චොක්ලට් හෝ චොක්ලට් ආහාර, ආහාරයට ගැනීමෙන් පාකින්සන් රෝග ලක්ෂණ අඩු වෙතැයි ජර්මනියේ ඩ්‍රෙස්ඩෙන් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පිරිසක් කළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.
මෙම පරීක්ෂණයට රෝගීන් 30කට ආසන්න පිරිසක් ඔවුනට කොකෝවා අඩංගු නොවන සුදු චොක්ලට් හා කොකෝවා අඩංගු (කොකෝවා සියයට 85ක්) කළු චොකලට් සතියක් පුරා දිනකට දෙවරක් බැගින් ලබාදීමට පර්යේෂකයෝ කටයුතු කළහ. ඉන් අනතුරුව ඊට පසු සතියේදී ඔවුනට ලබාදුන් චොකලට් වර්ග මාරු කර ලබාදුන් අතර ඔවුන්ගේ රෝග ලක්ෂණ සසඳා බැලිණි.
ඩොපමයින් නැමැති ද්‍රව්‍ය නිපදවන මොළයේ ස්නායු සෛල විනාශ වීම නිසා පාකින්සන් රෝගය ඇතිවේ. ඩොපාමයින් ද්‍රව්‍ය සිරුරේ අවයව ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වේ. හෝමෝන අඩු වීම පාකින්සන් රෝගයේ රෝග ලක්ෂණ හා සම්බන්ධය. උදාහරණයක් ලෙස කම්පන තත්ත්ව පෙන්වාදිය හැකිය.
චොක්ලට් නිපදවීමට ගන්නා කොකෝවාවල අඩංගු පෙනිලෙතලැමයින් නැමැති රසායන ඩොපාමයින් ද්‍රව්‍ය මුදා හැරීම වේගවත් කරන බව අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළු චොකලට් ලිංගික උත්තේජකයක් (බ)
ඉතාම අගනා සොයාගැනීමක්. පර්කින්සෝන් රෝගය නිසා දුක්විඳින රෝගීන් සඳහා ලොකු සහනයක්. මෙය හැකිතාක් ප්‍රසිද්ධ කළොත් ලොකුම ලොකු පිනක්. (නි)