IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


හිටපු මන්ත්‍රීවරු 70කට වඩා ඡන්දෙන් පරාදයි

(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 70කට අධික පිරිසක් පරාජයට පත්ව තිබේ. ඒ අතරින් බහුතරය එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ අය වේ.

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් අකිල විරාජ් කාරියවසම්, උප නායක රවි කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරු ඒ අතර වෙති.පාර්ලිමේන්තුව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් ගණනාවක් මෙවර පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබා නොමැත.

මීට අමතරව එක්සත් ජාතික පක්‍ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කර මෙවර සමගි ජන බලවේගයෙන් තරග කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සුජීව සේනසිංහ, පසුගිය පාර්ලිමේන්තුවෙන් මැතිවරණයේදී පරාජයට පත්ව පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් හිමිකරගෙන මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ තිලංග සුමතිපාල, සමඟි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ ඒ.එච්.එම් ෆවුසි, ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ මෙවර එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කළ අර්ජුන රණතුංග, රුවන් විජයවර්ධන, සමගි ජන බලවේගයෙන් තරග කළ එඩ්වඩ් ගුණසේකර, අජිත් මාන්නප්පෙරුම, චතුර සේනාරත්න, ඩුලිප් විජේසේකර, විජිත් විජයමුණි සොයිසා, කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ පාලිත තෙවරප්පෙරුම, මෙවර සමගි ජන බලවේගයෙන් තරග කළ අජිත් පී පෙරේරා, ලක්‍ෂ්මන් විජේමාන්න යන මහත්ම මහත්මීහු ද මෙවර පරාජයට පත්වූහ.

එක්සත් ජාතික පක්‍ෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයට තරග කළ හිටපු මන්ත්‍රිනී අනෝමා ගමගේ මහත්මිය, මහනුවර දිස්ත්‍රික්කයට ගියවර එක්සත් ජාතික පක්‍ෂයෙන් පත්ව මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ආනන්ද අලුත්ගමගේ, සමගි ජන බලවේගයෙන් තරග කළ ලකී ජයවර්ධන, ගියවර එජාපයෙන් පාර්ලිමේන්තුවට පැමිණ මෙවර සමගි ජනබලවේගයෙන් තරග කළ මාතලේ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රීවරුන් වන වසන්ත අළුවිහාරේ, රංජිත් අළුවිහාරේ, එම දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරු ද පරාජයට පත්ව තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්‍ෂයට තරග කළ එම පක්‍ෂයේම හිටපු මන්ත්‍රීවරුන් කේ.කේ පියදාස, කේ. තිලකරාජා යන මහත්වරු ද පරාජයට පත්වූවෝ අතර වෙති. ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු එජාප මන්ත්‍රීවරුන් වන විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, ශ්‍රී.ල.නි.ප හිටපු මන්ත්‍රී පියසේන ගමගේ යන මහත්වරු මෙවර පරාජයට පත්වූයේ සමඟි ජන බලවේගයෙන් තරග කරමිනි. එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කළ වජිර අබේවර්ධන මහතා ද මෙවර පරාජයට පත්ව ඇත.

මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන (හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රී), මනෝජ් සිරිසේන යන මහත්වරුන් ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වීමට ප්‍රමාණවත් මනාප සංඛ්‍යාවක් ලබා නැත.

ජාතික ලැයිතුවෙන් නියෝජනය කළ එජාප මන්ත්‍රිනී අනෝමා ගමගේ මහත්මිය මෙවර අම්පාර දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජයට පත්වූ අතර ගියවර එක්සත් ජාතික පක්‍ෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයට තරග කර ජයගෙන මෙවර කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ දයා ගමගේ මහතා පරාජයට පත්ව ඇත.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ශ්‍රියානි විජේවික්‍රම, පුත්තලම දිස්ත්‍රිකක්යෙන් එක්සත් ජාතික පක්‍ෂයට තරග කළ පාලිත රංගේ බණ්ඩාර, ගියවර එජාපය නියෝජනය කළ හේමන්ත සිසිර කුමාර අබේසේකර, කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කර මෙවර සමඟි ජන බලවේගයෙන් තරග කළ ඉන්දික බණ්ඩාරනායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ තාරනාත් බස්නායක, ටී.බී ඒකනායක යන අය ද පරාජයට පත්ව තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයෙන් තරග කළ චන්ද්‍රානි බණ්ඩාර, චන්දිම ගමගේ, පී. හැරිසන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ වීරකුමාර දිසානායක, එස්.සී මුතුකුමාරණ, බදුල්ල දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගයෙන් තරග කළ රවීන්ද්‍ර සමරවීර, ලක්‍ෂ්මන් සෙනෙවිරත්න, මොණරාගල දිස්ත්‍රික්කයට තරඟ කළ ආනන්ද කුමාරසිරි යන අය ද මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයකට සුදුසුකම් ලැබුවේ නැත.

මොණරාගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තරග කළ පද්ම උදයශාන්ත, සුමේධා ජී ජයසේන, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට තරග කළ සිඞ්නි ජයරත්න, එක්සත් ජාතික පක්‍ෂයෙන් තරඟ කළ නාලක කොලොන්න, රත්නපුර දිස්ත්‍රික්කයට සමඟි ජන බලවේගයෙන් තරග කළ කරුණාරත්න පරණවිතාන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ඒ.ඒ. විජේතුංග යන අය ද පරාජයට පත්ව සිටිති.

කෑගල්ල දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කළ චම්පිකා ප්‍රේමදාස, සමගි ජන බලවේගයෙන් තරග කළ වෛද්‍ය තුසිතා විජේමාන්න, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට තරග කළ සුසන්ත පුංචිනිළමේ යන හිටපු මන්ත්‍රීවරු ද මෙවර අඩු මනාප සංඛ්‍යාවක් ලබා තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ වෛද්‍ය නලින්ද ජයතිස්ස, හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කළ නිහාල් ගලප්පත්ති, ගියවර ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ලබාගත් සුනිල් හඳුන්නෙත්ති මහතා ද මෙවර පරාජයට පත්ව ඇත.

යාපනය දිස්ත්‍රික් හිටපු එජාප මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ අතර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ හිටපු යාපනය දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන ඊ. සරවනපවන්, මාවෙයි සේවාධිරාජා, වන්නි දිස්ත්‍රික් හිටපු දෙ.ජා.සං මන්ත්‍රීන් වන එස්. සිවමෝහන්, ශිවශක්ති ආනන්දන්, දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී කවීන්ද්‍රන් කෝඩීෂ්වරන් යන අය ද පරාජයට පත්ව ඇත.



අදහස් (34)

හිටපු මන්ත්‍රීවරු 70කට වඩා ඡන්දෙන් පරාදයි

namal Friday, 07 August 2020 08:47 AM

ජනතාව පරාද කළ අයට ජාතික ලැයිස්තුවෙන් දෙන්න එපා.

:       3       293

kamalFriday, 07 August 2020 09:55 AM

නිමල් මහත්තයෝ... එහෙනම් ජාතික ලැයිස්තුවක් තියෙන්නේ මොකටද? පත්කරන්න ඔක්කොම පැරදුණු අයව පත්කරන්න.

:       249       4

sendeFriday, 07 August 2020 09:59 AM

ජනතාව දිනවපු අය නම් සුපිරියි...

:       5       146

thilakFriday, 07 August 2020 04:53 PM

ඒ ගැන නම් මොකට කියනවද? අර රත්නපුරේ එල්ලුම් ගස් යන්නට නියම වුණු කෙනෙක් මනාප වලින් දෙවෙනියට ඇවිල්ලා තියෙන්නේ.

:       6       165

රංග Friday, 07 August 2020 09:13 AM

බිමල් රත්නායක පරදින්නේ කොහොමද? මෙවර ඔහේ තරග කලේ නැහැනේ.. ඔහු මෙවර නියෝජනය කලේ ජාතික ලැයිස්තුව නොවේද?

:       1       53

විජිත් Friday, 07 August 2020 09:30 AM

සුනිල් හඳුන්නෙත්ති කියන "අවංක" මිනිසාට අත්වූ අවාසනාවන්ත ඉරණම ගැන මම පුදුම වෙන්නේ නැහැ. ඒ කාලයේ මාතර පැත්තේ හිටියයි කියන්නේ රටට ආදරේ කරන රුහුණු පුත්තුලු. එ්ත් අද ඒ රුහුණු පුත්තු වෙනුවට මාතර සිටින බයියන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වන්නට බැහැ. අනිත් දේශපාලුවන්ගේ පරාජයන් ගැන මට අබමල් රේණුවකවත් දුකක්, කණගාටුවක් නැහැ.

:       1503       3685

දේසප්‍රේමියා Friday, 07 August 2020 09:41 AM

පක්ෂයේ නායකකම බදාගෙන පිස්සු කරපු රනිල්ට, සජිත්ට මඩ ගහපු රවීට... අලියාගෙන් ඉල්ලපු අයටත් හොඳ වැඩේ වුනේ... කිසිම සමගියක් නැතිකම තණ්හාව නායකකමට කුලල්කා ගැනීම මිසක් වෙන මොනවද කෙරුවේ..?

:       2       420

pradeepa Friday, 07 August 2020 09:47 AM

හඳුන්නෙත්ති ඔබ සිටිය යුතුමයි. ගියවර ඔබ ලොකු සේවයක් කළා. ජනතාව වශයෙන් අපි දුක් වෙනවා ඔබ වැනි අශ්වයෙක් නැතිව බූරුවන් ගොඩක් පාර්ලිමේන්තුවට යැවීම ගැන.

:       1224       1829

ThiSanFriday, 07 August 2020 10:41 AM

හාමුදුරුවන්ගේ දාන වේල... මේ අයගේ බඩගෝස්තරේට සමානකළ ව්‍යාපාර කළමණාකාර උපාධිදාරියා..

:       470       135

Dammika perera Friday, 07 August 2020 10:15 AM

එක මන්ත්‍රී ධුරයක් විතරක් තියන පක්ෂයකට විශාල පක්ෂ කාර්යාලයක් ඕනේ නැහැනේ..., සිරිකොත මන්දිරය විකුණනවා නම් කියන්න මම ගන්න කැමතියි.

:       2       211

Pradeep Friday, 07 August 2020 11:24 AM

හඳුන්නෙත්ති මහතාට වුනේ හොඳ නායකයෙක් එම පක්ෂයේ නොසිටීමයි. හරියට හිවල් රැලක සිටි සිංහයෙක් වගේ.. පොහොට්ටුවට වුනේ ඒකෙ අනිත් පැත්ත. සිංහ නායකයෙක් සමග සිටි හිවලුන් පවා ගොඩගියා. කණගාටුයි සහෝදරයා.. ඔබ නොමැති පාර්ලිමේන්තුවක් කුමකටද?

:       493       635

kamalSaturday, 08 August 2020 08:20 AM

ජේ.ආර්. සිරිකොත හැදුවේ ජවිපෙ එකේ ඉඩමේ කියලා නොදන්නේ අද ඉපදුණු නොදරුවෝ විතරයි නේද?

:       1       11

BamunuarachchiSunday, 09 August 2020 11:39 AM

හලෝ ඔයටික දන්නේ අදද? හිවල් නායකයෙක් යටතේ සිංහයින්ට දිනන්න බැහැ. නමුත් සිංහ නායකත්වය යටතේ හිවලුන්ටත් යුද්ධය දිනන්න පුළුවන්. එහෙම නම් සිංහ නායකත්වය යටතේ සිංහයෝ කොහොම හිටීද? අපි අවුරුදු 30ක යුද්ධය පැරදුණේ නියකයෝ මිදි තිත්තයි කීව අය නිසයි. යුද්ධය සහ ඡන්දය දිනුවේ සිංහයෙක්, නායකයෙක් වීම නිසයි.

:       0       0

කැලුම් Friday, 07 August 2020 11:35 AM

විමල් වීරවංශ, රාජිත සේනාරත්න, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන වගේ ලෝකහොරු හැමදාම ඇතුලේ...

:       136       2710

anura nirodayana Friday, 07 August 2020 12:23 PM

ඔබගේ හැඳින්වීම ඔබගේ විශ්වාසයයි. එය වුණත් රාජිත හැර අනෙක් අය ජනතාව සමග සමීපව සිටිනවා.. රාජිත ජයගත්තේ මුස්ලිම් ජනතාව වෙනුවෙන්ම කතාකරන නිසා... එම ඡන්ද වලින්ය...

:       0       0

ලක්‍ෂ්මන් Friday, 07 August 2020 11:55 AM

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සුනිල් හඳුන්නෙත්ති මහතාට දෙන්න ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරන මහත්මයෙක්...

:       69       181

කුමා Friday, 07 August 2020 11:58 AM

පක්ෂය පැත්තකට දමා පුද්ගලයා ගැන සලකා බලන්නේ නම් නිපුණ රණවක වැනි ලාබාලයින්ට වඩා හඳුන්නෙත්තිගේ බොහෝ පරිපූරණතා රැසක්ම පෙනෙනවා. ජවිපේ ලේබලයට මමත් අකමැති බව ඇත්ත. ඒත් කිසිවිටකත් හඳුන් වැනි දේශපාලකයකු පාර්ලිමේන්තුවේ දැකලා නෑ. මම මාතර වූවා නම් හඳුන්ට ගෙදර යන්නට පාර පෙන්වන්නේ නැහැ. මට පුදුම නෑ මාතර වැනි දකුණේ බුද්ධිමත් ජනතාව අතින් මේ තරම් හානියක් රටට සිදුකළේ ඇයි කියා. මතක නම් කන්නන්ගර මහත්මයා ඊළඟ වතාවේ ගෙදර ඇරියා. හැබැයි අප නිදහස් අධ්‍යාපනයේ නියමුවාණන් ලෙස ඔහුටමයි වඳින්නේ. ඔබ මගේ අදහසට විරුද්ධ නම් මා එයට ගරු කරනවා. ඒත් එක්කම හඳුන් වෙනුවට ඔබේ ආදේශයද සඳහන් කරන්න කියා ඉල්ලා සිටිනවා.

:       10       1420

SLSaturday, 08 August 2020 03:30 AM

හඳුන්නෙත්ති පැරදුනේ ජවිපෙ ක්‍රියාකාරකම් නිසා. ජවිපෙ යනු තවදුරටත් රටේ සියලුම ජනතාවට හිතැති පක්ෂයක් නොවේ. NGO කල්ලියකි. මෑතකදී විජිත හේරත් පිට රටක දී කළ පදනමක් නැති ප්‍රකාශ, බිමල් ගේ ප්‍රකාශ, අනුර කුමාරගේ දෙබිඩි පිලිවෙත, UNPයෙන් මුදල් ලබා ගැනීම් පිළිබඳ පුවත් පරාජයට පාර කැපුවා..

:       138       340

BamunuarachchiSunday, 09 August 2020 11:32 AM

මිනිස්සුන්ට හඳුන්නෙත්තිට වඩා රාජිත, රංජන්, ෆොන්සේකා, එස්.බී., හොඳයි... අනේ මෙහෙම ලෝකයක්...

:       0       0

Ramendra Friday, 07 August 2020 12:31 PM

රටේ පුරවැසියන්ට වඩා යටත්වැසියන් වැඩි බව මෙම මැතිවරණය තුළදී පෙනෙන්නට ඇත.

:       0       0

Suranga Friday, 07 August 2020 12:51 PM

අනේ සාදු... ලංකාවට යහපාලනයක්ම වේවා මේපාරවත්...

:       0       0

Champa Friday, 07 August 2020 01:02 PM

මේකට තව 30ක් විතර එකතු විය යුතුව තිබුණා. මේ 70 දෙනා ගැන නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මන්ත්‍රීවරු දෙන්නෙක් ඉන්නවා. පාට පක්ෂ භේදයක් නැතුව කතාකළ යුතුමයි. ඒ පොහොට්ටුවේ නිරෝෂාන් ප්‍රේමරත්න සහ එජාපෙ පාලිත තෙවරප්පෙරුම. කළුතර මනාප ඡන්ද ප්‍රතිඵලය ඉතාම සැක සහිතයි. පැහැදිලිවම වංචාවක් වෙලා තියෙනවා. කොරෝනා වෙලාවේ බඩගින්නේ හිටපු කළුතර ජනතාවට කන්න දුන්නු පාලිතව මිනිස්සු ගෙදර යවයි කියලා කීයටවත් විශ්වාස කරන්න බැහැ. රාජිත වගේ කෙනෙක් පාර්ලිමේන්තු ඇවිල්ලා පාලිත ගෙදර යන්න විදිහක් නැහැ. මෙතන හොර වැඩක් වෙලා තියෙනවා. අනිත් එක නිරෝෂාන් ප්‍රේමරත්න. නිරෝෂාන් සහ පාලිත එකට ඉන්න උත්සවයක් දැකලා මට හිතුණා මොකක් හරි යටින් වැඩක් තියෙනවා කියලා. නිරෝෂාන් සහ පාලිත අන්තිම මොහොතේ කාගේ හරි උගුලකට හව්වෙලා තමන්ව පරද්දවන එක උගුලක් නෙමෙයි කියලා පෙන්වන හේතුවක් හදලා දුන්නා. නිරෝෂාන්ව අයින් කරන්න ඇත්තේ නිපුනට තැනක් දෙන්න. 2015 මහින්දව පාවා දුන් ද්‍රෝහියෝ අද මහින්දගේ පිහිටෙන් පාර්ලිමේන්තු යත්දී, 2015 මහින්ද වෙනුවෙන් කතා කරපු නිරෝෂාන්ව මනාප වෙනස් කරලා ගෙදර යවපු එක අසාධාරණයි. මේ දෙන්නම ලැයිස්තුවෙන් හරි පාර්ලිමේන්තු යන්න ඕනේ...

:       0       0

de silva Friday, 07 August 2020 01:50 PM

දුප්පත් පවුලකින් පැමිණි නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනී සිටි හදුන්නෙත්ති වැනි කෙනෙකු පාර්ලිමේන්තු නොයවා මිනිස්සු කුහක වී ඇත.

:       0       0

sampath Friday, 07 August 2020 04:58 PM

මාතර මිනිස්සු හොඳ පාඩමක් උගන්වලා තියෙන්නේ ප්‍රතිපත්තිවලටයි... පුද්ගලයාට නොවේ. අවශ්‍ය නම් ජාතික ලැයිස්තුවෙන් ගියපාර වගේ දාන්න ඇත්තටම නායකයන් ඉවත් වීමට කාලය හරි. නැතිනම් ජනතාව ඉවත්වෙන එකයි අලුත්ම කලාව... අද ශ්‍රී ලංකා එකට, එජාපයට දීපු උත්තරේ එකයි. තව දුරටත් පක්ෂ දේශපාලනයේ ජනතාව නැහැ. රටම පාවෙන ඡන්ද බවට පත්වෙමින් ඉන්නේ.. සියලු දෙනාම ඒක හොඳට හිතේ තියාගන්න.

:       0       77

Nishan Friday, 07 August 2020 11:32 PM

රටේ බහුතරයක් ජනතාව දැඩි අපේක්ෂා භංගත්වයෙන් පෙලෙන නිසයි දිනන පැත්තට ඡන්දය දීලා “මම ඡන්දේ දීපු පක්ෂය දිනුවා. මට ඒකට හරි සතුටුයි“ කියන ජයග්‍රාහී හැඟීම හරි ලබලා තාවකාලික හරි සතුටක් ලබන්න උත්සාහ කලේ...

:       41       101

සමන් ඕස්ට්‍රේලියාව Saturday, 08 August 2020 12:16 AM

අැයි මතක නැද්ද? කොරෝනා පාලනය කරන්න කේරලය දිහා බලන්න කිව්වා. කරපු එක හොඳ වැඩක් අගය කලේ නැහැ. ජනතාව උත්තරය දීලා තියෙනවා. එ්ක පිළිගත යුතුයි. අද බලන්න කේරලය රෝගීන් 31,700යි.. මරණ 102යි.

:       39       97

Kuma Saturday, 08 August 2020 02:54 PM

බෝම්බ පුපුරවන්නට, පක්ෂ බිමට සමතලා කරන්න මුල් වූයේ කවුද? ඒ විහිළුකාරයා මීට වඩා හොඳ වෙන්නේ කොහොමද?

:       0       0

mangala Saturday, 08 August 2020 12:21 AM

අයියෝ රාජිතත් ඇතුලේ...

:       1       121

rihan Saturday, 08 August 2020 03:48 AM

ඔය ලැයිස්තුවේ සමහර අයට හේතුව පැන්න අය වීමයි. දැන් ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්නයි තියෙන්නේ.

:       0       13

නුවන් කෝනර Saturday, 08 August 2020 05:27 AM

හඳුන්නෙත්ති වෙනුවට නිපුණ රණවක කොච්චර හොඳයිද?

:       386       136

jaboss Saturday, 08 August 2020 10:22 AM

තොටළඟ පාලම යටට ගෙනැල්ලා වෙඩිතියලා දාන්නයි තියෙන්නේ... මෙලෝ ප්‍රයෝජනයක් නැති ජාතියක්...

:       0       0

Bamunuarachchi Saturday, 08 August 2020 12:41 PM

හොඳ ප්‍රවණතාවයක්...

:       0       4

Nihal Saturday, 08 August 2020 02:56 PM

මහනුවර අයට නම් මේ කපේට හොරුන්ගෙන් නිදහස් වෙන්න බෑ.

:       0       172

Bamunurachchi Sunday, 09 August 2020 11:30 AM

රංජන්, ෆොන්සේකා, රාජිත කොහොමද ඉතුරු වුණේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නව හැවිරිදි දරුවා ළිදට බිලි
2024 අප්‍රේල් මස 16 49 0

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.


දවසේ කාලගුණ
2024 අප්‍රේල් මස 16 75 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 3099 0

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


ඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයි
2024 අප්‍රේල් මස 15 1505 0

ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.


අගරදගුරු මාරි තුමන්ට සිඩ්නි නුවරදී පිහි පහරක්
2024 අප්‍රේල් මස 15 2885 0

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේ දේව මෙහෙයක් පවත්වන අතරතුරදී අගරදගුරු මාරි එමානුවෙල් පිහි ඇනුමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා


ව්‍යාපාරික යුවළක් පැවිදි වෙන්න කෝටි 700ක් දන් දෙයි
2024 අප්‍රේල් මස 15 7270 0

ඉන්දියාවේ ගුජරාත්‍ ප්‍රාන්තයේ ව්‍යාපාරික යුවළක් වන භාවේෂ් භාණ්ඩාරි සහ ඔහුගේ බිරිඳ පැවිදි දිවියට එළඹීම සඳහා ඉන්දීය රුපියල් කෝටි දෙසීයක (ශ්‍රී ලංකා රු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 133 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1402 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site