ඉතාලි රූ රැජින කිරුළ 2017 සඳහා සැප්තැම්බර් මස නවවැනිදා පැවති අවසන් මහා තරගයෙන් ඇල්ප්ස් කඳු ආශ්රිත ත්‍රෙන්තීනෝ ප්‍රදේශයේ වැසියන් දාහතරදෙනෙකු පමණක් වෙසෙන පිටිසර ගමක රූමතියක් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තා ය. වයස අවුරුදු විසිඑකක් වූ අලීෂෙ රකේලෙ නම් වූ මෙම තරුණිය ඉතාලි රූ රැජින 2017 කිරුළ පැළඳීමත් සමගම, විනිශ්චය මණ්ඩලයේ මෙම තීරණය ඉතාලිය තුළ ආන්දෝලනයක් ඇතිකිරීමට හේතු වී ඇත.
ඉතාලි රූ රැජින 2017 තරග වටයේ මුල් අවස්ථාවේ සිට ම සෙනගල් සම්භවයක් ඇති ඉතාලි පුරවැසි සමීරා ලූයි නම් වූ කළු රූමතිය වැඩි මනාප ලබාගනිමින් ඉදිරියේ සිටිය ද අවසන් අවස්ථාවේ විනිශ්චය මණ්ඩල සාමාජිකයකුගේ කිසියම් ජාතිවාදී ප්‍රකාශයක් හේතුවෙන් ඇයට අසාධාරණයක් වූ බවට චෝදනා දැන් නැගෙමින් ඇත. සෙනගල් ජාතික පියෙකුට හා ඉතාලි ජාතික මවකට දාව ඉතාලියේ උපත ලබා ඇති සමීරා ලූයි ඉතාලි ප්‍රාදේශීය රූ රැජින තරගයකින් ප්‍රථම ස්ථානය ලබා ඉතාලි රූ රැජින තරගය සඳහා සුදුසුකම් ලැබූවෙකි.
‘‘මිස් ඉතාලියා 2017’’ මුල් තරග වටයේ සිටම ඉතාලි විද්යුයත් හා මුද්‍රිත මාධ්‍ය විසින් සමීරා ලූයිගේ ජයග්‍රහණය සහතික කර තිබුණි.
2017 ඉතාලි රූ රැජින ලෙස සමීරා කිරුළ පළන් විගස නිකුත් කිරීම සඳහා ඇය රූ රැජින කිරුළ සහිත ඡායාරූපය අඩංගු මුල් පිට සහිත සඟරාවක් ද මුද්‍රණයට සූදානම්ව තිබී ඇත. එහෙත් ඇයට හිමිවූවේ ‘‘මිස් ඉතාලියා 2017’’ තරගයේ තෙවැනි ස්ථානයයි. විනිශ්චය මණ්ඩලයේ මෙම තීරණය සමීරාගේ ඡවි වර්ණය හේතුවෙන් කරන ලද අවතක්සේරුවක් ලෙස බොහෝ දෙනෙකු චෝදනා කරති.
කබොවේර්දේ සම්භවයක් ඇති කළු රූමතියක වූ ඩැනී මෙන්ඩෙස් 1996 ඉතාලි රූ රැජින ලෙස කිරුළ පළන් අවස්ථාවේදී, ඉතාලියේ විදේශිකයන්ගේ සම අයිතිවාසිකම් පිළිබඳව පුරාජේරු දෙඩූ බොහෝ දෙනෙකුගේ සැබෑ මුහුණුවර ලොවට හෙළිදරව් විය. කෙතරම් රූමත් වුවද විදේශික සම්භවයක් ඇති, ඉතාම සරලව නිර්වචන කෙරේ නම් ජවී වර්ණය කළු තරුණියකට ඉතාලි රූ රැජින කිරුළ අහිමි බව ඉතාලි ජාතිකයා ප්‍රකාශ කළේ මෙදා නොව එදා මය.
සම අයිතිවාසිකම් යටතේ ඉතාලියේ නේවාසික විදේශිකයා සහභාගී වීම පමණක් අපේක්ෂා නොකෙරේ. සුදුසුකම් ඇත්නම් ජයග්‍රහණයට හිමිකම් කීමේ අයිතිය ද ඉතාලියේ විදේශිකයාගේ සම අයිතිවාසිකම් නිර්වචන කෙරෙන තැන අඩංගු විය යුතු ය.
‘‘මිස් ඉතාලියා 2017’’ කිරුළ හිමිකරගත් අලීසේ රකේලෙ, තෙවැනි ස්ථානය හිමිකරගත් කළු රූමතිය සමීරා ලූයි හා ඇය ජයග්‍රාහිකාව ලෙස සූදානම්ව තිබූ සඟරාවේ මුල් පිටුව ද ඡායාරූපයන්ගෙන් දැක්වේ.
යටියන
ක්ලැරන්ස් කොස්තා
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට මිනිස් ජීවිත දහස් ගණනකට මරු කැඳවමින් තවත් ලක්ෂ ගණනක් අසාධ්‍ය තත්ත්වයට පත් කරමින් ලෝකයේ 150 කට අධික රටවලට ව්‍යාප්ත
ඉතාලියේ කොරෝනා වෛරසය ඇති බව පසුගිය පෙබරවාරි මස විසි වැනිදා හෙළිවීමත් සමගම උතුරු ඉතාලියේ මිලානෝ නගරය මූලික කරගත් ලොම්බාර්දියා ප්‍රදේශය ඇතුළු උතුරේ ප්
රෝම නගර සභා සීමාවට අයත් ප්‍රදේශය තුළ නේවාසික විදේශිකයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූදෙදහස් පන්සීයකි. මෙය රෝමයේ මුළු ජනගහණයෙන් 13.4% ක ප්රතිශතයකි. රෝම නගර සභ
මේ වනවිට ලෝකයේ විවිධ රටවල සමහර ප්‍රදේශවල පැතිර යන කොරෝනා නොහොත් කෝවිඩ් 19 ලෙස හඳුන්වන මාරාන්තික වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවද ආක්‍රමණය කොට ඇත්තේය.
මේ වෙනවිට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වයිරසය මැදපෙරදිග රටවලටත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විවිධ මාධ්‍ය සහ තොරතුරු සනාථ කරයි. චීනය මූලික
රෝම අධිරාජ්‍යයට අයත්ව තිබුණු වර්ග කි. මී. හතළිස්හතරලක්ෂයක වපසරියක් වසා පැතිර තිබුණු විජිතයෙන් බදු ලෙස සියල්ල ලබාගනිමින් අධිරාජ්‍යයා සහ පාලක පැලැන්ති
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලස්සන කළු කෙල්ල තුන්වැනි තැනට ඇද දමා සුදු කෙල්ලක් රජකරවූ ඉතාලි රූ රැජින විහිළුව