IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


හොරු රංචුවක් පොලිස් නිලධාරීන් ඉදිරියටම ඇවිත්

සොරුන් යැයි සිතා හරක් රංචුවකට බිය වූ කාන්තාවක් මධ්‍යම රාත‍්‍රියේ පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමේ පුවතක් අවිස්සාවේල්ල පොලිසියෙන් වාර්තා වේ. සිද්ධිය සැකෙවින් මෙසේය.

තම නිවස වටා කිසියම් පිරිසක් ඇවිදිමින් ජනේලවලට ද තට්ටු කරන බවත් මේ හේතුවෙන් තම වයෝවෘද්ධ මව හා දරුවා මෙන්ම තමා ද දැඩි භීතියකට පත්ව ඇතැයි පවසමින් කාන්තාවක් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඉතා ඉක්මණින් පොලිස් නිලධාරීන් එවන ලෙස බැගෑපත්ව පවසා ඇත්තේ නිවෙසේ ලිපිනය ද පොලිස් නිලධාරීන්ට පවසමිනි.

වහා ක‍්‍රියාත්මක වූ රාත‍්‍රි රාජකාරි බාරව සිටි පොලිස් නිලධාරීන් ජංගම මුර සංචාරක ජීප් රථයේ නිලධාරීන් අමතමින් නිවෙසකට සොරු පැමිධෑමට උත්සාහ කරන බවත් වහා එම ස්ථානයට යන ලෙසත් පවසා ඇත.

ලද පණිවිඩය අනුව ජංගම සංචාරයේ නිරත නිලධාරීන් එම නිවෙස සොයා පටු මාර්ගයක් ඔස්සේ ජීප් රථයෙන් ඉදිරියට යමින් සිටියදී දහ පහළොස් දෙනෙකුගෙන් සමන්විත මී හරක් රංචුවක් ඉදිරියට පැමිණෙමින් සිට ඇති අතර ඔවුන්ට යාමට ඉඩදී පණිවිඩය ලද නිවෙස සොයා ගොස් නිවස ඉදිරිපිට ජීප් රථය නවතනවාත් සමඟ නිවසේ ඉදිරිපිට දොර හැර කාන්තාවක් එළියට පිවිස නිවෙස වටා සිට ඇත්තේ මී හරක් රංචුවක් බවත් ඔවුන් නිවෙස වටා තිබෙන වල් පැලෑටි කෑමේදී අං නිවසේ වීදුරු ජනෙල්වලට වැදීමෙන් බිය වූ තමා සොරුන් පැමිණ ඇතැයි බියවී පොලිසියට දැන් වූ බවත් ප‍්‍රකාශ කර පැමිණි පොලිස් නිලධාරීන්ගෙන් මෙන්ම ඊයේ (11) පොලිස් ස්ථානයට ගොස් ස්ථානාධිපතිවරයාගෙන් ද සමාව ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

සොරුන් යැයි සිතා පොලිසියට දුරකතන ඇමතුම ලබාදී ඇත්තේ දුරබැහැර අධිකරණයක සේවය කරන නීතඥවරයෙකු බව ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (0)

හොරු රංචුවක් පොලිස් නිලධාරීන් ඉදිරියටම ඇවිත්

සුභෂ් Thursday, 12 November 2015 11:45 AM

ඉතාම නිහතමානී කාන්තාවක් බව පෙනෙනෙවා. අගය කල යුතු කාන්තාවක්. අනේ මන්ද මේකේ මොකක් උනත් අන්තිමට නතර වෙන්නේ අපේ රූපවති හාමිනේ ලඟින්. හැබැයි රූපවති හාමිනේ නම් මෙහෙම නිහතමානී නෑ වගේ. (ස)

:       0       0

ජැන් ක්‍රිස් Thursday, 12 November 2015 12:43 PM

මගේ වත්තත් මට සුද්ද කරගන්න බැහැ හැම තැනම කහඹිලියා වැවිලා. වත්ත සුද්ද කරන්නට බාර දීපු කෙනා අසනීපයක් හැදී හෝ වෙන යම් කාරණාවක් නිසා හෝ එන්නට ප්‍රමාද උනොත් හැම තැනම වල් පැළෑටි වැවෙනවා. අර මනුස්සයා එනකම්ම ඉන්න වෙනවා වත්ත සුද්ද කරගන්නට. මෙතදීත් එහෙම උනා වෙන්න බැරිද.? කොහොමටත් මේ සිදුවීමෙන් පසුව එතුමිය වත්ත සුද්ද කර ගනීවි. නිහතමානිත්වය අගයන්නත් නිහතමානි අයම වෙන්න ඕන කියලත් හිතෙනවා. (ර)

:       0       0

අජිත් Thursday, 12 November 2015 01:18 PM

ඉතාමත්ම නිහතමානී උගත් බුද්ධිමත් කාන්තාවක්. අගය කළයුතුයි (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 12 November 2015 01:55 PM

පව් අනේ රූපවතීට මොකුත් කියන්න එපා (නි)

:       0       0

රූපවතී Saturday, 14 November 2015 05:41 AM

චන්න තව එකක් - ලබන සිංහල අවුරුද්ද දා අවුරුදු මේසෙට ඔයා සුඅර් එකටම එන්න ඕනා (බ)

:       0       0

මල්කා Thursday, 12 November 2015 05:08 AM

මේ කාන්තාව ගරු කටයුතු තැනැත්තියක් ලෙස පෙනේ. තමන් අතින් වූ වරද (ඇගේ බිය සාධාරණයි ) පිළිගෙන, පැමිණි නිලධාරීන්ට පමණක් නොව පොලිස් ස්ථානාධිපතිතුමාටද කරුණු වටහා දී සමාව ගැනීම ඉතාම අගය කළ යුතු ක්‍රියාවක්. ඇය තම වෘත්තිය ගරුත්වය රැකගෙන ජීවත් වන බව පැහැදිලියි. (ම)

:       0       0

අතුල Thursday, 12 November 2015 03:41 PM

අනේ ! එහෙනම් ගුණවර්ධනටවත් කියමු.පව් නේ අනේ ! (බ)

:       0       0

රූපවතී Friday, 13 November 2015 07:01 AM

ලංකාවේ තුනෙන් දෙකක්ම ඉන්නේ කුලී වැඩක් කරගෙන තම ජීවිකාව සරිකරගන්න මිනිසුන් නවීන් ..? ගහේ පොල්ටික කඩාගන්න..වත්තේ පිටියේ වැඩක් කරගන්න ඕනේ තරම් මිනිසුන් ඉන්නවා . කුලියට නිවාස අරගෙන ජීවත්වෙන මිනිසුන් නම් කවදාවත් ඒ නිවසේ මිදුලවත් අතුගාන්නෙ නැහැ ..? මේ නිවසත් කුලී නිවසක් වෙන්න ඇති. ඒකනේ හරක් ජනේලෙට ගොඩවෙලා තණකොළ කපාගෙන ගිහින් තියෙන්නේ..? (ස)

:       0       0

සංජය Thursday, 12 November 2015 05:25 AM

දැන් ඉතින් ඔය වගේ ඇමතුම් අාවම .. ඔය හොරු නෙවෙයි මීහරක් තට්ටු කරනවා ඇති කියල 119 එකට එන ඇමතුම් නොසලකා හරින්න නම් එපා .. මේ සේවය ඉතාම අගනා එකක් .. මේ විදියට පොලිසිය ක්ෂණිකව ක්‍රියා කරනවා නම් හොරුන්ට ඉතින් අබ සරණයි (බ)

:       0       0

චන්න Friday, 13 November 2015 07:26 AM

රුපවති ඔයා මොනවද ලංකාවෙ තත්වය ගැන පිටරට ඉඳන් දන්නේ ? වත්ත සුද්ධ කරන්න කියලා ඇවිත් මේ වයසක උන්දෑගේ බෙල්ල මිරිකලා පොඩි දරුවාත් ඇරෙගෙන නැති නම් තිබෙන දෙයක් අත ගාගෙන යන එකක් නැහැ කියලා ඔයා ට විශ්වාසද ? ඇවිත් මෙහෙ තට්ට තනියම ගෙදරක ඉඳලා බලන්නකෝ . ඔයාට කුලියට මිනුස්සු ගෙන්න ගන්න සැකයක් නැතිවේද කියලා. (ස)

:       0       0

rupawathie Thursday, 12 November 2015 04:33 PM

ඒ කට තමයි ... කුලී වැඩට මි නිසුන් ඉන්නේ අපේ ගෙවලුත් තියෙනවා ලංකාවේ අපිට වෙලාවක් නැති වෙනකොට අපි කෙනෙක් ලවා නිවාස වට පිටාව සුද්ද කර ගන්නවා ..කුලියක් දීල...? හරක් ජනේලෙට නැගල තණකොළ කනකම් කැලේ වැවෙන්න දීල පමාවෙන්නේ මොකටද ..?(රේ)

:       0       0

ජයසේකර Thursday, 12 November 2015 06:07 PM

ඔක්කොමලා රුපවතීට ගිරිය පිප්පුවාට එයා කියන එකේ වැරැද්ද මොකක්ද? (ර)

:       0       0

නදීකා Friday, 13 November 2015 08:31 AM

නියම කතාව! (නි)

:       0       0

සේනක Thursday, 12 November 2015 06:19 PM

බොරු මොකටද රූපවති, පිටරටක ඉන්නකොට කව්රුත් කුලියට අය ගන්නෙ නෑ වත්ත සුද්ද කරගන්න. (ර)

:       0       0

ගුණවර්ධන Thursday, 12 November 2015 06:50 PM

අතුල, ඔව් ඔයා හරි. (ර)

:       0       0

සුබෝදී Thursday, 12 November 2015 08:39 PM

හැම කෙනාගේම අදහස් අගෙයි. කාන්තාවත් නිහතමානියි. නමුත් වයෝවෘද්ධ මාතාවක් සහ කුඩා දරුවෙක් සිටිනා උගත් කාන්තාවක් වූ මැය ගෙය අවට පරිසරය ගැනත් සැළකිය යුතුව තිබුනා. අද කාලේ ඩෙංගු මදුරුවාගෙන් වෙන විපත කවුරුත් දන්නවානේ. නපුරු උරගයන් පවා වත්තේ සැරිසරන්නට පුළුවන්. කාට හෝ මුදලක් දී වත්ත පිටිය සුද්ද පවිත්‍ර නොකර මෙසේ වල්වැදීමට හැරියේ කුමකටදැයි නොතේරේ. (නි)

:       0       0

නවින් Thursday, 12 November 2015 08:51 PM

රූපවතීට කුලියට වැඩ කරන්න මිනිස්සු අඬගහ ගන්න ඒ කාලේ පුළුවන් වෙන්න ඇති. ඒත් දැන් එහෙම කාන්තාවන් දෙදෙනෙක් සහ පොඩි ළමයෙක් ඉන්න ගෙදරකට පිට මිනිස්සු වැද්දගන්නකොට ටිකක් හිතන්න ඕනෑ. අපරාධ වැහිවැහැලා. ඒ බවලතුන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති. (නි)

:       0       0

රූපවතී Friday, 13 November 2015 08:51 AM

ලංකාදීපය තියෙන තාක් කල් ලෝකේ කොහේ හිටියත් අපිට ලංකාවේ අස්සක් මුල්ලක් නෑර විස්තර දැනගන්න කියවන්න ..පුළුවන්. ගෙදර හිටියා වගේම චන්න ...? ඒ ටික හොදටම ඇති ලංකාවේ නොහිටියට. ඒකනේ අපි පිටරට හිටියත් අපේ නිවෙස් වට පිටාව එලි මහන් කරලා තියන්නේ.ලංකාවේ ජීවත් වෙන ඔයාල කොපමණ බයෙන්ද ජීවත් වෙන්නේ කියල මට බය හිතෙනවා මෙහෙම ඔයාල ලියල තෙයනවා දැක්කම..? (ස)

:       0       0

දුල්මි Thursday, 12 November 2015 08:01 AM

මේ නීතිඥ කාන්තාවගේ නිහතමානිකම ඉතා වටිනවා. අද සමහර උගතුන්ට නැත්තෙත් ඒකමයි. පසු ගිය සිසු උද්ඝෝෂණ පුවත්වලදී උපාධිධාරීන් කියා ගත කට්ටියක් මෙතන ලියන විරුද්ධ මත දාරිනට නුගතුන් යයි අපහාස කරමින් ලියුවේ. චාරයකින් තොර අධ්‍යාපනය තමන්ටත් රටටත් වැඩක් නැහැ. (ම)

:       0       0

ජෙහාන් Thursday, 12 November 2015 08:13 AM

උගතා පැසුන ගොයම් කරලක් බිමට නැවෙනවා සේ නිහතමානි වීම කොච්චර අගේද ? නමුත් දැන් උසස් අධ්‍යාපන ආයතන වලින් එළියට බහින්නේ සියල්ල දත් , පණ්ඩිත උද්දච්ච බහුතරයකි . උගතාට රටේ තැනක් නැහැ කියලා වැඩේම නහයෙන් අඬන වෙලාවේ මේ උගත් කාන්තාවගේ පුවත කියෙව්වා නම් . තමන්ට වැරදුනේ කොතනද කියලා ඔය උද්ගෝෂණය කරන තරුණ උගතුන්ට තේරේවි. (ම)

:       0       0

රූපවතී Friday, 13 November 2015 09:22 AM

අනේ චන්න මාව බය කරන්න නම් එපා..ඔන්න වැන්ද..! ලබන සිංහල අවුරුද්දට ගෙවල් දොරවල් පවුලේ ඥාතීන් හමුවෙලා යන්නන්යි බලාගෙන ඉන්නේ ..ඔහොම කියද්දී යකාගේ කටට පනින්න හදනවා වගේ බයක් දැනෙනවා...? (ස)

:       0       0

චන්දි Sunday, 15 November 2015 10:30 PM

උමා, මම කවදාවත් චන්න කෙනෙක් වෙන්නේ නැහැ. ඔය ලියපු චන්න කවුද කියා මා නොදනිමි. (නි)

:       0       0

ඉනෝකා-එංගලන්තය Thursday, 12 November 2015 08:32 AM

රාත්‍රී කාලයේ, කිසිවකුගේ හව්, හරණක් නැති වෙලාවක මෙවන් දේවල් අප අතින් උනත් සිදුවෙන්න පුළුවන් නොවේද...? අගය කල යුත්තේ එම කාන්තාව සමාව ගත් ආකාරයයි. යම් උගත් කමක් ඇති, නිහතමානි, මිනිසුන්ගේ තරාතිරම නොබලා තමන් අතින් නොදැනුවත්ව හෝ සිදුවුණ වරදට සමාව ඉල්ලීම මොනතරම් උතුම් ගුණයක්ද..? සමාව ඉල්ලන තැනැත්තාට හිතේ කිසිම කහටක් නොමැතිව සමාව දෙන පුද්ගලයාත් උතුම් බවයි මගේ අදහස. (ර)

:       0       0

තුසිත Friday, 13 November 2015 09:25 AM

ඔය වගේ ප්‍රශ්නයකදී රූපවතිව ගැට ගහලා තිබුනානම් හරි. සමාව ගත් කාන්තාව නියම උගත් නිහතමානී කෙනෙකි . ඔය රූපවති වගේ නොවේ. (ස)

:       0       0

මලික් Thursday, 12 November 2015 08:46 AM

තට්ටු කරන්නාට දොර ඇරේ කිව්වේ ඉස්සර. ඇත්තටම හොරු වුනා නම් දොර අරින්නාට තට්ටු වේ.! (බ)

:       0       0

අතුල Friday, 13 November 2015 09:35 AM

ලබන සිංහල අවුරුද්දට ගමරට ගිහිල්ලා එනවිට " නිහතමානිකම" කියන්නේ මොකක්ක්ද කියලා දන්නා කෙනෙකුගෙන් අසා දැනගෙන එන්න.සුබ ගමන්....! (ස)

:       0       0

ඉසුරු කහවෙවිතාන Friday, 13 November 2015 09:38 AM

ගේ ළඟ උසට වල් පැළ වැවෙන්නට දීම වැරද්දක් බව සත්‍යකි. නමුත් මිනිසුන් හැටියට මේ අවස්ථාව ගැන මානුෂීය ලෙස බැලිය නොහැකි ඇයි දැයි මට හිතෙනවා. ඇගේ බිය සාධාරණයි. එසේම ඇගේ නිහතමානී බව අගය කල යුතුයි. වල් පැල ගැන කතා කරනවාට වඩා, ඒ සැබවින්ම සොරුන් උනා නම් මෙම පුවත මෙසේ පල නොවන බව වටහාගත හැකී නේද? (ස)

:       0       0

මාලනී Friday, 13 November 2015 10:04 PM

මොකද අනේ මේ හැමෝම එක එක කතා කියන්නේ? කවුද දන්නේ මල් වවලද කියලා ජනෙල් ළඟ? (නි)

:       0       0

නිහතමානී Friday, 13 November 2015 10:12 AM

පෙර රජ දවසේ පටන් ඊයෙත්,අදත්, හෙටත් හැමදාටම යහපත් මිනිසුන්ගේ හදවත් තුල සතුටෙන් ජීවත් වුන, මා ගැන, මේ අසිරිමත් පාටක සබාවෙන් මා ගැන උගන්වන්නට සිදු වීම ගැන කණගාටු වෙමි...?නිහතමානි මිනිසුනේ....!නුඹලාට මාගේ නමස් කාරය.....(ස)

:       0       0

ජෙහාන් Monday, 16 November 2015 01:59 AM

මට නම් පේන්නේ පාඨක සභාවේ ජනේල වලට චන්දි සහ රූපවති තට්ටු කරන බවයි. (නි)

:       0       0

උමා Saturday, 14 November 2015 02:24 PM

අනේ රුපවතී චන්දී චන්න උනේ කොහොමද?හා,හා හොරෙ දැනුනා දැනුනා.......? (බ)

:       0       0

රන්ජිත් සිල්වා Friday, 13 November 2015 11:36 PM

රූපවතී ගැන තිබෙන අදහස් ටික හරිම රසවත් (නි)

:       0       0

රුපාවති Thursday, 12 November 2015 10:15 AM

උගත් කම කියන්නේ ..පොත පතේ අධ්‍යාපනයම නොව උතුම් මිනිස්කම් සාදාචාරයන් ..හැදියාවන්..වැඩිහිටියන් ගරුත්වය සමඟ මෝරන නිහතමානිකම ..තමයි අපිව බුද්ධිමත් මිනිසෙකුව කරන්නේ. ඒ ත් මේ නිවසේ ජනේලය ළගටම උසට වල් බිහිවෙනකම් හිටියේ (ම)

:       0       0

චරිනි Friday, 13 November 2015 10:58 AM

රුපවතිට ඕන වෙලා තියෙන්නේ ලෝකයේ ආදර්ශමත්ම කාන්තාව එයා කියලා කියවා ගන්නද කොහෙද ? වත්තසුද්ධ කිරීමේ සිට මෝටර් සයිකල් පැදිල්ල දක්වාම එයා තමයි නොම්මර එක ! (ස)

:       0       0

රූපවතී Friday, 13 November 2015 11:18 AM

අනේ චාරුණි මම මෝටර් සයිකලේ පදින්න දන්නේ නැහැ..ඔන්න ඔය පුට් සයිකල් කටුවක් පැදගෙන ගිහින් කරුවලේ දවසක් අඩි හයක විතර කානුවකට වැටුන අනෝරා වැස්සේ..? (ස)

:       0       0

සරසි Thursday, 12 November 2015 10:43 AM

ගෙදර ඉන්නේ වයසක අම්මයි පොඩි දරුවෙකුයි නේ රුපවති. නීතිඥවරිය ඈත පලාතක වැඩ නම් ගෙදර තත්වය ටිකක් සාමාන්‍ය ගෙදරකට වැඩිය වෙනස් ඇති. වත්ත සුද්ධ කිරීම ආදී එළියේ වැඩ කරන්න අර මහලු මවට පොඩි ළමයාත් එක්ක අමාරු ඇති . (ර)

:       0       0

රූපවතී Friday, 13 November 2015 11:21 AM

අදර්ශ වෙන්න නෙමේ කෙල්ලේ දඩ ගෙවන්න බැරි හින්දයි වත්ත පිටිය සුද්ද කරලා තියන්නේ ...? (ස)

:       0       0

තුෂාරි Thursday, 12 November 2015 11:10 AM

මෙහිදී අප බැලිය යුතු වන්නේ වත්තේ වල් පැළෑටි නොව කාන්තාවගේ නිහතමානි උතුම් ගුණය ගැනයි. රුපවතීට ඒක හිතාගන්නවත් නිහතමානිකමක් නැති පාටයි. (ස)

:       0       0

අකලංක Friday, 13 November 2015 11:44 AM

නියම වැඩේ තමයි වෙලා තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 818 0

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 637 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 549 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 335 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මළගෙදර මාරුවී අම්බානට ගුටිකාලා
2024 අප්‍රේල් මස 20 349 0

කටුපොත අපේ කිට්ටුම නෑකෙනෙක් හදිසියේ මිය ගිහිල්ලා. මම දැන් මළ ගෙදරට යන්න ඕනෑ. ආරංචි වුණේ අද. රෝහණ සිය මිතුරන්ට කටුපොත සිදු වී ඇති මළගම ගැන විස්තර කීවේය. මළ


ගැමියාගේ සත්කාරයෙන් රාලහාමිට එලොව පොල් පෙනිලා
2024 අප්‍රේල් මස 20 633 0

අමුතු ආගන්තුක සත්කාරයක් කළ ගැමියකු ගැන පරගල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය. ඔහු අධ්‍යාපනය නොලද, තරමක මෝඩ පහේ ගැමියෙකි. විවාහක ඔහු රජයේ අනවසර ඉඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1635 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site