IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සම සමාජයෙන් විවියන් මතුවෙයි

අප මෙතෙක් කතාබහ කළේ සමසමාජයේ හවුල්කරුවන් ගැනය. එහෙත් මෙහිදී අප විසින් යළි එම කතා පුවතට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු ගැනද කිව යුතුව ඇත. එය දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ කළු වලාකුළු සිරිලක හැම ගම් දනව්වක්ම තෙරපෙමින් තිබුණු කාලපරිච්චේදයකි. නිදිගැට හැරදා අවදි වූ ජාති හිතෛෂීන් තම දේශයට සිදුවන්නට යන අභාග්‍යයේ ස්වරූපය කුමක්දැයි වටහා ගන්නට තැත් කළේ සමසමාජ පක්ෂය විසින් ගෙන යනු ලැබූ ජනතාව අවදි කිරීමේ ව්‍යාපාරය තුළින් ලද නව පන්නරය විසිනි.


මේ වන විට පාලක පක්ෂයයෙන් පාලනය තමන් අතින් බැහැර කරන්නට සමත් බලවේගයක් මතුව එන බව හොඳින් වටහා ගත් අතර එම බලවේගය සුනුවිසුනු කරන්නට නම් පළමුව එහි නියමුවන්ට දිය හැකි උපරිම දඬුවම් ලබාදීමට පියවර ගත යුතු යැයි අවබෝධ කරගත්හ.


මුළු රටම පෙළ ගැසෙන්නට විය. ගම හා නගරය යනු දෙකක් නොව එකක් බවට පත් කරමින් “සමසමාජය” පුවත්පත සිය උපරිම ශක්තිය යොදවමින් ජනතාව පෙළ ගස්වන්නට පටන් ගති. උගතුන් බුද්ධිමතුන් කරුණු කාරණා සහිතව ඉදිරිපත් කරන ලිපිලේඛන තුළින් සමාජයේ සිදුවන ක්‍රියාදාමය කුමක්දැයි යන්න පිළිබඳව හොඳ වැටහීමක් ලබාදිය හැකිවිය.


දිගින් දිගටම සිදුවන සමාජ විපර්යාසයකට මූලික හේතුව සමසමාජ පාක්ෂිකයන් බව වැටහුණ අධිරාජ්‍ය ගැති රජය නිරන්තර සෝදිසියෙන් සිටියේ මෙම පිරිස්වලට නායකත්වය දෙන ප්‍රධානීන් සිරගත කොට තබා නොගෙන රටේ සාමකාමී පාලනයක් ගෙන යා නොහැකි බව දැනුණු හෙයිනි.


රටේ මෙතෙක් කල් පැවති සාමකාමී වාතාවරණය තුරන් කරමින් වැඩපොළවල්හි වර්ජන පැවතෙමින් තිබිණ. කාර්යාල කටයුතු අඩපණ විය. ලංකා වතු කම්කරු සමිතිය මගින් උඩරට වතුකරයේ ආරම්භ කරන ලද වැඩ වර්ජන තුළින් රටට අතිශය ලෙස ආදායම් ලබාදෙමින් සිටි තේ වැවිලි ආර්ථිකයේ නියම ප්‍රතිලාභ ලබාගැනීමට නොහැකි විය. හදිසි නීතිය යටතේ වතු කම්කරු සමිතිය තහනම් විය. එයින් නොනැවතුණු රජය ලංකා සමසමාජ පක්ෂයේ නායකයින් සිරභාරයට ගන්නට තීරණය කෙරුණි.


නිරන්තරව සිදුවන්නේ කුමක්දැයි විමසිලිමත්ව සිටි සමසමාජ නායකයින්ගේ හදිසි රැස්වීමක් පැවැත්වුණි. ඉදිරියේදී විය හැකි ආපදාවලට එඩිතරව මුහුණ නොදුනහොත් මෙතෙක් කලක් ගෙන ගිය ඇපකැප වීම සුන්නද්දූලි බවට පත්වෙතැයි ඔවුහු කතිකා කළහ.


රහස් සංවිධානයේ කටයුතු භාර වූයේ රොබට් ගුණවර්ධනටය. ඔහුගේ සහායට ඩොරික්ද සූසා සහ රෙජී සේනානායක ඇතුළත් වූහ. සමසමාජ පුවත්පත කෙසේ හෝ නොකඩවා පළ කිරීමටත් පවත්වාගෙන යාමටත් යොමු කෙරුණේ පී. ඒ. ටී. පෙරේරාටය.


පක්ෂ නායකයන් සිරභාරයට ගැනීම අනිවාර්ය සිද්ධියක් බව දැන සිටියත් පිලිප් තම සොහොයුරු රොබට් හමුවී උපදෙස් දුන්නේ රහසිගත සංවිධානය නියමාකාරව කරගෙන යන අතරතුරේදී පළාත්බද තරුණ පිරිස් දැනුම්වත් කරන ලෙසටත්ය.


මෙහිදී අප විසින් සඳහන් කළ යුතු සුවිශේෂී කරුණක් ඇත. පිලිප්, රොබට් තම දරුවන් වුවද තමාගේ සොහොයුරියකගේ කුසෙහි උපන් විවියන්ද මෙම සමසමාජ ගමන් මගෙහි නායිකාවක්ව සිටි වගයි. බොරළුගොඩ රාලහාමි මෙම දැවැන්ත ජාතික ව්‍යාපාරයේ ප්‍රධානතමයා වූයේය. ඔහු සිය දූ දරුවන්ගේ සමාජවාදී ව්‍යාපාරයට අතහිත දෙමින් තමන් සතුව පැවැති අක්කර තුන් දහසක් පමණ වූ ඉඩකඩම් විකුණා දමා සැහැල්ලුවෙන් ජීවත් වූයේ අපේ රට අපේ ජන්ම භූමිය තමාගේ දරුවන් කරන අරගලය වෙනුවෙන්ය යන උද්ධෘතය සිහි තබාගෙනය.


1940 ජූනි 30 වැනිදා රාජ්‍ය විරෝධී කටයුතු ගැන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් විය. ඒ අනුව සමසමාජ පක්ෂ නායකයන් සිරභාරයට ගැනීමටත් ඔවුන්ගේ වෘත්තීය සමිති තහනම් කිරීමටත් සමසමාජ පුවත්පත විකුණා අසුවන පුද්ගලයෙකුට අවුරුදු හතක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ලැබෙන බවටත් නිවේදනය විය. රජයේ නිවේදනය නොතකා හරිමින් සමසමාජය පුවත්පත අලෙවි කරමින් සිටි තිදෙනෙකු අල්ලා ගත් පොලිසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළේය. ඔවුන් තිදෙනාට හත් අවුරුද්දක බරපතළ වැඩසහිතව සිරදඬුවම් නියම විය.


කලින් කතිකා කරගත් පරිදි ලෙස්ලි ගුණවර්ධන සැඟවී සිටින්නට තෝරා ගත්තේ රිචඞ් පීරිස්ගේ නිවසය. ටික දිනක් සැඟවී සිටියත් කිසිවකු තමා ගැන සොයන වගක් නොපෙනුණ බව පැහැදිලි කළත් එය නොඇසූ ලෙස්ලි තම නිවහනට ගියේ විවියන් පළමු දරුවා බිහි කරන්නට සූදානම්ව සිටි හෙයිනි. විවියන්ගේ තත්ත්වය තේරුම් ගෙන සිටි පිලිප් ගුණවර්ධන විවියන්ගේ තනියට තම බිරිඳ කුසුමා එහි රඳවා තිබිණි.


රිචඞ් පීරිස්ගේ ගෙදරින් ලෙස්ලි පිටවූ දිනයේම උසාවියේ සිටියදී කොල්වින් සිරභාරයට ගැනුණි. මේ ආරංචිය පිලිප්, ඇන්. ඇම්. ට දුරකථනයෙන් දැනුම් දුනි.


ඊළඟ වාරය තමාට බව කල්පනා කළ ඇන්. ඇම්. කොතැනක හෝ සැඟවී සිටිය යුතු යැයි තීරණය කළේය. කොතැනකට ගියත් නිකරුණේ සිටිය නොහැකි යැයි සිතූ ඇන්. ඇම්. දිව ගියේ තම පුස්තකාලයටය. කියවන්නට සුදුසු පොත් තෝරා ගන්නට ගිය ඔහුට කාලවේලාව අමතක විය. පොත් මිටියක් පරෙස්සමින් තෝරාගෙන එළියට එන විටම පොලිස් හමුදාවක් පැමිණ ඇන්. ඇම්. අත්අඩංගුවට ගනු ලැබිණි.


කාලයකට පසුව ගෙදරට පැමිණි ලෙස්ලි, විවියන් පිළියෙල කළ බත් මාළු පිනි කෑවේ දැඩි රුචියකිනි. තමා නිදහස් මිනිසෙකු යැයි ඔහුට හැඟීමක් ඇති විය. සැනසිල්ලේ සිටි ඔහු තද නින්දකට වැටුණි. ලෙස්ලි අල්ලා ගන්නට රිචඞ් පීරිස්ගේ ගෙදරට ගිය පොලිස් හමුදාවට ලෙස්ලි එහි නොමැති බව පෙනුණි. මේ වන විට ලෙස්ලිගේ නිවෙස වටාද පොලිස් කණ්ඩායමක් මුරට යොදා තිබුණි. යන එන්නවුන් ගැන දැඩි සෝදිසියක් පැවතුණි.


කොල්වින් සහ ඇන්. ඇම්. සිරභාරයට ගෙන සිටින බව දැනගත් සමසමාජ පක්ෂයේ ඉහළ පෙළේ පිරිස දැඩි කලබලයකට පත්වී සිටියහ. ලෙස්ලි ගුණවර්ධන පොලිසියට අසුවුවහොත් අවස්ථාවේ හැටියට විශාල පාඩුවක් වෙතැයි සිතූ ජැක් කොතලාවල හා රෙජී පෙරේරා රේසිං කාරයක නැගී ලෙස්ලිගේ නිවසට ගියහ. හදිසියේ පැමිණි මේ වාහනය පරීක්ෂා කළ පොලිස් පිරිස එහි ලෙස්ලි නොමැති බව දැක ඔවුන්ට යන්නට හැරියද සැප නින්දකට යොමු වී සිටි ලෙස්ලි හදිසියේ අවදි වූයේ ඔවුන් තම ඇඳ ළඟටම පැමිණ එළිකළ පුවත සමගිනි.


“අන්න කොල්වින් ඇන්. ඇම්. අල්ලගෙන ඉක්මන් කරමු.”


ලෙස්ලි කලබලයට පත්විය. ඔහු ඇඳ සිටි ඇඳුමත් සමගම ඇඳුම් රාක්කයේ තිබූ කලිසමක් ගෙන හැඳ ගත්තේය. රේසිං කාරයේ කැන්වස් රෙද්දෙන් වැසී සිටි ලෙස්ලි රැගත් මිතුරන් දෙදෙනා යළි පරීක්ෂා කිරීමට පොලිසිය උත්සාහයක් නොගත්තේ විනාඩි කිහිපයකට පෙර එම රථය පරීක්ෂා කළ හෙයිනි.


පිලිප් ඇන්. ඇම්. කොල්වින්, එඞ්මන්ඞ් සමරක්කොඩි යන පක්ෂයේ ප්‍රබලයන් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබිණි. ගෙදරින් පැනගත් ලෙස්ලි නැදිමාලේ නිවසක සැඟව ගත්තේය.
කුලුඳුල් දරු ප්‍රසූතියට සූදානම්ව සිටියත් විවියන්, ලෙස්ලි, පිලිප් හා ඇන්. ඇම්. කොල්වින් ඇතුළු පිරිස ගෙන යන සටනට තම ශක්ති පමණින් උදව් කිරීම තමන්ගේ වගකීම බව සිතුවාය.


මේ කාලයේ ආනන්ද විද්‍යාලයේ මහා සැණකෙළියක් පැවැත්වෙමින් තිබුණි. සමසමාජ සටන් ව්‍යාපාරය ගැන මුද්‍රණය කරගත් පත්‍රිකා මිටියක් සඟවාගෙන එහි ගිය විවියන් ජනතාව අතර ඒවා බෙදාහරින්නට වූවාය. විදුහල්පති කුලරත්න මහතාට මේ බව ආරංචි විය. පත්‍රිකා බෙදමින් සිටි විවියන් කුලරත්නගේ අතටම අසුවිය.


කරුණාකරලා මෙතන දේශපාලන පත්‍රිකා බෙදන්න එපා. මේක පාසලක්. මෙතැන මේ වගේ වැඩ කෙරෙනවාට මම කැමති නැහැ. කුලරත්න කීවේය.


විවියන්ගේ මුහුණ අඳුරු වී යන හැටි එතැන සිටි කාන්තාවෝ කිහිපදෙනෙක් දැකගත්හ.


“එයා ඉන්න තත්ත්වය බලන්න. ළමයෙක් ලැබෙන්න ඉන්න කෙනෙකුගේ හිත රිදවන්න ලැජ්ජ නැද්ද?” කුලරත්න එතැනින් ඉවත් වෙත්ම එම පත්‍රිකා මිටිය ඉල්ලාගත් ඔවුහු “අපි මේවා බෙදන්නම් ඔයා යන්න” යැයි කීහ.


මොහොතක් ගත විය. ආපසු හැරී ගිය විදුහල්පති කුලරත්නගේ හඬ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ඇසෙන්නට විය.


“කානිවල් එකට ආපු කිසිම කෙනෙක් ඉස්සරහ ගෑනු කට්ටියක් බෙදන පත්‍රිකා ගන්න එපා. ඒවා රාජ්‍ය විරෝධී පත්‍රිකා.”


පොලිස් අධිකාරී සිඞ්නි සොයිසා විවියන් ළඟට පැමිණියේය. ඔහු විශ්ව විද්‍යාල ජීවිතයේදී විවියන්ගේ සමීප මිතුරෙකි.


ඉක්මන් කරලා මෙතනින් යන්න. ඔයගොල්ලෝ ගැන කුලරත්න පොලිස්පතිට දන්වලා. විවියන් කුසුමා සමග එතැනින් පිටත්ව ගියහ.

 

 

 



අදහස් (0)

සම සමාජයෙන් විවියන් මතුවෙයි

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12093 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6796 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14478 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14836 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2759 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site