(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
තරුණ යුවළකගේ විවාහයට පෙර ඡායාරූප ගැනීමේ යෙදුණු ජායාරූප ශිල්පියකු හොර රහසේ මනාලිය වීඩියෝ කරන්නට යාමෙන් මනාලියගේ ගුටි බැට ප්‍රහාරයකට ගොදුරු වූ පුවතක් බස්නාහිර පළාතේ නගරයක උද්‍යානයකින් පසුගියදා වාර්තා විය.
විවාහය ලියා පදිංචි කළ තරුණ යුවළකි. විවාහයට දින නියම කර ඇත. නවතම යුගයේ හැඩ ගැස්ම අනුව ඊට පෙර යුවළගේ ඡායාරූප ගැනීමේ දිනය යෙදිණි. ජායාරූප හා වීඩියෝ කිරීමට ආ ශිල්පීහු විවිධ ඉරියව්වලින් දෙදෙනාගේ ඡායාරූප ගත්හ.
එක් අයෙක් මනාලයාට හා මනාලියට ඡායාරූප ගැනීම සඳහා වන ඉරියව් පෙන්වීය. යුවළ ඒ අනුව කටයුතු කරන්නට වූයේ සතුටිනි. මේ අතරේ ඡායාරූප ශිල්පියාගේ සහායකයා ද ජංගම දුරකතනයෙන් ඒ අවස්ථා ලබාගනු ලැබීය. මනාලයා ඉදිරියෙන් සිටිය දී මනාලිය සිටියේ පසු පසිනි. එක්වරම මනාලියගේ හඬ ඇසිණි. අතපය විසි කරන බව ද පෙනිණි. මනාලයා පිටුපස බැලීය. මනාලිය සහායකයාට පෙරළාගෙන පහර දෙනු දුටුවේය.
මේ මිනිහා හොරෙන් මගේ ..... වීඩියෝ කරනවා මම දැක්කා. මනාලිය මනාලයාට පැවසුවේ හඬමිනි. මනාලයා සහායකයා අත වූ ජංගම දුරකතනය උදුරා ගනිද්දී එහි දර්ශන මකා දමන්නට සහායකයා උත්සාහ ගත්තේය.
මනාලයා ද පරාජය බාර ගැනීමට සූදානම් නොවීය. දුරකතනය උදුරාගෙන පිරික්සද්දී ඔහු තම පෙම්වතියගේ මෙන්ම ඊට පෙර අවස්ථා ගණනාවක දී වෙනත් කතුන්ගේ රහස් පෙදෙස් වීඩියෝ කර ඇති දර්ශන දැකීමත් සමග මනාලයාගෙන් ද ගුටි පූජාවක් එල්ල විය.
කරකියා ගත දෙයක් නැතිවූ ඡායාරූප ශිල්පියා යුවළගෙන් සමාව ඉල්ලීය. නීතිමය පියවරකට නොයන ලෙස ඉල්ලා සිටි ඔහු සහායකයා ඉවත් කර වෙනත් පිරිසක් යොදවා මංගල උළෙල නොමිලේ ඡායාරූප ගතකර දීමට පොරොන්දු වූයේ සිද්ධිය පැතිර ගියහොත් තමන්ගේ වෘත්තීය ජීවිතය විනාශ වෙන බව දන්නා නිසාය.
ඒ සමගම සහායකයා ළඟට කැඳවා කම්මුල් පහර කීපයකින් සංග්‍රහ කර පලවා හැරියේ යළි ඇසට පෙනෙන්නටවත් නොඑන ලෙසට දන්වමිනි.
වැරදි කෙනාට තට්ටු කර වැඩේ වරද්දගත්තු අයකු පිළිබඳව අපූරු කතාවක් ගාලු දිසාවේ වෙස් මුහුණුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
පස්දුන් කෝරළේ එක්තරා ආයතනයක කාර්යාලයක ප්‍රධානියකු දිනපතා කාර්යාලයට පාගමනින් පැමිණෙන්නේ ශාරීරික ව්‍යායාමයට බව අඟවා අතරමග ඇති රේස් බුකියට ගොඩවැදීමට
මිතුරාගේ විවාහ මංගල්‍යයට ගොස් හොදටම සප්පායම් වී මුදල් නෝට්ටුවක් වෙනුවට රියැදුරු බලපත්‍රය ලියුම් කවරයට බහා දී පැමිණ ඇතැයි කියන අපූරු තරුණයකු පිළිබඳ ප
හෙතෙම කයිරාටිකයෙකි. මැදි වයසේ පසුවන ඔහුගේ රැකියාව එළකිරි අලෙවි කිරීමයි. තම මව සමඟ නිවසේ වාසය කරන ඔහු අවිවාහකෙයකි. මවට හොරා වැඩි කිරි ප්‍රමාණයක් වෙළඳප
ඇය විවාහ වී සිටියේ ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති පුද්ගලයෙකු සමගය. ඇයට සහ ඔහුට දාව දරුවන් දෙදෙනෙකි. නිවසද යන්තම් අටවා ගත් එකකි. මේ වැඩේ හරියන්නේ නැහැ මම ර
තරුණ ගැමි කාන්තාවක තැනට සුදුසු නුවණ පාවිච්චි කිරීම නිසා වෙන්නට ගිය අපරාධයක් වැළකී ගියා පමණක් නොව පිරිමින් නොමැති නිවාසවලට රාත‍්‍රි කාලයට ජනෙල් වලින්
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ප්‍රී් ෂූටින් අස්සේ මනාලියගෙන් ගුටි පූජාවක්
Hareendra Thursday, 02 December 2021 02:22 PM
මනාලිය රෙදි නැතිවද ඉඳලා තියෙන්නේ ?