භූගත නගරයේ දොර අරින්න වතිකානය සූදානම්
කතෝලික සභාව රෝමානු කතෝලික සභාව ය. පල්ලිය රෝමානු කතෝලික පල්ලිය ය. පල්ලිය ආශ්රිත පාසල එවකට රෝමානු කතෝලික පිරිමි පාසල හෝ රෝමානු කතෝලික ගැහැනු පාසල ය. රෝමානු යන මෙම නාම විශේෂණය දුටු පමණින් කෙනකුට හැඟී යන්නේ රෝමානුවන්ගෙන් කතෝලික ආගම පැවැත එන බවකි. නැත්නම් කතෝලික ආගමේ ආරක්ෂකයෝ රෝමානුවෝ බව ය. එහෙත් පස්වැනි සියවස වනතුරු රෝම අධිරාජ්‍යයෝ කතෝලික විරෝධීන් වූහ. ජේසු කුරුසයේ ඇණ ගසා මරා දමන ලද්දේ රෝමවරුන් විසින් ය. ජේසුගේ අගසව් පේදුරුතුමා කුරුසයේ හිස බිමට හරවා අැණ ගසා මරාදැම්මෝ රෝමානුවෝ ම ය. ජේසුගේ තවත් ගෝලයකු වූ පාවුළුතුමා හිස ගසා මරා දැම්මේ ද මේ රෝමයන් විසින් ම ය. ක්‍රි.ව. මුල් සියවස්වලදී රෝම අධිරාජ්‍යවරුන් විසින් කතෝලික ආගම ඇදහීම ජනතාවට මුළුමනින් ම තහනම් කර තිබුණි. කතෝලික ආගම ඇදහීම එවකට මරණීය දණ්ඩනයට යටත් කෙරෙන වරදක් විය.
තහනම යටතේ වුව ද රෝම ජනතාව කතෝලික ආගම ඇදහීමෙන් වළකාලීමට අධිරාජ්‍යයාට නොහැකි විය. පස්වැනි සියවසේ කොන්ස්තන්තීනු රෝම අධිරාජ්‍යයා විසින් කතෝලික ආගම ඇදහීමේ තහනම ඉවත් කරන තුරු, ජනතාව ආගම ඇදැහූවේ රහසිගතව ය. මේ සඳහා රහස් කුටි භූගතව තනාගත්හ. රහස හෙළිවූ තැන සිය ගණනින් අධිරාජ්‍යයාගේ අනින් මැරුම් කෑහ. මෙසේ මැරුම් කෑවෝ ප්‍රාණ පරිත්‍යාගීන් සේ සලකා කතෝලිකයන් විසින් ම භූගතව මිහිදන් කළහ. මොවුන් වෙනුවෙන් පල්ලි ද භූගතව ම තැනුණි. ඒවා ආගමික චිත්රයෙන් සැරසිණි. මළවුන්ගේ විස්තර සහ ගුණ බිත්තිවල ලියන ලදී. වත්පොහොසත් ජනතාව තම පවුලේ සොහොන් භූගතව පවත්වාගෙන ගියහ. එම සොහොන් ගෙවල් චිත්රයෙන් අලංකාර කෙරුණි. මළවුන් සමඟම ඔවුන් විසින් ප්‍රියකරන ලද ආභරණ මෙන්ම වෙනත් භාණ්ඩ ද සොහොන් ගෙය තුළ තැන්පත් කෙරුණි.
පස්වැනි සියවසේ ආගමික නිදහස ලැබීමත් සමඟම කතෝලිකයන් විසින් පවත්වාගෙන යන ලද මෙම භූගත සොහොන් පිටි සහ පල්ලි ද භාවිතය මඳින් මඳ මගහැරී ගියේය. ශත වර්ෂ ගණනකට පසුව යළි මෙම භූගත රෝමය සොයා ගැණුනේ දහනව වැනි සියවස මැද භාගයේ ය.
වර්තමාන රෝම නගරය යට, උක්ත පැරැණි භූගත රෝමය සැතපුම් සිය ගණනකැයි කියති. මෙම භූගත මුළු ප්‍රදේශයම තවමත් මුළුමනින්ම ගවේෂණය කර නැත. පුරාවිද්‍යාත්මක කැණිම්වලදී ද උමං දුම්රිය මාර්ග තැනීම සඳහා කරනු ලබන කැණීම්වලදී ද තවමත් මෙම භූගත රෝමයේ නටබුන් සොයා ගැනේ. දැනට සොයා ගෙන ඇති භූගත සෙහොන් බිම් ප්‍රමාණය හැටකට මඳක් වැඩිය. පල්ලි සහ බැසිලිකා සංඛ්‍යාව ද විශාලය. මේ සියල්ල චිත්රයෙන් අලංකෘත ය. කාලයාගේ ඇවෑමෙන් ඇතැම් තැනක පස කඩාවැටී මේ විභූතිය වැළලී ගොසින් ය. තවත් තැනක මතුපිට, පසුකාලීනව දැවැන්ත ගොඩනැගිලි ඉදිවී ඇත. එම භූගත ප්‍රදේශ අනතුරුදායක ප්‍රදේශ ලෙස සලකා ඇතුළු වීම තහනම් කර ඇත.
මෙතෙක් සොයා ගන්නා ලද භූගත රෝමයේ වැඩි ප්‍රමාණයක් ඉතාලි සංස්කෘතික දේපොළ භාර අමාත්‍යාංශය විසින් සංරක්ෂණය කර සංචාරකයාට දැක ගැනීම සඳහා කටයුතු පිළියෙල කර ඇත. වතිකානයේ මැදහත්වීමෙන් මුල් වරට ඔක්තෝබර් මස දහතුන් වැනිදා දවස පුරා මෙම භූගත රෝමය සංචාරකයාට නොමිලේ දැකබලා ගැනීමේ අවස්ථාව උදාවිය. සෑම මසකම එක් ඉරිදාවක මෙම භූගත නටබුන් නොමිලේ නැරැඹීමේ අවස්ථාව ජනතාවට ලබාදීමට වතිකානය මේ දිනවල ඉතාලි සංස්කෘතික කටයුතු භාර අමාත්‍යාශය සමඟ සාකච්ඡා කරමින් සිටී.
පෞරාණික භූගත රෝමයේ අසිරිය ඡායාරූපවලින් දැක්වේ.
යටියන
ක්ලැරන්ස් කොස්තා.
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට මිනිස් ජීවිත දහස් ගණනකට මරු කැඳවමින් තවත් ලක්ෂ ගණනක් අසාධ්‍ය තත්ත්වයට පත් කරමින් ලෝකයේ 150 කට අධික රටවලට ව්‍යාප්ත
ඉතාලියේ කොරෝනා වෛරසය ඇති බව පසුගිය පෙබරවාරි මස විසි වැනිදා හෙළිවීමත් සමගම උතුරු ඉතාලියේ මිලානෝ නගරය මූලික කරගත් ලොම්බාර්දියා ප්‍රදේශය ඇතුළු උතුරේ ප්
රෝම නගර සභා සීමාවට අයත් ප්‍රදේශය තුළ නේවාසික විදේශිකයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූදෙදහස් පන්සීයකි. මෙය රෝමයේ මුළු ජනගහණයෙන් 13.4% ක ප්රතිශතයකි. රෝම නගර සභ
මේ වනවිට ලෝකයේ විවිධ රටවල සමහර ප්‍රදේශවල පැතිර යන කොරෝනා නොහොත් කෝවිඩ් 19 ලෙස හඳුන්වන මාරාන්තික වෛරසය ප්‍රංශ පාර්ලිමේන්තුවද ආක්‍රමණය කොට ඇත්තේය.
මේ වෙනවිට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වයිරසය මැදපෙරදිග රටවලටත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විවිධ මාධ්‍ය සහ තොරතුරු සනාථ කරයි. චීනය මූලික
රෝම අධිරාජ්‍යයට අයත්ව තිබුණු වර්ග කි. මී. හතළිස්හතරලක්ෂයක වපසරියක් වසා පැතිර තිබුණු විජිතයෙන් බදු ලෙස සියල්ල ලබාගනිමින් අධිරාජ්‍යයා සහ පාලක පැලැන්ති
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ආගම ඇදහීම තහනම් කළ කාලයේ ඉදිවූ යටිබිම්ගත රෝම කතෝලික නගරය මතුවෙයි