IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දිවීමෙන් හන්දි රුදාව නැතිවෙයි

අස්ථි වේදනාවලින් මිදීමට නිරන්තර දිවීම හේතුවක් වන බව විද්‍යාඥයෝ පෙන්වාදෙති. නවතම අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ වර වයසක පුද්ලයකුට වුව ද පුරුද්දක් වශයෙන් දිවීමෙන් වේදනා ගෙන දෙන රෝග ඇතිවීමේ අවදානම අඩුවන බවයි.

ටෙක්සාස් හි හුස්ටන් බේලර් වෛද්‍ය විද්‍යාලයේ  පර්යේෂකයන් පිරිසක් මේ තත්ත්වය පෙන්වාදී ඇත.

අස්ථි සන්ධි ප්‍රදාහය මැදිවියේ සහ වැඩිහිටි පුද්ගලයන්ගේ සන්ධි සම්බන්ධව පවතින සුලබ රෝගි තත්වයකි. සන්ධි වල ඇති කාටිලේජ වලට හානි වීම මේ රෝගයට හේතුවයි. දිගැති අස්ථි කෙලවරක් තවත් අස්ථියකට සවි වන ස්ථානයේ කුෂන් කිරීමක් මෙන් කාටිලේජ අස්ථි සැකිල්ලට ආරක්ෂාව සපයයි.

නිරන්තර දිවීමෙන් අස්ථි සන්ධි ප්‍රදාහය ඇති වන බවට මිට කලින් වු මතය එම පරීක්ෂණය අනුව බිඳවැටේ. නමුත් දැනටමත් අස්ථි සන්ධි ප්‍රදාහය වැළදී ඇති පුද්ගලයන්ට මේ ක්‍රමයෙන් ප්‍රයෝජන ලබා ගත හැකිද යන්නට පිලිතුරක් තවම ලැබි නැත.

පර්යේෂණය පිළිබඳ වාර්තාව බොස්ටන් හි පැවති ඇමරිකානු විද්‍යාලයේ රක්තවේදය පිළිබඳ වාර්ෂික රැස්වීමේදි ප්‍රකාශයට පත්කර තිබේ.

 

 



අදහස් (0)

දිවීමෙන් හන්දි රුදාව නැතිවෙයි

සිල්වා Saturday, 29 November 2014 12:57 PM

හැමදාම විනාඩි 30ක් විතර දුවලා ව්‍යායාම වල යෙදෙනවා නම් ශරිරය සමබරව තියාගන්න පුළුවන් ඒ වගේම නිරෝගිකම සහ දෛනික වැඩ කටයුතුවල හොදින් යෙදෙන්න පුළුවන් කම්මැලිකමක් දැනෙන්නේ නැහැ වර්තමානයේ කුඩා දරුවන් ශරිරික ව්‍යායාම් වල යෙදෙන්නේ නැහැ පරිගණක වල ගේම් ගසමින් කාලය කනවා ඒ තුලින් වෙන්නේ වයස 25-30 වෙනකොට ලෙඩෙක් බවට පත්වීමයි විසේසයෙන් අගේ සීනිවල අගය වැඩිවීම ප්‍රේසර් අදික තරබාරුව කොලොස්රෝල් වැනි රෝග ඉතා ඉක්මනින් සරීරය ග්‍රහණය කරගනී..(හේ)

:       0       0

සමන් පෙරේරා Friday, 05 December 2014 07:57 AM

දුවන අයට හන්දිපත් රුදාව නැතිවෙනවා විතරක් නොවේ, මුළු ශරීරයටම හොඳ ව්‍යායාමයක් ලැබෙනවා, පුළුවන් තරම් දුවපල්ලා, කෑම අඩුකරපල්ලා.(දිල්)

:       0       0

අනිල් Friday, 12 December 2014 07:24 AM

පුරුද්දක් විදිහට දුවන එක ගොඩක්ම ශරීරයට හොඳයි කියලා දැන්නේ දන්නේ. දුවලම බලන්න ඕනෑ. (නි)

:       0       0

ඩොනල්ඩ් Monday, 15 December 2014 04:42 AM

දිවීම ඉතා හොදය. මා වයස අවුරුදු 69 යක අයෙකි. වසර 35 කට වඩා දිනපතා ඇවිදිමි දුවමි . ගතද ,මනසද නිරෝගී ය .(බ)

:       0       0

ගයාන් Saturday, 10 January 2015 02:31 PM

දීවීම සහ ඇවීදීම ඉතා හොඳ දෙයකි. මමත් පුරුදදක් ලෙස කරන අයකි. (ස)

:       0       0

අනුර Friday, 28 November 2014 12:43 PM

එ්ක ඇත්ත (නදී)

:       0       0

අබරන් Wednesday, 03 December 2014 03:22 AM

මමත් අවුරුදු හැටහතක පමණ තරුණයෙක්මි.අද මම මේ විදියට ඉන්නේ, දුවන නිසාය. මගේ මුළු ජීවිතේම පුදුමාකාර දිවිල්ලක් දිව්වෙමි. තාමත් දුවමි. (නි)

:       0       0

අල්විස් Sunday, 30 November 2014 05:01 AM

හන්දි රුදාව තිබෙනකොට කොහොමද දුවන්නේ? (නි)

:       0       0

ඉන්දු Monday, 02 February 2015 09:16 AM

දනිස් අමාරු(ආතරයිටීස්) තියෙන අය දුවන්නෙ කොහොමද? ටික දුරක් හයියෙන් ඇවිද්දත් දනිස් ඉදිමිලා රිදෙන්න ගන්නවා. විහිළුවට ගන්න එපා. පිළිතුරක් දන්නවා නම් කියන්න.(හේ)

:       1       1

මෙල් ප්‍රනාන්දු Tuesday, 27 January 2015 09:46 PM

එහාට මෙහාට පනින අය‍ට දුවන්න ඕන නෑ නේද ? (නදී)

:       0       0

වික්ටර් Thursday, 27 November 2014 07:13 PM

දිවීමෙන් හන්දි රුදාව නැතිවෙනවාද, ඇතිවෙනවාද ? මට නම් මේ ලිපිය හරියට තේරුම් ගන්න බැහැ. "අස්ථි වේදනාවලින් මිදීමට නිරන්තර දිවීම හේතුවක් වන බව විද්‍යාඥයෝ පෙන්වාදෙති." "නිරන්තර දිවීමෙන් අස්ථි සන්ධි ප්‍රදාහය ඇති වන බවට මිට කලින් වු මතය එම පරීක්ෂණය අනුව තහවුරු වී ඇත." මොකක්ද හරි??? (ස)

:       0       0

ලලිත් Saturday, 24 January 2015 05:27 AM

දැන් පනින අය වැඩියි නේද ? (නදී)

:       0       0

උදාර Friday, 28 November 2014 10:11 AM

ව්‍යායාම කරන්න කරන්න හොඳයි (නි)

:       0       0

ජයත් Friday, 28 November 2014 10:46 AM

ටිකක් සැර බිරින්දෑවරුන් ඉන්න (අපි ) වගේ අයට නම් මේක ලොකු ප්‍රශ්නයක් නෙමි ! මොකද එයා පස්සෙන් එලවාගෙන එනකොට නිතරම දුවනවා නේ. (ර)

:       0       0

සුනිල් Wednesday, 07 January 2015 11:49 PM

දැන්නම් සමහරු දුවන්න පටන්ගෙන නේද? (නි)

:       0       0

වයිඑල් nandasena Saturday, 29 November 2014 01:59 AM

මම අවුරුදු 71ක් වයස අයෙකි.මටත් ඒ කාලයේ ඔයකියන හන්දි අමාරු තිබුන.මම ඒකට කලේ උදේ 4ට පිබිදිලා සැතපුම් 2 පමණ දිවීමත් වේගයෙන් අැවිදීමත් කරලා ඊට පස්සේ යෝගී ව්‍යායාම කිරීමයි.දැන් මට අර තිබුණ අමාරුත් නෑ.අවුරුදු 35 පමණ තරුණයෙකුගේ ක්‍රියාකාරකම් තමයි මට දැන් තිබෙන්නේ.මෙම පර්යේසකයන්ට මගේ ස්තුතිය. ඔබටද මෙය අත්හද බැලිය හැකියි. (ස)

:       0       0

වජිරා Friday, 19 December 2014 12:35 PM

මානසික ආබාද ඇති අයට ඇවිදීමේදී පවා මුලදී වේදනාවක් ඇතිවේ. එය ඉවසාගෙන තව ටිකක් ඇවිදීමේදී වේදනාව නැතිවේ.(නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 09 December 2014 09:44 AM

දැන් නම් ඉතින් දුවලා තමයි බේරෙන්න වෙන්නේ. (නි)

:       0       0

එඩ්ව්ඩ් Friday, 02 January 2015 07:24 AM

මට අවුරුදු 88 ක්. මම උදේට කි.මී. 2ක් විතර ඇවිදිනවා. මගේ ඇඟ අවුරුදු 40ක තරුණයෙක්ගෙ වගේ ශක්තිමත්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site