IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


නිරුවතින් ආ හොරා අපූරු වැඩක් කරලා

නිවෙසක් කොල්ලකෑමට රාත්‍රි නිරුවතින් පැමිණි පුද්ගලයකු වටිනා භාණ්ඩ සොරාගෙන පසුව ගෙහිමියාගේ සරමක් හා බැනියමක් ඇඳගෙන පලාගිය සිද්ධියක් කොළඹට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.

සිද්ධිය සැකෙවින් මෙසේය.

නිවෙස් හිමියා පවුලේ අය සමඟ දින කිහිපයක් නිවෙසින් බැහැරව සිට ඇත. ගමන යාමට පෙර සිසීටීවී කැමරාව ක්‍රියාත්මක කර ගිය නිසා හොරා ගෙවත්තට ඇතුළුවූ ආකාරය පැහැදිළිව දක්නට තිබී ඇත. එහි දර්ශන පරීක්ෂා කිරීමේදී හොරා ගෙවත්තට ඇතුළුවී ඇත්තේ නිරුවතින් බව හෙළිවී ඇත. ගෙදර වටිනා භාණ්ඩ කීපයක් සොරාගත් හොරා පසුව නිවෙස් හිමියන්ගේ වැලක තිබූ සරමක් හා බැනියමක් ඇඳගෙන පිටව ගොස් තිබේ. පසුව නිවෙස් හිමියා මේ ගැන ප්‍රදේශයේ පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගෙන ඇත.

(වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න) 



අදහස් (0)

නිරුවතින් ආ හොරා අපූරු වැඩක් කරලා

ජනහිත Friday, 14 October 2016 06:07 PM

හොරා හිතන්න ඇති රෑට මොන ඇඳුම්ද කියලා. එ්ත් යන ගමන් මොකටද නිකන් යන්නේ කියලා සරම දැකල, ඒක අරන් යන්න කරදර නිසා ඇඳගෙන යන්න ඇති. අහලා තියනවනේ "හොරාට ගණදෙවි නුවණ තියනවා" කියලා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 17 October 2016 08:43 AM

අරුන් ,මේවා සංසාරගත බැදීම්, කවදාවත් මම රුපොවතිව දැකලවත් රුපොවති මාව දැකලවත් නැහැ , හැබැයි මොකක්දෝ සමීප බවක් දැනෙනවා එපමණයි (අ)

:       0       0

රූපවති Saturday, 15 October 2016 08:50 PM

හුග කාලෙකින් ග්‍රීස් යකෙක් දැක්කේ නැහැ ..? මාත් මේ මොකද්ද රහස කියල පසුගිය දිනකත් කල්පනා කළා..? (අ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 16 October 2016 12:19 AM

මගේ අම්මෝ රුපෝ ඔයත් කියන කතා තමයි කතා ! (අ)

:       0       0

සරත් Monday, 17 October 2016 10:39 AM

චන්දි, ඇත්තටම කෝ ඔයා. රසවත් අදහස් දාන්නකෝ චන්දි අක්කේ.

:       0       0

රූපවතී Sunday, 16 October 2016 05:04 AM

චන්ඩි ..අක්ක මේක බලනවානම් ..මොනවා හරි කියන්නකෝ ..මේ පිට බැද්දර අයියට ..?නැතිනම් මාත් ග්‍රීස් යකෙක් කියල හිතාවි ..? චන්ද්‍රා වීරසිංහ කියල ලියා තියෙන නිසා . අපේ චන්දි අක්කට පිට බැද්දර ජයා අයිය හිතාගෙන ඉන්නේ තාරකා විද්‍යාඥයෙක් කියලයි .... ?මේ ළගදී පිට බැද්දර අයියගේ කෙමෙන්ට් එකක් අහම්බෙන් කියවුනා ..අනේ අප්පේ මම හිනා වුන තරමක් (බ)

:       0       0

අමරසිරි ප්‍රියංකර ජයසිංහ ආරච්චිගේ Monday, 17 October 2016 02:24 PM

ඔබ විසින්ම මනස දූෂණය ට ලක් කොට ගෙන ,අන් අයවද ඒ මනසකින් නිර්මාණය කිරීමේ අවස්ථා හේතු කොට ගෙන මිනිස් සමාජයම ගොදුරක් කර ගත්තු වාර ඔබට මතක නම් තවත් මිනිසෙකු වෙසින් ඒ මනස ඝාතනයට ඉඩ හැර අනාගතය අඳුරු කරන ඔබ මුලු මිනිස් සමාජයෙන්ම සමු ගන්නේ නම් පවක් නැත.ඔබ නැවත ආත්මයක හෝ ආත්මවල හෝ මිනිසත් බව ලබන්න සුදුස්සෙක් නොවෙන්නටද ප්‍රාර්තනා කරන්නද පවක් නැත.එසේ කිරීම ඔබ අවංක දූෂිත මනසකින් පිරි අයෙක් නම් නොමිනිස්කම,අයහපත අඳුරෙන් එළියට ඇද දැමූ මනසක් යන්න මනු සිත් භිය සැකයෙන් තොර රාත්‍රිය පරිසරය විසින් වෙලාගෙන සුව නින්දකට බලාපොරොත්තු තබයි.(අ)

:       0       0

සරත් Monday, 17 October 2016 05:04 AM

චන්දි අක්කේ, අදහසක් ලියමුද ආයෙත්?

:       0       0

ගුණවර්ධන Saturday, 15 October 2016 02:29 PM

නිරුවතින් පැමිණියත් හොර යකා ග්‍රීස් යකාට වඩා හොඳයි . (අ)

:       0       0

අරුන් Sunday, 16 October 2016 12:10 PM

අපි පැත්තක ඉඳලා මොනවා කිව්වත් රුපවති අක්කගෙයි පිටබැද්දර ජොනියගෙයි මොකක් හරි සම්බන්දයක් තියෙනවා. (අ)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Saturday, 15 October 2016 03:24 PM

ඇඳ ඇඳ ඉන්න ගියාම පරක්කු වෙන නිසා මිනිහා හෙළුවෙන්ම යන්න ඇති එයාගේ රාජකාරියත් කරගෙන එහෙන් ඇඳුමකුත් අරන් එන්න. වැඩ දෙකම හරියටම කෙරුණාද ?තමන්ගේ නිරුවත් ඡායාරුප‍ ගැනීමට එරෙහිව ඔහු ගෙහිමියාට විරුද්දව නඩු දමාවි. (අ)

:       0       0

ගයාන් Monday, 17 October 2016 07:57 AM

අනේ හැබෑට අද කාලේ මිනිස්සු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 286 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site