ඉතාලි රූ රැජිණ 2018 කිරුළ සඳහා අවසන් මහා තරගය සැප්තැම්බර් මස දහඅට වැනි දින පැවැත්විණි. මෙම තරගයෙන් විසිහය හැවිරිදි කර්ලොත්තා මජොරානා රූමතිය ඉතාලි රූ රැජිණ ලෙස කිරුළ පැළැන්දීය. අෑ විවාහක කාන්තාවක් වෙන අතර, චිත්‍රපට සහ රූපවාහිනී වෘත්තාන්ත කීපයක සුළු චරිත කීපයක් රඟපෑ නිළියකි. අද ඉතාලි පමණක් නොව ජාත්‍යන්තර ප්රවෘත්ති මාධ්‍ය ද ඇයට වඩා වැඩියෙන් කතා කරන්නේ මෙම තරගයේ තෙවැනි ස්ථානය හිමිකරගත් ක්යාරා බෝර්දි නම් වූ රූමතිය පිළිබඳවය. සියලු ජනමාධ්‍ය ප්‍රකාශ කරන්නේ ඉතාලි රූ රැජිණ 2018 තරගයේ සැබෑ ජයග්‍රාහිකාව ක්යාරා බෝර්දි බවය. ඒ ඇයි?
ඉතාලි රූ රැජිණ 2018 කිරුළ සඳහා ප්‍රාදේශීය රූ රැජිණ තරගවලින් ජයගත් රූමතියන් තිස්තුන්දෙනකු තරගවැදී සිටියහ. මේ අතර සිටි දහඅට හැවිරිදි ක්යාරා බෝර්දි වෙත මුල සිටම සැමගේ අවධානය යොමුවිය. එයට හේතුව වූවේ ඇය කෘත්‍රිම පාදයකින් ගමන් කරන ආබාධිත තරුණියක වීමය.
වයස අවුරුදු දොළහේදී යතුරුපැදි අනතුරකින් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණු ක්යාරා බෝර්දි, ජීවිතය යළි හිමිකරගත්තේ වම් පාදයේ දණහිසට මදක් පහළින් අහිමි වූ ආබාධිතයකු ලෙසය. වම් පාදය අහිමි වුවද ජීවිතය හමුවේ පරාජය භාරගැනීමට ඇය සිතුවේ නැත. කෘත්‍රිම පාදයක ආධාරයෙන් ඇය ජීවිතය ජයගැනීමේ සටනට මුහුණ දුන්නාය.
ක්යාරා බෝර්දි ඉතාලි රූ රැජිණ 2018 තරගයේ අවසන් වටයට මුහුණ දුන් විට සමාජ වෙබ් අඩවි ඔස්සේ ඇයට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් විය. එම පිරිස ක්යාරා බෝර්දිට චෝදනා කළේ ඇය තම ආබාධිත තත්ත්වය උපයෝගී කරගනිමින් මහජන අනුකම්පාව ලබා වැඩි මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමේ තුච්ඡ චේතනාවකින් තරගයට සහභාගී වෙන බවය. මෙම චෝදනා එල්ල කළවුන්ගෙන් බහුතරය කාන්තාවෝය.
සමාජ වෙබ් අඩවි මඩ ප්රහාරයන්ට ක්යාරා බෝර්දි නොසැලී මුහුණ දුන්නාය. ඇය ප්‍රකාශ කළේ වයස අවුරුදු දොළහේදී සිදු වූ යතුරුපැදි අනතුරින් ජීවිතය බේරාගැනීම තමන් ලද ලොකුම ජයග්‍රහණය බවය. අවයවයක් අහිමිවීම හෝ වෙනත් ආබාධිත තත්ත්වයක් ජීවිතයේ නැවතීමේ ළකුණ කර නොගත යුතු බවට ශාක්ෂියක් ලෙස ඇය මෙම තරගයට සහභාගී වූ බව ඇය මාධ්‍ය අමතා කියා සිටියාය. ඉතාලි රූ රැජිණ 2018 කිරුළ අහිමි වුවද, වේදිකාවේදී ශාලාව දෙදරා යන අයුරින් ලද අත්පොළසන් හඬ ඇගේ ආත්ම ශක්තිය තව තවත් වර්ධනය කළ බව ඇය වැඩිදුරටත් කියයි. ජීවිතය ආපසු යැවීමට කිසිම අවාසනාවන්ත තත්ත්වයකට නොහැකි බව ඇය විසින් සමාජයට දීමට වෙර දරන පණිවිඩයයි. ඉතාලි මෙන්ම ජාත්‍යන්තර ප්රවෘත්ති මාධ්‍ය ද අද කියන්නේ ක්යාරා බෝර්දි ඉතාලි රූ රැජිණ 2018 ලෙස කිරුළ නොපැළදුව ද, තරගයේ සැබෑ ජයග්‍රාහිකාව ඇය බවය.
මීට වසර කීපයකට පෙර එනම් 1997 වසරේ ඉතාලි රූ රැජිණ අවසන් වටයෙන් දෙවැනි ස්ථානය හිමිකරගත් අන්නලීසා මිනෙත්ති නෙත් අඳ රූමතියකි. එහෙත් තරගය අවසන් වෙන තුරුම ඒ බව දැන සිටියේ තරග සංවිධායකයෝ පමණි. තරග විනිශ්චය ජූරිය පවා ඒ බව දැනගත්තේ පසුවය. ඉතාලි රූ රැජිණ තරග අවස්ථාවේ වේදිකාව මත එහා මෙහා ගමන් කිරීම, අවශ්‍ය ස්ථානවල නිසි ලෙස නතරවීම පමණක් නොව වේදිකාවට පිවිසීම සහ පිටවීම සඳහා වූ දැවැන්ත පඩිපෙළ තරණය කිරීම ද මෙම රූමතිය විසින් කර තිබුණේ ඉතා සියුම් ශ්‍රව්‍ය උපකරණයක් මගින් තිරය පිටුපස සිට කෙනෙකුන් විසින් දෙන ලද නියෝගයන්ට අනුව බව පසුව හෙළි විය. මෙම රූමතිය ඊළඟ වසරේ සන්රේමෝ ඉතාලි මහා සංගීත තරගයෙන් (ආධුනික ගායනා) ප්‍රථම ස්ථානය ද හිමිකර ගත්තාය.
ඉතාලි රූ රැජිණ තරග ඉතිහාසයේ වඩාත්ම මතභේදයට තුඩු දුන්නේ දොමිනිකානු සම්භවයක් ඇති කළු රූමතියක වූ ඩැනී මෙන්ඩ්ස් 1996 දී ඉතාලි රූ රැජිණ කිරුළ හිමිකර ගැනීමය. මෙම රූමතියගේ ශරීර වර්ණය හමුවේ ඉතාලි ජනරජ ව්‍යවස්ථාවේ සම අයිතිවාසිකම් පිළිබඳව විග්රහ කෙරෙන 18 වැනි වගන්තිය බොහෝ දෙනෙකුට අමතකව ගියේය.
ඉතාලි රූ රැජිණ 1996 කිරුළ හිමිකරගත් කළු රූමතිය ඩැනී මෙන්ඩ්ස් සහ ක්යාරා බෝර්දි ඡායාරූපවලින් දැක්වේ.
යටියන ක්ලැරන්ස් කොස්තා
ෂෙසානෝ, රෝමය, ඉතාලිය
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට මිනිස් ජීවිත දහස් ගණනකට මරු කැඳවමින් තවත් ලක්ෂ ගණනක් අසාධ්‍ය තත්ත්වයට පත් කරමින් ලෝකයේ 150 කට අධික රටවලට ව්‍යාප්ත
ඉතාලියේ කොරෝනා වෛරසය ඇති බව පසුගිය පෙබරවාරි මස විසි වැනිදා හෙළිවීමත් සමගම උතුරු ඉතාලියේ මිලානෝ නගරය මූලික කරගත් ලොම්බාර්දියා ප්‍රදේශය ඇතුළු උතුරේ ප්
රෝම නගර සභා සීමාවට අයත් ප්‍රදේශය තුළ නේවාසික විදේශිකයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූදෙදහස් පන්සීයකි. මෙය රෝමයේ මුළු ජනගහණයෙන් 13.4% ක ප්රතිශතයකි. රෝම නගර සභ
මේ වනවිට ලෝකයේ විවිධ රටවල සමහර ප්‍රදේශවල පැතිර යන කොරෝනා නොහොත් කෝවිඩ් 19 ලෙස හඳුන්වන මාරාන්තික වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවද ආක්‍රමණය කොට ඇත්තේය.
මේ වෙනවිට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වයිරසය මැදපෙරදිග රටවලටත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විවිධ මාධ්‍ය සහ තොරතුරු සනාථ කරයි. චීනය මූලික
රෝම අධිරාජ්‍යයට අයත්ව තිබුණු වර්ග කි. මී. හතළිස්හතරලක්ෂයක වපසරියක් වසා පැතිර තිබුණු විජිතයෙන් බදු ලෙස සියල්ල ලබාගනිමින් අධිරාජ්‍යයා සහ පාලක පැලැන්ති
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉතාලි රූ රැජිණ 2018 තරගයේ සැබෑ ජයග්‍රාහිකාව තෙවැනි ස්ථානය හිමිකරගත් පාදයක් අහිමි ක්යාරා