ඉතාලියේ සිසිල දූපතේ, සිරකුසා නගරයේ වර්ෂ 1953 අගෝස්තු මස 29, 30, 31 සහ සැප්තැම්බර් පළමු වන දින දරුවන් නොමැතිව වේදනාවෙන් සිටි යුවලගේ ඇඳ ඉස්මත්තේ එල්ලා තිබුණු දේව මාතා ප්‍රතිමාවකින් කඳුළු ගලා ගොස් ඇත. බොහෝ පරීක්ෂණවලින් අනතුරුව, ගලාගිය එම කඳුළු මිනිස් කඳුළු යැයි නිගමනය කර ඇත. වර්ෂ 1994 නොවැම්බර් මස 6 වැනිදා ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් මෙම දෙව් මැදුර ආසිරි ගන්වා එම කඳුළු ගලාගිය පින්තූරය එහි තැන්පත් කරන ලදී.
කාලයකට පසුව ශ්‍රී ලාංකික ජනතාවට මෙම දෙව් මැදුරේදී දෙව් මව් පසසා මංගල්‍යය දිව්‍ය යාගයක් පැවැත්වීමට අවසර ලැබී ඇති අතර, මේ වසරේ 15 වැනි වරටත් වාර්ෂික මංගල්‍යය උත්කර්ෂවත් ලෙස පැවැත්වූහ. ගරු සචිත ප්‍රනාන්දු (පැ.තු.නි.) පියතුමා සිරකුසා කිතුනු සංඝයේ අධ්‍යාත්මික එඬේරාණන් වන අතර, මෙයට වසරකට අඩු නොවැඩි කාලයකදී පූජක වරම් ලැබූ ගරු ලක්මාල් රතුගම පියතුමා විසින් දිව්‍ය පූජාව පැවැත්වූහ. සිසිලියේ සියලුම නගර නියෝජනය කරමින් පියතුමන්ලා සහ ජනතාව මෙම උතුම් මොහොතට සහභාගීවූහ.
ශ්‍රී ලංකාවේ කුරුණෑගල පදවියේ හෙන්දියාගල ග්‍රාමයේ, කුරුණෑගල රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා රදගුරුතුමන්ගේ ද අදහසක් පරිදි, දේවස්ථානයක් කඳුළේ දේව මාතාවන් වෙනුවෙන් කැප කර ඇත. බොහෝ අවහිර බාධක මැද ගොඩනැගෙන එම දේවස්ථානයේ තැන්පත් කිරීම සඳහා මෙම ඡායාරූපවල දක්නට ලැබෙන, එදා දේව මාතාවන්ගේ දෑස්වලින් කඳුළු ගලද්දී පිසදැමූ ලේන්සුවක් සහ කොන්තයක කොටසක් ද බහාලූ මංජුසාව සහ දේව මාතා ප්‍රතිමාව ශ්‍රී ලංකාවට ගෙනයෑමට අවසර ලැබී ඇති අතර, මේ වසර අවසානයේ හෝ ලබන වසරේ මුලදී එය ගෙනයෑමට නියමිත බව, ගරු සචිත ප්‍රනාන්දු පියතුමා පැවසීය.
කාන්ති රතුගම,
කතානියා
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට මිනිස් ජීවිත දහස් ගණනකට මරු කැඳවමින් තවත් ලක්ෂ ගණනක් අසාධ්‍ය තත්ත්වයට පත් කරමින් ලෝකයේ 150 කට අධික රටවලට ව්‍යාප්ත
ඉතාලියේ කොරෝනා වෛරසය ඇති බව පසුගිය පෙබරවාරි මස විසි වැනිදා හෙළිවීමත් සමගම උතුරු ඉතාලියේ මිලානෝ නගරය මූලික කරගත් ලොම්බාර්දියා ප්‍රදේශය ඇතුළු උතුරේ ප්
රෝම නගර සභා සීමාවට අයත් ප්‍රදේශය තුළ නේවාසික විදේශිකයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූදෙදහස් පන්සීයකි. මෙය රෝමයේ මුළු ජනගහණයෙන් 13.4% ක ප්රතිශතයකි. රෝම නගර සභ
මේ වනවිට ලෝකයේ විවිධ රටවල සමහර ප්‍රදේශවල පැතිර යන කොරෝනා නොහොත් කෝවිඩ් 19 ලෙස හඳුන්වන මාරාන්තික වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවද ආක්‍රමණය කොට ඇත්තේය.
මේ වෙනවිට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වයිරසය මැදපෙරදිග රටවලටත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විවිධ මාධ්‍ය සහ තොරතුරු සනාථ කරයි. චීනය මූලික
රෝම අධිරාජ්‍යයට අයත්ව තිබුණු වර්ග කි. මී. හතළිස්හතරලක්ෂයක වපසරියක් වසා පැතිර තිබුණු විජිතයෙන් බදු ලෙස සියල්ල ලබාගනිමින් අධිරාජ්‍යයා සහ පාලක පැලැන්ති
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිරකුසා හි කඳුළේ දේව මාතාවන්ගේ වාර්ෂික මංගල්‍යය 29 දා