(නිකවැරටිය – ප්රියානි මංගලිකා)
අලුතින් විවාහ වූ 59 වියැති කාර්යාල සහායකයාගේ අතගත් 21 හැවිරිදි තරුණ බිරිඳ, සැමියා ලවා සියලු රන් ආභරණ සාදවාගෙන, නිවසින් පැන යාමේ පුවතක් කුරුණෑගල දිසාවෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේය:-
කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස පාසලක සේවය කළ 59 වන වියේ පසු වූ මොහු අවිවාහකයෙකි. මේ වන තුරු මංගල යෝජනා කොතෙක් ආවද හිතට අල්ලන අයෙකු හමු නොවීම නිසා මෙතෙක් අවිවාහකව සිටි මොහු මවගේ වියෝවෙන් පසුව විවාහයක් පිළිබඳව සිහින මවමින් සිටියේය.
දන්නා හඳුනන කපු මහතෙකු හදිසියේම ගෙනා මංගල යෝජනාවකට මොහුගේ සිත ඇදී ගියේ මනාලියගේ ඡායාරූපය දුටු සැනින්මය. 21 වැනි වියේ පසු වූ රූමත් මනාලිය පෙර විවාහයෙන් දික්කසාද වූ තැනැත්තියක බවද ,දරුවන් නොමැති තැනැත්තියක බවද, කපු මහතාගෙන් මොහුට දැනගන්නට ලැබුණි.
කමක් නෑ කපු මහත්තයා ...ඔය කලින් දේවල් වලින් මට වැඩක් නෑ. කසාද බැඳලා මට හොඳින් සතුටින් ඉන්න ලැබුණොත් ඇති දෙයියනේ කියලා ” යැයි ඔහු කපු මහතා අමතමින් කීවේය.
පසුව දෙදෙනා කතා කරගත් පරිදි මනාලිය බැලීමට ඇගේ නිවසට යන්නට දිනයක්ද යොදා ගත්තේද සුබ නැකතකටද අනුවය. මනාල මහතා පාසල්ද නිවාඩු බැවින් නිවසට වී ගමනට සූදානම් වූයේ මහත් උජාරුවෙනි. තමන් මනාලියක බැලීමට යන බව අසල්වැසියන්ටද කිවේය.
මනාලිය බැලීමට යන දිනය උදාවිය, මනාලයා ඉතා ලස්සනට හැඳ පැළඳ, වටිනා කේක් එකක්ද ගෙන ගමනට පිටත් විය..දෙදෙනා දුර කතර ගෙවාගෙන මනාලියගේ නිවසට පැමිණි පසු මනාලියගේ මව්පියෝ අලුත් බෑනා හරසරින් පිළිගත්හ. මනාලයාද තම විස්තර කියමින් මහත් සතුටින් පසුවිය.
පසුව මනාලිය දැක බලා ගැනීමටද අවස්ථාව උදා විය. දෙදෙනා ගෙමිදුලට වී තනිව අදහස්ද හුවමාරු කර ගත්හ. මනාලිය මනාලයාට එක පයින්ම කැමැත්ත පළ කළාය.
මනාලයා නිවසට පැමිණියේ මහත් සතුටිනි.” ගමේ එකාලා හැමදාම මට නෝන්ඩි කතා කියනවා .දැන් ඉතිං මොනවා කියන්නද..? මගෙ කිරිල්ලී ගෙනාවම මුං ඉරිසියාවේ පැලෙයි.”මනාලයා තමාටම කියා ගත්තේ ඉහවහා ගිය සතුටිනි. දෙදෙනා දුරකතනයෙන් කතා කීරීමටත්, හමුවීමත් නිරන්තරයෙන් සිදු වී ඔවුහු පෙම්වතුන් බවටද පත්වූහ.
මනාලයා මෙතෙක් තමා ඉතිරි කරගත් මුදල් වලින් රුපියල් ලක්ෂ පහක් පමණ වැය කර තම ආදරවන්තියට අවැසි සියලු රන් අභරණ ද මිලදී ගෙන දුන්නේ ඇය කෙරේ තිබු දැඩි ආදරය නිසාමය. මනාලයාගේ සිහින සැබෑ කරමින්, නෑදෑ හිතවතුන්ගේද සහභාගිත්වයෙන් මනාලිය තම නිවෙසට කැඳවාගෙන ආවේ චාරිත්රානුකූල මංගල උත්සවයක්ද පවත්වමිනි.
පසුව තමා රැකියාව කරන පාසලේ ගුරුභවතුන් සියලු දෙනාටද විශේෂ සාදයක්ද පැවැත් වූයේ විශාල මුදලක්ද වියදම් කරමිනි. දෙදෙනා බොහෝ සතුටින් සතියක් ගතකළහ. එදින උදෑසන සැමියා අවදි විය. බිරිය පෙනෙන්නට නැති විය. සැමියා කලබලයෙන් වහා සොයා බලන්නට විය. බිරිඳ ඇගේ ඇඳුම් පැළඳුම් රන් ආභරණද, රැගෙන නිවසින් පලා ගොස් ඇති බව සැමියාට අවබෝධ විය. බිරිඳගේ මවුපියන්ටද මේ බව දැන්වීය.
පසුව සොයා බලද්දී බිරිඳ ඇගේ පෙර සැමියා සමග ගොස් ඇති බව දැන ගැනීමෙන් පසුව මහත් ලැජ්ජාවටත්, දුකටත් පත්ව. සිදු වූ අකරතැබ්බය පිළබඳව මහත් කනස්සල්ලෙන් සැමියා නිවසේ දොර ජනෙල් වසාගෙන නිවසට වී සැඟවී සිටියේලු.
2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අලුත් මනාලයා හදාදුන් රන් බඩුත් රැෙගන මනාලිය පරණ සැමියාත් සමග ගිහින්