IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


කොත්තු බාස් හෝටලේ මුදලාලිත් වැඩට අරන්

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

රජරට එක්තරා නගරයක හෝටලයකි. මෙහි මුදලාලි කොත්තු ගැසීමට බාස් කෙනකු කැඳවාගෙන ආයේ කන්ද උඩරට පෙදෙසිනි.

දවසකට රුපියල් එක්දහස් පන්සියයක් ගෙවන බවට පොරොන්දුව අනුව කොත්තු බාස් වැඩ ඇරඹුවේය. සතිය දෙක මාසය දෙක ගත විය. මාස හයක් ගතවුවත් මුදලාලි තමන්ට වැටුප් ගෙවන බවක් පෙනෙන්නට නැත. කොත්තු බාස් අසරණ වූයේය. එදා වේල සරිකර ගනිමින් දිගටම කඬේ වැඩ විතරය. අතේ සතේ නැතිව ගමේ යන්නත් බැරිය. මුදලාලිගේ නොමනා වැඩ නිසා කඬේ ආදායමක් ඇත්තේ ද නැත. ‘මුදලාලි මගේ පඩි දෙනවා ද ගෙදර ගිහින් එන්න ඕනෑ’ කොත්තු බාස් කිහිප විටක්ම මුදලාලි දැනුම්වත් කළේය.

මේ වනවිට මුදලාලි කොත්තු බාස්ට ගෙවිය යුතු මුදල රුපියල් ලක්ෂයකට අධිකය. ‘මෙතරම් මුදලක් එකවර දෙන්නේ කොහොම ද’ මුදලාලිට ලොකු පැනයකි. වෙන කළ හැකි දෙයක් නැත. ‘උඹ කඬේ කරගෙන හිටපන් මම ගෙදර යනව’ කී මුදලාලි හෝටලය කොත්තු බාස්ට පවරා ගෙදර ගියේය. මුදලාලි ගෙදරය. කොත්තු බාස් කඬේ සාර්ථකව කරගෙන යයි. ගත වූයේ මාසයක් පමණි. තමන්ට අසාර්ථක වූ හෝටලය දැන් හොඳින් සාර්ථකව කෙරෙන බව මුදලාලි නිරීක්ෂණය කළේය. හෝටලය යළිත් කළොත් හොඳ බව මුදලාලිට සිතුණි. කොත්තු බාස් හමුවූ මුදලාලි හෝටලය යළි ඉල්ලා සිටියේය.

‘මගේ සල්ලි දෙන්න මම අදම හෝටලය බාර දෙන්නම්’ කොත්තු බාස් එකහෙලා කීය. ‘එහෙත් රුපියල් ලක්ෂ දෙකක් විතර එකවර කොහෙන් දෙන්නද’ මුදලාලි හෝටලය ඉල්ලා පොලිසියේ පැමිණිල්ලක් කළේ වෙන කරන්නට දෙයක් නොවූ තැනය. කොත්තු බාස් සිටියේ එකම තීරණයේය. මගේ මාස හයේ පඩි සල්ලි දෙන්න හෝටලය කළ මාසයට සාධාරණ කුලියක් මම දෙන්නම් කීවත් මුදලාලි අසරණ වූයේ ඉල්ලන මුදල දෙන්න විදියක් නැති නිසාය. අන්තිමේ දෙන්නා එකඟතාවකට පැමිණියහ. ඒ මාස හයක් කඩ කුලියත් නැතිව හෝටලය පවත්වාගෙන යාමටත් ඒ කාලය තුළ මුදලාලි කඬේ වැඩ කරන පොරොන්දුවත් අනුවය. දැන් මුදලාලි කොත්තු බාස් යටතේ ඔහුගේම කඬේ වැඩය. තවත් මාස හයකින් යළිත් ඔහුට මුදලාලි වීමේ වරම දැන් හිමිවී ඇත.



අදහස් (0)

කොත්තු බාස් හෝටලේ මුදලාලිත් වැඩට අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 581 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1012 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site