IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ජීවන බර සැහැල්ලුවට ඉක්මන් විසඳුමක් ඕනෑ

සාමාන්‍යයෙන් අපේ රටේ පොල් මිල ඉහළ යන්නේ නොවැම්බර් මාසයේය. එහෙත් තවම සැප්තැම්බර් වුවද මේ දිනවල පොල් ගෙඩියක මිල ගණන් අසන පාරිභෝගිකයාට එලොව පොල් පෙනුණොත් ඒ ගැන පුදුම විය යුතු නැත. ඒ තරම් පොල් ගෙඩියක මිල ඉහළ ගොස් තිබේ. ඇතැම් තැනක පොල් ගෙඩියක මිල රුපියල් 95 දක්වා මිලකට අලෙවි වන අතර සාමාන්‍ය වශයෙන් රුපියල් 80කට අලෙවි වන බව සඳහන් කිරීම වඩාත් සාධාරණය.

පොල් ගෙඩියේ මිල මෙසේ සඳහන් කළේ මේ දිනවල දිගින් දිගටම ඉහළ යමින් පවතින බඩු මිලේ රඟ කියාපෑමේ එක් උදාහරණයක් හැටියට පමණි. පාලන මිල හේතුවෙන් කැකුළු සහල් මිල රුපියල් 98 සීමාවේ රැඳී තිබුණද එම මිලද පැවැති මිලට වඩා ඉහළ මිලක් බව පෙන්වා දිය යුතුය. පාලන මිලට පිටින් රුපියල් 170 දක්වා මිල ගණන්වලටද සහල් අලෙවි වන බවත් සඳහන් කළ යුතුය. ඒ මතු නොව සියලු‍ම එළවළු මිල ඉහළ යමින් පවතී. මාළු මිල ගණන්ද එසේමය. කුකුළු මස් සහ බිත්තර මිල පිළිබඳව පවතින්නේද එවැනි තත්ත්වයකි. පොල්තෙල් බෝතලයක මිල රුපියල් 320ද ඉක්මවා ගොසිනි. පරිප්පු සහ අල පමණක් දරාගත හැකි මිල මට්ටමේ පැවතුණත් ලොකු ලූනු මිලද ඉහළ ගොස් තිබේ. කහ පිළිබඳව කතා කිරීමත් නිෂ්ඵලය.

එළවළු, මාළු, පොල් පමණක් නොව සෙසු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්ද පවතින්නේ ඉහළ මට්ටමක බව බැලූ බැල්මට පෙනී යයි. එසේ මිල ඉහළ යාමට හේතු දක්වමින් අවශ්‍ය තරම් නිවේදන නිකුත් කිරීමට රජයට හැකියාව තිබේ. එහෙත් මෙලෙස හේතු දැක්වීමෙන් ජනතාවගේ දුක නිවෙන්නේ නැත. කොරෝනාව හේතුවෙන් ආදායම් මාර්ග පවා කඩාබිඳ වැටීමෙන් බොහොමයක් දෙනා ජීවත් වන්නේ අපහසුවෙනි. ඔවුන් ගමන යා යුත්තේ දැඩි ආර්ථික දුෂ්කරතා මැදිනි. ඇතැමුන්ට තමන්ගේ රැකියාවලින් ලැබෙන වැටුප පවා අඩුවී තිබේ.

අතිකාල සහ වෙනත් දීමනා, දිරිදීමනාද ඇතුළුව සියලු‍ ගෙවීම් තදින්ම සීමාකර තිබීම නිසා වැඩි දෙනකුට මාසේ අන්තිමට ලැබෙන්නේ පත අට එකට සිඳුවාගත් බෙහෙත් කසායක් වැනි කොටසකි. ඒ පිටට එදිනෙදා වියහියදම් මෙසේ ඉහළ නැගීම ඔවුන්ට ඔරොත්තු දෙන්නේම නැත. එහි එකම ප්‍රතිඵලය කුසට වැටෙන ආහාර ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩුවීම පමණි. වැඩිවෙන ජීවන වියදමට තාවකාලික හෝ පිළියමක් යෙදීම අත්‍යවශ්‍ය වී තිබෙන්නේ මේ තත්ත්වය හේතුවෙනි.

කාලගුණයේ අයහපත් හැසිරීම සහ පොහොර හිඟය එළවළු මිල මේ තරම් ඉහළ යාමට හේතු වී ඇතැයි සමහරු ප්‍රකාශ කරති. එහෙත් පසුගිය වසරේ මේ කාලයට වඩා එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබෙන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. රජයේ වෑයම විය යුත්තේ එළවළු ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මිල ඉහළ යාමට හේතු පහදා දීම නොව එම වියදම් අඩුකිරීම සඳහා ප්‍රායෝගික විසඳුම් සපයා දීමය. බිත්තර මිල රුපියල් දෙකකින් අඩුකිරීම වුවද මාධ්‍ය ප්‍රකාශයකට පමණක් සීමා වී තිබීම මීට හොඳම උදාහරණයකි. රුපියල් 20 සිට 28 දක්වා වැනි මිලකට ඉහළ ගොස් ඇති බිත්තරයක මිල රුපියල් දෙකකින් අඩුකිරීමට අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ පොරොන්දු වීම බිත්තර නිෂ්පාදකයන් තම ඉල්ලීම් දිනාගැනීමට සිදුකළ පොඩි ‘‘ජිමික්’’ එකක් බව අපගේ වැටහීමය. ජනතාවට අවශ්‍ය වන්නේ සුළු මුදලක් වැයකොට ලබාගත හැකි ඉහළ පෝෂණ ගුණයක් සහිත ආහාරයක් වන බිත්තර තමන්ට දැරිය හැකි සීමාවේ රැඳෙනු දැකීමය. රජය කළ යුතු වන්නේ ජනතාවගේ එම අවශ්‍යතා ඉටුකර දීමය.

එළවළු මිල වරින්වර ඉහළ යාමට ලොකුම හේතුවක් වශයෙන් දැක්වෙන්නේ නිසි ක්‍රමවේදයකට අනුව ඒ ඒ කාලයට අවශ්‍ය පරිදි නිෂ්පාදනය සිදු නොවීම බව සමහරු පෙන්වා දෙති. අවශ්‍ය කාලයට පොහොර නොලැබීමද එක් හේතුවකි. එසේම එකම බෝගයක් හෝ කිහිපයක් ගොවීන් විශාල සංඛ්‍යාවක් විසින් වගා කරනු ලැබීම හේතුවෙන් අතිරික්ත අස්වැන්නක් ලැබීමත් එම අස්වනු පසුකාලීනව වෙළෙඳපොළට යැවීමට හැකිවන සේ නරක් නොවී නැවුම්ව තබාගැනීමට අවශ්‍ය ශීතාගාර සහිත ගබඩා පහසුකම් නොතිබීමත් මේ ගැටලු‍ව සංකීර්ණ තත්ත්වයට ඇද දමා තිබේ. ඒ ඒ කාලයට වගා කළ යුතු එළවළු පිළිබඳව රට පුරා සිටින ගොවීන් දැනුම්වත් නොකිරීමේ අඩුපාඩුවද මේ තත්ත්වයට තදින්ම බලපා ඇත. විෂය භාර අමාත්‍යවරුන්ගේ අවධානය මේ කරුණු කෙරෙහි යොමුවීම අවශ්‍යමය. පොහොර වෙලාවට නොලැබීම, ගබඩා පහසුකම් නොතිබීම, එකම බෝගයක් වවා සියලු‍ දෙනා අමාරුවේ වැටීම වැනි ගැටලු‍වලට අපි හැමදාමත් මුහුණදෙමින් සිටින්නෙමු. එහෙත් එම ගැටලු‍වලට ඇත්තේ තාවකාලික විසඳුම් පමණක් බව අතීත උදාහරණ අපට පෙන්වා දෙයි. එළවළු මිල ගණන් රටේ ස්ථාවර තත්ත්වයක පැවැතීමට නම් තාක්ෂණික කාරණා සම්පූර්ණ විය යුතුය. ඒ ගැන ගොවීන් දැනුම්වත් කිරීමද අවශ්‍යය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් මෙසේ වරින් වර ඉහළ යාම මේ රටේ සදාකාලික ප්‍රශ්නයක් නොවිය යුතු බව සඳහන් කළ යුතුය. ප්‍රතිපත්තියකට අනුව පොහොර ගෙන්වා බෙදාහැරීම, එළවළු වගාවට නිසි තාක්ෂණයක් යටතේ ගොවීන් යොමුකිරීම සහ අස්වැන්න නෙළාගැනීමෙන් පසුව එයට වෙළෙඳපොළ සකස් කර දී අතිරික්තය ගබඩා කිරීමටත් වැඩපිළිවෙළක් සැකසිය යුතුය. එසේ නොවන තාක් රටේ ජනතාවටත් ගොවීන්ටත් සිදුවනු ඇත්තේ එලොව පොල් ගණන් කරමින් සිටීමට පමණි.

(***)



අදහස් (19)

ජීවන බර සැහැල්ලුවට ඉක්මන් විසඳුමක් ඕනෑ

Shahiwal Wednesday, 16 September 2020 06:29 AM

අම්මෝ වෙනසේ තියෙන සැප. අපිට ඉන්න රටක් තියෙනවා දැන් අරාබිය වගේ.... අඩුව තියෙන්නේ ඔටුවෝ ටිකක් තමා

:       6       205

නෙවිල් Wednesday, 16 September 2020 06:36 AM

සහතික ඇත්ත. හරක් මරණ එක නවත්වන්න කලින් මොන තරම් කරන්න වැඩ තියෙනවාද දුප්පතාගේ දුක පිටුදකින්න.

:       0       138

isuru Wednesday, 16 September 2020 07:01 AM

තවම බර ආවේ නෑ පොඩ්ඩක් ඉන්න.

:       7       105

ABCThursday, 17 September 2020 12:52 AM

covid -19 වෛරසය සමග ඇතිවූ ඛේදනීය තත්වය මත ලෝකයේ ධනවත්, බලවත් රටවල් මේ වනවිට ආර්ථික අර්බුදයකට (economic recession) මුහුණදෙමින් සිටියි. අතිවිශාල ප්‍රමාණයකට රැකියා අහිමි වී ඇත. මේ වනවිට ඉන්දියාවට covid -19 වෛරසය නිසා ගැටළු ගණනාවකට මුහුණ දෙමින් තිබේ. ඔවුන්ගේ ආර්ථිකය, කෘෂිකර්මාන්තය සහ විදේශ ආයෝජන විශාල පසුබෑමකට ලක්ව ඇත. ලංකාවද ප්‍රබල ආර්ථික අර්බුදයකට මැදිවීම වැළැක්විය නොහැකි තත්වයට පැමිණෙමින් තිබේ. මේ වනවිට රටේ දිළිඳු ජනතාව මුහුණ දෙමින් සිටින ආර්ථික, කෘෂිකාර්මික, රැකියා නොමැතිවීම්, පමණක් නොව ඔවුන්ගේ පවුලේ මැදපෙරදිග විදේශගත රැකියාවන් කළ බොහෝදෙනෙකු මේ වනවිට රැකියා නොමැතිව නැවත ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටියද එම බලාපොරොත්තු මේ වනවිට සුන්වෙමින් තිබේ. covid-19 වෛරසය මේ වනවිට උතුරු ඇමෙරිකාව සහ යුරෝපයේ නැවත ඉහළයාම නිසා සියයට 20ක් පමණ පවතී. ගුවන් ගමන් තවදුරටත් අඩු කළා පමණක් නොව වෙනත් රටවල් මගින් ගෙනයාම සඳහා පැමිණෙන ගුවන් යානා සීමා කිරීමටද කටයුතු කර ඇත.

:       2       0

budThursday, 17 September 2020 03:34 PM

විකාර කියවන එක නතර කරන්න. එංගලන්තයේ බඩුමිල ලංකාවට සාපේක්ෂව ඉතා අඩුයි. සංචාරය කරනවා නම් තේරේවි..

:       0       1

kamal Wednesday, 16 September 2020 07:02 AM

තව අවුරුද්දකින් හොඳ හොඳ දේවල් ලැබේවි.

:       7       136

de silva Wednesday, 16 September 2020 07:10 AM

සාඩින් පරිප්පු ටිකක් හමුදාව මාර්ගයෙන් බෙදලා දැම්මනම් ඔය ප්‍රශ්නේ සාමාන්‍ය කරගන්න පුළුවන්.

:       24       47

thisara Wednesday, 16 September 2020 07:12 AM

ජිවන බර සැහැල්ලු කරන්න පළාත්සභා සේරම ආණ්ඩුවට දෙන්න, සැපද.?

:       4       174

සෙනරත් Wednesday, 16 September 2020 07:33 AM

ඇයි මේ මිනිස්සු කෑම ගැන මෙච්චර හිතන්නෙ. මතක තියාගන්න අංක එක රට. දැන් අපිට රටක් තියෙනවා. නිදහසේ හුස්ම ගන්න පුළුවන්. කන්න ඕන නම් අපිට බටහිර ගැති විවෘත ආර්ථික ප්‍රතිපත්ති තියෙන ආණ්ඩුවක් පත් කරගන්න තිබුණ. නමුත් ලංකාවෙ මිනිස්සුන්ට කෑම ඕන නෑ. ජාත්‍යාලය වඩන්න පුරුදු වෙන්න. බඩගින්න දැනෙන්නෙ නෑ. ඇස් මහින්ද හිමිගෙ කවි රියලිටි තරග වල ගායනා කරන්න නීති ගේන්න. අපිට පොල් එපා. හාල් එපා. රටක් දෙන්න.

:       213       379

saaadinThursday, 17 September 2020 03:36 AM

2/3න් දැන් ජනතාවට මුකුත්ම ඉතුරු නැහැ.

:       0       0

BamunuarachchiThursday, 17 September 2020 01:50 PM

ලක්ෂ 69ක් පොහොට්ටුවට ඡන්දය දුන්නේ බිත්තර මිලවත්, පොල්වල මිලවත් අඩු කරගන්නවත් නොවේ.. ඔහෙලා නොමිලේ ගන්න කාටද ඡන්දෙ දීලා පොහොට්ටුවෙන් ලාබෙට පොල් ඉල්ලනවා.

:       0       0

pradeepa Wednesday, 16 September 2020 07:47 AM

අපේ සර්ට 20 වෙනස් කරගන්න ලැබුනම බලන්ඩකෝ බඩුමිල නිකම්ම පහළ වැටෙනවා. එකනේ අපි ඡන්දේ දුන්නේ...

:       5       69

Bamunuarachchi Wednesday, 16 September 2020 11:42 AM

ඔයගොල්ලෝ ඉන්නකොට ඔටුවෝ මොකටද?

:       17       1

irondi Wednesday, 16 September 2020 01:50 PM

තව මාස කීපයකින් කාට කාටත් එළොව පොල් පෙනේවි...

:       31       3

tilak Wednesday, 16 September 2020 01:54 PM

20 සම්මත ගත්තායින් පස්සේ ලැබෙන දේවල් අපිත් බලන් ඉන්නේ.

:       0       0

jagath ji Wednesday, 16 September 2020 02:27 PM

ජනතාවට 2/3ම ඉදිරියේදී අතපුරා ලැබේවි... බලන්නකෝ.. !!! 

:       1       9

JAGATH Ji Wednesday, 16 September 2020 03:05 PM

20 සම්මත වුණෙත් රටටම එළොව පොල් පෙනෙන එක නියතයි. සැපද?

:       17       5

jagath Ji Thursday, 17 September 2020 01:15 PM

ඉස්සරහට පොල් කුඩුත් නැතිවේවි... එතකොට අපි අහනවා ඡන්දෙ දීපු අයගෙන් දැන් සැපද කියලා...?

:       0       0

Bamunuarachchi Thursday, 17 September 2020 01:44 PM

මොකද රටේ තිබෙන පොල් වතු කෑලි කඩලා වික්කේ ආණ්ඩුවට? පොල් මිල අඩු කරන්න කියන්නේ රජයටද? මගේ වත්තෙන් දෙන පොල්වල මිල මම අඩුකරන්නේ නැහැ. ඔහෙලාට ඕනෑ තැනකින් ගන්න. පොල් වේලලා තෙල් හිඳවලා ගන්නවා. අඩුමිලට ගන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 205 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 694 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
2024 අප්‍රේල් මස 11 180 0

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් ත


පාතාලයට අවි සපයන්නන් අල්ලා දඬුවම් දිය නොහැකිද?
2024 අප්‍රේල් මස 10 326 1

පාතාලයන්ට මෙතරම් අවි කොහෙන් ද? මේ ඉකුත් සමයේ නිතර නිතර කතා බහට ලක්වූ මාතෘකාවකි. අන්ධයා අලියාගේ ස්වරූපය කියා පෑ හැටි සිහිපත් කෙරෙන උත්තර ඒවාට ලැබුණා මිස


පාසලක දුවා දරු ඉරණම දරුවන්ටම බාරදිය යුතුද?
2024 අප්‍රේල් මස 10 215 2

විෂය කටයුතුවලට අදක්ෂ දරුවන් හැඳින්වීම සඳහා පොදුවේ සමාජය තුළ ව්‍යවහාර වන විශේෂණ පදයක් වන්නේ ‘‘මැටි ගුලියක්’’ යන්නය. එහෙත් එය නිවැරැදි නොවේ. දක්ෂ, අදක්


ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අසරණ කරන්න එපා
2024 අප්‍රේල් මස 08 1116 6

ජ්‍යෙෂ්ඨ පුරවැසින්ගේ ප්‍රධානම ආදායම් මාර්ගයක් වන ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ක්‍රමය කාටත් නොදන්වා අක්‍රියකර දැමීම හේතුවෙන් එම පිරිස දැඩි අසීරුතාවකට පත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 197 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1482 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site