ඇය විශ්‍රාමික රජයේ නිලධාරිනියකි. සිකුරාදා දහවල් නගරයට පැමිණියේ නිවෙසට අවශ්‍ය කළමනා ටිකක් ගෙන යාමටය. කඩ සාප්පු කිහිපයකට ගොස් අවශ්‍ය දේවල් ලබා ගත් ඇයට තවත් ගෙන ඒමට දෙයක් තිබේ දැයි විමසීමට නිවෙසට දුරකතන ඇමැතුමක් ගැනීමට අවශ්‍ය විය. ඇය අත් බෑගයට අත දමා ජංගම දුරකතනය සෙව්වාය. එහෙත් බෑගය තුළ දුරකතනය නොවීය.
උදෑසන පුතාට ඇමැතුමක් ගත් පසු එය මේසය මත තබා එන්නට ඇතැයි ඇය සිතුවාය. ඇය බඩු මල්ලත් ඔසවා ගෙනම අසල තිබූ දුරකතන මධ්‍යස්ථානයකට ගියේ නිවෙසට ඇමතුමක් ගැනීමටය. “මිස් ඉක්මනට කොල් එක ගන්න මම පල්ලියට යන්නයි හදන්නේ.” දුරකතන මධ්‍යස්ථානයේ සේවකයා කීය. හරි හරි කියූ ඇය පැත්තක තිබූ දුරකතන කුටියට ගොස් දොර වසා ගත්තාය. නිවෙසට ඇමතුම ගත්තත් පිළිතුරු ප්‍රමාදය. එනිසා ඇය කිහිප වරක්ම නිවසේ අංක කැරකුවාය. විනාඩි කිහිපයක්ම ඇමතුමක් ගන්නට ගත් උත්සාහය අසාර්ථක වූ නිසා ඇය කුටියෙන් එළියට ආවාය. ඇයට හීන් දාඩිය දැම්මේය. සේවකයා දොර වසා ගොස්ය. දැන් ඉතින් එළියට යාමට නම් ඔහු පල්ලියට ගොස් එනතුරු ඇතුළට වී සිටිය යුතුය.
සමහර විට එදින නාවොත් පසුදින වනතුරුම සිටිය යුතුය. එවිට නිවසේ අය තමා අතුරුදන් වී ඇති බවට පොලිසියට ද දන්වනු ඇත. වෙළෙඳ සල තුළ එතෙක් කුස ගින්නේ සිටීමට ද සිදුවේ. ඇයගේ සිතට දහසක් සිතුවිලි ගලා ආවාය. ඇය යළිත් වරක් කුටියට ගොස් ඇමතුමක් ගන්නට උත්සාහ කළාය. එම උත්සාහය ද අසාර්ථක විය. වාසනාව උදාවිය දුරකතනය බෑගය පතුලේ තිබුණේය. නිවසට කිහිප වරක්ම ගත්තත් පිළිතුරක් නොවූ නිසා අවසානයේ පොලිසියට සිද්ධිය කීවාය. පොලිසිය වෙළෙඳ සල හිමිකරු සොයා ගියේය. පල්ලිය අසලට යන විටම ත්‍රීරෝද රථ රියැදුරු යාඥා අවසන් කර එමින් සිටි වෙළඳ සල් හිමිකරු හඳුනා ගත්තේය. ඔහු ත්‍රීරෝද රථයේම පැමිණ වහා වෙළෙඳ සල විවෘත කළේය. දාඩිය පෙරාගෙන සිටි ඇයගෙන් ඔහු සමාව ඉල්ලා වැඳ වැටෙන්නට විය. අවසානයේ ඔහු විසින්ම ඇය ත්‍රීරෝද රථයක නංවාගෙන ගෙදරටම එක්ක ගියේය.
(උණවටුන - ඩී.ජී. සුගතපාල)
රන් බඩු සාප්පුවේ රන් මුදුව මුදල් නොගෙවාම තමන් සතු කර ගැනීමට රන්වන් රන් ගැටයක් ගැසූ කතක පිළිබඳව කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
හෙතෙම දරුවන් හත් අට දෙනකුගේ පියෙකි. මාළු විකුණා එදිනෙදා ජීවිතය සරි කර ගන්නා මොහු දරු පවුල රැක ගැනීමට නොයෙකුත් උත්සාහයන් ගන්නේය. මොන ප්‍රශ්න තිබුණත් ඉඳ
කැටයකට සිල්ලර කාසි එකතුකළ පුද්ගලයකුගේ කාසි කැටය හදිසියේ හමාගිය සුළඟකට හසුවී ගසාගෙන ගිය අරුම පුදුම සිද්ධියක් ගැන දකුණු පළාතේ අග නගරයෙන් අසන්නට ලැබු
කණ්ණාඩි කුට්ටමක හුටපටයක් හේතුවෙන් බස් රථයක් තුළ ගුටිකෙළගත් අඹුසැමි යුවළක් පිළිබඳ සිද්ධියක් කොළඹ සිට ශ්‍රීපුර දක්වා ධාවනය වන මගී බස් රථයකින් අසන්නට ල
ජංගම ස්මාර්ට් දුරකතනයේ නොදන්න යූ ටියුබ් නාලිකාවක් අතපත ගාන්න ගොස් බිරියගෙන් කොසු පහර කෑ අයකු පිළිබඳව අපූරු කතාවක් ගාලු දිසාවේ වතුගෙදරින් අසන්නට ලැබ
සදාචාරවත් රටක් ගොඩනැගීම සඳහා හොරකම වංචාව නැතිව යහපත් සිතිවිලි ඇතිව කටයුතු කිරීම පුරවැසියන්ගේ යුතුකම යැයි නිතර දේශනා කරන උපාසකයකු රට කපටි වැඩක් කර මා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කස්ටමර් ඉඳිද්දී කඬේ වසා මුදලාලි පල්ලි ගිහින්
රවින් Monday, 05 December 2016 08:04 AM
දේව කාරිය රාජකාරියට වැඩිය ලොකුනේද? (ර)
විජේපාල Tuesday, 06 December 2016 02:51 AM
මොනවා නැතත් අකුරටම තමන්ගේ ආගමට ගරුකරන කෙනෙක් (නි)