ලොව පුරා බෞද්ධයින් ගේ පුණ්‍යෝත්සව අතුරින් සුවිශේෂි වූ පිංකම ලෙස කඨින පිංකම හඳුන්වන්නේ එය එතරම් පිං කුසල් රැස් කර ගත හැකි පිංකමක් නිසාවෙනි. ඇසළ පුන් පොහොයත් සමග භික්ෂුන් වහන්සේලාට කරන්නාවූ වස් ආරාධනාවෙන් ආරම්භ වී එදා සිට තෙමසක් පුරා විහාරස්ථන තුළ රැඳී වස් වසා වැඩ හිඳිමින් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව් පසයෙන් පිදුම් ලබමින් තම දායක පිරිසට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බෝධි පූජා, ආදී විවිධ ආගමික වැඩසටහන් දිනපතා පවත්වමින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන උන්වහන්සේලා තෙමස්පූර්ණ වූ කල අටමහ කුසලයන්ට අයත් කඨින චීවර පූජාව සිදුකරනු ලබයි.
මව්බිමෙන් බැහැරව දුරකතර දිවි ගෙවන ඔබගේ දහම් පිපාසය සන්සිඳුවීම උදෙසා එවන් උතුම් වූ පිංකම් සයිප්‍රසයේ වෙසෙන ලාංකික ජනතාව වෙනුවෙන් වසරක් පාසා ශ්‍රී ලංකාරාමයෙන් සිදු කරනු ලබයි. විහාරාධිපති කැලණිය, වේවැල්දූව, ශ්‍රී නාගරුක්කාරා පුරාණ විහාරය, සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාම යන උභය විහාරාධිපති සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය මොරවක සෝරත නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන අනුශාසනා පරිදි සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාම විහාරස්ථ බෞද්ධ සංගමය සතර පේරුවේ දායක දායිකාවන් සමග මෙවරද කඨින මහ පිංකම උත්සවාකාරයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කර ඇති බව දැනුම් දෙනු ලබයි.
මෙවර මෙම පිංකමෙහි ප්‍රධාන දායකත්වය සයිප්‍රසයේ පාපොස් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් සිදු කරනු ලබයි. මන්ද මීට තුන්මසකට පෙර සම්ප්‍රදායානුකූලව වස් ආරාධනාව සිදු කළේ ඔවුන් නිසාවෙනි. මෙම පිංකම තෙදිනක් පුරා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව 2019.10.18 සවස 8 සිට ලිමාසෝල් සදහම් මැදුරේ දී ආශිර්වාද පූජාව සහ මහ පිරිත් දේශනය ද ආවාසික සිවුරු මැසීමේ කටයුතු ආරම්භ කිරීම සිදු කරනු ලබයි. 2019.10.19 සවස 4 සිට නිකෝසියා සදහම් සෙවණේ දී ආවාසික සිවුරු පඬු පෙවීම, සත්බුදු වන්දනාව සහ සර්ව රාත්‍රික පිරිත් දේශනයකි. 20 වැනි ඉරු දින උදෑසන 9 සිට සවස 3 දක්වා පාපොස් නගරයේ නගර සභා ශ්‍රවණාගාරයේ දී කඨින චීවර පූජා මහා පිංකම ද දහවල සම්බුද්ධ පූජාව, දහවල දානමය පිංකම කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වෙයි.
මෙම මහා පුණ්‍යෝත්සවය සිදු කිරීම සඳහා ගෞරවණීය වැඩම වීම් නිට්ටඹුව සාරිපුත්‍ර ගුරු අභ්‍යාස විද්‍යාලයේ හිටපු පීඨාධිපති අමුණුපුර ශීලවංශ හිමිපාණෝ, ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන හිමිපාණෝ, සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක මොරවක සෝරත හිමිපාණෝ, කරළියද්දේ කමලසිරි හිමිපාණෝ සහ කිනිහිරිකන්ද රජමහා විහාරවාසී කුඩාරඹාවැවේ ධම්මගවේසි හිමිපාණන් යන පූජනීය මහා සංඝරත්නය සහභාගිත්වයෙන් පැවැත්වෙයි.
මෙම මහා පිංකමට පිං කැමති සියල්ලෝ පැමිණෙත්වා.
විමලා යාපා
නිකෝසියා, සයිප්‍රස්
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට මිනිස් ජීවිත දහස් ගණනකට මරු කැඳවමින් තවත් ලක්ෂ ගණනක් අසාධ්‍ය තත්ත්වයට පත් කරමින් ලෝකයේ 150 කට අධික රටවලට ව්‍යාප්ත
ඉතාලියේ කොරෝනා වෛරසය ඇති බව පසුගිය පෙබරවාරි මස විසි වැනිදා හෙළිවීමත් සමගම උතුරු ඉතාලියේ මිලානෝ නගරය මූලික කරගත් ලොම්බාර්දියා ප්‍රදේශය ඇතුළු උතුරේ ප්
රෝම නගර සභා සීමාවට අයත් ප්‍රදේශය තුළ නේවාසික විදේශිකයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූදෙදහස් පන්සීයකි. මෙය රෝමයේ මුළු ජනගහණයෙන් 13.4% ක ප්රතිශතයකි. රෝම නගර සභ
මේ වනවිට ලෝකයේ විවිධ රටවල සමහර ප්‍රදේශවල පැතිර යන කොරෝනා නොහොත් කෝවිඩ් 19 ලෙස හඳුන්වන මාරාන්තික වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවද ආක්‍රමණය කොට ඇත්තේය.
මේ වෙනවිට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වයිරසය මැදපෙරදිග රටවලටත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විවිධ මාධ්‍ය සහ තොරතුරු සනාථ කරයි. චීනය මූලික
රෝම අධිරාජ්‍යයට අයත්ව තිබුණු වර්ග කි. මී. හතළිස්හතරලක්ෂයක වපසරියක් වසා පැතිර තිබුණු විජිතයෙන් බදු ලෙස සියල්ල ලබාගනිමින් අධිරාජ්‍යයා සහ පාලක පැලැන්ති
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාමයේ 15 වැනි වරටත් පැවැති කඨින මහා පුණ්‍යොත්සවය