IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජේසුතුමන්ගේ පුද්ගල හැඳුනුම්පත වැරදිද ?

වැඩි කලක් හිටියේ ඉන්දියාවේ බවට තොරතුරු

අද පාස්කු ඉරිදාය. මහ සිකුරාදා ගෝල්ගොතා කන්ද මුදුනේ කුරුසය මතදී ප‍්‍රාණය නිරුද්‍ර වූ ජේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ සිරුර ගල්ලෙනක තැන්පත් කරන ලදුව, මරණයෙන් උත්ථාන වූවේ අද වැනි දිනකය. ජේසු යයි කියූ පමණින් එතුමාණන් උපත ලැබූ ස්ථානය, උපත ලැබූ දිනය, එතුමාණන්ගේ ස්වරූපය, ජීවත් වූ පරිසරය සහ මරණය පිළිබඳව දන්නෝ එතුමන්ගේ දහම අදහන ලොව පුරා විසිර සිටින බිලියන දෙකකට වැඩි කිතුණු ලබ්ධිකයෝ පමණක්ම නොවේ. 


මේ සියල්ල ගත් කල කොටින්ම ජේසු තුමන්ට පුද්ගල හැඳුණුම්පතක් වී නම් එය නොදුටු කෙනෙකුන් නැති තරම් ය. එහෙත් ඇතැමුන් කියන්නේ ජේසුගේ නම හැරුණුවිට පුද්ගල හැඳුනුම්පතේ සඳහන් අනෙකුත් කරුණු වැරදි සහගත බව ය. මොවුන් විසින් මේවා ප‍්‍රකාශ කරනු ලබන්නේ දීර්ඝ කාලීනව කරන ලද පර්යේෂණයන්ගෙන් පසුව වීම ද විශේෂත්වයකි. එබැවින් මේවා පිිළිබඳව නොතකා හැරීමට ද බැරිය. කරුණු කාරණා කෙසේ සැකසුනද, ඒ කිසිවක් ජේසු තුමා විසින් දේශනා කරන ලද ධර්මයට අහිතකර බලපෑමක් කිරීමට තරම් සමත් නොවෙන බව ද අවධාරණය කළ යුතුව ඇත.

 
ජේසු උපත දෙසැම්බර් මස විසිපස්වැනිදා නත්තල ලෙස මුළු ලොවම සැමරුවද, දීර්ඝ අධ්‍යයනයකින් පසුව ඇතැම් ජ්‍යොතිෂඥයෙකු කියන්නේ ජේසුගේ උපත දෙසැම්බර් මාසයේ සිදුවූවක් ලෙස පිළිගැනීමට අසීරු බව ය. යමෙකු උපත ලද දිනය වේලාව අනුව එම පුද්ගලයාගේ ඉදිරි ජීවිතයේ සිදුවිය හැකි යම් යම් දේ පිළිබඳව අනාවැකි කිවීමට හැකියාවක් ඇති සේ ම, තවත් කෙනෙකුන්ගේ ජීවිත කාලය තුළ සිදුවූ සිද්ධි අධ්‍යයනය කිරීමෙන් එම පුද්ගලයා උපත ලද දිනය හා වේලාව ද නිවැරදිව ප‍්‍රකාශ කිරීමට ද උක්ත විෂයයේ පරතෙරට ගියවුනට පුළුවන. මේ අනුව ජේසු තුමන් ජීවිත කාලය පුරා අත්විඳි සියළුම කාරණා අධ්‍යයනය කර ඇති ඇතැම් ජ්‍යොතිෂකරුවකු කියන්නේ ජේසු උපත සිදුව ඇත්තේ දෙසැම්බර් මාසයේ නොව අගෝස්තු මාසයේ බව ය. ඒ අතරම ජේසු බිළිඳුන් බැහැදැකීමට ඒම සඳහා පෙරදිග ප‍්‍රභූවරුන්ට මග පෙන්නුවා යයි කියනු ලබන වල්ගාතරුව ද, එම වසරේ දෙසැම්බර් මාසයේදී නොපෑයූ බව මෙම ජ්‍යොතිෂඥයෝ අවධාරණය කරති. 


ජේසුතුමන් අධ්‍යයනය කිරීම සඳහා ගුරුකොට ගත හැකි පෞරාණික මූලාශ‍්‍ර වෙන්නේ ශුද්ධ වාක්‍ය වාර්තාකරුවන් වූ ශු. ලූක්, මාර්ක්, මතෙව් සහ ජුවාම් විසින් ලේඛනගත කර ඇති අලුත් ගිවිසුම ලෙස බයිබලයේ අඩංගු වාර්තාවන් ය. මෙම ශුද්ධ වාක්‍යකරුවන් හතරදෙනාගෙන් ජේසු උපත පිළිබඳව සඳහන් කර ඇත්තේ ශු. මතෙව් සහ ශු. ලූක් තුමන් පමණි. ඉතිරි දෙදෙනාම ජේසු පුවත ආරම්භ කර ඇත්තේ එතුමන් ස්නාවක ජුවාම්තුමා වෙතින් බෞතීස්ම ලැබූ තැන් සිට ය. ශුද්ධ වාක්‍යයේ සඳහන් පරිදි ජේසුතුමා බෙත්ලෙහෙමේ උපත ලද බව පිළිනොගන්නෝ ද වෙති. 

 

අද බෙත්ලෙහෙමේ ජේසුබිළිඳා උපත ලැබූවා යැයි කියන තැන ඉදිව ඇති මහා බැසිලිකාවේ ගර්භය තුළ කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වලදී පැරණි දේවස්ථානයක නටබුන් හමුව ඇත. මෙම නටබුන් ක‍්‍රිස්තුවර්ෂ 330 ත් 340 ත් අතර රෝමයේ ප‍්‍රථම කතෝලික අධිරාජ්‍යයා වූ කොස්තන්තීනෝ විසින් කරවන ලද දේවස්ථානයේ නටබුන් ලෙස හඳුනාගෙන ඇත. ශතවර්ෂ තුනකට පමණ පසුව ජේසුගේ ජීවිතයට සම්බන්ධ ස්ථාන හඳුනාගෙන එම ස්ථාන ශුද්ධ භූමි ලෙස පවත්වාගෙන යාම සඳහා කොස්තන්තීනු අධිරාජ්‍යයා විසින් පත්කරන ලද කමිටුවක වාර්තා සැලකිල්ලට ගෙන පමණක් මෙම මුල්ම බැසිලිකාව බෙත්ලෙහෙමේ ඉදිකර ඇති බව ජේසු බිළිඳා බෙත්ලෙහෙමේ උපත ලැබීම පිළිනොගන්නෝ කියති.

 

 

ඔවුන්ගේ තර්කය වෙන්නේ බයිබලයේ පැරණි ගිවිසුමේ සඳහන් අනාගත වක්තෘවරුන් විසින් කරන ලදැයි කියන ‘‘එම්බා බෙත්ලෙහෙම. ජුදා දේශය. මගේ ඉශ‍්‍රායෙල් සෙනග පාලනය කරන්නාවූ ආණ්ඩුකාරවරයෙක් තී කෙරෙන් නික්මෙන්නේය.’’ (ශු. මතෙව් 2- 6) එම අනාවැකිය සම්පූර්ණ කිරීම සඳහා ජේසු බිළිඳා බෙත්ලෙහෙමේ උපත ලැබූ බව ලේඛනගතව ඇති බව ය. 
ජේසුගේ උපන් දිනය උපන් ස්ථානය පමණක් නොව ජේසු වාසය කළ ස්ථාන ගැනද ඇතැම් විද්වතුන් පිළිගත් මතයන්ට වඩා වෙනස් ම මතවාදයක් දරති. ඔවුන් කියන්නේ ජේසු තම ජීවිත කාලයෙන් වැඩි ප‍්‍රමාණයක් ඉන්දියාවේ ගතකර ඇති බව ය. 


ශුද්ධවූ ලූක් තුමාගේ ශුද්ධ වාක්‍යයේ පමණක් ජේසු තුමාගේ වයස අවුරුදු දොළහේදී සිදුවූ සිද්ධියක් වාර්තාවී ඇතුව ද ඉන්පසුව එතුමෝ යළිි වේදිකාවට පැමිණෙන්නේ වයස අවුරුදු තිහේදී පමණ ස්නාවක ජුවාම් තුමා අතින් බෞතීස්ම ලැබූ තැන් පටන් ය. ජේසු තුමාගේ බාලවියේ සිට බෞතිස්මය දක්වා කාලය තුළ එතුමා කොහි සිටියා දැයි අලුත් ගිවිසුමේ සඳහනක් නැත. 


නිකොලස් නොටොවිච් නම්වූ ජුදා සම්භවයක් ඇති රුසියානු ලේඛකයා විසින් 1887 දී ලියා තබා ඇත්තේ, ඉන්දියාවේ ලඩක් හි බෞද්ධ ලාමා ආශ‍්‍රමයක තිබුණු ඉපැරණි පත්ඉරුවල මැද පෙරදිග සිට සේද මාවත ඔස්සේ එහි පැමිණි ඉසා (ISSA අරාබි බසින් ජේසු) නම් වූවකු භවනායෝගීව සිටිමින් ධර්මය හැදෑරූ බව ලියා තිබෙනු තමන් දැකගත් බව ය. එම ලියවිල්ලේ පිටපත් ලාමා ආශ‍්‍රමවල තවමත් අති බවට ද මතයක් පවතී. නිකොලස්ගේ මෙම සොයාගැනීම 1894දී ප‍්‍රංශ බසින් ග‍්‍රන්ථයක් ලෙස බිහිවී ඇත. 


නිකොලස් නොටොවිච් දුටුවා යයි කියනු ලබන ලාමාවරුන්ගේ වාර්තාවන්හි ජේසු පිළිබඳව සටහන්ව ඇති කාලය, අලුත් ගිවිසුමේ ජේසු කතාවේ හිස්තැනට කදිමට ගැළපේ. ඊට අමතරව ජර්මන් ජාතික හොල්ගර් කර්ස්ටෙන් නම් වූ ලේඛකයා විසින් කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් පසුව ලියා ඇති ‘‘ජේසු ඉන්දියාවේ ජීවත් විය’’ නම් වූ ග‍්‍රන්ථයේ, ජේසු මරණයෙන් උත්ථානවූ පසුව යළි ඉන්දියාවට ගොස් මහළුවී ස්වභාවික මරණය තෙක්ම එහි විසූ බව ද, ජේසුගේ සොහොන අද ද පුදපූජා ලබමින් කාෂ්මීරයේ සිරිනගර්හි සුරක්ෂිතව ඇති බව ද සටහන් ය. මේ සියල්ල හදාරා බලන ඇතැම් විද්වතුන් කියන්නේ ජේසු තම ජීවිතයෙන් වැඩි කාලයක් ඉන්දියාවේ ගතකර ඇති බව ය. 


මීළඟ කරුණ සුවිශේෂිත ය. එය ජේසු පුද්ගල හැඳුනුම්පතක් සතුවී නම් එහි ඡායාරූපය පිළිබඳව ය. අද අපි ජේසු නමින් හඳුනාගන්නා රුව ක‍්‍රිස්තුපූර්ව මුල් ශතවර්ෂවලදී රෝම සිත්තරා විසින් බටහිර තරුණයකු ආදර්ශයට ගනිමින් නිර්මාණය කරන ලද්දක් බව ඇතැම් විද්වතුන් පිළිගනිති. මීට වසර දෙදහසකට පෙර ඊශ‍්‍රායෙලයේ විසූ ජුදා ජාතිකයකුගේ රුව අද ජේසුගේ යයි පිළිගන්නා රූපය හා නොසැසඳෙන බවට ඔවුහු තර්ක කරති. එංගලන්තයේ මැචෙස්ටර් විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන රිචර්ඩ් නීව් විසින් වසර දෙදහසක් පැරණි ජුදා ජාතිකයකුගේ හිස්කබලක් යොදාගෙන පරිගණකය මගින් නිර්මාණය කර ඇති මුහුණට ජේසුගේ මුහුණ සමාන විය හැකි බව ඔවුහු කියති. ඒ අනුව ජේසු හිසකෙස් හා රැවුල දිගට වැවුණු පැහැපත් ඡවි වර්ණයෙන් යුත් උත්තුංග දේහධාරියකු නොව, හිසකෙස් පොකුටු කාළවර්ණ මධ්‍යම ප‍්‍රමාණයේ පුරුෂයකු විය යුතුය. 


ජේසු සතුව පුද්ගල හැඳුනුම්පතක් වී නම් එහි සටහනට, නැතහොත් ජේසුගේ පුද්ගල අනන්‍යතාව පිළිබඳව පිළිගත් මතයන්ට බාහිරවූ වෙනත් මතයන් දරන්නෝ මෙම ප‍්‍රකාශයන් කර ඇත්තේ එම විෂය පිළිබඳව දීර්ඝ ලෙස හැදෑරීමෙන් පසුව ය. ජේසු උපත ලද දිනය ස්ථානය එතුමාගේ ස්වරූපය හෝ එතුමාගේ පදිංචිය පිළිබඳව පිළිගත් මතයන්ට පටහැනි වූ මත ජේසුතුමන් විසින් දේශනා කරන ලද ධර්මයට කිසි ලෙසකින් හෝ බලපෑමක් කිරීමට තරම් වලංගු වෙන්නේ නැත. කාළවර්ණ ජේසුතුමාගේ උපත (නත්තල) අගෝස්තු මාසයේ සැමරීමට තරම් සමාජය වෙනස් වෙතැයි සිතීම උගහට ය. 

 

 

 

 


යටියන 
ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.

 



අදහස් (0)

ජේසුතුමන්ගේ පුද්ගල හැඳුනුම්පත වැරදිද ?

ඔබේ අදහස් එවන්න

Italy news

ගෝලීය නව බල අරගලයේ යුක්‍රේන සාධකය හා නව අයි.එස්. භූමිකාව
2024 අප්‍රේල් මස 02 99 0

ලෝකය, පහත රට ශාන්තිකර්මවල යොදාගන්නා දෙකොන විලක්කුවක් සේ ගිනි ඇවිළෙමින් පවතින අවස්ථාවකි මේ. නැගෙනහිර යුරෝපයේ දෙවසරක් පුරා ඇවිළෙන, විසඳුමක සේයාවක්වත්


නව කොරෝනා වෛරසය සයිප්‍රසයත් ආක්‍රමණය කරයි
2020 මාර්තු මස 28 3249 0

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට මිනිස් ජීවිත දහස් ගණනකට මරු කැඳවමින් තවත් ලක්ෂ ගණනක් අසාධ්‍ය තත්ත්වයට පත් කරමින් ලෝකයේ 150 කට අධික රටවලට ව්‍යාප්ත


කොරෝනා වෛරසය හේතුවෙන් මේ දිනවල ඉතාලියේ සිදුවෙන්නේ කුමක්ද?
2020 මාර්තු මස 28 2763 0

ඉතාලියේ කොරෝනා වෛරසය ඇති බව පසුගිය පෙබරවාරි මස විසි වැනිදා හෙළිවීමත් සමගම උතුරු ඉතාලියේ මිලානෝ නගරය මූලික කරගත් ලොම්බාර්දියා ප්‍රදේශය ඇතුළු උතුරේ ප්


විදේශිකයෝ දාහහතරදාහක් රෝමයට පොල්ල තියලා පැනලා
2020 මාර්තු මස 28 178 0

රෝම නගර සභා සීමාවට අයත් ප්‍රදේශය තුළ නේවාසික විදේශිකයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූදෙදහස් පන්සීයකි. මෙය රෝමයේ මුළු ජනගහණයෙන් 13.4% ක ප්‍රතිශතයකි. රෝම නගර සභ


නව කොරෝනා වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවත් ආක්‍රමණය කරයි
2020 මාර්තු මස 14 1348 0

මේ වනවිට ලෝකයේ විවිධ රටවල සමහර ප්‍රදේශවල පැතිර යන කොරෝනා නොහොත් කෝවිඩ් 19 ලෙස හඳුන්වන මාරාන්තික වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවද ආක්‍රමණය කොට ඇත්තේය.


කොරෝනා වයිරසය මැදපෙරදිගත් ගිලගනීද?
2020 මාර්තු මස 14 1576 0

මේ ​වෙනවිට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වයිරසය මැදපෙරදිග රටවලටත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විවිධ මාධ්‍ය සහ තොරතුරු සනාථ කරයි. චීනය මූලික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site