IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප්ට නගන චෝදනා

 

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පිළිබඳ ඉතා රහසි ගත තොරතුරු රුසියානු විදේශ ඇමතිවරයාට හෙළි කර ඇතැයි ඇමරිකානු මාධ්‍යය වාර්තා කරයි. ඇමරිකාව සමග රහස් තොරතුරු බෙදා ගන්නා වෙනත් පාර්ශ්වයක් විසින් ලබා දෙන ලද එම තොරතුරු වෙනත් කිසිදු පාර්ශ්වයක් සමග හුවමාරු කරගැනීමට එක්සත් ජනපදයට අවසර දී නොතිබුණු බව ද වොෂිංටන් පොස්ට් පුවත්පත පවසයි.

ගුවන් යානා තුළ ලැප්ටොප් පරිගණක භාවිත කිරීම හා සම්බන්ධ රහස් තොරතුරු එසේ රුසියාවට ලබා දී ඇති බව පුවත්පත එල්ල කරන චෝදනාවය. ඇමරිකානු ජනාධිපතිවරයා සහ රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගේයි ලව්රොෆ් පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපති කාර්යාලයේදී හමු වූහ. එහිදී රුසියාවට රහස් තොරතුරු ලබා දුන් බවට පළවන වාර්තා බැහැර කරන ජාතික ආරක්ෂක උපදේශක එච්. ආර්. මැක් මාස්ටර් විසින් එය හඳුන්වනු ලැබුවේ”‍ අසත්‍ය පුවතක්”‍ ලෙසය.


ජනාධිපතිවරණ සමයේ ට්‍රම්ප් ප්‍රචාරණ ව්‍යපාරය රුසියාව හා සබඳතා පවත්වා ඇති බවට චෝදනා එල්ල වන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් පවතී. එම චෝදනා ප්‍රතික්ෂේප කරන ජනාධිපති ට්‍රම්ප් විසින් එම වාර්තා හඳුන්වනු ලැබුවේ “අසත්‍ය පුවත්”‍ ලෙසය.


සිය ප්‍රතිවාදියා වූ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් රටේ ආරක්ෂාව හා සම්බන්ධ සංවේදී කරුණු පිළිබඳව කටයුතු කළ ආකාරය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළදී ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට ලක්විය. පැවති ඔබාමා පාලනය යටතේ 2009 - 2013 කාලය තුළ ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්ලින්ටන් රාජ්‍ය කටයුතු සඳහා සිය පෞද්ගලික ඊමේල් ගිණුම භාවිත කොට ඇති බවට චෝදනා එල්ල වේ


ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් කිරීම සඳහා හැකරුන් යොදා ගත් බවට එල්ල කරන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරයි.
රුසියානු ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු වන දිමිත්‍රි පෙස්කොෆ් කියා සිටියේ මොස්කව් පාලනය එම චෝදනාව ඕනෑවටත් වඩා අසා ඇති බවය. ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඩොනල්ඞ් ට්‍රම්ප්ට වාසි සහගතවන අයුරින් හැසිරවීම සඳහා වෙබ් අඩවිවලට රහසින් ඇතුළු වූ රුසියානු හැකරුන් උත්සාහ කොට ඇති බව සඳහන් කරමින් ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවය (ක්‍ෂ්) පසුගිය න්‍්භඹ්ඍශ වාර්තාවක් නිකුත් කළේය


රුසියාවට චෝදනා කරමින් බුද්ධි අංශ විසින් නිකුත් කරන ලද එම වාර්තාව ‘පදනම් විරහිත’ වාර්තාවක් බවයි, දිමිත්‍රි පෙස්කොෆ් පවසන්නේ ඇමරිකානු ජනාධිපති ධුරය සඳහා තේරී පත් වී සිටින ඩොනල්ඞ් ට්‍රම්ප් වෙත සිකුරාදා බුද්ධි අංශ වාර්තාව ලබා දීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් රුසියාවේ නිල ප්‍රතිචාරය පළ වූ පළමු අවස්ථාව මෙය බවයි.


ජනාධිපතිවරණයේදී ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන්ට අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය කිරීම සහ ජනාධිපතිවරණයට බලපෑම් කිරීමේ අරමුණින් ඩිමොක්‍රටික් පක්ෂ ඊමේල් ගිණුම් තුළට රහසින් ඇතුළු වන ලෙස රුසියානු ජනාධිපති ව්ලදිමීර් පූටින් නියෝග කර ඇති බවට බුද්ධි අංශ වාර්තාවෙන් චෝදනා කොට තිබේ. 


ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී තමන්ට රුසියාවේ සහාය ලැබුණු බව සඳහන් කරමින් ඇමරිකානු මධ්‍ය‍ම රහස් ඔත්තු සේවය (ක්‍ෂ්) නිකුත් කළ නිරීක්ෂණ වාර්තාව ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි. ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඩොනල්ඞ් ට්‍රම්ප්ට වාසි සහගතවන අයුරින් හැසිරවීම සඳහා වෙබ් අඩවිවලට රහසින් ඇතුළු වූ රුසියානු හැකරුන් උත්සාහ කොට ඇති බව ක්‍ෂ් ආයතනය සිකුරාදා නිරීක්ෂණ වාර්තාවක් නිකුත් කරමින් පැවසීය. 


එහෙත් ජනාධිපතිවරණයෙන් ලද දැවැන්ත පරාජය දරාගත නොහැකිව ඩිමොක්‍රටික් පක්ෂය මෙවැනි වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බව, රිපබ්ලිකන් පක්ෂයෙන් තරග කළ ඩොනල්ඞ් ට්‍රම්ප්, ෆොක්ස් පුවත් සේවය වෙත අදහස් දක්වමින් චෝදනා කළේය. රුසියානු බලධාරීහු එම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරති.

තිළිණි ද සිල්වා



අදහස් (0)

ට්‍රම්ප්ට නගන චෝදනා

ඔබේ අදහස් එවන්න

Foreign

පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ
2023 නොවැම්බර් මස 14 3069 1

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත


ඉන්දියාව කුල්මත් කළ මිසයිල මිනිසා
2020 මාර්තු මස 28 12654 3

මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 826 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 758 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


මරණ දඬුවමෙන් ජීවිතය දිනූ පකිස්තානයේ ඒසියා බිබී
2020 මාර්තු මස 28 414 0

කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට


මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්
2020 මාර්තු මස 28 567 0

රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැ‍ගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site