IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කෙටිම කලක් රට කළ තරුණ නායකයා සෙබස්තියන් කුර්ස්

ලොව එදා මෙදා තුර කෙටි කලක් බලයේ සිටි රාජ්‍ය නායකයින් අතරේ ඔහුට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. රටේ නායකත්වය හිමිවූයේ දෙවසරකට වඩා අඩුවෙන් වුවද ඔහු ගැන ලෝකයාම කතාවන්නට වූයේ එදා මෙදා තුර බිහිවූ ළාබාලම නායකයා ලෙසිනි. විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයකදී ඉකුත් මැයි 28 වැනිදා ඔස්ටි්‍රයාවේ චාන්සලර් ධුරයෙන් සෙබස්තියන් කුර්ස් ඉවත් කරන විට වසය 33 ක් විය. ඔහු බලයට පත්වන විට වයස අවුරුදු 31 ක් විය.


ඔහුගේ පූර්වගාමියා වූ අන්ත දක්ෂිණාංශික නිදහස් පක්ෂය (එෆ්.පී.) සහ විපක්ෂයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීහු (එස්.පී.) විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වූහ. රහසිගත වීඩියෝවක් හේතුවෙන් සන්ධානය අවසන් වූ අතර කුර්ස් දේශපාලන අපකීර්තියකට පැටලී සිටියේය. ඔස්ටි්‍රයාවේ ජනාධිපති නියෝජ්‍ය චාන්ස්ලර් හාර්ට්විග් ලෙගර්ගේ නායකත්වයෙන් යුත් අතුරු රජයක් පත් කළේය.


එසේ ඉවත් කළා වුවද ලබන සැප්තැම්බරයේ ඔස්ටි්‍රයාවේ පැවැත්වෙන මහමැතිවරණයේදී මීළඟ නායකත්වය බොහෝදුරට ඔහුට ලැබෙනු ඇතැයි මත පළවේ. 2017 දෙසැම්බර් 18 වැනිදා සෙබස්තියන් කුර්ස් ඕස්ටි්‍රයාවේ චාන්ස්ලර්වරයා ලෙස පත්වූයේ ලොව ළාබාලතම රාජ්‍ය නායකයා ලෙසිනි. ඔස්ටි්‍රයාවේ මීළඟ රාජ්‍ය නායකයා වීමේ සිහිනය සෙබස්තියන් කුර්ස් වෙත රැගෙන ආවේ 2017 වසරේදී එරට පැවැති මහ මැතිවරණයේ ප්‍රතිඵලයයි. එහෙත් එය විකෘති ඡන්ද ප්‍රතිඵලයකි.


මධ්‍යස්ථ මතධාරී මහජන පක්ෂයට නායකත්වය දෙමින් සිය ඡන්ද ව්‍යාපාරය රැගෙන ගිය සෙබස්තියන් කුර්ස් අවසානයේදී සෙසු සියලු පක්ෂවල අපේක්ෂකයන් අභිභවමින් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 31ක් පමණ හිමිකර ගත්තේය. ඒ අනුව ආසන 183කින් සමන්විත ඔස්ටි්‍රයා පාර්ලිමේන්තුවෙන් ආසන 61ක් ලබාගෙන හෙතෙම සියලු අපේක්ෂකයන්ට වඩා ඉදිරියෙන් පසු වන බැව් ප්‍රකාශයට පත් කරන ලදී. තිස්එක් හැවිරිදි සෙබස්තියන් කුර්ස් නායකත්වය දුන් මහජන පක්ෂයට දෙවැනි වූයේ බොහෝ දෙනකු බලාපොරොත්තු තබා තිබූ නිදහස් පක්ෂයයි. නිදහස් පක්ෂයට ලබාගත හැකි වූයේ සියයට 27.4ක පමණ ඡන්ද ප්‍රමාණයකි. තෙවැනි තැනට පත්, වත්මන් චාන්සලර් ක්‍රිස්ටියන් කෙරන්ගේ සමාජීය ප්‍රජාන්ත්‍රවාදී පක්ෂයට ලබාගත හැකි වූයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 26.7ක් පමණි. 


1986 වසරේ අගෝස්තු මස 27 වැනිදා ඔස්ටි්‍රයාවේ වියානා නුවරදී උපත ලද සෙබස්තියන් කුර්ස්, කුර්ස් පවුලේ එකම දරුවා බැව් සඳහන් වේ. ඉංජිනේරුවකු ලෙස සේවය කළ පියාත් ගුරුවරියක ලෙස සේවය කළ මවත් සමඟ හැදුණු වැඩුණු සෙබස්තියන් පාසල් අධ්‍යාපනයෙන් පසු වැඩිදුර අධ්‍යාපනයට පිවිසියේ නැත. නීති උපාධියක් ලබාගැනීමට වියානා විශ්වවිද්‍යාලයට වරක් ඇතුළු වුණු සෙබස්තියන් එම අධ්‍යාපන කටයුතු පවා අතරමග නවතා දැමුවේ දේශපාලනයට පිවිසීමට තිබූ දැඩි කැමැත්ත නිසයි. මේ හේතුවෙන් සෙබස්තියන්ගේ ජීවිතයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඈත් වී ගියේය.


සෙබස්තියන් සිය දේශපාලන දිවියේ සැලකිය යුතු තරමේ තනතුරකට ළඟා වූයේ ඔහුට වයස අවුරුදු 23ක් පමණ වනවිට දීය. ඒ, හෙතෙම ඔස්ටි්‍රයා මහජන පක්ෂයේ තරුණ සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත්වීමත් සමඟය. 2010 - 2011 අතර කාල පරිච්ඡේදයේ දී මේ තරුණ නායකයා වියානා නගර කවුන්සිලයෙහි මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ බව දැක්වේ. ඒ සමඟම සෙබස්තියන්ට තවත් ඉහළ තානාන්තරයකට පය තබන්නට ඉඩ සැලසුනි. සෙබස්තියන් කුර්ස්ට ලැබුණු නව තනතුර වූයේ ඒකාබද්ධතාව සඳහා වූ රාජ්‍ය ලේකම් ධුරයයි. එවකට එම තනතුර අලුතින් ස්ථාපනය කරනු ලැබුණේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයෙහි එක් අංශයක් ලෙසිනි. මෙම තනතුර හරහා සිය දේශපාලන ස්ථාවරය තවදුරටත් සකසා ගත් සෙබස්තියන් නැවත පිම්මක් පනින්නේ 2013 වසරෙහි පැවැති මහා මැතිවරණයෙන් මන්ත්‍රී ධුරයක් හිමිකර ගනිමිනි. ඒ අවධියේදී ඔස්ටි්‍රයා රජයේ සිටි ළාබාලතම මන්ත්‍රීවරයා වූයේ සෙබස්තියන්ය. ඔහුගේ දේශපාලන දිවිය එතැනින් එහාට වර්ධනය වන්නේ ලොව ළාබාලතම විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමඟයි.


ඔස්ටි්‍රයාව යුරෝපා සංගමයේ සාමාජික රාජ්‍යයකි. එනිසා ඔස්ටි්‍රයාවේ ස්ථාවරය පැහැදිලි කරනු වස් යුරෝපා සංගම් ප්‍රධානීන් සමග මෙන්ම ලොව විවිධ තරාතිරමේ දේශපාලන නායකයන් සමඟ කරට කර සිටින්නට මේ ළාබලම විදේශ කටයුතු අමාත්‍යවරයාට සිදු විය. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලදීත්, යුක්රේන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා පැවැති එකඟතාවලදීත්, යුරෝපයට ගලා එන සංක්‍රමණිකයන් පිළිබඳ ගැටලුවක් විසඳා ගැනීමටත්  ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය සහ එක්සත් රාජධානිය යන රාජ්‍යවල ඉහළ පෙළේ දේශපාලන නායකයින් සමඟ න්‍යෂ්ටික ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නටත් ඇතැම් අවස්ථාවලදී ගිවිසුම්වලට එළඹීමටත් සෙබස්තියන්ට ඉඩ ලැබෙනු ඇත. 


යුරෝපාකරයට සරණාගතයන් ඇතුළුවීම නතර කිරීම සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක පසු වුණු සෙබස්තියන් එය ප්‍රායෝගික යථාර්ථයක් කරගැනීමට දිගින් දිගටම වෙහෙසුණි. යුරෝපයට සරණාගතයන් ඇතුළුවන බෝල්කන් මාර්ගය වසා දමන්නට හෙතෙම දායකත්වය දුන්නේය. සිය රටට සරණාගතයන් ඇතුළු වන්නේ නම් ඒ කිසිවකුට වසර පහක් යනතුරු රජයෙන් කිසිඳු ප්‍රතිලාභයක් ලබන්නට අවසරයක් නොමැති බව කිසිඳු පැකිළීමකින් තොරව සෙබස්තියන් ප්‍රකාශයට පත් කිරීම සුළුකොට සැලකිය නොහැකි කාරණයකි. එමෙන්ම ඔස්ටි්‍රයාවේ පවත්නා ඉස්ලාමික දේවස්ථානවල කටයුතු එරට රජයේ පාලනයට යටත්ව කරගෙන යාම සෙබස්තියන් කුර්ස් දැඩිව අවධාරණය කළේය. එම දේවස්ථානවලට විදේශ සංවිධානවලින් ලැබෙන විවිධ සහයන් නතර කිරීමට අවශ්‍ය නීති රීති සම්පාදනයට පෙරමුණ ගත්තේ සෙබස්තියන් බව සඳහන් වේ. ඔස්ටි්‍රයාවේ ජීවත්වන ඉස්ලාමික බැතිමතුන්ගේ භාවිතයට රජය අනුමත කුරානයක් නියම කිරීම සෙබස්තියන් කුර්ස් විදේශ කටයුතු අමාත්‍යවරයාගේ අනුදැනුම යටතේ සිදු විය. ඒ අනුව ඔස්ටි්‍රයාවේ භාවිතයට ගත හැකි වන්නේ ජර්මන් බසින් ලියැවුණු කුරාණ ග්‍රන්ථ බව දැක්වේ. ඉස්ලාමික කාන්තාවන් හිස වසා අඳින බුර්කාව ඔස්ටි්‍රයාව තුළ තහනම් කිරීමට සෙබස්තියන් කුර්ස් පියවර ගත්තේ ද සිය රටේ ජනයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන ඉදිරි පියවරක් ලෙසිනි.


ලොව ළාබාලතම විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස සෙබස්තියන් මේ සා දැඩි තීන්දු තීරණ ගත්තේ ඔස්ටි්‍රයාවේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් පැහැදිලි ඉදිරි දැක්මක් පැවැති නිසයි. විදේශ අමාත්‍යවරයා ලෙස තමන් කළ කාර්යය සමුදාය සෙබස්තියන් කුර්ස් සිය ඡන්ද සටන ප්‍රාණවත් කරන්නට මනාව ගළපා ගත්තේය. ඔහු පළමුවෙන්ම කළේ පක්ෂයේ නම මඳක් වෙනස් කර එහි තේමාවද කාලයට ගැළපෙන ලෙස සැකසීමයි. එනිසා මහජන පක්ෂය, නව මහජන පක්ෂය ලෙස නම් කෙරිණ. ඔහු සිය ඡන්ද සටන දියත් කළේ අනවසරයෙන් සිදුවන සංක්‍රමණ නවතාලිය යුතුය යන්න පෙරටු කර ගනිමිනි. රැකියා අපේක්ෂාවෙන් සිය රටට අනවසරයෙන් ළඟා වන පුද්ගලයන් වෙනුවෙන් රජයෙන් කෙරෙන වියදම් කපා හැරීම ගැන ඔහු මැතිවරණ වේදිකාවේදී කතා කළේය. ඔස්ටි්‍රයා වැසියන් මත පැටවෙන බදු බර කිසිවිටෙකත් වැඩි නොකිරීම තම ප්‍රතිපත්තියක් බව ඔහුගේ මැතිවරණ පොරොන්දු අතර සටහන්ව තිබිණ. නමුත් ඉස්ලාමික බැතිමතුන් වෙනුවෙන් තමන් ලිහිල් පිළිවෙතක් අනුගමනය කරන බව මැතිවරණ වේදිකාවේදී ඔහු ප්‍රකාශ කළේ නැත. මේ නිසා ඔස්ටි්‍රයාවේ ඉස්ලාමික බැතිමත්හු එරට ඉදිරි දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් අන් කවරදාකටත් වඩා මේ වනවිට විමසිලිමත් නුවණින් පසුවෙති.
බලාපොරොත්තුවෙන් සිටින සෙබස්තියන් කුර්ස්ට එය සැබෑවක් බවට පත් කරගන්නට ඉඩක් ලැබේද? එසේ වුවහොත් ඔහු තමන් ඉදිරියේ ඇති භාරධූර ඉලක්ක ජයගන්නේ කෙසේද? යන්න ඉදිරියේදී දැක බලාගන්නට අපට ඉඩක් ලැබෙනු ඇත. එපමණක් නොව ලොව බලවත් රාජ්‍යය තරුණ නායකයන් අතට පත්වීමේ ප්‍රවණතාවයේ එක් සුවිශේෂ සන්ධිස්ථානයකට ළඟාවීමට ඔස්ටි්‍රයාවටත් ඉඩක් ලැබෙනු ඇත.

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

කෙටිම කලක් රට කළ තරුණ නායකයා සෙබස්තියන් කුර්ස්

ඔබේ අදහස් එවන්න

Foreign

පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ
2023 නොවැම්බර් මස 14 3069 1

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත


ඉන්දියාව කුල්මත් කළ මිසයිල මිනිසා
2020 මාර්තු මස 28 12654 3

මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 826 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 758 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


මරණ දඬුවමෙන් ජීවිතය දිනූ පකිස්තානයේ ඒසියා බිබී
2020 මාර්තු මස 28 414 0

කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට


මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්
2020 මාර්තු මස 28 567 0

රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැ‍ගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 292 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1657 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site