IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කැබ්නට් රැස්වීමට පෙර අගමැතිට කේක්

 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දේශපාලන දිවියට 40 වසරක් පිරීම නිමිත්තෙන් මෙවර කැබිනට් රැස්වීමට පෙර කේක් ගෙඩියක් කපා සුබපැතීමට මැති ඇමැතිවරු පියවර ගත්හ. ජනපතිගේ යෝජනාවක් මත අැමැති මංගල සමරවීර ගෙනැවිත් තිබූ විශාල කේක් ගෙඩිය කැපීමට ජනපතිවරයා අගමැති රනිල්ට ආරාධනා කළේ සුබ පතමිනි.   

 

 

පළමු කේක් කෑල්ල ජනපති විසින් අගමැතිට කැවූ පසු අගමැතිවරයා සියලු ඇමැතිවරුන්ට කේක් සංග්‍රහය පැවැත්වීය.   
ඒ වන විට වෛද්‍ය ශිෂ්‍ය නායකයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අයුරු ගැන විරෝධය දක්වමින් වෛද්‍ය සංගමයද, හම්බන්තොට ගිවිසුමට එරෙහිව තෙල් වෘත්තීය සමිති කිහිපයක්ද වර්ජනයක් ඇරැඹීමට සූදානමින් සිටියේය. අගමැතිගේ උපදෙස් මත සාගල රත්නායක හා වෛද්‍යවරුන් අතර හමුවකින් පසුව වෛද්‍ය වර්ජනය අවසන් කෙරුණද රටම අඩාළ කරමින් තෙල් සමිති කිහිපයක් සිය වර්ජනය අඛණ්ඩව පවත්වන්න උත්සාහ කළහ.   


රෑට බැසිල් රාජපක්ෂ​ෙග් ගෙදර ගිහින් කාලා බීලා එයා දෙන උපදෙස් අනුවයි තෙල් වර්ජනය ​ෙවන්නේ. ආණ්ඩුව ජනතාව වෙනුවෙන් ඒ කඩාකප්පල්කාරී වැඩවලට ඉඩ දෙන්නේ නැහැ. ඇමැති රාජිත සේනාරත්න කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේය.   


කොළොන්නාවේ තෙල් ප්‍රශ්නය විසඳු අගමැතිගේ මෙහෙයුම   
‘තෙල් වෘත්තීය සමිති ආණ්ඩුව පෙරළන ගේම් එකක් ගහන්නේ. ආණ්ඩුව බේරා ගැනීම වගේම ජන ජීවිත අඩාලවීම නැවැත්වීම ආණ්ඩුවේ වගකීමයි. දුම්රිය, බස් හා විදුලියත් ​ෙතල් නැතුව නවතීවි. නැව් හා ගුවන් යානාවලට තෙල් දීම නවත්තන එකක් මේ අය​ෙග් සැලසුමයි.   


මහින්ද රාජපක්ෂ ඈතින් ඉඳන් මේකට අත ගහන්​ෙන සූක්ෂමවයි.’ ලක්ෂ්මන් කිරිඇල්ල, රවි කරුණානායක, දයා ගම​ෙග්, විජයදාස රාජපක්ෂ, වජිර අබේවර්ධන, සාගල රත්නායක ඇතුළු එජාප ඇමැතිවරුන් අගමැතිවරයාට කතා කර කීවේ එවැන්නකි.   
‘තෙල් අත්‍යවශ්‍ය සේවයක් කරමු. මිනිස්සුන් හා රටේ ආර්ථිකය කඩා කප්පල්කාරීන්ගේ අතට දෙන්න බැහැ.’ අගමැතිවරයා ජනාධිපතිවරයාට ඇමතුමක් දෙමින් කීය.   


‘අපි තව සාකච්ඡා කර බලමු. අත්‍යවශ්‍ය සේවයක් කරන්න කළින් තව විකල්ප සොයමු.’ ජනපතිවරයා කීවෙ එවැන්නකි.   
 ‘එකම විකල්පය අත්‍යවශ්‍ය සේවයක් කිරීමයි. ඔබ අදාළ ගැසට් එක නිකුත් කරන්න. ම​ෙග් ළඟ ‘ඒ’ හා ‘බී’ ප්ලෑන් දෙකක් තිබෙනවා. මෙහෙයුම දියත් කරන්න අදාල අංශ යොමු කරන්නම්.’ අගමැතිවරයා කීය. ජනපතිවරයා අදාළ ගැසට් පත්‍රය නිකුත් කළේ අනතුරුවය.   
කොළොන්නාවේ මෙහෙයුම මන්ත්‍රී මරික්කාර්ටද, මුතුරාජවෙල මෙහෙයුම ජෝන් අමරතුංගටද පැවරිණ. ඒ සියල්ල සම්බන්ධීකරණය රවි කරුණානායකට පැවිරිණි.   


විදුලිබලාගාර වලට තෙල් හිඟ බව ඇමැති සියඹලාපිටිය ජනපතිට කී විට ගැසට් පත්‍රය ඉක්මන් විය. ඒ අතරේ අඟහරුවාදා රාත්‍රියේ අගමැති කොළොන්නාව රජමහා විහාරයට ගිය විට ප්‍රදේශ​ෙය් ජනතාව අගමැතිවරයාට දෙහි කපන්න වූහ.   


‘මොකක්ද සර් මේ කරන වැඩේ? ආණ්ඩුවට කොන්දක් නැද්ද? සර්ලට ජනතාව දීපු බලය ජනතාව වෙනුවන් පාවිච්චි කරන්න බැරි නම් අප වැඩේ කරන්නම්. මේ ස්ට්‍රයික් නිසා අපේ ගමනත් අවුල් වෙලා තිබෙන්නේ.’ ජනතාව කී​ෙව් එවැන්නකි.   


 යළි කොළඹ පැමිණි අගමැතිවරයා ජනපති හා සාකච්ඡා කරමින්ම අදාළ මෙහෙයුම දියත් කළේ ඇමැති රවි කරුණානායක, මහින්ද සමරසිංහ, මංගල, මලික්, සාගල, පොලිස්පති, හමුදාපති, ආරක්ෂක ලේකම්. ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි ඇතුළු අය සමග අරලියගහ මැදුරේ සිටය.   


ඒ තුළ ප්‍රදේශ​ෙය් ජනතාව සමග පොලිසිය කොළොන්නාවේ තෙල් සංකීර්ණයේ ප්‍රධාන ගේට්ටුව වෙත යවා සාමකාමීව එය විවෘත කිරීමට උත්සාහ දරන අතරේ විශේෂ කාර්ය බළකා​ෙය් කණ්ඩායම සංකීර්ණයට පිටුපසින් සූදානම් කෙරිණ.   


ගේට්ටුව විවෘත කිරීම තෙල් සේවකයින් ප්‍රතික්ෂේප කරමින් පොලිසියට පහර දීමට, කුණු හරුප කියමින් හා ගල්මුල් ගසන අතරේ විශේෂ කාර්ය බලකාය සංකීර්ණය පිටුපස තාප්පය තරණය කළේ වෙනත් විකල්පයක් නොවූ තැනය.   


කළහකාරි ලෙස හැසිරුණු සේවකයින් සියල්ල ඉදිරියට තල්ලු කරමින් පැමිණි භටයෝ ප්‍රධාන ගේට්ටුව විවෘත කර ඔවුන් පරිශ්‍රයෙන් පිටමං කළේය.   


ඒ වන විටද විශාල සේවක පිරිසක් වැඩ කිරීමට සූදානම්ව සිටි නිසා ඔවුන්ට පරිශ්‍රයට ඇතුල් වීමට ඉඩ විවෘත කරදුන් අතර එජාප වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත එය මෙහෙය වීය.   


තෙල් ගෙන යාමට පැමිණි දුම්රිය පාර හරස් කර එහි නිදා සිටි පිරිස පළවා හැරිණ. ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට රෝදවල හුළං ඇර හරස් කර තිබූ බවුසර් ද ඉවත් කෙරිණ.   


‘සාමය කඩ කිරීම, ජන ජීවිතය අවුල් කිරීම, රාජ්‍ය දේපළට හානි කිරීම නිසා වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගන්නවා.’ පොලිසිය නිවේදනය කර එය ක්‍රියාත්මක කෙරිණ.   


රජය කඩාකප්පල් කරන බවට චෝදනා ලැබු වර්ජනය නිම වූයේ එ​ෙලසය. අත්අඩංගුවට ගත් වෘත්තීය සමිති පිරිස වැලිකඩ පොලිසියට ගෙන ගිය පසු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් එහි පැමණියහ.   


‘පුහුල් හොරුන් කරෙන් දැනේ ව​ෙග් තෙල් ස්ට්‍රයික් එක ඒකාබද්ධයෙන් දැනේ කියලයි. මා කියන්නේ’ මෙහෙයුම දියත් කළ අගමැතිවරයාට සුබ පතමින් ලක්ෂ්මන් කිරිඇල්ල අවසානයේ කීවේ එවැන්නකි.   


‘පොලිසියට ගහපු එක්කෙනා හැර අනිත් හැමෝටම ඇප දුන්නා. අනිත් අයත් අනවශ්‍ය දේවල් කර තිබෙනවා නම් පොලිසිය ඔවුන් ගැනත් තීන්දු ගනීවි.’ අගමැතිවරයා කිරිඇල්ලට කීවේය.   

 


කතානායක   
ජාතිය ගොඩ නැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත බදාදා සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබුණ ද ඛනිජ තෙල් වර්ජනය හා තෙල් සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම පිළිබඳව ඇදී ගිය කතා බහ අවසානයේ ගාල ගෝට්ටියක් බවට පත්වීම නිසා පුළුල් විවාදයක ඉඩකඩ ඇහිරී ගියේය. කථානායකවරයා සභාගර්භය සන්සුන් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරූ නමුත් ඇතැමෙක් සිතා මතා එකී කටයුතු අවුල් කිරීමට උත්සාහ දරනු පෙනිණි. වැදගත් තීරණාත්මක කරුණු සාකච්ඡා කිරීමට තිබෙන කාලය විනාශ නොකරන ලෙස අවස්ථා ගණනාවකදී කථානායකවරයා ආයාචනා කළ නමුත් අවසානයේ නියමිත වේලාවට පැය තුනකට පෙර පාර්ලිමේන්තුව කල් තැබීමට සිදුවිය.   


කථානායකවරයා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සැබෑ පියෙකු වෙමින් සුභසාධනය මෙන්ම වෘත්තීය නිපුණතා ඉහළ නැංවීමට කටයුතු කරමින් පාර්ලිමේන්තුව එකම පවුලක්ය යන හැඟීම ඇති කළ බවට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විශේෂ ඇගයීමට ලක් වූයේ සතිය ආරම්භයේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේ පැවැති 25 වසරක පාර්ලිමේන්තු සේවය සපුරාලු සේවකයන් ඇගයීම් උළෙලේහිදීය.   
උපහාර උළෙල පැවැත්වූයේ 2015 සැප්තැම්බර් පළමුවැනිදා 8 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස වැඩ භාරගත් අවස්ථාවේදී දීර්ඝ සේවාවක නියුතු වූ සේවක සේවිකාවන් උපහාරයන්ට ලක් කිරීම වෙනුවෙන් කටයුතු කරන බවට වූ පොරොන්දුවක් ඉ්ටු කරමිනි.   
වත්මන් කථානායකවරයාගේ නිල කාලය තුළ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දේශීය වෘත්තීය පුහුණු අවස්ථා දහසකට වඩා ලබාදී ඇති බවත් විදෙස් පුහුණ අවස්ථා එකසිය දෙදෙනෙකුට ලබා දී ඇති බවත් කෘතවේදීව සිහිපත් කළ සේවකයෝ ඒ සඳහා රටේ මහජන මුදල් භාවිතා නොකොට කථානායකවරයාගේ විදේශ සබඳතා භාවිතා කරමින් අරමුදල් සපයා ගැනීම සුවිශේෂි කරුණක් බව ද පැවැසූහ. මෙම අවස්ථාවට විපක්ෂනායක ආර්. සම්බන්දන් මහතා මෙන්ම හිටපු කීර්තිමත් පාර්ලිමේන්තු මහලේකම්වරයෙකු වූ නිහාල් සෙනෙවිරත්න මහතාද ආරාධිතයන් ලෙස එක්වූහ.   


මෙහිදී උත්සවය අමතමින් සේවක මණ්ඩලය වෙනුවෙන් පාර්ලිමේන්තු සේවයේ වසර 35 ක් ඉක්ම වූ ලක්ෂ්මන් කුමාර මහතා කළ විශේෂ දේශනය කාගේත් සිත් ගත්තේය.   


තම ජිවිතයේ විවිධ අවස්ථා පිළිබඳව පුළුල් අවබෝධයක් ඇතිව උත්සවය ඇමැතූ ලක්ෂ්මන් කුමාර මහතාට කථානායකවරයා කීවේ ‘ලක්ෂ්මන් මං ගැන මටත් වැඩිය හොඳට දන්නවා නේද’ යැයි කියාය. ‘ඔව් සර් මම පාර්ලිමේන්තුවෙන් සමුගන්න කලින් පොතක් ලියනවා. ඒකේ මීට වඩා විස්තර ඔබතුමා ගැන ලියන්න බලාපොරොත්තු වෙනවා.’ ලක්ෂ්මන් ප්‍රතිචාර දැක්වීය.   


 

පාසල් සිසුන්ට රක්‍ෂණ ආවරණ ළඟදීම

 

ඉකුත් අයවැය ලේඛනය මඟින් ඉදිරිපත් කළ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රුපියල් ලක්‍ෂ දෙකක රක්‍ෂණාවරණයක් ලබාදීමේ යෝජනාව කි‍්‍රයාත්මකභාවයට පත් කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළෙහි ප‍්‍රගතිය පිළිබඳව ඉකුත් දිනෙක අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් ගෙන්වා කරුණු විමසූ අතර එහිදී ප‍්‍රකාශ වූයේ එහි වැඩ කටයුතුවලින් සියයට අනූ අටක් පමණ මේ වනවිට අවසන් කර ඇති බවත් ළඟදීම එය ආරම්භ කළ හැකි බවත්ය. මේ අතර 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය ලබාදීමේ රජයේ වැඩපිළිවෙළට අදාළ තවත් විශේෂ වැඩසටහනක් ඉකුත් දිනෙක අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර එහිදී තීරණය වූයේ එම වැඩපිළිවෙළට අදාළ නියමු ව්‍යාපෘතිය මේ වසරේදී ක්‍රියාත්මක කරන බවය.  


අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර හතළිහක් සහ රටට විවෘත ආර්ථිකය හඳුන්වා දී වසර හතළිහක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඒවා සැමරීම සඳහා මහරගම ජාතික තරුණ සේවා සභාවේදී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබූ අතර එය විවෘත කිරීමේ උත්සවයට අගමැතිවරයා සමග ඇමැති අකිල ද සහභාගි විය. මීට පෙර අගමැති රනිල් ද අධ්‍යාපන අැමැතිවරයා වශයෙන් කටයුතු කළ නිසාත් විද්‍යා පීඨ, විද්‍යාගාර ඇරඹීම ඇතුළු රටේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ පුනර්ජීවනය උදෙසා තවත් විශේෂ වැඩසටහන් රාශියක් දියත් කළ නිසා ඇමැති අකිල සිය නිලධාරීන් සමග කීවේ මෙම කාර්යයන් ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් ද තරුණ සේවා සභාවේ පැවැත්වෙන උත්සවයේදී සිදු කළ යුතු බවය. අගමැති රනිල් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී සිදු කළ දෑ පිළිබඳ තොරතුරු හා ඡායාරූප ඇතුළත් විශේෂ ප‍්‍රදර්ශන කුටියක් ද ඒ අනුව එම උත්සවයේදී විවෘත කෙරිණ.  


පාසල් මට්ටමින් ඩෙංගු මර්දනය කිරීමේ ව්‍යාපෘතියක් ගිය සිකුරාදා දින ආරම්භ වූයේද ඇමැති අකිලගේ ප‍්‍රධානත්වයෙනි. එහිදී අකිල ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිට දුරකතන ඇමතුම් ලබා දෙමින් මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටි අතර ඊට සහයෝගය ලබාදෙන බව ඔවුහු කීහ. මේ අතර මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය නිරීක්‍ෂණය කිරීම සඳහා කොළඹ නාලන්දා, සංඝමිත්තා ආදී පාසල් කීපයකටම අකිල ගියේය.   


 

 

මහජන සම්බන්ධතා පාඩම 

 

34 වැනි උදා ගම්මානය වන ‘සියජයගම’ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා උත්සව​ෙය් වැඩකටයුතු අවසන් වීමෙන් පසුව නිවාස සංවර්ධන අධිකාරිය ඇතුළු අමාත්‍යාශය යටතේ ඇති සෙසු ආයතනවල නිලධාරින් හා කළමනාකාරවරුන් හමුවුණේ ඉතා කෙටි දැනුම් දීමකිනි.‘මම දැන් අවුරුදු දෙක හමාරකට වැඩි කාලයක් තිස්සේ කිසිම භේදයක් නැතිව මේ නිලධාරින් එක්ක වැඩ කළා. ඒ අයගේ කලින් තිබුණු දේශපාලන සම්බන්ධකම් බැලුවේ නැ.

මට හොඳ මූණක් පෙන්වගෙන හිටියත් සමහරුන්ගේ මහජන සම්බන්ධතාවය බින්දුවේ. ඉවසීමක් නෑ. මිනිස්සුන්ට කාරුණිකව කතා කරන්න දන්නේ නෑ. අනවශ්‍ය විදියට රස්තියාදු කරවනවා. එහෙම කළාම ජනතාව මේ ආයතන ගැන කළ කිරෙනවා. මං ගැන තිබෙන විශ්වාසයයි නැති වෙන්නේ. ම​ෙග් ප්‍රතිරූපයයි බිඳ වැටෙන්නේ. නියම ජනතා සේවයක් ඉටු නොකරන අය සම්බන්ධව විනයානුකූලව කටයුතු කරන්න මම කිසිසේත් පසුබට වෙන්නේ නෑ. ඒක හොඳට මතක තියාගන්න. සජිත් කතා කළේ කෝපයෙනි.   



අදහස් (0)

කැබ්නට් රැස්වීමට පෙර අගමැතිට කේක්

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 134 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site