IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


උසයි බරයි එකවර මනින ක්‍රමයක්

ගාල්ල ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙදෙනකු විසින් ශරීර ස්කන්ධ දර්ශකය මැනීමේ නව උපකරණයක් නිපදවා ඇත. මෙම උපකරණයේ විශේෂත්වය වන්නේ පුද්ගලයකුගේ බර හා උස එකවර මැන ගැනීමට හැකි වීමයි.

කරාපිටිය රෝහලට අවශ්‍යව තිබූ උපකරණයක් වන මෙය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතාගේ උපදෙස් මත නිපදවා ඇත්තේ ජේ. කේ. අශංක දිල්ශාන් හා ජී. එච්. ඩිලාන් චානක යන සිසුන් දෙදෙනාය. ඔවුහු ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ විදුලි ඉංජිනේරු ඩිප්ලෝමාව හදාරති. 

නිර්මාපකයෝ මෙසේ පැවසූහ. “මෙවැනි උපකරණයක් විදේශ රටකින් ආනයනය කිරීම සඳහා රුපියල් දෙලක්ෂ හැත්තෑපන්දහසක් පමණ වැයවනවා. ඒත් මේ නිර්මාණයට වැයවූයේ රුපියල් දොළොස්දහසක පමණයි. ඉදිරියේදී ස්වයංක්‍රීය ඖෂධ ගණනය කිරීමේ යන්ත්‍රයක්ද නිපදවීමට අප බලාපොරොත්තු ‍වෙනවා.  උපකරණය නිපදවීමේදී රෝහලේ මහජන සම්බන්ධතා නිලධාරී රංජිත් ජයසිංහ මහතා ද අපට උපකාර කලා.“

පසුගියදා මෙම උපකරණය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සී. ඩී. පතිරගේ මහතාට බාරදීම සිදුවිය.

unnamed-(2)-(2) unnamed-(8)



අදහස් (0)

උසයි බරයි එකවර මනින ක්‍රමයක්

රූපවතී Thursday, 06 October 2016 03:57 AM

රටේ සම්පත් වලින් මෙවැනි උසස් බුද්ධිමත් දරුවන්ට තැනක් දෙනවා නම් ...? දේශපාලකයෝ රජවුණාම ඇති. ඔබට බැබළෙන අනාගතයක්! මගේ සුබ පැතුම්! (නි)

:       0       0

ජයසුන්දර Wednesday, 05 October 2016 11:43 AM

දිරිමත් කලයුතු දරුවන්, ඔබලා අපේ රටට වටිනා සම්පත් .. ඔබලාට ජයෙන් ජය ලැබේවා.! (ර)

:       0       0

ජයවික්‍රම Thursday, 06 October 2016 04:27 AM

ඇත්තෙන්ම උසස් තාක්ෂණ ආයතනයක විෂය හදාරන සිසුන් විසින් මෙවැනි නව නිපැයුමක් කිරීම පිළිබද ඉතා සතුටුයි. මෙම නිෂ්පාදනය සදහා ලංකා රජයෙන් අනුග්‍රහය අනිවාර්යෙන් ලැබිය යුතුයි. මොවුන් අපට සම්පතක් (හේ)

:       0       0

අශෝක Wednesday, 05 October 2016 01:04 PM

මම ප්‍රාර්ථනා කරනවා ඔබලාගේ දක්ෂකම මේ රජයෙන්වත් ඔපමට්ටම් කර රටට වැඩදායක ලෙස ප්‍රයෝජනයට ගනීවි කියලා. (නි)

:       0       0

සුනිල් Friday, 14 October 2016 11:13 PM

ඉතා හොඳ වැඩක්. එ්ත් ඉස්පිරිතාලයක දෙපාරකට නොවෙයි පස් පාරකට වුණත් මනින්න සේවයකයෝ කොච්චර ඉන්නවද? (නි)

:       0       0

දම්මි Wednesday, 05 October 2016 01:14 PM

මේ රටේ මේවාට තැනක් නැත (නි)

:       0       0

ජයාත් Saturday, 08 October 2016 01:40 AM

දේශපාලන අතකොලු වෙලා පාරවල් ගානේ "දියව් ,මරව්,පලයව්" කියලා කෑ නොගහා මේ වගේ දෙයක් කරන එක ලොකු දෙයක් දරුවනේ (නි)

:       0       0

අබය Friday, 14 October 2016 11:37 PM

ඔය ද සිල්වා බර්ලින්, රොකි ආදී අයවලුන් කියන දේ හරි. මම ජීවත්වෙන්නෙත් අවුරුදු තිහක කාලයක් ඉඳලා ලෝකයේ දියුණුයි කියන රටක. ඒ වුණාට ඇල්පෙනෙත්තක්වත් හදන්නේ නැති අපි පිටරට වලටම කඹුරමින් ජීවත්වෙන එක අපිට ලැජ්ජාවක්. අපේ රටේ නිමැවුම්කරුවන් අගය කරනවා නම් ඉන් නොනැවතී තව තවත් නව නිපැයුම් කරයි. (නි)

:       0       0

අබය Saturday, 08 October 2016 07:57 PM

මම කලිනුත් කිවුවනේ අපේ දකුණේ කොල්ලෝ කොහොමටත් වැඩකරුවෝ කියලා. එහෙන් යකඩ නවනවා. මෙහෙන් නොයෙකුත් නිර්මාණ කරනවා. (නි)

:       0       0

චම්පික Thursday, 20 October 2016 12:55 AM

බොහොම අගය කළහැකි නිර්මාණයක්. සමහර පිස්සන්ට කළදෙය අගයකරන්න මනසක් අද කොහොමවත් නොමැත. ජය ඔබට! (නි)

:       0       0

සෞම්‍ය Wednesday, 05 October 2016 03:59 PM

ජයෙන් ජය වේවා, ඉදිරියටත් මෙවැනි නව දේ නිපදව ලොව ජය ගැනීමට හැකියාව, දහිරිය, වාසනාව ලැබේවා, බුදුසරණයි....!!! (බ)

:       0       0

ක්‍රිෂාන්ත Monday, 10 October 2016 03:35 AM

ජය ලැබේවා (හේ)

:       0       0

අබය Monday, 10 October 2016 08:38 PM

ඒත් එක්කම ශරීර ස්කන්ධ ඒකකය ගණනය වෙන හැටි ස්වයංක්‍රීයව පෙන්වනවා නම් තවත් පහසුයි. (නි)

:       0       0

අජිත් Thursday, 06 October 2016 09:43 AM

ඔබලාට ජයෙන් ජය ලැබේවා.! (ර)

:       0       0

රොකි Monday, 17 October 2016 02:31 PM

රැවුල සහ කොණ්ඩය එකවර කැපීමේ උපකරණයක් සොයා ගැනීම ගැන හිතුවොත් නරකද? (අ)

:       0       0

චමල් Thursday, 13 October 2016 06:08 AM

තරහකට කියනවා නෙමෙයි. මම ඉන්න රටේ පොඩි සුපර් මාකට් වලත් මේවා තියෙනවා. (ම)

:       0       0

ජෝති Thursday, 06 October 2016 09:55 AM

ඉතා සුදුසු සරල ප්‍රායෝගික උපකරණයක්. ඔබලාගේ නිර්මාණය අගයමි. මගේ සුභ පැතුම්! (ර)

:       0       0

රොකී Friday, 14 October 2016 01:45 AM

ද සිල්වා බෙර්ලින් කියන කතාව මමත් පිළිගන්නවා. මේක අනවශ්‍ය දෙයක්! (නි)

:       0       0

ජෝති Sunday, 09 October 2016 09:29 AM

රෝගියාගේ ශරීර ස්කන්ධ දර්ශකය මැනීමේ අවශ්‍යතාවයක් බොහෝවිට ඇත. නිරෝගී යමෙකුගේ බර සහ ඔහුගේ උස අතර තිබියයුතු ශරීර ස්කන්ධ අංකය 17-25 අතරයි. (නි)

:       0       0

ටෙරන්ස් Wednesday, 05 October 2016 08:47 PM

බොහොම අපූරු නිර්මාණයක් (නි)

:       0       0

සෙනරත් Thursday, 06 October 2016 10:37 AM

ඔබලාගේ නිර්මාණය ඉතාම ඉහලයි. ඩිප්ලෝමාවක් හදාරලා මෙවැන්නක් කිරීම ගැන ගොඩක්ම සතුටු වෙනවා. (ර)

:       0       0

රවිඳු Thursday, 06 October 2016 10:43 AM

මේ අයට ඇත දෙන්න බලධාරීන්ගේ නෙත් යොමු වේවා.! (ර)

:       0       0

ජානක Sunday, 25 December 2016 07:44 AM

ජය වේවා!

:       0       0

අභය Sunday, 16 October 2016 12:05 PM

සිංහලයිනි ලජ්ජා වෙයල්ලා අපේ එකෙක් පොඩි දෙයක් හෝ නිර්මාණය කළාම එයට එරෙහිව කෙනෙහිලි කම්, කිරීමට...නුඹලා රට වෙනුවෙන් කරලා තියෙන්නේ කුමක්ද? (බ)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 08 October 2016 03:17 PM

රෝගියාගේ උස සහ බර එකවර මැනීමට ඇති අවශ්‍ය තාවය මොකක්ද? මුලින් උස මැන ඊටපස්සේ බර කිරලා බැලුවහම ඉවරනේ. රෝගීන්ගේ බර සහ උස තත්පර ගණනක් ඇතුළතදී වෙනස් වෙනවද? මේක කරන්න 275000 ක උපකරණයක් මොකටද? මේ ප්‍රශ්නය මට වැටහෙන්නේ නැත. කරුණාකර දන්නා කෙනෙක් මේක තේරුම් කරලා දෙනවද? (නි)

:       0       0

එරන්ද Thursday, 06 October 2016 03:15 AM

ඔබගේ සොයාගැනීම බෙහෙවින් අගය කරමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site