IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හෝටල් හිමිකරුගේ දියණියට තොත්තුවක් දෙන්න ගිහින් කොත්තුවේ ඉතිරි මුදලත් නැතිවෙලා

“කොත්තුවක්” මිලට ගැනීමට හෝටලයක් වෙත ගිය එක්තරා තරුණයෙක් එහි සිටි හෝටලයේ හිමිකරුගේ රූමත් දියණියගෙන් තොත්තුවක් ද ඉල්ලීමට ගොස් ඉතිරි මුදල් රුපියල් 700ක මුදලක් ද අහිමි කරගත් පුවතකි මේ. එය වාර්තා වූයේ වයඹ පළාතේ කුඩා නගරයකිනි.

 

එම තරුණයා ප්‍රධාන මාර්ගය අසල වූ හෝටලයට ගොඩවූයේ සිය සමීප මිතුරන් දෙදෙනකු සමඟ මත්පැන් පානය කිරීම සඳහා බයිට් එකට චිකන් කොත්තුවක් මිලදී ගැනීමටය. එදින හෝටලයේ හිමිකරු තරමක අසනීප තත්ත්වයෙන් පසුවූ නිසා කොත්තු රයිස් ආදිය පාර්සල් කර පාරිභෝගිකයින්ට දෙනු ලැබුවේත් පාරිභෝගිකයන්ගෙන් මුදල් ගනු ලැබුවේත් ඔහුගේ දියණිය විසිනි. හෝටල් හිමිකරු මුදල් ගන්නා කවුන්ටරය අසලම වාඩි වී විවේකයෙන් සිටියේ සියලු කටයුතු අධීක්‍ෂණය කරමිනි.


තරුණයා චිකන් කොත්තුවක් ඇනවුම් කළ අතර ඔහුගේ කොත්තුව දමන තෙක් ඔහුට ටික වේලාවක් එහි රැඳී සිටීමට සිදුවිය. තරුණයා ඇනවුම් කරන ලද කොත්තුව සකස්කර අවසන් වූ පසු හෝටලයේ හිමිකරුගේ දියණිය එය පාර්සල් කර තරුණයාට ලබාදුන් අතර තරුණයා සාක්කුවෙන් රුපියල් 1000 නෝට්ටුවක් ගෙන එය හෝටලයේ හිමිකරුගේ දියණිය අතට දී කොත්තුව ගන්නා අතර වාරයේ “නංගි තොත්තුවකුත් ගන්න පුළුවන්දැයි” විමසීය.


තරුණයාගේ එම ප්‍රකාශය ඇසුණු හෝටල් හිමිකරු කෝපයට පත්ව තරුණයා වෙත කඩා පැන්නේ “මොකද්ද කීවේ”යැයි පවසමිනි. සෙනඟ ඉදිරියේ කලබලයටත් ලැජ්ජාවටත් පත් තරුණයා ඉතිරි රුපියල් 700ක මුදල ද නොගෙන හෝටලයෙන් පිටතට පැමිණ සිය යතුරුපැදියෙන් එම ස්ථානයෙන් පිටව ගියේ විදුලි වේගයෙනි.

(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)



අදහස් (0)

හෝටල් හිමිකරුගේ දියණියට තොත්තුවක් දෙන්න ගිහින් කොත්තුවේ ඉතිරි මුදලත් නැතිවෙලා

මලික් Saturday, 25 June 2016 11:16 AM

වැරදිලාවත් ශිරානි හෝ පිටබැද්දර කඩපිල් වල නම් පෙනීසිටින්න එපා. අප්පච්චියේ, මොනවා සිද්ධ වේවිද දන්නේ නැහැ (නි)

:       0       0

ගිහාන් Thursday, 23 June 2016 11:20 AM

මට පෙනෙන හැටියට ශිරානි පිටබැද්දරගේ සහෝදරියක් වගේ. දෙන්නම අර කොල්ලාව අපුල්ල අපුල්ල සුද්ධ කරනවා. (බ)

:       0       0

ශිරාණි ගල්ලෑල්ල Thursday, 23 June 2016 07:35 AM

නලින් යහම්පත්, මේක සහෝදරියන්ගේවත්, උගත්කමේවත් ප්‍රශ්නයක් නොවෙයි. ඔයා ඔයකී දෙවර්ගයම මේ වගේ විහිළු කරනවා. ඔය කී ගැහැණු ළමයාගේ පියා නොහිටින්නට තොත්තුවක් දෙන්නත් තිබුනා. එහෙම තමයි අද සමාජය. ඔයා කරදර වෙන්න එපා. නොදන්නා දේවල් වලට කට දැමීමෙන් නිකම් අනාගන්නත් එපා. (නි)

:       0       0

පකීර් Saturday, 25 June 2016 03:54 AM

හොඳ කඩවසම්, සල්ලි තියෙන, කාර් එකකුත් එහෙම තියෙන කොල්ලෙක් ඉල්ලුවා නම් සමහරවිට ගන්න පුළුවන්වෙයි. (නි)

:       0       0

කාන්ති Thursday, 23 June 2016 01:30 PM

ශිරානි ඔයා ලංකාවේ නෙවෙයි වගේ ඉන්නේ. තවමත් ලංකාවේ සියලුම බවලතුන් දකින දකින පිරිමියාට තොත්තු දෙන තත්වයට පත් වෙලා නැහැ (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 22 June 2016 05:29 AM

ගොත ගහන ළමයෙක් කොත්තුව මුදලාලිට ඇහිලා තියෙන්නේ තොත්තු වගේ අනික මේ මනුස්සය එදා අසනීපෙන් ඉඳල තියෙන්නේ ඔලුවත් නිකන් විකාරෙන් වගේ , තව ඩින්ගෙන් අහිංසක කොල්ල ගුටි කනවා අනික අද කාලේ කිස් එකක් කියනවා මිසක් කවුද මුදලාලි තොත්තු ගගා ඉන්නේ ? (බ)

:       0       0

නලින් යහම්පත් Wednesday, 22 June 2016 05:10 PM

මේ තරුණයාට සමහරවිට සහෝදරියන් නොඉන්න පුළුවන්. එහෙත් උගත් වැදගත්කමක් තිබ්බා නම් මෙවැනි ප්‍රශ්න අහන්නේ නැහැ. (නි)

:       0       0

තුෂාරී Wednesday, 22 June 2016 06:49 PM

ඔලුව නිකන් විකාරවෙලා තියෙන්නේ කඩේ මුදලාලිට නොවෙයි, ජයාටයි. කොත්තුව අතට ගන්නා අතර වාරයේ තමයි තොත්තුව ඉල්ලලා තියෙන්නේ. කොත්තු බාස්ට කියලා කම්මුලේ දෙපැත්තටම කොත්තු කොටන හැන්දෙන් තොත්තු දෙකක්ම දෙන්න තිබුනේ මතක හිටින්නම. (නි)

:       0       0

මහින්ද ආර්.කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 22 June 2016 07:46 PM

එදා දවසේ ආදායම හොඳ ඇති. එහෙම වුණොත්, අනේ මුදලාලිට අසනීපෙ දැම්ම නම් හොඳවෙන එකක් නැහැ (නි)

:       0       0

ධම්ම Wednesday, 22 June 2016 09:21 PM

බොන්න පෙර පැනලා දිව්වට බීමෙන් පසු ඇවිල්ලා රුපියල් 700 ගත්තද දන්නෙත් නැහැ (නි)

:       0       0

මෝහමෙඩ් ෆාරුක් Sunday, 26 June 2016 06:10 PM

මේක ශිරානිගේවත් පිටබැද්දරගේවත් වරදක් නොවේ. ඔවුන් හැදුන වැඩුන සමාජයේ සහ ඔවුන් උගත් ප්‍රමාණයේ අඩුකමක් පමණයි. එනිසා ඔවුන් දෙදෙනා ගැන සානුකම්පිතව සිතන්න (නි)

:       0       0

අජිත් Saturday, 25 June 2016 09:08 AM

හොඳ කතාවත්, කමෙන්ට්ස් ටිකත් නැගලම යනවා. (ර)

:       0       0

ක්‍රිස් Wednesday, 22 June 2016 08:40 AM

ඉල්ලන් කනවා කියන්නේ ඔව්වාට තමයි.! (ම)

:       0       0

නලින් යහම්පත් Friday, 24 June 2016 04:35 PM

ශිරානිටත්, පිටබැද්දරටත් පොඩ්ඩක් රිදුනා වාගේ. දෙන්නගේ ප්‍රතිචාරෙන් සිතාගන්න පුළුවන් මානසික මට්ටම සහ සමාජ මට්ටම (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 835 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 901 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1114 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1036 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1288 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1631 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1439 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site