IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අගමැති ආණ්ඩුවේ ඉදිරි වෙනස්කම් පහදයි

අගමැතිට හා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවේ විවාදය හා ඡන්ද විමසීම වන දිනයේ මුළු රටම ඒ ගැන දැඩි උනන්දුව දැක්වූවද අගමැතිවරයා එදිනද සුපුරුදු ලෙස උදයේ අරලිය ගහ මැදුරට පැමිණ රාජකාරී කිහිපයක් ඉටු කළේ ඉතා සැහැල්ලුවෙනි. ඔහු පාර්ලිමේන්තු ගියේ අනතුරුවය.


අගමැතිවරයා පැමිණෙන තෙක් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු එජාප මැති ඇමතිවරුන් කාර්යාලයේ රැදී සිටි අතර සභාව ආරම්භ කරන අවස්ථාවට එක් වූ අගමැති යළිත් කාර්යාලයට පැමිණියේය. විශ්වාසභංගයට මුහුණ නොදී ඉල්ලා අස්වන ලෙස ජනපති ප්‍රමුඛ ශ්‍රීලනිපය හා සෙසු පාර්ශ්ව මෙන්ම ඇතැම් ජනමාධ්‍යද ඔහුට බල කළද ඊට මුහුණ දී ජය ගන්නා බව ඔහු කීවේ දැඩි අධිෂ්ඨානයකිනි. විටින් විට සභා ගැබ හා සිය කාර්යාලය අතර එහා මෙහා ගිය අගමැතිවරයා විශ්වාසභංගය ජය ගැනීමේ මෙහෙයුම තවදුරටත් දියත් කළේය. ශ්‍රීලනිප මැති ඇමතිවරු පිරිසක්ද විටින් විට පැමිණ අගමැතිවරයා හමු වූහ.


“බැඳුම්කරය ගැන පරීක්ෂණ කීහිපයක්ම පැවැත්වූවා. එහිදී පැමිණි නිර්දේශවල අගමැතිවරයා ඊට සම්බන්ධ බවට වාර්තා වී නැහැ. විශ්වාසභංගය ආණ්ඩුව පෙරළා ඉක්මනින් බලය ගෙන තමන්ට එරෙහිව පවතින නඩු වලින් ගැලවීමට ඒකාබද්ධය හා ශ්‍රීලනිප ඇතැමුන් යෙදූ උපක්‍රමයකි. අපි ඒකට යට වෙන්නෙ නැහැ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ අගමැති දිරිගන්වමිනි.


එදින දහවල වනවිට එජාප ජය නියත බවත් ඡන්ද 120 කට වඩා අගමැතිට පක්ෂව ලැබෙන බවත්, ප්‍රති පාර්ශ්වයට ඡන්ද 75 ක් පමණක් බවටත් ගණන් හදා තිබිණ.


රාත්‍රී 9.30 ට ඡන්ද විමසීම කළ විට අගමැතිට පක්ෂව ඡන්ද 122 ක් හා විපක්ෂව ඡන්ද 76ක් ලැබී තිබිණ. සෙසු එජාප මැති ඇමතිවරුන් උදම් අනද්දී අගමැතිවරයා පාර්ලිමේන්තුවෙන් පිටවී කෙළින්ම ගියේ ගංඟාරාම විහාරයේ ආගමික කටයුතු වලටය. එය නිමකළ අගමැතිවරයා නිවසට ගොස් නින්දට වැටුණේ වෙනදා නොබලන ටී.වී. චැනල් කිහිපයක් පවා නරඹාය.


සුභ පැතුම් රට හැමතැනින්ම පැමිණි අතර රට පුරා එජාප පිරිස් ප්‍රීතිය පළ කළේ රතිඤ්ඤා පත්තු කරමින් ඔල්වරසන් දෙමින් හා නර්තන ඉදිරිපත් කරමිනි.


බ්‍රහස්පතින්දා උදේම සුපුරුදු පරිදි අරලියගහ මැදුරට පැමිණි අගමැතිවරයා සමීප හිතවතුන් සමඟ සිරිකොතට ගියේ එහි සූදානම්ව තිබූ කැවුම් කිරිබත් සාදයටය. එය අවසන් කළ ඔහු පාර්ලිමේන්තු ගියේ එදිනට නියමිතව තිබූ අලුත් මහාධිකරණ පිහිටවීමේ පනතට අදාළ විවාදයට එක්වීමටය. ඔහු මුළින්ම ගියේ සිය කාර්යාලයටය. එහි සිටි මැති ඇමතිවරුන්ද අගමැති පිළිගත්තේ උණුසුම් ලෙසය.



"මේ ජයග්‍රහණයෙන් එජාපයට ලොකු ගැම්මක් ලැබුණා. මේ ගැම්ම දිගටම පවත්වාගෙන යන්න ඕනෑ. මීට වඩා ශක්තිමත් ජනමාධ්‍ය මෙහෙයුම් අපට අවශ්‍යයි" එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස කීය.


"ඒකාබද්ධය පළාත් පාලන ඡන්දයෙන් ගත්ත ගැම්ම එයාලම විශ්වාසභංගය හරහා වළලා දැම්මා කියලයි ජනතාව දැන් කියන්නේ" නවීන් දිසානායක කීය.


"පක්ෂ ප්‍රතිසංවිධානය ද කඩිනම් කළ යුතුයි. ඒ වගේම ජනතාවට සෘජුව බලපාන ප්‍රශ්න ගැනත් මූලිකත්වය දෙන්න ඕනෑ" අගමැති කීය.


"විශ්වාසභංගය බාරදී දින 14ක් තුළ එය ඡන්දයට ගැනීමෙන් ඔබතුමා තුළ තිබූ ශක්තිය රටට පෙන්නුවා. ඒකාබද්ධය හැදුවේ මේක කල් දාල ඇඟ බේරගන්නයි" දයා ගමගේ කීය.


"විශ්වාසභංගය එක්ක ශ්‍රීලනිපය ඉවරෙට ඉවරයි. පොහොට්ටුව පරවුණා. එජාපය පිබිදුණා. මේක අගමැතිතුමාට හා එජාපයට වෙස්වළා ගත් ආශිර්වාදයක් වුණා" නවීන් දිසානායක කීය.


"හොඳයි, හොඳයි, භේද පසෙකලා පක්ෂය හා ආණ්ඩුව වෙනුවෙන් සියලු දෙනාම මෙතනදී කැපවීම අපි ලැබූ ලොකුම ජයයි" අගමැති කීය.


"සියලු ජාතීන්, සියලු ආගම්, සියලු කුල ගෝත්‍රවල අය විශ්වාසභංගයේදී ඔබතුමා එක්කයි හිටියේ. එක්සත් ජාතික පක්ෂයේ හරය යළිත් සනාථ වුණා. වසර 03කට පසු ඡන්ද 122 ක් ලැබීම විශාල ජයක්" නවීන් දිසානායක මෙන්ම සජිත් ප්‍රේමදාස කීවේ එකම කතාවකි.


"කෙහෙළිය, නාමල් රාජපක්ෂ ඉන්නවිට ගම්මන්පිලට පාර්ලිමේන්තු ලොබියේදී විශ්වාසභංගය ගෙනාවට මා ස්තූති කළා. මහින්දත් හමු වුණා. මේ කළ සේවයට ගම්මන්පිලට, වීරවංශට ඇමැතිකම් දී කළගුණ සලකන්න මා සූදානම් කියා කිව්වම මහින්ද බඩ අල්ලන් හිනා වුණා” අගමැති කීවේ කාගේත් සිනා මැදය.


“පරාද වුණාම ඒකාබද්ධය කියන්නේ අප සල්ලි දී දිනුවලු. උතුරට රහස් පොරොන්දු දුන්නලු.” දයා ගමගේ ඇසුවේ අගමැති ගෙනි.


“ඒකාබද්ධයේ හා ශ්‍රීලනිප සමහරුන් නම් මහින්දටත් හොරෙන් සල්ලි ඩීල් දාලා කියා කතා යනවා. අප දිනුවේ ප්‍රතිපත්තිමය පදන​ෙමන් මේ අයට දැන් කියන්නේ “ගෝඨා පාර්ශ්වය” කියලයි, ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
“එජාපය බිහි කරපු විශ්වාසභංග බබා අප නළවන්න ගියා කියා බැසිල් බැණලාලු. ඒකාබද්ධ අය අතර ගුටි බැට හුවමාරු වෙන තත්ත්වයක් ඇති වෙන්න ගියාලු” රන්ජන් රාමනායක කීවේ ඔහුට ලැබුණු තොරතුර මත පදනම්වය.


“දෙමළ සංධානයට අප කිසිම පොරොන්දුවක් දුන්නේ නැහැ. 2015 ජනපතිවරණ එකඟතා ඉටු කරන්නැයි ඔවුන්ගේ ඉල්ලීම සාධාරණයි. ඊට අමතරව හිරවූ ඉඩම් ගැන බලන්න කියනවා. උතුරේ සංවර්ධනය මීට වඩා වේගවත් කරන්න ඉල්ලනවා. චෝදනා නැතුව රඳවාගෙන ඉන්න දෙමළ අයට චෝදනා දාලා නඩු අසා වැරදිකරුවන් නම් දඬුවම් හෝ නැත්නම් නිදහස් කරන ලෙසත් ඉල්ලනවා. දෙමළ අයට රැකියාත් ඕනලු. ඒවා සාධාරණ ඉල්ලීම්නේ?” අගමැති කීදේ සියලු දෙනා අනුමත කළහ.


“ආණ්ඩුවේ ඉදන් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන් අය ඉවත් කරන්නැයි එජාපයේ 33 ක් අත්සන් කළ ලිපියේ පිටපත මටත් ලැබුණා. ජෝන් සෙනෙවිරත්න, අනුර යාපා, එස්.බී., සුසිල්, චන්දිම ඉල්ලා අස්වෙනවලු. ඒ අයට ලණුව දුන්නේ ශ්‍රීලනිපයේ ඉහළින්ම කියලත් ඔවුන් දැන් කියනවලු. දයාසිරි අස්වෙන්න බැහැ කියා අඬනවලු. විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් සියලු දෙනා ආණ්ඩුවෙන් යා යුතුයි.” ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ අගමැති ඇතුළු සියලු දෙනා අනුමත කළහ.


“නියෝජ්‍ය කතානායකත් පක්ෂග්‍රාහී නිසා එයාටත් ඉඩ දිය යුතු නැහැ’’ කිරිඇල්ල වැඩිදුරටත් කීය.


“විශ්වාසභංගයට අත්සන් කළ මුතුහෙට්ටිගම දැන් අහනවලු මා අත්සන් කළාද කියා. එයා හා අත්සන් කළ මුස්ලිම් මන්ත්‍රී ඡන්දෙන් වැළකුනේ සුසිල්ලාට කොකා පෙන්නලායි.” පී. හැරිසන් කීවේ සිනා සෙමිනි.


“ඉදිරි වසර දෙක තුළ ජනතාවට සහන, තරුණ පිරිසට රැකියා හා රටට වේගවත් සංවර්ධනය ගෙන එන සැලැසුම අපි දියත් කරමු.” සජිත් ප්‍රේමදාස කළ යෝජනාවට අගමැති ඇතුළු සියලු දෙනා එකඟත්වය පළ කළහ.



අදහස් (0)

අගමැති ආණ්ඩුවේ ඉදිරි වෙනස්කම් පහදයි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 149 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 412 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 245 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1635 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site