IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


අම්මා මට්ටු කරන්න කරණමක් ගැසූ අනුර පුතා

 

මුල්ම දේශපාලන පක්‍ෂය වෙමින්, ලංකා සමසමාජ පක්‍ෂය, ඒ පිළිබඳ කිසිත් හසරක් නොදන්නවුන් මෙන් සිටි පොදු ජනතාව අන්දුන් කුන්දුන් කරමින්, කළඑළි බැස්සේ අනාගත අපේක්‍ෂාවන් සහිතවය.


නොබෝ දිනකින්ම සිංහල මහ සභාව හා සිංහල ජාතික සංගමය ඒකාබද්ධව සිංහල - දෙමළ - යෝනක - මැලේ ආදී ස්වදේශිකයන් ඒකරාශි වී සියලුම ජාතීන් එක්සත් කරමින්, එක්සත් ජාතික පක්‍ෂය නමින් ප්‍රබල දේශපාලන සන්ධානයක් මෙරටට බිහි කරන ලද්දේත්, පරදේශක්කාරයන් උදුරාගත් පාලනය ස්වදේශකයන් අතට ගැනීමටය. 


මෙම විපක්‍ෂය පිහිටුවීමෙහිලා පුරෝගාමී වූවන් අතර ඩී. ඇස්. සේනානායක ප්‍රබල වූ අතර, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ද ඉහළින්ම කැපී පෙනෙුන සුවිශේෂි චරිතයක් විය.


පසුව ඇති වූ ප්‍රතිපත්තිමය නොගැළපීමක් නිසා, බණ්ඩාරනායක, එක්සත් ජාතික පක්‍ෂය හැර ගොස්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නමින් එ.ජා.පයට ප්‍රබල අභියෝගයක් කිරීමට නව දේශපාලන සංවිධානයක් ගොඩ නැගීය.


1947 පටන් මෙරට දේශපාලන තට්ටු මාරු ඉතිහාසයේ, එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රධාන කොට, වරින් වර, ආණ්ඩු පිහිටුවීමෙහිලා පොදු ජනතාවගෙන් දේශපාලන වරම් ලබා ගත්තේ, එම දෙපක්‍ෂය ජනතා සිතුම් - පැතුම් තුළ පැළපදියම් වෙමින්, එයින් එහාට වෙනත් බලවේගයක් කෙරෙහි විශ්වාසයක් නොකළ බැවිනි.


දේශපාලන ඉතිහාසයේ මෙම දෙපක්‍ෂය වරින් වර ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසු දෙපක්‍ෂයෙන්ම, බලයේ පැවති පක්‍ෂයට පැන ගත්තෝ ද විරල නොවූහ.


එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක 1951 දී එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වූ අන්දමට මෑත කාලයේ ඔහුගේ එකම පුත් අනුර ඩයස් බණ්ඩාරනායක ද තම පියා හැදූ, පසුව තම මව නායකත්වය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්ව, කලකට ඉහතදී තම පියා ද හවුල්ව හදා, පසුව ඉවත් වූ එක්සත් ජාතික පක්‍ෂයට බැඳීම, පියාගෙන් සිදුවූ අත්වැරැද්දක් නිවැරදි කිරීමකැයි සමහර දේශපාලන විචාරකයෝ අර්ථකථනය කළහ. මව මට්ටු කිරීමට ඇති හොඳම පිළියම එක්සත් ජාතික පක්‍ෂයට හේත්තුවීම බැව් ඔහු සිතුවා වන්නට ද පුළුවන. 


තම මව වන සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක හා අනුර පුතා අතර පැවති මතභේදයක් උඩ දෙදෙනාගේම නායකත්වය යටතේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළම වෙනම දෙකල්ලියක් බිහිවී මහා ගාලගෝට්ටියක් ඇති විය. එවිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ, තනතුරුවලින් හා පක්‍ෂයෙන් ඉල්ලා අස්වූ අනුර බණ්ඩාරනායක, “ඕනෑ කුදයක් ගහගනිල්ලා” කියන්නාක් මෙන්, සියල්ල අත්හැර ලන්ඩනය බලාගියේ පක්‍ෂය හා මව ගැන ද දැඩි කනස්සල්ලකිනි. 


මෙය මවට ඉවසාගත නොහැකි සිද්ධියක් වූ අතර තම පුතා හිතුවක්කාර ක්‍රියාකලාපයක් අනුගමනය කර තමන්ව දැඩි පීඩනයකට ලක් කෙරුවා පමණක් නොව, පක්‍ෂයට ද අහිතවත්ව ක්‍රියා කිරීම පිළිබඳව ඉතා දැඩිසේ දුක් වූවාය.


කැලඹුණු දියේ බිලී බෑමට මෙන් එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් බී. සිරිසේන කුරේ, ‘ඉරිදා ලංකාදීප’ හා පැවති පුවත්පත් සාකච්ඡාවකදී හරි ඉලක්කය බලා බිලී කොක්ක දියට පහත් කළේ, දේශපාලන පිටියේ අනාථ වී අසරණයකු මෙන් සිටි අනුර බන්ඩාරනායකට එය ගිලගන්නට ඉඩදී, ඔහුගේ පියා ද හවුල් වී ආරම්භ කරන ලද එක්සත් ජාතික පක්‍ෂයට බැඳෙන ලෙසට විවෘත ආරාධනාවක් ද කරමිනි.


දේශපාලන කෙනෙහිලිකම්වලින් කෝපාවිෂ්ටව වේදනාවෙන් වෙව්ළමින් සිටි අනුරට, මෙම විවෘත ආරාධනය, මවගෙන් හා පක්‍ෂයෙන් පළිගැනීමට හොඳම අවස්ථාව ලෙසට දෙවරක් නොසිතා, සෑහෙන වේලාවක් චිත්තය හා සටන්කොට, එ.ජා.ප මහලේකම්ගේ විවෘත ආරාධනය පිළිගනිමින්, තම ප්‍රතිචාරය දැක්වූයේය. 1993 ඔක්තෝබර් මස 27 වැනි බදාදා “දිනමිණ” එය පළ කර තිබුණේ මෙසේය.


37, හර්ගා කෝට්
පඞ්්‍යුරිහිල්, හැරෝ,
එච්. ඒ. අයි 3 ආර්ට්, මිඞ්ල්සෙක්ස්, 
එංගලන්තය - 1993 ඔක්. 24 වැනිදා.
පා.ම. ගරු සිරිසේන කුරේ මයා,
එක්සත් ජාතික පක්‍ෂය - ප්‍රධාන ලේකම්,
හිතවත් කුරේ මහතාණෙනි,


“මා සම්බන්ධයෙන් අතිශයින් උණුසුම් සුහද හැඟීම් පළ කිරීම ගැනත්, එක්සත් ජාතික පක්‍ෂයට බැඳෙන ලෙස අතිගරු ජනාධිපති ඩී. බී. විජේතුංග මහතාත්, එක්සත් ජාතික පක්‍ෂයේ සියලු තරාතිරම්වල හැම දෙනාත් වෙනුවෙන් මට කළ ආරාධනය ගැනත් මම ඔබට ස්තුති කරනු කැමැත්තෙමි.


සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග අත්වැල් බැඳගැනීම ජාතික සුභසිද්ධිය උදෙසා වන බව ද ඔබ සඳහන් කර තිබිණ. මා දේශපාලනයෙන් ඉවත් නොවිය යුතු බවත් මගේ අගය තේරුම් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අසමත් වූවද එක්සත් ජාතික පක්‍ෂය ඉතා සන්තෝෂයෙන් එසේ කිරීමට සූදානම් බවත්, 1993 ඔක්තෝම්බර් 17 වැනි ‘ඉරිදා ලංකාදීප’ පුවත්පත සමග ඔබ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී ඔබ ප්‍රකාශ කර තිබිණ. මා ඔබගේ පක්‍ෂයට බැඳෙතොත් ඒ ගැන කිසි ආකාරයක විරෝධතාවක් ඇති නොවනු ඇතැයි ද ඔබ එහිදී සඳහන් කර තිබිණ.


සැලකිය යුතු කාලයක් තිස්සේ හිතාමතාම සැලසුම්කොට මා වෙත එල්ල කෙරුණු ඇනුම් - බැණුම් ගණනාවක් නිසාම මම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉල්ලා අස්වූයෙමි. ඒ හැරුණුවිට ඔවුහු පැහැදිලි හේතු කිසිවක් නොදක්වා දවස් අසූ නවයක් තිස්සේ මා පක්‍ෂ තහනමකට ලක්කොට තැබූහ. මගේ අත් පා හා කට ද බැඳ දමා දේශපාලන වශයෙන් මා හුදකලාකොට තැබූහ. ඒ මාස කිහිපය තුළ මා ලක් වූ බරපතළ අවමානයත් මා විඳි දැඩි සිත් වේදනාවත් මුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයම පැහැදිලිව දනී. සති කිහිපයක් තිස්සේ සුපරික්‍ෂාකාරීව කල්පනා කිරීමෙන් පසු, මගේ ජීවිතයේ සාරවත්ම කොටස වූ විසි අවුරුදු කාලයක් මා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්වීම, ඇතැම්විට දුෂ්කරම තීරණය මම ගත්තෙමි. මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස් වී දවස් දෙකකට පසු ඔවුහු මගේ ඉල්ලා අස්වීමේ ලියුම කිසි පැකිළීමකින් තොරව බාර ගත්හ. මගේ මුළු ජිවිතයම දේශපාලනයට විනා අන්දෙයකට කැප නොවුණ හෙයින් ශ්‍රී ලංකාවෙන් ගිය මා පෙළුනු දැඩි පීඩනයෙන් බැහැරව, ගත වූ දවස් කීපය තුළදී මම මගේ අනාගතය ගැන ඉතා පරීක්‍ෂාවෙන් කරුණු සලකා බැලුවෙමි. පිහිටුවීම සඳහා, මගේ පියා ද උදව් කළ ඔබගේ පක්‍ෂයට බැඳෙන ලෙස ඔබ මට කළ විවෘත ආරාධනය ගැන ද මම පරීක්‍ෂාකාරීව සලකා බැලුවෙමි. එහෙයින් එක්සත් ජාතික පක්‍ෂයට බැඳෙන ලෙස අතිගරු ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාත් ඔබගේ පක්‍ෂයේ සියලු තරාතිරම්වල පාක්‍ෂිකයනුත් වෙනුවෙන් ඔබ කළ ආරාධනය පිළිගැනීමට මම තීරණය කළෙමි.”


හිතවත් අනුර ඩයස් බණ්ඩාරනායක, 


අනුර බණ්ඩාරනායකගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කරන ලද්දේ, 1993.07.15 වැනි දින දීය. පක්‍ෂයේ නායිකා සිරිමා බණ්ඩාරනායක මවට, තමා පක්‍ෂයෙන් අස්වෙන බවට ඔහු 1993.10.11 වැනි දින ලියා යැවූ අතර, තමන්ට කළ නොයෙකුත් අසාධාරණකම් ඊට හේතුව බව ද එහි සඳහන් කර තිබිණ.


මේ අතර, අනුර පුතා එක්සත් ජාතික පක්‍ෂයට යෑම පිළිබඳව ප්‍රකාශනයක් නිකුත් කළ සිරිමා බණ්ඩාරනායක මව කියා සිටියේ, කිසිම විටෙක අනුර ඉවත් කිරීමට පක්‍ෂය තුළ කුමන්ත්‍රණයක් නොතිබූ බවත්, මෙය ඔහු විසින්ම ගන්නා ලද තීරණයක් බවත්, එහෙත් වැරදි කිහිපයක් ගැන ඔහුගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කළ නමුත්, චෝදනා පත්‍රයක් ඉදිරිපත් නොකළේ, පුතා නිසා මෙම ප්‍රශ්නය ගොඩින් බේරා ගැනීමට තමන් සිතා සිටි නිසා බවත්ය.


එහෙත් අනුර, පක්‍ෂයට චෝදනා කරමින් දිගටම ක්‍රියාකළේ යැයි ද, පක්‍ෂයේ කුමන්ත්‍රණ නැතත්, සමහර කොටස් එකතුව පක්‍ෂය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම් නම් කරන්නේ යැයි ද ඇය තවදුරටත් ප්‍රකාශ කළාය.


කෙසේ වූවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් කවුරුන් ඉවත්ව ගියත්, මේ රටේ ජනතාව පක්‍ෂය ආරක්‍ෂා කර ගනිමින් ඉදිරියට ගමන් කරන බවත්, එය කිසිවිටෙකත් වැළැක්විය නොහැකි බවත් පක්‍ෂ නායිකාව වැඩිදුරටත් කියා සිටියාය.


අනුර බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්‍ෂයට බැඳීම ගැන සතුට පළකළ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක පූජ්‍ය තලල්ලේ ධම්මාලෝක හිමිපාණන් ප්‍රකාශ කළේ, මේ රටේ දේශපාලන ඉතිහාසයේ දීර්ඝ කාලයක් තිස්සේ පාලන බලය හිමි කරගෙන ඇති එක්සත් ජාතික පක්‍ෂයට හවුල් වී පක්‍ෂ භේදයකින් තොරව රට සංවර්ධනය කිරීමට සහාය දීම අනෙකුත් පක්‍ෂවලට ද මෙය ආදර්ශයක් බවය.


එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල ඇමැතිවරයකු වන එදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කර තිබුණේ, අනුර එ.ජා.පයට බැඳීමට ගත් තීරණය තමන් කිසිසේත් අනුමත නොකරන බවත්, මෙවැනි තීරණයක් ගැනීම පිළිබඳව තමන් ඉතා පුදුමයට පත් වන බවත්ය.


එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර



අදහස් (1)

අම්මා මට්ටු කරන්න කරණමක් ගැසූ අනුර පුතා

leslyjayawardana Friday, 24 March 2017 11:36 AM

එදා අනුරට පක්ෂය තහනම් කිරීම මැතිනිය කල බලවත් වරදක්.1977 පරාජයෙන් පසු පක්ෂය රැකගත්තේ අනුර බව අපට මතකයි

:       0       4

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12094 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6797 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14479 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14837 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 273 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site