමත් එළිදක්වා නැත. ගෝඨාභයගේ හා සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන මේ සති අන්තය වනවිට එළිදැක්වීමට මුලින් සැලසුම් කර තිබුණ ද එය තවදුරටත් කල්ගොස් ඇත. දැනගන්නට ඇති පරිදි, ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන 25 වැනිදා එළිදැක්වීමට නියමිත අතර සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන දිනය ලබන නොවැම්බර් 01 වැනිදා ලෙස ප්‍රකාශයට පත්ව ඇත.  


මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිධුරයේ කටයුතු කිරීමට තවත් ඉතිරිව ඇත්තේ දින 27කි. 2015 ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රී 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ජනවාරි 9 වැනිදා හැන්දෑවේය. එතැන් සිට ඔහුගේ ධුර කාලය වසර 6කි. ඒ අනුව ඔහුගේ ධුර කාලය 2021 ජනවාරි 9 වැනිදා අවසන්වීමට නියමිතව තිබිණි. එහෙත් ඔහු සිය ධුරකාලයෙන් වසරක් දන් දුන්නේ ස්වකැමැත්තෙනි. ඒ අනුව ඔහුගේ ධුර කාලය වසරකින් අඩු විය. ලබන මස 16 වැනිදා පැවැත්වෙන ඡන්දයෙන් තේරීපත්වන ජනාධිපතිවරයා දිවුරුම් දීමත් සමග ඔහුගේ ධුරකාලය අවසන් වේ. ඔහු ජනාධිපතිධුරයෙන් විශ්‍රාම යාම සඳහා දැන් සිටම සූදානම් වන බවක් පෙනෙන්නට තිබේ. කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේ ඔහු සාකච්ඡා ආදිය සඳහා පවත්වාගෙන ගිය සාකච්ඡා කාමරය ද මේ වනවිට ඉන් ඉවත් කරමින් පවතී. ගිය සතිය වනවිට එහි වට මේසය, පුටු, ශබ්ද විකාශන පද්ධතිය ආදී පහසුකම් සියල්ලම ඉවත් කර තිබිණි. ඉතිරි වී තිබුණේ ජනාධිපතිවරයා පාවිච්චි කළ මේසයත්, ඔහුගේ පුටුවත්, තවත් පුටු දෙක තුනකුත් පමණි. සිය කාමරය කල්වේලා ඇතිවම අස්පස් කර තිබෙනු දුටු හිතවතකු ජනාධිපතිවරයාගෙන් විමසා තිබුණේ තවත් මාසයක් පමණ තිබිය දී කාමරය දැන් සිටම ඉවත් කළේ ඇයිද යනුවෙනි. ‘මම මේවා බදාගෙන හිටපු මිනිහෙක් නෙවෙයි. ඕනම වෙලාවක යන්න බලාගෙන අත්හැරල හිටපු කෙනෙක්. ඒ නිසා කලින්ම මේවා අස්කළා’ මෛත්‍රී ඊට දී තිබූ පිළිතුර විය.  


මෛත්‍රී ජනාධිපතිධුරයෙන් විශ්‍රාම ගිය පසුවද මහගමසේකර මාවතේ ඔහු පාවිච්චි කරන නිල නිවස දිගටම ඔහුට ලබාදීමට ගිය සතියේ කැබිනට් මණ්ඩලය ද තීරණයක් ගත්තේය. විශ්‍රාම යන ජනාධිපතිවරයකුට නිල නිවෙසක්, ආරක්ෂාව හා වෙනම කාර්ය මණ්ඩලයක් ආදී පහසුකම් සැපයීම ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන් වන්නකි. හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේ බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මියට කොළඹ 07 විජේරාම මාවතේ නිල නිවසක්ද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට කොළඹ 07 නිදහස් මාවතේ නිල නිවසක් ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කොළඹ 07 විජේරාම මාවතේ නිල නිවෙසක් ද ලබාදී ඇත. මෛත්‍රී ජනාධිපති ලෙස භාවිත කළේ ද මහගමසේකර මාවතේ පිහිටි නිල නිවෙසය. ඒ නිවසම ඔහුට ලබාදෙන්නට කැබිනට් මණ්‍ඩලය තීරණය කර තිබිණි.  


සුපුරුදු පරිදි සතියේ කැබිනට් රැස්වීම ගිය අඟහරුවාදා උදේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණේ‍ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. කැබිනට් පත්‍රිකා ද මෙවර ඉදිරිපත් කර තිබුණේ සීමිත ගණනකි. ඉන් ප්‍රධාන තැනක් ගත් කැබිනට් පත්‍රිකා දෙකකි. එකක් ජනාධිපතිවරයා යටතේ තිබූ ජාතික ආර්ථික සභාව අහෝසි කිරීමේ කැබිනට් පත්‍රිකාවකි. එය ඉදිරිපත් කර තිබුණේ ජනාධිපතිවරයා විසිනි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කලින් පැවැති ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කර ජනාධිපතිවරයා ජාතික ආර්ථික සභාවක් පිහිටුවූයේ ආර්ථික කළමනාකරණ කමිටුව කිසිවක් නොකළ බවට චෝදනා කරමිනි. ඒ අනුව අලුතින් පිහිටු වූ ජාතික ආර්ථික සභාවේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා කටයුතු කළ අතර එහි මහලේකම් වූයේ මහාචාර්ය ලලිත් සමරකෝන්ය. ජනාධිපතිවරයා ලබන මාසයේ ධුරයෙන් විශ්‍රාම යන නිසා ආර්ථික සභාව අහෝසි කරන්නට තීරණය කර තිබිණි.  


අනෙක් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ මුදල් ඇමැති මංගල සමරවීර විසිනි. ඔහු සිය පත්‍රිකාවෙන් අනුමැතිය ඉල්ලා තිබුණේ ජනපති මෛත්‍රීට මහගමසේකර මාවතේ නිල නිවස දිගටම පාවිච්චි කිරීමට අවසර දීම සඳහාය. නිල නිවෙසට අමතරව, දීමනා, කාර්ය මණ්ඩල, ආරක්ෂක භටයන් ඇතුළු පහසුකම් ලබාදීමට ද එමගින් යෝජනා කර තිබිණි. මේ අතර ඉදිරිපත් කර තිබූ යෝජනාවක් වූයේ ජනපති මෛත්‍රීට විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමය. ඊට හේතු ලෙස දක්වා තිබුණේ ජනපති මෛත්‍රී පසුගිය කාලය පුරා ගෙන ගිය මත්ද්‍රව්‍ය විරෝධී සටන නිසා ඔහුගේ ආරක්ෂාව වැඩි කළ යුතු බවය. මෛත්‍රී පසුගිය කාලය පුරාම මත්ද්‍රව්‍යවලට එරෙහිව දැඩි සටනක යෙදුණේය. ඔහු ගෙන ගිය වැඩ පිළිවෙළ නිසාම ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගත් අතර, මත්ද්‍රව්‍ය ද තොග ගණනින් සොයා ගෙන තිබිණි. එතෙකින් නොනැවතී මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට මරණ දඬුවම දෙන්නට ද ඔහු තීරණය කළේය. එහෙත් අධිකරණ කටයුත්තක් හේතුවෙන් එය ක්‍රියාත්මක නොවීය. මේ නිසා ජනාධිපතිවරයාට එස්ටීඑෆ් ආරක්ෂාව දිය යුතු බව මංගල කීවේය.  


මේ අතර තිලක් මාරපන ඇමැතිවරයා යෝජනා කළේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ද එස්ටීඑෆ් ආරක්ෂාව දිය යුතු බවය. එහෙත් මංගල කියා සිටියේ එතුමියට එස්ටීඑෆ් ආරක්ෂාවක් අවශ්‍ය නොවන බවය. මෛත්‍රීට තර්ජනයක් තිබෙන බැවින් එස්ටීඑෆ් ආරක්ෂාව දිය යුතු බව මංගල කීවේය. එජාපයේ තවත් ඇමැතිවරයකු ද කීවේ මෛත්‍රීට ජිවිත තර්ජන තිබෙන බවය.  


මෙවර කැබිනට් රැස්වීම පැයකටත් අඩු කාලයකට සීමා විය. ඒ අතරේ ජනාධිපතිවරයා කීවේ එන සතියේ කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බවය. තමන් ජපන් අධිරාජයාගේ ආරාධනය මත සඳුදා ජපානයේ සංචාරයකට යන බැවින් ඒ සතියේ කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බව ​ෙමෙත්‍රී කීවේය.  


ජනාධිපතිවරයා දින 5ක සංචාරයක් සඳහා හෙට (21) ජපානය බලා පිටත්ව යයි. එය ජනාධිපතිවරයාගේ අවසන් නිල සංචාරය ද වේ. ජපානයේ අලුතින් පත්වූ තරුහිතෝ අධිරාජයාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන අතර ජනාධිපති මාධ්‍ය අංශය හෝ ඊට සම්බන්ධ කරගෙන නොමැති බව වාර්තා වේ.



අදහස් (0)

මෛත්‍රී විශ්‍රාම යන්න ​බඩු පොදි බඳියි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 135 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site