IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගෝඨා සහ වියත් මග එජාපයේ කතා බහට

අගමැති රනිල් බ්‍රහස්පතින්දා උදේම සිරිකොත ගියේ එහි තිබූ ආගමික කටයුත්තට හා එජාප ජාතික සංවිධායක ලෙස පත්වූ ඇමැති නවීන් දිසානායකගේ රාජකාරී ඇරඹීමේ නිළ උත්සවයට එක්වීමටය. ඒ සඳහා අති විශාල පිරිසක් එක්වී සිටීම ද කැපී පෙනිණ.


එජාප නායකයා මෙන්ම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උපනායක රවී කරුණානායක මහ ලේකම් අකිල විරාජ් ඇතුළු සියලු මැති ඇමැතිවරු මෙන්ම එජාප පසුපෙළ මන්ත්‍රීවරු රැසක් ද පැමිණ සිටියහ.
“එජාපය කිසිදා යටපත් කළ නොහැකි හා පරාජයට පත් කළ නොහැකි විශාලතම හා විශාලම සේවාව රටට කළ පක්ෂයයි. සියලු දෙනාගේ එකමුතුව හා කැපවීම කළ විට 2020 දී තනි ආණ්ඩු බලය මෙන්ම රටේ නායකත්වය ද එජාපයට ගැනීම කිසිසේත්ම අසීරු නැහැ. ඒ වෙනුවෙන් නව තනතුර සඳහා මගේ උපරිම කැපවීම කරනවා.


“නව උපාය මාර්ග අනුගමනය කරමින් එජාපය රට පුරා නගා සිටුවනවා. ඉතිරි වසර එකහමාර තුළ ආණ්ඩුවත් රටට-ජනතාවට උපරිම සේවාව කිරීමට වගබලා ගත යුතුයි. එය ඉටු කිරීමේ සැලැස්ම දැන් වේගයෙන් ඉදිරියට යනවා.”, නවීන් දිසානායක කීවේ දැවැන්ත අත්පොළොසන් මධ්‍යයේය.


“එජාපය බාර ගෙන 2030 වෙනතෙක් ඉදිරියට ගෙන යා හැකි දක්ෂ තරුණ නායකයන් අපට ඉන්නවා. එත් විපක්ෂයට ඉන්නේ යුද්ධය මැද බයවෙලා ඇමරිකාවට පලා ගිය විශ්‍රාමික හමුදා නිලධාරීන් විතරයි. ඔවුන්ට රටේ සුළු ජාතීන් විතරක් නොව සිංහල බහුතරයකුත් කැමති නැහැ. ඔවුන්ගේ දේශපාලන හැසිරීම් ජනතාවට මතකයි”, අගමැති රනිල් කීවේද දැඩි ප්‍රතිචාර මැදය.


උත්සවයට එක්වීමට නොහැකි වූයේ පාර්ලිමේන්තු රාජකාරී නිසා බව සඳහන් කරමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලද ඇමැති නවීන් වෙත සුබපැතුම් පණිවිඩය එවා තිබිණ.


සිරිකොතේ සිට අගමැතිවරයා පාර්ලිමේන්තුවට ගිය අතර ඔහුගේ කාර්යාලය තුළ මැති-ඇමැතිවරු රැසක් ඔහු අපේක්ෂාවෙන් සිටියහ.


“ නවීන්ගේ වැඩේට පාර්ලිමේන්තුව නිසා යන්න බැරිවුණත් මා සුබපැතුවා”, ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“ ඒ උත්සවය හොඳට සංවිධානය වෙලා තිබුණා. සජිත් රවී අකිල ඇතුළු සියලුදෙනා එකතුකරගෙන උත්සවය කරන්න නවීන් සමත්වී තිබීමත් ඉතා හොඳ පෙර නිමිත්තක්. මා සැර කතාවකුත් කළා”, අගමැතිවරයා කීය.
“ප්‍රාදේශීය සභා ඡන්ද කාළේ ගෝඨාභය ඇමරිකාවට වෙලා කූල් එකේ හිටියේ. එයාගේ අද දඟලන ටීම් එකත් ඒ ඡන්දයට බැස්සෙ නැහැ. ඒත් දිනුවට පස්සේ ගෝඨායි එයාගේ සෙට් එකයි තමයි දැන් පොහොට්ටුව අතට අරන් තිබෙන්නේ. ඒනිසා ඇතුළේ ලොකු අවුල්ලු .”, ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“ගෝඨා තනියම පොටෝ දාගෙන පෝස්ටර් ගහන එකටත් ඡන්දය දිනවපු බැසිල් හා එයා​ෙග ටීම් එකයි, පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලයි විරුද්ධලු” දයා ගමගේ කීය.


“එක පාරට ආපු ගංවතුරෙන් ලක්ෂයට වඩා අනාථ වුණා. සියල්ල නිසි ක්‍රමවේදයට කළමනාකරණය කර ගන්න ආණ්ඩුවට හැකි වුණා කියා විපක්ෂය පවා පිළිගන්නවා”, වජිර අබේවර්ධන කීය.


“ජීවිත හා දේපළ බේරා ගැනීමට මුල් තැන දෙන්න. අවශ්‍ය තරම් මුදල් හා හමුදාව යොදවන්න.”, අගමැතිවරයා උපදෙස් දුන්නේය.


“මේ වසරේ දී නියඟය හා ගංවතුර රටේ ආර්ථිකයට විශාලම හානිය කළා. ණය ගෙවීම වගේම විපත් හරහා වන අලාභයත් අප කළමනාකරණය කර ගත යුතුයි.”, අගමැතිවරයා වැඩිදුරටත් කීය.


“හිටපු ආපදා කළමනාකරණ ඇමැතිට වඩා නව ඇමැති දුමින්ද මේ ගංවතුරේදී හුඟක් මහන්සි වෙලා වැඩ කළා.”, චමින්ද විජේසිරි කී දේ සියලු දෙනා අනුමත කළහ.


“ශ්‍රීලනිපයෙන් කැඩුණු 16 දෙනා ජනාධිපතිතුමා එක්ක ඉන්න බව මුළින් පෙන්නුවත් දැන් එයාලා මහින්ද එක්ක කතා කළාට පසු එතුමාට එළිපිට කොකා පෙන්නන තත්ත්වය තිබෙන්නේ.”, ගයන්ත කරුණාතිලක කීදේ අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළහ.


“කෝටි ගණනක් වැය කර සති ගණන් රණවිරු උපහාර උළෙල කරනවාට වඩා ඒ මුදල් රණවිරුවන්ගේ සුබ සාධනයටම යොදවන්න ආණ්ඩුව තීන්දු කළ එක හොඳයි කියා ජනතාවත් කියනවා.”


“ඒත් පාර්ලිමේන්තුව ළඟ තිබුණු රණවිරු උපහාරයට අගමැතිතුමා නාවේ ඇයි කියා හුඟ දෙනෙකු අහනවා. ඔය මාධ්‍ය අංශය මොනවද කරන්නේ? මට නම් තේරෙන්නෙ නැහැ.” කිරිඇල්ල කීවේ නෝක්කාඩුවට මෙනි.
“අගමැති මාධ්‍ය අංශය තත්ත්වය රටට කියන්න තිබුණා. මිනිස්සු හිතන්නේ අගමැතිතුමා උත්සවය මඟ හැරියා කියලයි”, චමින්ද විජේසිරි කී දේ සියලු දෙනා අනුමත කළහ.


“උතුරේ මියගිය ත්‍රස්තයන් සමරන්න ආණ්ඩුව ඉඩ දුන්නා කියා විපක්ෂය අපට ලොකු මඩක් ගහනවා”, ගයන්ත කරුණාතිලක කීවේය.


“1971 හා 88 කැරලි වලින් මියගිය අය ජවිපෙ දිගටම සමරනවා. ඒ කාළේ ඒ අයටත් ත්‍රස්තවාදීන් කියලයි, ලේබල් කළේ. ඒ නිසා මියගිය අය සමරන එක ඒ පවුල් කරන විට කාටවත් ඒක නවත්වන්න බැහැ” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“ඔව්. රට බෙදනවා කීවොත් ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා කීවොත් අවිගෙන කැරලි ගහන්න ආවොත්, නීතිය කැඩුවොත් ඒක නවත්තන එක ආණ්ඩුවේ වගකීමයි. ඒත් පන්සලකට-කෝවිලකට-පල්ලියකට ගිහින් කවුරු හරි තම මියගිය ඥාතීන් සමරන එක නවත්වන්නේ කොහොමද?” අගමැතිවරයා ද කීය.


“වියත් මඟ ප්‍රාතිහාර්ය ජනක දේශපාලන ආර්ථික හා සංවර්ධන වැඩ පිළිවෙළක් බව කඩේ යන අයයි, බොහෝ මාධ්‍යයි කීවත් ඒක මේ රජයේ “2025 දැක්ම” හි කාබන් කොපිය බව මලික් ඇමැතිතුමා රටට පෙන්වාදීම ඔවුන්ට ලොකු පහරක් වුණා. දෙක අතර ඇති එකම වෙනස ඒ අය එජාපයට වඩා මේ වැඩ පිළිවෙළට වැඩිපුර වසර 05ක් ඉල්ලා සිටීම විතරක් බවත් මලික් පෙන්වා දීම ඉතා වටිනවා.” විජයදාස රාජපක්ෂ කීවේය.
“විජයදාස ඇමැතිතුමා බැලුම්ගල පුරා වස්තු විනාශය හා දඹුල්ලේ බිතු සිතුවම් පිළිසකර කිරීමේ අවස්ථාවලට ගිහින් සොයා බැලීම කවුරුත් අගය කරනවා.”, දයා ගමගේ කීවේ විජයදාසට සියලු දෙනා ප්‍රශංසා කරන අතරේය.
“මංගල ඇමැතිතුමා එක්ක පටලැවිලා ගෝඨාභය හොඳට අහ ගත්තා. අප ගෝඨාට බය තමයි, එක්නැළිගොඩලා, ලසන්තලා හා හිරකරුවන් 27ට වූ දේවල් හා සුදු වෑන් ගැන මතක නිසා මුළු රටම ඔහුට බය බව කීම හොඳට වදින්න ඇති.”, චමින්ද විජේසිරි කීවේය.


“2019 දී ලංකාවට ගෙවන්න ඇති ණයවලින් 77% ක්ම මහින්ද ගත්ත ඒවාලු. රුපියල් බිලියන 4285ක් ගෙවන්න තිබෙනවාලු. 2020 දී රුපියල් බිලියන 3768 ක් ගෙවන්න තිබෙනවලු. ණය විවාදයට එන්නත් මහින්ද රාජපක්ෂට අභියෝග කළා. ණය ගැන මිසක් එතුමන්ලා කරපු දූෂණ ගැන ඒ විවාදයේදී වචනයක්වත් කතා නොකරන බවට මංගල ඇමැතිතුමා ලොකු පොරොන්දුවකුත් දීපු එක මාරයි.”, චමින්ද විජේසිරි කීවේ කාගේත් සිනා මැදය.


“වියත් මග කියන්නේ ජාතිවාදයේ-ආගම්වාදයේ හා භීෂණයේ තෝතැන්නයි. ජනතාව ඒකත් දන්නවා” විජයදාස රාජපක්ෂ කීය.

 


අපි කළ වැඩ එජාපයට මතක නෑ - රවි

එක්සත් ජාතික පක්ෂයේ උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ උපදේශයෙන් කොළඹ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීනි සඳමාලි මහත්මිය විසින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අසල සංවිධානය කරන ලද විශේෂ වෛද්‍ය සායනය ඉකුත්දා පැවැත්විණි.


මෙම වෛද්‍ය සායනයට රජයේ වෛද්‍ය නිලධාරින් මෙන්ම හෙද කාර්ය මණ්ඩලය ද සහාය වූ අතර වෛද්‍ය පරීක්ෂණ ද නොමිලේ සිදුවිය.


“සර් දැන් බලන්න යහපාලන රජය හදන්න බර ඇද්දෙ ඔබතුමා වගේ කිහිප දෙනයි. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පැරදුණු අයටත් මැති ඇමැතිකම් ලැබුණා පමණක් නෙමෙයි අමාත්‍යංශ දෙන්න කවුරුවත් නැතිව ද කොහේදෝ දෙක බැගින් දීලා, නමුත් ඔබතුමාට ඇමැතිකමක් අද ලැබෙයි හෙට ලැබෙයි කියලා තමයි අපි බලා​පොරොත්තුවෙන් හිටියේ. එහි සිටි පිරිසක් විමසූහ.


රවී ඊට සිනාසෙමින් අපූරු පිළිතුරක් දුන්නේය. මැණික ගල් නැති තැන තිරුවානා ගලක් මැණිකක් කියලා කතාවක් තියෙනවනේ. ඒ වගේ තමයි අපේ පක්ෂයේ කටයුතු අද සිදුවන්නෙ. අපේ සමහර අයට අපි කළ කැප කිරීම දැන් මතක නැහැ. අනික මම තනතුරු බලාගෙන වැඩ කළ කෙනෙක් නෙමෙයි. මට තනතුරු පට්ටම් තිබුණත් එකයි නැතත් එකයි. ඒක හරියට කෝට් බෑයක් වගෙයි. කෝට් එක ගැලව්වම කිසිවක් නැහැ. මට ලැබෙන තනතුරු පට්ටම්වලට වඩා මාව අපරාජිත ජනතා නියෝජිතයෙක් කළ උතුරු කොළඹ ජනතාව වන ඔබලා මට ඊට වඩා වටිනවා. රවී කීවේය.

 


කතානායක ​වගකීම් ඉටු කරයි

දුනු ශිල්පයේ හා අංගම් සටන් ශිල්පයේ උරුමක්කාර කුවේණියගේ ඥාතිහු අද අනුරාධපුර මහ විලච්චිය වන ගහනයෙන් වටවූ ඇලපත්ගම දුනු මඩලාව ගමේ වියළි මහ පොළොව සමඟ පොරබඳිමින් දුෂ්කර ජීවිත ගත කරති.


මෙම ජනතාව සොයා ගොස් ඔවුන්ගේ ජීවිත යළි ගොඩනැඟීමේ කාර්යයට අත ගැසුවේ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියෝය. පවුල් 153කට අයත් එම ජනතාවට විධිමත් නිවාස ඉදිකරදීම උන්වහන්සේගේ සිහිනයක් විය. එහෙත් හිමියන්ගේ දෛවය ඊට හරස් විය.

නා හිමි වෙනුවෙන් එම වගකීම උර මතට ගත් කථානායක කරු ජයසූරිය මහතා රජයට බරක් නොවී මෙම නිවාස සඳහා අවශ්‍ය මිලියන 300ක මුදල සොයා ගත්තේ ඉන්දියානු රජයෙන් කළ ඉල්ලීමකිනි. ඒ අනුව මාදුළුවාවේ සෝභිත නාහිමි දුනුමඩලාවේ දිගු ඉතිහාසයක උරුමකරුවන් වූ අසරණ ජනතාව පිළිබඳ දුටු සිහිනය සැබෑ කරමින් නව නිවාස 153ක් සඳහා මුල්ගල් තැබීම මේ ඉරිදා මැයි 27 සිදුවේ. ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක එදිනම දුනුමඩලාවේ උරුමය ඔප්පු තිරප්පු මගින් එම ජනතාවට ලබාදීමට ඉදිරිපත්වූ අතර, නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණ සහය ද ඒ සඳහා ලබාදීමට ඇමැති සජිත් ප්‍රේමදාස ඉදිරිපත් විය. මේ සියලු දෙනාම එක්කර ගනිමින් වැඩ කටයුතු අරඹන මොහොතකට ඉන්දීය මහකොමසාරිස්වරයාට ද එක්වන ලෙස කරු ජයසූරිය මහතා ඇරයුම් කළේය.

 

 


බොහෝම ​සංතෝෂයි !

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ඉකුත් සති අන්තයේ වවුනියාව හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල නව උදා ගම්මාන දෙකක් ජනතා අයිතියට පත් කිරීමේ වැඩ සටහන්වල නිරත විය. වව්නියාව උතුර, පුලියංකුලමේ “භාරති කෝට්ටම්” සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පච්චිලෛයිපල්ලි, ඉත්තාවිල් හි “සුරබිනගර්” යන මේ නව ගම්මාන දෙකම ඉදිවී ඇත්තේ මුළුමනින්ම දෙමළ බස කතා කරන ජනයා ජීවත්වන පෙදෙස්වලය.


“භාරතී කෝට්ටම්” උත්සවයට ද්‍රවිඩ ජාතික සංවිධානය නියෝජනය කරමින් පැමිණ සිටි දොස්තර එස්. සිවමෝහන් සහ අන්නමලේ නඩේසු ශිවශක්ති යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වේදිකාවේ අසුන් ගෙන සජිත් සමඟ බොහෝ දේ කතා බස් කරමින් සිටියහ. “ඇමැතිතුමා, ඔබතුමාගේ නිවාස වැඩ පිළිවෙළ ගැන අපට බොහොම සංතෝෂයි. මේ වැඩ පිළිවෙළ නිසා යුද්ධයෙන් දුක් විඳපු ජනතාවට විශාල සහනයක් ලැබෙනවා” ඔවුන් කියද්දී සජිත් කීවේ ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍යතුමාත් මට කියනවා මේ වැඩ පිළිවෙළ තව තවත් ශීඝ්‍රගාමීව කරන්න කියලා. මම ඒ අනුව සැළසුම් සකස් කරගෙනයි යන්නේ. දැනටමත් ක්‍රියාත්මක වන මගේ ගම්මාන 2,500 ඉලක්කයෙන් උතුරු-නැගෙනහිර පළාත් දෙකත් පැහැදිලිවම ආවරණය වෙනවා” කියාය. මන්ත්‍රීවරුන් දෙදෙනා සිය කතාවලදීද උතුරේ ජනතාවගේ නිවාස ගැටලු විසඳීමට සජිත් ගෙන ඇති පියවර ප්‍රශංසාවට භාජනය කිරීමට අමතක නොකළහ.



අදහස් (0)

ගෝඨා සහ වියත් මග එජාපයේ කතා බහට

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 176 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1708 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site