IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇන්. ඇම්ගෙන් මැතිනියට ප්‍රහාරයක්

 

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු ‘මගේ සැමියා නොමරා මැරුවේ ඇන්. ඇම්.යි, ලොවට කියූ සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිනිය, දේශපාලන වශයෙන් සිදුවී ඇති එම මරණයට වග කිව යුතු යයි කියන ලංකා සම සමාජ පක්‍ෂයේ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා සමග, දේශපාලන දීගෙක යන්නට තම සුරත දිගු කළේ, මුල් බැස ගෙන තිබූ යට කී සිද්ධිය, මොන කරුණකින් හෝ අමතක කරමිනි.


1960 ජුලි මහ මැතිවරණයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බලයට පත්වුණ ද, 1960 මාර්තු මාසයේ ඩඞ්ලි සේනානායක මහතා මන්ත්‍රී ආසන 50ක් ලබා රජයක් පිහිටුවූ නමුත් ජුලි මැතිවරණයේ දී එය 30ට බැස්සවීමට කටයුතු කළේ, ලංකා සම සමාජ පක්‍ෂය ඇතුළු වමේ පක්‍ෂ විසින් බව පසුව ඇන්. ඇම්. මැතිනියට සිහිපත් කර දී ඇත.


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ලංකා සම සමාජ පක්‍ෂය අතර වරින් වර ඇති වූ සම්බන්ධතා පිළිබඳව මැතිනියට තව දුරටත් මතක් කර දෙන ඇන්. ඇම්. ලංකා සම සමාජ පක්‍ෂය හා ඒකාබද්ධ වී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇති කළ සමගි පෙරමුණේ ඇමතිවරුන් වශයෙන් තමාත්, අචාර්ය කොල්වින් ආර්. ද සිල්වා හා ලෙස්ලි ගුණවර්ධනත් නියෝජ්‍ය ඇමති වශයෙන් නීල් ද අල්විස් පත් කරගත්තේ තවත් එක සම්බන්ධතාවකින් බව ද හෙළි කරයි.


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු වාමාංශික පක්‍ෂ පොදු සතුරා ලෙසින් සලකන එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධව වෙන් වෙන් වශයෙන් වූවද, රැස්වීම් වලින් හා මැයි පෙළපාළිවලින් උද්ඝෝෂණවලින් ප්‍රහාර එල්ල කළ නමුත්, එක් කඳවුරකට එක්කාසු වීමට තරම්, එකිනෙකා අතර සමගියක් නොවීය.


එහෙත්, 1960 ජුලි මාසයේ ජනතාව දුන් බලය ඒ හැටියෙන්ම ආරක්‍ෂා කර ගන්නට අපොහොසත් වූ සිරිමා රජය කෙමෙන් කෙමෙන් ජනතා අප්‍රසාදයට පත් වන්නට විය.


බණ්ඩාරනායක මහතාගේ රජයටත් ඇතුළත් නොකර ගත් පිලීක්ස් ඩයස් බණ්ඩාරනායක මහතා මැතිනියගේ රජය තුළ ඒ වන විටත් ප්‍රබල තත්ත්වයකින් පසුවිය. ඔහු කැබිනට් මණ්ඩලය දෙකට කැඩෙන තත්ත්වයෙන් පස් දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් අලුත් ආණ්ඩුවක් ඇති කරන්නට ‘ජුන්ටා’ එකක් හදා මිලිටරි බලයක් ආරෝපණය කරගත් අතර, පිලිප් ගුණවර්ධන සමග ද රහසේ සාකච්ඡා කොට, මැතිනිය ද ඇතුළත් කර, දිගින් දිගටම රහස් කුමන්ත්‍රණ පැවැත්වීය.


රහසේ කෙරුණු මෙම සාකච්ඡාව පිළිබඳව ඉවවැටීමෙන් පසු, බද්යුද්දීන් මහමුද් හා ටී. බී. ඉලංගරත්න ඇමතිවරුන් වමේ කොටස් සමඟ සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, 1964දී සමගි හවුලේ රජයක් බිහි වූ අතර, කුමන හේතුවක් මත හෝ පිලිප් ගුණවර්ධනට කළ ආරාධනය ඔහු ප්‍රතික්‍ෂේප කළේය.


එකම වාමාංශික කඳවුරක සිටිය දී ඇන්. ඇම්ලා එතොත්, ඔවුන් සමඟ එකතුවීමට පිලිප්ගේ නොකැමැත්ත එයින් තවත් වරක් ප්‍රදර්ශනය වූ බව දේශපාලන විචාරකයන්ගේ මතය වූ බවද ඇන්. ඇම්. ප්‍රකාශ කර සිටී. එසේම දක්‍ෂිණාංශයේ ප්‍රබලයෙකු වූ සී. පී. ද සිල්වා, පිලිප්ට නොරිස්සූ අතර පිලික්ස්ගේ ‘ජුන්ටා’ එකේ එක කකුලත් තබා ගෙන සිටීමත් පිලිප් නොරිස්සූ හේතුවකැයි ද ඇන්. ඇම්. කියයි.


මුලදි මුලදී ඇන්. ඇම්. පිළිබඳව මැතිනිය මොන විදියේ අදහසක් දැරුවද, සමගි පෙරමුණු රජයක් බිහි කරවා එය සාර්ථක කර ගැනීමට මොන තරම් උනන්දුවක් දැක්වූවාදයත්, ඇන්. ඇම්.ගේ ගෙදර, මාසයක් පුරාවට එක් නිලධාරියකු, කිහිප වතාවක්ම යවා ඇත.


මේ අනුව, නුවර එළියේදී සාකච්ඡා ආරම්භ වී අවසන් වූ නමුත්, කොතෙකුත් කැඳවීම් කළත් ඉහත සඳහන් කළ හේතූන් මත පිලිප් ගුණවර්ධන ඊට සහභාගි නොවීය. පසුව දැන ගන්නට ලැබුණේ, පිලිප්ගේ බිරිඳ කුසුමා ගුණවර්ධනගේ විරුධතාව ද, ප්‍රධාන හේතුවක් වී තිබූ බවය, මැතිනිය කුමන අදහස් දැරුව ද, සමගි පෙරමුණ රජය බිහි කර ගැනීමට එකඟතාවක් ඇති වූයේ, සෑහෙන දුරට සාකච්ඡා වට කිහිපයකින් පසුව බවද ඇන්. ඇම්. අනාවරණය කරයි.


මැතිනියගේ ඉල්ලීම අනුව, සමගි පෙරමුණේ රජයක් ප්‍රතිෂ්ඨාපනය කිරීමට ඇන්. ඇම්. කොන්දේසි දෙකක් ඉදිරිපත් කරන ලදී.
එක් කොන්දේසියක් වූයේ සමගි පෙරමුණේ රජයට ඇතුළත් විය යුත්තේ, පැහැදිලි වැඩ පිළිවෙළක් අනුව බැවින් ක්‍රියාත්මක කළ යුතු ඉල්ලීම් දහතුනක් ඔහු එයින් ඉදිරිපත් කරන ලද අතර, දෙවැනි කොන්දේසිය වූයේ මුදල් ඇමතිකම තමාට ලබා දිය යුතු වීමය. එයට එකඟ වූ මැතිනිය ලංකා සම සමාජ පක්‍ෂයට ඇමති පදවි හතරක් දෙන බව ද පැවසුවාය.


1964 ජුනි මස 14 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ලංකා සම සමාජ පක්‍ෂය ඒකාබද්ධ රජයක් පිහිටුවූවේය. නැවතත් 1970 දී සමගි පෙරමුණ රජයක් බිහි වූ අතර ද්විත්ව අචාර්යතුමාට කොකා පෙන්වමින්, රජය ඉදිරියට පවත්වාගෙන යෑමට විනා, අභ්‍යන්තරයේ කැකෑරෙන වාමාංශික විරෝධිකම මොහොතකට හෝ ඉස්මතු කර ගනිමින් ඇමති පදවි හතර, තුනකට බස්සවා ඇන්. ඇම්. මට්ටු කළාය. දිවුරන්නට ගොස් සිටි අවස්ථාවේදී ද පොරොන්දු වූ පරිදි පක්‍ෂයට ලබා දී තිබුණේ, නිවාස කටයුතු අමාත්‍යාංශය නොවේ. සියල්ල දමලා ගසා යන්නට සිතුණත්, ජනතාව පැත්තෙන් සිතා, ඉවසා විඳ දරා ගෙන සිටිය නමුත්, ඔහු කැබිනට් රැස්වීම්වලට ගොස් ඇත්තේ, ජේ.ආර්. තම මන්ත්‍රීන්ගෙන් දින රහිත ලිපි භාරගත්තාක් මෙන් දින රහිත ඉල්ලා අස්වීම් සාක්කුවේ දාගෙනය. මෙවැනි කෙනිත්තීම්වලින් සමඟිය බිද දැමීමට ඇන්. ඇම්. කැමති වූයේ නැත. වාමාංශික ප්‍රබලයන් පවා මැතිණියගේ නිවසේදී මේ පිළිබඳව සාකච්ඡා කළ අතර, නොයෙකුත් ප්‍රශ්න සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන එකඟතාවකට පැමිණීමට උත්සාහ ගනු ලැබීය. ටී. බී. සුබසිංහ, ටී. බී. ඉලංගරත්න, 


බද්යුද්දීන් මහමුද් ආදීන් සමග ඇන්. ඇම්. ලා ඉතා සහයෝගයෙන් කටයුතු කළත්, පීලික්ස් ඩයස් බණ්ඩාරනායක එම කිසිවකටවත් සහභාගි නොවී, ප්‍රතිඵල වලින් ප්‍රයෝජන ගන්නට සමත් වූ බව ද ඇන්. ඇම්. සඳහන් කර ඇත.


ශ්‍රීලනිප, ලසසප ඇතුළු වාමාංශික පක්‍ෂ 1968 පෙබරවාරි 28 වැනිදා බෝගම්බර දී ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව ඉදිරියේ පොරොන්දු වූයේ, එළඹෙන මහ මැතිවරණයෙන් ජයගෙන රට ඉදිරියට ගෙන යන බවටය. ජනතාවට දුන් ප්‍රතිඥාවලට බාහිරව අභ්‍යන්තර වශයෙන් ඇන්. ඇම්.ට මුදල් ඇමතිකම දෙන බවට ස්ථිර වශයෙන්ම මැතිනිය පොරොන්දු වූවත්, 1970 මැතිවරණයෙන් පසු එය දීම පිළිබඳව වැනෙන සුළු ප්‍රතිපත්තියක් මුලින් මුලින් අනුගමනය කළාය. පසුව නොදී බැරිකමට දෝ ඇන්. ඇම්.ට මුදල් ඇමතිකම දුන්නාය. එයද, අමාත්‍යාංශයේ සැලකිය යුතු කොටසක් පීලික්ස් ඩයස් බණ්ඩාරනායකට දීමෙන් හෑල්ලු කිරීමෙනි. ඇමති පදවි හතරක් දෙන බවට මුලින් පොරොන්දු වූවත් පසුව එය තුනකට සීමා කළේ මැතිනියගේ ගුණමකුකම ඉස්මතු වීම නිසා දැයි ප්‍රශ්න කරන ඇන්. ඇම්. තවදුරටත් සඳහන් කළේ, මෙම කරුණ නිසාත් ඇමතිකම කප්පාදු කිරීම නිසාත් තමන් බෙහෙවින් කල කිරී සිටි බවය.


ලංකා කම්කරු සම්මේලනය මගින් මෙහෙය වූ පෙළපාළියකට යන්නට නොදී අවහිර කළ මැතිනිය, ඒ අවස්ථාවේ පිට රටක සිටිමින් ඇදිරි නීතිය පවා දැමීමට තීරණය කළ බවත්, මේ හැම දෙයක් ගැනම තමන් ඉවසූ බවත්, නමුත් දිගින් දිගටම කරන ලද විරුද්ධවාදි කම් ඉවසා සිටියේ මැතිනිය නොව තමන් බවත් ඇන්. ඇම්. ප්‍රකාශ කර ඇත.


මෙම තත්ත්වය අහම්බෙන් පැන නැගුණු එකක් නොව, කලින් කෙරුණු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකි. දොම්පේ රැස්වීමක දී පීලික්ස් ඩයස් බණ්ඩාරනායක කියා ඇත්තේ, සැප්තැම්බර් මාසයේ කැබිනට් සංශෝධනයක් එන බවය. අනුර බණ්ඩාරනායකගේ “අද” පත්‍රයේද ඒ බව සඳහන් කර තිබුණි. 


විශේෂයෙන්ම ඇන්. ඇම්.ගේ අය - වැය යෝජනාවලින් පහර වැදුණු මුදලාලිලාට අවශ්‍ය වී තිබුණේ ඔහු මුදල් ඇමතිකමෙන් ඉවත් කිරීමටය. 1975 ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වූ අය-වැය ලේඛනයෙක් මුදලාලිලාට ඇන්. ඇම්. කිසිදු ආකාරයකින් ජනතාව ගසා කෑමට ඉඩක් නොදෙන බව සමහර දක්‍ෂිණාංශික ඇමතිවරුන් පවා කල්තියා දැනගන්නට ලැබීම නිසා වියරු වැටී සිටි ඔවුන්, ඇන්. ඇම්. පන්නා දැමීමට නොකළ දෙයක් නැත.


“මැතිනිය සමාජවාදී රජයක් ඇති කරගෙන, සමාජවාදී පදනමක් මත, සමගියෙන් මේ රට ඉදිරියට ගෙන යනවාය කියා පොරොන්දුවක් දුන්නා. ඒක කඩ කළොත්, ඊට බාධා වන කිසිවක් කළොත් රටේ ජනතාවගේ ද්‍රෝහියෙකු වන බව මා පැහැදිලි වශයෙන් ප්‍රකාශ කරන්නට ඕනෑ. මා හිතන හැටියට ඔය විදියේ වැඩ කොටස් කරන්නට පෙර නැවතත් ජනතාවගෙන් ඉල්ලන එකයි මැතිනියගේ යුතුකම” යනුවෙන් ඇන්. ඇම්. මැතිනියට ප්‍රකාශ කළේ, හිතට විරුද්ධව ඇමතිකම් දරනවාට වඩා ජනතාවට ද්‍රෝහි නොවී, බොරු කාරයෝ නොවී, ඇමතිකම් හැර දමා යෑම තමන්ටත් තම සගයන්ටත් ගත යුතු එකම තීරණය බව අවබෝධ කර ගනිමිනි.


එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර



අදහස් (0)

ඇන්. ඇම්ගෙන් මැතිනියට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12095 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6797 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site