අලූත ගෙනා මනාලියකගෙන් අමුතු ඉල්ලීමක් කළ මනාලයකු එය ඉටුකර ගත්තද පසු කලෙක මහත් ගැටලූවකට මුහුණ පෑමේ අපුරු පුවතක් බස්නාහිර පළාතේ උප නගරයකින් අසන්නට ලැබිණි. පාසල් වියේ සිටම ඔහු ආදරය කළේ ඇවැස්ස නෑනාටය. එහෙත් දෙපාර්ශවයේම නෑදෑයන්ගේ විරෝධය හේතුවෙන් ඔහු සියල්ල හැරදා දකුණු කොරියාවට ගියේය. එහෙත් පසුගියදා මවුපියන්ගේ ඉල්ලීමකට මෙරට ආ ඔහුට ගැළපෙන රූමත් ළඳක් මවුපියන් සුදානම් කොට තිබිණි. ඔහුද ඊට එකඟ විය. විවාහයෙන් දින කීපයකට පසු ඔහු ඇයට කීවේ ඇගේ දෙනෙත් දීප්තිමත් නිසා ඇයගේ නියම නම වෙනුවට ”නිල්මිණි” යැයි කීමට අවසර දෙන හැටියටය. ඇයද එකඟවිය. එහෙත් පසුගියදා ඥාති විවාහ මංගල්‍යයකට ගිය ඇයට දැනගන්නට ලැබුණේ සැමියාට පැරැණි පෙම්වතියක් සිටි බවයි. ඇගේ නම ”නිල්මිණිලූ”.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd