IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නිතරගයෙන් පත්වූ මන්ත්‍රීවරු

 

 

කොට්ඨාස පදනම් කරගෙන මන්ත්‍රීන් තෝරන ක්‍රමය ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන්ම අරඹන ලද්දේ 1931 සර්වජන ඡන්ද බලය ආරම්භ වී රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය ආරම්භ කිරීමත් සමගය. එහෙත් 1947 වන තෙක් දේශපාලන පක්ෂ ක්‍රමය වැඩිදියුණු නොවූ බැවින් තනි තනි පුද්ගලයා මැතිවරණයට ඉදිරිපත් වූයේ තම තමන්ගේ ජනප්‍රියත්වය, ප්‍රභූත්වය පදනම් කර ගෙනය. 1931 ආණ්ඩුක්‍රමය තුළ රාජ්‍ය මන්ත්‍රණ සභාවට ලංකාව බෙදා ඡන්ද කොට්ඨාස 50ට මන්ත්‍රීන් තෝරා ගැනීමට 1931 ජූනි මාසයේ මැතිවරණ පැවැත්විණි. එහිදී මන්ත්‍රීන් 08 දෙනෙක් නිතරගයෙන් පත්වූහ.


1. මිනුවන්ගොඩ ආසනය - ඩී. එස්. සේනානායක
2. කැලණිය ආසනය - සර් ඩී. බී. ජයතිලක
3. වේයන්ගොඩ ආසනය - ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක
4. හැටන් ආසනය - පැරී සුන්දරම්
5. බදුල්ල ආසනය - ඩී. එච්. කොතලාවල
6. දැදිගම ආසනය - ඒ. ඇෆ්. මොලමුරේ
7. රුවන්වැල්ල ආසනය - ජේ. එච්. මීදෙනිය අධිකාරම්
8. බළන්ගොඩ ආසනය - ජේ. සී. රත්වත්ත අධිකාරම්


දකුණු කොළඹ ආසනය සඳහා පත්වූ එස්. ඩබ්. දහනායකගේ මරණය නිසා 1935.06.07 වැනි දින පැවැති අතුරු මැතිවරණයෙන් දොස්තර ඊ. ඒ. කුරේ ද නිතරගයෙන් තේරී පත්විය. පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අවුරුදු 05ක නිල කාලය අවසන් වීමෙන් පසුව 1936 පෙබරවාරි - මාර්තු මාසවල පැවැති දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවට කොට්ඨාස 50 සඳහා පැවැත්වූ මැතිවරණයේදී මන්ත්‍රීවරු 07 දෙනෙක් නිතරගයෙන් පත්වූහ.


1. මිනුවන්ගොඩ - ඩී. එස්. සේනානායක
2. කැලණිය - සර් ඩී. බී. ජයතිලක
3. වේයන්ගොඩ - එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක
4. කයිට්ස් - ඩබ්. දොරේසාමි
5. කුරුණෑගල - ජේ. ඇල්. කොතලාවල
6. හලාවත - ජී. සී. එස්. කොරයා
7. අනුරාධපුරය - එච්. ආර්. ප්‍රීමන්


1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් පසු අතුරු මැතිවරණ විසි හතරක් පවත්වනු ලැබීය. එම අතුරු මැතිවරණවලදී ද 1936.10.26 පැවැති බදුල්ල අතුරු මැතිවරණයෙන් ඩී. එම්. කොතලාවල මහතා නිතරගයෙන් පත්විය. 1946.07.14 පැවැති හම්බන්තොට අතුරු මැතිවරණයෙන් ඩී. ඒ. රාජපක්ෂ මහතා ද පත්වූයේ නිතරගයෙනි.
1947 මහ මැතිවරණය වන විට ලංකාව ඡන්ද කොට්ඨාස අසූ නවයකට බෙදා බහු ආසන සමග මන්ත්‍රීවරු 95 දෙනෙක් තෝරා ගත යුතු වූ අතර, එම 1947 මහ මැතිවරණය පවත්වන ලද්දේ දින 19ක් මුළුල්ලේය. 1947 ජූලි 23, 25, 26, 27, 28, 30 අගෝස්තු 1, 4, 6, 8, 9, 10, 11, 13, 15, 16, 17, 18, 20 එම දින 19 යි. මේ වන විට දේශපාලන පක්ෂ ක්‍රමය දක්නට ලැබූ අතර, ඒ ඒ පක්ෂවලින් අපේක්ෂකයින් තරග කිරීම ආරම්භ විය. මෙම මැතිවරණයේදී පුත්තලම ආසනයට එ.ජා. පක්ෂයෙන් ඉදිරිපත්වූ එච්. ඇස්. ස්මයිල් මහතා නිතරගයෙන් පත්වූයේ කිසිදු පක්ෂයක් ඔහු හා තරගයට ඉදිරිපත් නොවූ බැවිනි.


1960 සිට ඡන්ද කොට්ඨාස සංඛ්‍යාව 145 වූ අතර, බහු ආසන සමග මන්ත්‍රීවරු 151ක් තෝරා ගත යුතු විය. 1965 මැතිවරණය පවත්වන දිනය 1965 මාර්තු 22 වැනිදා නාමයෝජනා භාරගනු ලැබුවේ 1965 ජනවාරි 11 දිනදීය. එහිදී දකුණු කොළඹ බහු ආසනය සඳහා ප්‍රබල පක්ෂ දෙකක ප්‍රබල නායකයින් දෙදෙනෙක් නිතරගයෙන් පත්වූහ. මෙය දුර්ලභ අවස්ථාවක් වූයේ පක්ෂ දෙකක දෙදෙනෙක් නිතරගයෙන් පත්වීමයි.


1. එක්සත් ජාතික පක්ෂය - ජේ. ආර්. ජයවර්ධන
2. ලංකා සමසමාජ පක්ෂය - බර්නාඞ් සොයිසා එසේ තේරී පත්වූ දෙදෙනාය.


එම මැතිවරණයේදී එ.ජා. පක්ෂය වැඩි ආසන ගණනක් ලබාගනිමින් තවත් සුළු පක්ෂ කිහිපයක් සමග එක්වී ආණ්ඩුවක් පිහිටවනු ලැබීය. නිදහසින් පසු එතෙක් ආණ්ඩුවක් තම නිල කාලය සම්පූර්ණ කළ ආණ්ඩුව එය විය.


1970 මැයි 27 වැනි දින පැවැති මහ මැතිවරණය සඳහා නාමයෝජනා ගැනීම 1970 අප්‍රේල් 23 සිදුවූ අතර, වැලිමඩ ආසනය සඳහා ශ්‍රීලනිපයේ ආර්. එම්. බණ්ඩාර මහතා එහිදී නිතරගයෙන් තේරී පත්විය. වෙනත් පක්ෂයකින් හෝ ස්වාධීනව වෙනත් කිසිදු අපේක්ෂකයකු ඉදිරිපත් නොවීම ඊට හේතුව විය. 1977 මැතිවරණයෙන් පසු කේවල ඡන්ද කොට්ඨාස ක්‍රමය අහෝසි වී සමානුපාතික මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වීම සමග නිතරගයෙන් මන්ත්‍රීන් පත්වීම අහෝසි විය.

 

 


බණ්ඩාරගම - සමරසේන මුදලිගේ
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

නිතරගයෙන් පත්වූ මන්ත්‍රීවරු

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12093 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6796 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14478 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14836 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2759 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site