IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


යූ.එන්.පියට දේශප්‍රේමීන්ගෙන් වෙඩි උණ්ඩ

තිස්සගේ මතක වත-77

අපේ රටේ දේශපාලන ඉතිහාසයේ අමතක නොවන සිදුවීම් ගැන කතා කරද්දි පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමේ සිදුවීම විශේෂ එකකි.


ඉන්දු - ලංකා ගිවිසුමත් එක්කම රටේ විවිධ නොසන්සුන්තාවන් ඇති වුණා. එකක් තමයි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නැගී සිටීම. ඒක දේශපාලන මුහුණුවරකට වඩා ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විදියට තමයි ඉස්මතු වුණේ. ඒක භීෂණකාරී වටපිටාවක් ඇති කරන්න සමත් වෙච්ච එකක්. ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමත් එක්කම වගේ මේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කඩාකප්පල්කාරී ක්‍රියාකාරකම් සිද්ධ වෙන්න පටන් ගත්තා. පොදු දේපළ විශාල වශයෙන් විනාශ වුණා ඔවුන් අතින්. පුද්ගල ඝාතන, බියවැද්දීම්, පහරදීම් පවා සිද්ධ වුණා. ඉන්දීය සම්භවයක් ඇති අයට විශේෂ වශයෙන් මෙතනදි තර්ජන එල්ල වුණා.


ඉන්දියන් භාණ්ඩ වර්ජනය කරන්න කියල මේ අය ලොකු ප්‍රචාරයක් ගෙනිච්චා.


ඒ කාලේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිනිය වශයෙන් කටයුතු කළේ ග්ලැඩිස් ජයවර්ධන. ඒ නෝනා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ඥාතිවරියක්. ඒ සභාපතිනිය ඉන්දියානු බෙහෙත් ආනයනය කරනවා කියන කාරණය උඩ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ඝාතකයන් එතුමියට මහ පාරේදි වෙඩි තියලා ඝාතනය කළා. මේක එක අතකින් ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාටත් එල්ල කෙරුණු ප්‍රහාරයක්. මේ තත්ත්වයෙන් භීතියට පත් වෙච්ච බොහෝ දෙනා ඉන්දීය බඩු කඩවල්වල ප්‍රදර්ශනය කරන එක පවා නැවැත්වූවා.


මීට සමගාමීව දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයන්ට සහ ප්‍රාදේශීය සංවිධායකවරුන්ට දැඩි ලෙස තර්ජන එල්ල කළා. සමහරු ඝාතනය කළා. එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් කටයුතු කිරීමෙන් වළකින්න කියලා ඒ අය තර්ජනය කළා. එහෙම නොකරපු අයව ඝාතනය කරන්න තරම් තත්ත්වය දරුණු වුණා.


දේශපාලන නායකයෝ, භික්‍ෂූන් වහන්සේලා, විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු විශාල පිරිසක් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ තුවක්කුවලට ගොදුරු වුණා. මේ තත්ත්වය පාලනය කරන්න ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ලොකු වෙහෙසක් ගත්තා. හමුදා ක්‍රියාන්විත සිද්ධ වුණා. ඒත් තත්ත්වය  එන්න එන්නම දරුණු වුණා. එක්සත් ජාතික පක්‍ෂ විරෝධී ජනතා සහායත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට ලැබුණු බවකුත් පේන්න තිබුණා.
මේ තත්ත්වය පාලනය කරන්න ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට ලොකු ඕනෑකමක් තිබුණා. ඒකට හමුදා පාලනය දැඩි කරනවා වගේම ඉන්දු - ලංකා ගිවිසුමට අනුව බලය බෙදීමේ ක්‍රියාමාර්ගයකටත් යන්න ඔහු කල්පනා කළා. මේ සඳහා අවශ්‍ය අණපනත් පාර්ලිමේන්තුවට ගෙනල්ලා, සම්මත කර ගැනීමේ සූදානමකුත් මේ අතරේ සිද්ධ වුණා. මේ වැඩ කටයුතු සිද්ධ වෙන අතරේ මේ සඳහා අවශ්‍ය කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දවසෙ රටේ ලොකු කලබලකාරී තත්ත්වයක් ඇති වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් මේ පිළිබඳව තර්ජන එල්ල වෙමින් තිබුණේ බලය බෙදන පළාත් සභා පනතට සහයෝගය දෙන්න එපා කියලා තමයි මන්ත්‍රීවරුන්ට තර්ජන එල්ල වුණේ. ඒක නිසා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන අවධානය යොමු කරන්නත් ආණ්ඩුවට සිදුවුණා. එදා පනත සම්මත කරන දවසේ මැති ඇමැතිවරු පාර්ලිමේන්තුවට එක්ක ගියේ දැඩි රැකවල් මැද්දේ. ඊට කලින් දවසේ සමහර මැති ඇමැතිවරු කොළඹට ගෙන්නගෙන හෝටල්වල නතර කරගෙන ඉඳලා තමයි පහුවැනිදා පාර්ලිමේන්තුවට එක්ක ගියේ. “ඉන්ටර්කොන්ටිනෙන්ටල්” හෝටලයෙත් ශාවස්තියෙත් සමහරු නවාතැන් ගත්තා. ඒවට ඉහළ පොලිස් ආරක්ෂාවක් දාලා තිබුණේ. මේ අය පාර්ලිමේන්තුවට එක්ක ගියේ එකම වෙලාවේ.


එදා පාර්ලිමේන්තුව පටන් ගන්න කලින් උදේ වරුවෙ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගෙ මූලිකත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වූවා. ඒ පළාත් සභා පනත් කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අගමැති ප්‍රේමදාස මැතිතුමා ඇතුළු සියලු මැති ඇමැතිවරුන් වගේ මේකට සහභාගි වුණා. මේ රැස්වීම යන අතරේ එක පාරටම පාර්ලිමේන්තුව ඇතුළෙ බෝම්බයක් පිපිරුණා.

 


තව කොටසක් ලබන සතියට....

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

යූ.එන්.පියට දේශප්‍රේමීන්ගෙන් වෙඩි උණ්ඩ

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12094 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6797 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site