ප්‍රථම ස්ථානය දිනාගත් ප්‍රමානී ලැටීෂියා දියණිය
රෝමය - මිලානෝ - නාපෝලි නගර තුනක සංවිධානය කරන ලද සුපර් ස්ටාර් (SUPERSTAR) සංගීත තරගාවලියේ ඉදිරිපත් කළ එක් අවස්ථාවක් පසුගිය දිනක රෝමයේ සුදත් රෝහණ මහත්මාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, නාපෝලි නගරයේදී පසුගිය 30 වැනි සෙනසුරාදා එම තරගය පැවැත්වුණි. ඒ නාපෝලි නගරයේ වෝ මෙරෝ-සලෙසියා නෝ රංගන ශාලාවේදී. සිඩ්නි ප්‍රනාන්දු මහත්මාගේ ප්‍රධානත්වයෙනි.
මේ සෑම අවස්ථාවකම පළමුවැනි ස්ථානය රෝම පුරවරයට හිමිවීම විශේෂත්වයකි. මෙහි නාපෝලි නගරයේ පැවැත්වුණු තරගාවලිය සඳහා ගී අඹරේ දිදුලන තරුවක් වූ ශෂිකා නිසංසලා සහ ඉඳුනිල් අන්දරමාන ගායන ශිල්පියා ද විනිශ්චය සඳහා පැමිණ සිටියහ.
වයස අවුරුදු දහතුන සිට දාහත (13-17) කාණ්ඩයේ තරගාවලියෙන් පළමුවැනි ස්ථානය රෝමයේ ප්‍රමානී ලාටීශියා දියණිය ලබාගත් අතර, දෙවැනි ස්ථානය නාපෝලියේ ශෙහාන් අරුණ සහ තෙවැනි ස්ථානය පසිඳු මධුසංඛ පුංචි තරුකැට දෙක දිනා ගෙන ඇත.
වයස අවුරුදු 6-12ත් අතර වයස් කාණ්ඩයේ පළමු ස්ථානය ද රෝමයට හිමිවුණු අතර, සනුති මෙලීනා පුංචි තාරකාවිය ඒ වාසනාවන්තියයි. දෙවැනි ස්ථානය නාපෝලි නගරයේ සනුතී වීරසිංහ දියණිය සහ තෙවැනි ස්ථානය දෙනෙත් සෙවුමින නාපෝලි නගරයේ පුංචි තරුවක් ජය ගෙන ඇත.
ගායන අඹරේ අනාගතයේ දිදුලන මේ තරු කැට අපි අගය කරමු. ගායන දක්ෂතා ඇති මේ පුංචි තරු සැඟවී යන්නට ඉඩ නොදී මිණිකැට ලෙස ඔපවත් කරන්නට රෝමයේ යම් මෙහෙවරක යෙදෙන සුදත් රෝහණ මහත්මාට බොහොමත්ම ප්‍රශංසා කළ යුතුය. එමෙන්ම නාපෝලි නගරයේ එම කර්තව්‍යයට උරදුන් සැමට ස්තුති කරමි. මේ පුංචි තරුකැට අනාගතයේ දීප්තිමත්ව දිලේවා යනු අපේ ප්‍රාර්ථනයයි.
ලියාඑව්වේ - ප්‍රේමා කංකානම්ගේ
ඡායාරූප - චමින්ද වීරසිංහ
ලෝකය, පහත රට ශාන්තිකර්මවල යොදාගන්නා දෙකොන විලක්කුවක් සේ ගිනි ඇවිළෙමින් පවතින අවස්ථාවකි මේ. නැගෙනහිර යුරෝපයේ දෙවසරක් පුරා ඇවිළෙන, විසඳුමක සේයාවක්වත්
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට මිනිස් ජීවිත දහස් ගණනකට මරු කැඳවමින් තවත් ලක්ෂ ගණනක් අසාධ්‍ය තත්ත්වයට පත් කරමින් ලෝකයේ 150 කට අධික රටවලට ව්‍යාප්ත
ඉතාලියේ කොරෝනා වෛරසය ඇති බව පසුගිය පෙබරවාරි මස විසි වැනිදා හෙළිවීමත් සමගම උතුරු ඉතාලියේ මිලානෝ නගරය මූලික කරගත් ලොම්බාර්දියා ප්‍රදේශය ඇතුළු උතුරේ ප්
රෝම නගර සභා සීමාවට අයත් ප්‍රදේශය තුළ නේවාසික විදේශිකයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූදෙදහස් පන්සීයකි. මෙය රෝමයේ මුළු ජනගහණයෙන් 13.4% ක ප්‍රතිශතයකි. රෝම නගර සභ
මේ වනවිට ලෝකයේ විවිධ රටවල සමහර ප්‍රදේශවල පැතිර යන කොරෝනා නොහොත් කෝවිඩ් 19 ලෙස හඳුන්වන මාරාන්තික වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවද ආක්‍රමණය කොට ඇත්තේය.
මේ වෙනවිට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වයිරසය මැදපෙරදිග රටවලටත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විවිධ මාධ්‍ය සහ තොරතුරු සනාථ කරයි. චීනය මූලික
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉතාලියේ සුපර් ස්ටාර් ගී තරගාවලියෙන් මතුවූ පුංචි තරු කැට