(ඩයනා උදයංගනී)
මහ මැතිවරණ ඡන්ද විමසීම සාමකාමී අයුරින් පැවැත්වුණු බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
බරපතල ගණයේ ප්රචණ්ඩ ක්‍රියා කිසිවක් මෙවර මහ මැතිවරණයේ දී වාර්තා නොවූ බව එම නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය නොහොත් පැෆරල් සංවිධානය මෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා වූ ජනතා ව්‍යාපාරය නොහොත් කැෆේ සංවිධානය ද පවසයි.
පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඡන්ද විමසීම සමස්තයක් ලෙස සාමකාමී වුවත් ඡන්ද විමසීම සිදුකෙරුණු අද (5) පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා කාලයේ දී මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ද 147 ක් ලැබී ඇති බවයි.
මින් පැමිණිලි 101 ක් සත්‍ය ඒවා බවට තහවුරු කරගෙන ඇති අතර 46ක් මෙතෙක් තහවුරු කර නැතැයි ද රෝහණ හෙට්ටිආරච්චි මහතා කීවේය.
තහවුරු කළ පැමිණිලි අතුරින් පැමිණිලි 6ක් බරපතල මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාවන් යටතට ගැනෙන පැමිණිලි වන අතර පැමිණිලි 95ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙනි.
ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ නීති විරෝධී ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 60කි. එයින් ද පැමිණිලි 47ක් තහවුරු කරගෙන ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂවරයා කීවේය.
එමෙන්ම ඡන්ද දායකයන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 33ක් ලැබී ඇති අතර ඉන් 21ක් තහවුරු කර තිබේ. බරපතල ප්රචණ්ඩ ක්‍රියාවන් ලෙස ගිනි අවි භාවිතා කර තර්ජනය කිරීමේ සිද්ධියක්, නිශ්චල දේපල හානි කිරීමේ සිද්ධියක්, චංචල දේපල හානි කිරීමේ සිද්ධියක්, තර්ජනය කර බියවැද්දීමේ සිද්ධි දෙකක් හා දේශපාලන පක්ෂ කාර්යාල හානි කිරීමේ සිද්ධියක් වාර්තා වී ඇතැයි ද ඔහු කීවේය.
සමස්ත මැතිවරණ කාලය තුළදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් පිළිබඳ පැමිණිලි 2,300 ක් පමණ ලැබුණු බව කී ඒ මහතා නිහඬ කාලයේදී ද පැමිණිලි 200ක් පමණ ලැබුණු බව කීවේය.
කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ මනාස් මකීන් මහතා ද පැවසුවේ මැතිවරණය සමස්තයක් ලෙස සාමාකාමී බවයි.
මහමැතිවරණ ඡන්ද විමසීම පැවති කාලයේදී මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 117 ක් ලැබී ඇති බව ද ඔහු කීවේය.
මේ අතරින් වැඩිම ප්‍රමාණය මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබදව බව වන අතර එම දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අක්කරපත්තු,
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මැතිවරණය සාමකාමී බව නිරීක්ෂකයෝ කියති
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 06 August 2020 03:05 AM
ඕනෑම නරක දෙයක හොඳ පැත්තකුත් ඇත යනුවෙන් කියමනක් ඇත. කොරෝනා නරක වුණත්, ඒ වෙනුවෙන් බොහෝ නීතිරීති සම්පාදනය වුණා. මෙය මැතිවරණයටත් රටේ ජනතාවටත් පුදුමාකාර විදිහට බලපෑම් ඇතිකළ බව හැමෝම දන්නා කරුණක්. කොරෝනා නොවන්නට මේ රටේ මිනිසුන් ඡන්දයක් අවසානයේදී ගහ මරා ගන්නා හැටි අප දන්නවානේ. මේ පාර මේ කොරෝනා තත්ත්වය නිසා නීති රීති දැඩි වුණා. ඒ නිසා මේ තරමින් වැඩේ බේරුණා.