සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ දෙවසරක කාලයක් පෙර පාසල් අධ්‍යාපනය ලැබූ (KG 2) දරු දැරියන් 29 දෙනෙකු පළමු ශ්‍රේණියට ඇතුළත් වූ අවස්ථාවේ එම දරු දැරියන් වෙත අගැයීම් සහ සහතිකපත් ප්රදානය කිරීම පසුගිය සෙනසුරාදා 27 සන්ධ්‍යාභාගයේදී අල් කොබාර් රිසායත් උත්සව ශාලාවේදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණ.
පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ පැවති අමානුෂික ප්රචණ්ඩත්වය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරමින් හා ඒ වෙනුවෙන් දිවි අහිමි වූ හෝ තුවාල ලැබූ සියලු දෙනා වෙනුවෙන් විනාඩි තුනක නිෂ්ශබ්දතාවයකින් සියලු දෙනාම තම ශෝකය සහ සංවේගය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ විය.
ඉංග්‍රීසි බස අධ්‍යයන භාෂාව ලෙසත් සිංහල සහ දමිළ භාෂාවන් මවුබස ලෙසත් ගණිතය, සමාජ අධ්‍යයනය, විද්‍යාව (ENT), චිත්‍ර සහ සෞන්දර්ය, ඉස්ලාම් දහම සහ ඊට අනුරූපව හෙළ සිරිත් විරිත් ආචාරධර්ම ඇතුළු විෂයයන් කිහිපයක්ම ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේදී මෙම සිසු දරු දැරියන් හට ඉගැනීමේ අවස්ථාව ලබා දෙන බව පාසල් අධ්යක්ෂ මණ්ඩලයේ උප සභාපති තව්සිෆ් පල්ලෙයි මහතා සඳහන් කරයි. විශේෂයෙන්ම මෙදින පැවති අගැයීමේ උත්සවයේදී පෙර පාසල් අධ්‍යාපනය නිම කළ මෙම දරු දැරියන් විසින් තම හැකියාවන් සහ දක්ෂතාවන් ඉදිරිපත් කරමින් නර්තන, ගායනා මෙන්ම කණ්ඩායම් වැඩසටහන් කිහිපයක්ම ඉදිරිපත් කරනු දක්නට ලැබිණ. මේ සඳහා පන්තිය භාර ගුරුවරිය වන ශෆිකා නාස් මහත්මිය සහ විෂය භාර ගුරුතුමිය වන සෞභාග්‍යා මහත්මියගේත් මඟපෙන්වීම මහත් රුකුලක් වී ඇති බව දැනගන්නට ලැබිණ. මෙම සියලුම සිසු දරුවන් ඊළඟ අධ්‍යයන කාර්තුවේදී ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේම පළමු වසරට ඇතුළත් කිරීම සිදු කෙරෙනු ඇත.
ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ ඉදිරි කටයුතු පිළිබඳව අදහස් දක්වමින් තව්සික් පල්ලෙයි මහතා සඳහන් කළේ මෙම පාසල විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සිසු සිසුවියන් උදෙසාම වෙන නමුත් විදෙස් ජාතීන්ගේ දරුවන් හටද මෙහි ඉගනුම ලැබීමට අවස්ථාව උදා කරදී ඇති අතර නැගෙනහිර කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකික දරු දැරියන් හට තව තවත් අවස්ථාව උදාකර දීමට බලාපොරොත්තුව සිටින බවයි ඒ සඳහා www.slisd.org / [email protected] හෝ 00966569284317 වෙතින් තොරතුරු ලබා ගත හැකි බවයි.
මෙම අවස්ථාව සඳහා සියලුම දෙමාපියන් මෙන්ම පාසල් අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ වේලාවන් සුබ්‍රමනියම්, පරිපාලන නිලධාරි අබු ආදම් ඇතුළු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් මෙන්ම ආරාධිතයින් කිහිප දෙනෙකුම සහභාගි වී සිටි අතර විශේෂ ආරාධිතයින් ලෙස ඉන්ස්පිරියර් අධ්‍යාපන ආයතනයේ දෙපාර්තමේන්තු ප්‍රධානි (ශ්‍රී ලාංකික) සියානා මැතිනියද ජාත්‍යන්තර ටෝස්ට් මාස්ටර් 71 කණ්ඩායමේ නායකත්වය දරන මදුශ නානායක්කාර මහතාද සහභාගී වී සිටියහ.
ලලිත් ප්‍රේමලාල්
සෞදි අරාබියේ සිට
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට මිනිස් ජීවිත දහස් ගණනකට මරු කැඳවමින් තවත් ලක්ෂ ගණනක් අසාධ්‍ය තත්ත්වයට පත් කරමින් ලෝකයේ 150 කට අධික රටවලට ව්‍යාප්ත
ඉතාලියේ කොරෝනා වෛරසය ඇති බව පසුගිය පෙබරවාරි මස විසි වැනිදා හෙළිවීමත් සමගම උතුරු ඉතාලියේ මිලානෝ නගරය මූලික කරගත් ලොම්බාර්දියා ප්‍රදේශය ඇතුළු උතුරේ ප්
රෝම නගර සභා සීමාවට අයත් ප්‍රදේශය තුළ නේවාසික විදේශිකයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූදෙදහස් පන්සීයකි. මෙය රෝමයේ මුළු ජනගහණයෙන් 13.4% ක ප්රතිශතයකි. රෝම නගර සභ
මේ වනවිට ලෝකයේ විවිධ රටවල සමහර ප්‍රදේශවල පැතිර යන කොරෝනා නොහොත් කෝවිඩ් 19 ලෙස හඳුන්වන මාරාන්තික වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවද ආක්‍රමණය කොට ඇත්තේය.
මේ වෙනවිට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වයිරසය මැදපෙරදිග රටවලටත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විවිධ මාධ්‍ය සහ තොරතුරු සනාථ කරයි. චීනය මූලික
රෝම අධිරාජ්‍යයට අයත්ව තිබුණු වර්ග කි. මී. හතළිස්හතරලක්ෂයක වපසරියක් වසා පැතිර තිබුණු විජිතයෙන් බදු ලෙස සියල්ල ලබාගනිමින් අධිරාජ්‍යයා සහ පාලක පැලැන්ති
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සෞදි දමාම් ශ්‍රී ලංකා ළදරු පාසලේ සහතික ප්රදානය උත්සවශ්‍රීයෙන්