IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වැලි මැස්සා රට වටේ යන්න සැරසෙයි

උතුරු මැද හා දකුණු පළාත්වල ව්‍යාප්තවී ඇති වැලි මැස්සාගේ හානිය සෙසු පළාත් කරාත් ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් මතුවී ඇතැයි  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පරපෝෂවේදය පිළිබද අංශ ප්‍රධානී ආචාර්ය ඩබ්ලියු.ඩී.එස්.ජේ.වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

වර්ෂ 1992දී මුලින්ම මෙරට වාර්තාවී ඇති පරපෝෂිතයෙකු මගින් ව්‍යාප්තවන මෙම රෝගය මේ වන විට අනුරාධපුර, පොළොන්නරුව, හම්බන්තොට, මාතර  වැනි දිස්ත්‍රිකවල බහුලව ව්‍යාප්තවී ඇති බවත් එම රෝගය මේ වන විට සෙසු පළාත් කරා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ඒ මහතා සදහන් කළේය

මදුරුවාට වඩා තරමක් කුඩා මැස්සෙකු වන වැලි මැස්සා මගින් මෙම චර්ම රෝගය ඇතිවෙන වන බවත් මදුරුවා මෙන්ම මෙම මැස්සා රුධිරය උරා බොන සත්වයකු යැයි කී මහාචාර්යවරයා මෙසේ පැවසීය.

“උතුරු මැද හා දකුණුපළාත්වල මුල් සමයේ දැකිය හැකි වූ රෝග වාහකය  මේ වන විට සෙසු පළාත් කරා ව්‍යාප්තවීමේ අවදානමක් තිබෙන අතර මෙම කෘමියා මගින් ඇතිවන්නේ සුව කිරීමට තරමක් අපහසු චර්ම රෝගයක්.මෙම සත්වයා මෙරටදී චර්ම රෝගයක් සිදු කළත් ඉන්දියාව, පකිස්තානය හා බංගලාදේශය වැනි රටවලට ඇතිවන්නේ ඊට වඩා තරමක් වෙනස් වූ හානියක්. එම රටවල මිනිස් ශරීර අභ්‍යන්තරයට හානි සිදුවීම නිසා පුද්ගල මරණ රැසක් වාර්තාවී තිබෙනවා“

“ශ්‍රී ලංකාවේත් එවැනි ආසන්න තත්ත්වයන් හතක් වාර්තා වී ඇති අතර ඉන් කිහිපදෙනෙකු මරණයට පත්වුණා.ඒ නිසා වැලි මැස්සාගේ හානිය පිළිබද  යම් හෝ අවධානයක් යොමු කිරීම වැදගත්වන අතර  ඩෙංගු මදුරුවා පාලනය කිරීමට නම් ඔවුන් බිහිවන ජලය කෙරෙහි පහසුවෙන් අවධානය යොමු කළ හැකියි. නමුත් වැලි මැස්සාගේ උපත සිදුවන්නේ කටු පදුරු හා යම් තෙතමනයක් තිබෙන ස්ථානවලදී.හුඹස් වලට පවා මෙම සත්වයා බිත්තර දමා උපත ලබන අවස්ථා තිබෙනවා. මේ නිසා වැලි මැස්සාගේ  උපත ලබන ස්ථාන විනාශ කිරීම දැඩි අසීරු කාර්යයක්“

“මිනිස් ශරීරය නිරාවරණය වී ඇති ස්ථාන වැලි මැස්සාගේ හානියට ලක්විය හැකිය. මුහුණ, දෙපා, දෑත් වැනි ස්ථානවල වැඩි වශයෙන් මෙම සත්වයා හානි කරනු දැකිය හැකියි.කුඩා ළමයින්ට පවා හානි සිදුකළ අවස්ථා දැකිය හැකියි.“

“මේ රෝගය ආසාදනය වූ 2500ක පමණ පිරිසක් මේ වන විට හදුනාගෙන තිබෙන අතර තවත් විශාල පිරිසක් හදුනානොගත් රෝගීන් ලෙස සිටිනු ඇතැයි අප අනුමාන කරනවා.උතුරු මැද හා දකුණු ප්‍රදේශවල ගොවියන්, පාසල් දරුවන් හා සොල්දාදුවන් වැඩි වශයෙන් මේ රෝගයට පාත්‍රවී ඇත.මෙම සත්වයාගේ හානියෙන් මිදිම සදහා ශරීරය හැකි තරම් ආවරණය කර ගත යුතු අතර රාත්‍රි නින්දේදී  මදුරු දැල් භාවිත කිරීම වඩා වැදගත්“

Untitled-1 Untitled-2 Untitled-3



අදහස් (13)

වැලි මැස්සා රට වටේ යන්න සැරසෙයි

යොහාන් Tuesday, 03 January 2017 09:31 PM

අනේ මන්දා මේ රටට හරි අපලයි (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 03 January 2017 09:29 PM

ගං ඉවුරු ටික කොන්ක්‍රීට් වලින් වහමුද. එහෙම විසඳුම්නේ මෙහෙ තියෙන්නේ. (නි)

:       0       0

කේ.තිස්ස Friday, 06 January 2017 01:54 AM

දැන් උන් ඉන්නේ හම්බන්තොටලු (නි)

:       0       0

ධම්මි Monday, 09 January 2017 03:32 PM

දැන්ම මේ ප්‍රශ්නයට පිළිතුරක් හෙව්වොත් නරකද?(හේ)

:       0       0

උදේනි Wednesday, 18 January 2017 08:39 AM

මේක බොහොම බරපතල ප්‍රශ්නයක් (නි)

:       0       0

දිමුත් Thursday, 05 January 2017 09:33 AM

අලි මදිවට හරක්.(ම)

:       0       0

ජයාත් Wednesday, 04 January 2017 12:53 AM

අපිට එච්චරයි අඩුවෙලා තිබුනේ. දැන් එ්කත් හරි (නි)

:       0       0

අබය Tuesday, 31 January 2017 11:10 PM

අවුරුදු පහළොවකට කලින් මගේ කකුල සපා කෑ වැලි මස්සෙකුගේ විස තාම වරින්වර මතුවෙනවා. හරිම භයානක සතෙක්..... (නි)

:       0       0

අනුර Friday, 06 January 2017 06:15 PM

එට්කා ආවහම මීටවඩා ගොඩක් ලොකු වැලිමැස්සෝ බෝවෙයි.

:       0       0

එස්. බඹරවාන Wednesday, 11 January 2017 02:49 AM

මෙය දරුණු රෝගී තත්වයක්. සියලුදෙනා දැනුවත්වීම ඉතා වැදගත්.

:       0       0

ලලිත් Thursday, 05 January 2017 01:26 PM

මොනවද බලන් ඉන්නේ තවත්? මැස්ස වහන වහන තැන්වල අයට දඩ ගහන්න? එතකොට මැස්ස ඉබේම නැතිවෙලා යනවා. (ර)

:       0       0

රොකී Tuesday, 03 January 2017 02:54 PM

ඔය සතා පාර්ලිමේන්තුව පැත්තේ එහෙම ගැවසෙන්නේ නැතුව ඇති නේද? (නි)

:       0       0

Sadalika Thursday, 18 November 2021 12:11 PM

වැලි මැස්සා දශ්ට කරන හැමෝටම අමාරු වෙනවද හොද කරන්න බැරිද

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2154 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6059 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site