ඇය විසි හතර හැවිරිදි තරුණියකි. ඉහළ අධ්‍යාපනයක් නොලැබුවත් ඇයටත් අනෙක් යෙහෙළියන්ට මෙන් රැකියාවක් කිරීමේ ආසාවක් ඇති විය. එහෙත් ඇඟලුම් කම්හලක රැකියාවට ඇයගේ එතරම් කැමැත්තක් නොවීය. මේ අතර අහම්බෙන් ඇයට රැකියාවකට මං පෑදිණි.
රැකියාව පදිංචි දිස්ත්‍රික්කයෙන් පිට ගාල්ල දිස්ත්‍රික්කයේ කෙළවර පිහිටි තේ කම්හලකය. එම කම්හල පිහිටි ප්‍රදේශයේ සියයට අනූවකගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ තේ කර්මාන්තයයි. දිනපතා නිවසේ සිට රැකියාවට යාම අපහසු නිසා ඇයට කම්හල ආශ්‍රිතව නේවාසිකාගාරයේ සුව පහසු කාමරයක් ද ලැබුණි.
ඇය රැකියාවට ගොස් මාසයක් ගතවීමට පෙරම නොසිතූ ලෙස වාසනාව ඇය වටා කැරකෙන්නට විය. ඒ කම්හල් කළමනාකරුගේ පුතාය. ඔහු විසි එක්හැවිරිදි තරුණයෙකි. ඔහු සමග හෝටල් කාමරවල සිටින විට සුව පහසු යාන වාහන සුවිසල් නිවාස වතු නිලධාරීන්ගේ සුහද හමු ඇයට මැවී පෙනෙන්නට විය.
ඉකුත් දිනක සවස දෙදෙනා ගාල්ල නගරාසන්නයේ හෝටලයකට පැමිණියහ. හෝරා කිහිපයක් එහි ගතකිරීමෙන් පසු ඔහු මෝටර් රථයෙන් ඇය බස් නැවතුම් පොළට කැඳවාගෙන ආවේය. දැන් කොහෙද යන්නේ ඔහු ඇසුවේය.
මම ගෙදර ගිහිල්ල හෙට එන්නම් ඇය පිළිතුරු බැන්දාය.
පසුව ඔහු මෝටර් රථයෙන් පිටත්ව ගිය අතර ඇය බස් නැවතුම් පොළේ නතර වූවාය. ටික වේලාවකට පසු ඔහු ඇයගේ ජංගම දුර කථනයට කතා කර ඉන්නේ කොහේ දැයි විමසීය. මම මේ මහ වීදියෙ කඬේකට ආවා. ඇය කීවාය. එහෙත් එසේ කියා වැඩි වේලාවක් යන්නට පෙර පිටුපසින් පැමිණි මෝටර් රථයක් ඇය අසල නතර කළේය.
මෝටර් රථයෙන් බැස ගත්තේ මෙයට ටික වේලාවකට පෙර යහන්ගතව සිටි කම්හල් කළමනාකරුගේ පුතාය. අවාසනාවට මෙන් ඇය සිටියේ තවත් තරුණයෙකුගේ අත්අල්ලා ගෙනය. මෙයට පෙර දැන හැඳින ගෙන සිටි එම තරුණයා සමග ඇය ගාලු කොටුවට යමින් සිටියාය. මෝටර් රථයෙන් බැසගත් ඔහු ඇයි මට බොරු කිව්වේ කියමින් අත මිට මොළවා ඇයගේ මුහුණට වේගයෙන් පහරක් එල්ල කර මෝටර් රථයට නංවා ගත්තේය. ඇය සමග සිටි තරුණයා අන්දමන්ද වී බලා සිටියේය.
මම ඔක්කොම බලාගෙන හිටියෙ. කවුද ඒ මිනිහ ඔහු ඇසුවේය.
ඒ මම අඳුනන යාලුවෙක්. ඇය කීවාය. ඇයගේ මුහුණ රතුවී ඉදිමී තිබිණි. ඔහු ඖෂධ ශාලාවකට ගොස් අයිස් බෑගයක් ගෙනැවිත් මෝටර් රථය තුළදීම ප්‍රථමාධාර දුන්නේය. ඉන්පසු ඇය නිවසට යන බව පවසා මෝටර් රථයෙන් බැස ගියාය. එහෙත් ඇය ගියේ ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයටය. පැමිණිල්ල සටහන් විය. ඇය රෝහල්ගත වූවාය.
මේ අතර ඇයගේ නිවසේ ඥාතීන් දියණිය අතුරුදන්වී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ද කර තිබිණි. ගාල්ල පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මනගේ මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පැවැත්වූ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරීක්ෂිකා චෞද්රි මෙනෙවිය සහ සැරයන් සමරනායක 25312 මහතා සැකකරු අත්අඩංගුවට ගත්හ.
(උණවටුන ඩී.ජී. සුගතපාල)
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සේවිකා නංගිට වහවැටුණු කම්හල් හිමියාගේ පුතා කොක්කක දැවටිලා