IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සායක් ඇඳගෙන මාරුවෙන්න හැදූ හොර මනමාලයා මාට්ටු

(උණවටුන ඞී. ජී. සුගතපාල)
රාති‍්‍ර කාලයේ නිවසකට රිංගා එම නිවසේ කාන්තාව සමග සිටි වෙළෙඳ නියෝජිතයකු නිවෙස් හිමියාගේ පහර කෑමට ලක්ව කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ සිද්ධියක් පෝද්දල ප‍්‍රදේශයෙන් වාර්තාවේ.


පොලිසියට ලැබී ඇති පැමිණිල්ල අනුව සිද්ධිය මෙසේය.
මෙම නිවසේ හිටියෙ පෙදරේරුවෙකි. ඔහු නුවර ප‍්‍රදේශයේ රැුකියාව කළ අතර නිවසේ සිටියේ දියණිය පුතා සහ බිරියය. සැමියා උපයන මුදල පවුලේ නඩත්තුවට ප‍්‍රමාණවත් නොවූ නිසා බිරිය නිවස ඉදිරිපිට වෙළෙඳසලක් පටන් ගත්තාය.


එයට සැමියාගේද අකමැත්තක් නොවීය. ටික දිනක් යනවිට වෙළෙඳසලට බඩු ගෙනෙන වෙළෙඳ නියෝජිතයකු සමග අනියම් සම්බන්ධයක් ඇතිකරගත් ඇය එය රහසක් ලෙස තබා ගැනීමට උත්සාහ කළාය. එහෙත් වෙළෙඳ නියෝජිතයාගේ නිතර නිතර පැමිණීම ගමේ අයට නම් රහසක් නොවීය. සැමියාගේ කනටද මේ ආරංචිය ගියේය.


පසුගිය දිනක රාති‍්‍ර දහයයි තිහට පමණ කිසිවකුට නොදන්වා නිවසට ආ ඔහු දොරවසා තිබූ නිසා දොරට තට්ටු කළේය. දොර විවෘත නොවීය. හදිසි අවස්ථාවකදී නිවසට ඇතුළුවන අයුරු දැනසිටි ඔහු ඒ අනුව නිවසට ඇතුළු විය.


සැකය නිවැරැුදිය. වෙළෙඳ නියෝජිතයා තම බිරියගේ සායක් ඇඳගෙන පැන යාමට උත්සාහ ගත් නමුත් එයට ඉඩක් නොලැබිණ. ඔහු කෑගැසූ හඬට ගමේ මිනිස්සුද නිවෙසට රොක්වූහ. වෙළෙඳ නියෝජිතයා කොටුවිය.


පසුව පොලිසිය පැමිණ සායට උඩින් සරමක්ද අන්දවා හොර මනමාලයා කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබුවේ ඒ වනවිට ඔහු තුවාල ලබා සිටි නිසාය.



අදහස් (0)

සායක් ඇඳගෙන මාරුවෙන්න හැදූ හොර මනමාලයා මාට්ටු

යසිරු Monday, 15 September 2014 01:16 PM

බෙන්තර ගගෙන් එහා හොඳ හොඳ දේවල් වෙනවා නේද ? (නදී)

:       0       0

මහින්ද සේනානායක Monday, 15 September 2014 01:14 PM

හරිනම් ගෑණිව තමයි සාය ගලවලා පොලිසි ගිනියන්න තිබ්බේ (නදී)

:       0       0

නීල් Monday, 15 September 2014 01:24 PM

ගංගා ඇයි ගෑනි පව් කිව්වේ ? ඔයත් ඒ වගේ ගෑනියෙක්ද ? ලැජ්ජ නැද්ද එහෙම කියන්නේ (නදී)

:       0       0

අම්පාරේ දිමුතා Tuesday, 16 September 2014 03:13 PM

මේ අයට කියල දෙන්න ඕන නිබබුතා නූන සානාරී (අ)

:       0       0

රූපවතී Wednesday, 17 September 2014 03:51 AM

මට නම් කියන්න තියෙන්නේ ලජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකු උන මිනිසුන් මෙවැනි තත්වෙට පත්වෙනවා (නදී)

:       0       0

ප්‍රදීප් Tuesday, 16 September 2014 06:27 AM

නිවනින් ඈත් වූ මිසුන් මේ ලෝකයට පිළිලයක් වී ඇත.සැමගේ සිත් නිවනම අරමුණු වේවා. එවිට ලෝකය වඩාත් යහපත් වනු ඇත (අ).

:       0       0

සිසිර Monday, 15 September 2014 02:19 PM

මෙතන සමහර වෙලාවක පුවතට අදාළ සංවාදය කඩන්න පිස්සු ලියන කට්ටිය ඉන්නවා. එක්කෝ පිටරට සිට ලියන ලාංකිකයන්ට උපහාස ලියලා. නැති නම් වෙනත් පිස්සු ලියලා පාඨක අදහස් වෙනතක යවන්න හදනවා. ගංගා නමින් ලියන කෙනා කලෙත් ඒකමයි. (නදී)

:       0       0

චමින්ද Monday, 15 September 2014 03:20 AM

හපොයි! (නි)

:       0       0

මේනක Monday, 15 September 2014 02:19 PM

එතකොට නෝනා ඒ වෙලාවේ ඇඳගෙන හිටියේ "අරයාගේ " කලිසම වෙන්න ඇති. (නදී)

:       0       0

ධනුක Monday, 15 September 2014 04:03 AM

අපරාදේ හැට්ටයකුත් අන්දවන්න බැරි වුණේ. එහෙම එකක් අහල පහලක වත් තියෙන්න නැතිව ඇති. (අ)

:       0       0

රනිල් Tuesday, 16 September 2014 07:41 AM

ගංගා ඔයත් ඒ ජාතියේම කෙනෙක් වගෙයි පෙන්නේ. (අ)

:       0       0

මහේෂ් Monday, 15 September 2014 03:02 PM

සිද්දියෙන් පස්සේ දෙන්නා කොහොම ජීවත් වෙයිද දන්නේ නෑ (නදී)

:       0       0

ජනක Monday, 15 September 2014 04:05 AM

අද කාලයේ හරි හමන් නෝනා කෙනෙක් ලබන්නත් පින් කරලා තියෙන්න ඕන. (අ)

:       0       0

දිලාන් Monday, 15 September 2014 04:06 AM

මේ හාමිනේව ආයෙත් භාර ගන්න නම් වටිනා කෙනෙක් නෙවෙයි. (අ)

:       0       0

දයා අලහකෝන් Monday, 15 September 2014 04:12 AM

මෙවැනි අමන වැඩ නැවත නොකරන්න සායත් නැතිවයි පොලීසියට ගෙනියන්න තිබුණේ. (අ)

:       0       0

වීරේ Tuesday, 16 September 2014 07:55 AM

අතීතයේ "මව බලා දුව ගනින් " කිව්වේ කට කහනවට නෙවෙයි. මවක් විනීතව යහපත්ව්ජීවත් වේ නම් එවැනි මවගේම දුව විවාහයට සුදුසුයි කියලා පැරැන්නෝ කියන්නේ මව ආදර්ශයට ගෙන දුවත් හැදෙන නිසා. හැබැයි ඉතින් මේ කාලෙට නම් ඕක හරියාවිද මන්දා ! (අ)

:       0       0

පිටිගල Monday, 15 September 2014 04:08 PM

ගංගා, එන්නකෝ ගංගා.... මම බලාගෙන ඉන්නේ (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 15 September 2014 04:27 AM

මේ දෙන්නම තුන්වෙනි පන්සිල් පදය ආරක්ෂා කරලා නැහැ. දෙන්නම වැරදි කාරයෝ. (අ)

:       0       0

සරත් Monday, 15 September 2014 05:30 PM

"සළෙලුන් දැක ලියන් සගවෙනුයේ මීයන් දුටු කල බළලුන් සැඟවෙන සේයා. ඒ ගොදුර තමන් වෙත පැමිණෙන තෙක් පමණි" (නි)

:       0       0

ජෙහාන් Monday, 15 September 2014 05:01 AM

ඉතා හොඳයි අදාළ සාක්කිත් තියනවා නේ (දිල්)

:       0       0

ශාන්ති Monday, 15 September 2014 05:38 AM

මොනවද මේ විහින් කරගන්න කරදර (දිල්)

:       0       0

හේමන්ත Monday, 15 September 2014 05:40 AM

පවුල් බිදිලා විසිරිලා අහිංසක දරුවන් පවා අනාත වෙන්නේ මෙවැනි අය නිසයි. දෙදෙනාටම සුදුසු දඩුවම් දෙන්න ඕන.(අ)

:       0       0

රුවන් Monday, 15 September 2014 06:13 AM

අනියම්සැප තාවකාලිකය,අහුවුනොත් සැමදා දුකය.(අ)

:       0       0

සඳරුවන් Monday, 15 September 2014 06:25 AM

නියම බිරිඳ (අ)

:       0       0

අමායා Monday, 15 September 2014 11:50 PM

තාවකාලික සුවය සොයා ගිය අයට හැමදාම දුකම පමණකි. (නි)

:       0       0

ගුණසිරි Tuesday, 16 September 2014 12:03 AM

පොත්ත රතු නම් , පිට ඔපය තියනවා නම් අපේ පිරිමිත් මෙලෝ සිහියක් නැතුව රැවටෙනවා. ගෙදර ගෙනාවට පස්සේ තමයි රඟේ තේරෙන්නේ. (නි)

:       0       0

සමාධි Monday, 15 September 2014 08:37 AM

තහනම් ගහේ ගෙඩි කන්න ගිහින් මදැයි වෙච්ච හරිය(දිල්)

:       0       0

ක්‍රිස් Monday, 15 September 2014 08:51 AM

මෙයාල අර ජාත්‍යන්තර පාසලේ 4 වන පන්තියේ පාඩම් කරලා නැහැ වගේ. (අ)

:       0       0

සුරේන් Tuesday, 16 September 2014 12:14 AM

තමන්ට හිතවත් නෝනා කෙනෙක් ලැබෙන්නේ පෙර පිනෙන්ම තමයි. අපි දන්නා එක්තරා විවාහක කාන්තාවක් සැමියා ගමේ ඉන්න අතරේ රැකියාවට කියලා කොළඹ ඇවිල්ලා අක්කාගේ ගෙදර නැවතුනා. ඔය අතරේ අපේ කාර්යාලයෙන් එක්තරා හෝටලයකට කාර්ය මණ්ඩලයේ වාර්ෂික චාරිකාව ගියා. මම දැක්කා අර කාන්තාව අක්කාගේ සැමියා සමඟ ඇවිල්ලා පිහිනුම් තටාකයේ හැසිරෙන හැටි. මාව දැකලා එයා ගිලුනේ නැති ටික විතරයි. මොනවා වුණත් පවුල් දෙකක් කැඩෙන නිසා අදටත් මම නිහඬයි. (නි)

:       0       0

ගංඟා Monday, 15 September 2014 09:03 AM

සැමියාගේ වරද මම දකින්නේ.පව් අහිංසක ගෑනී. (අ)

:       0       0

ගංගා Monday, 15 September 2014 08:59 AM

සැමියාගේ වරද මම දකින්නේ.පව් අහිංසක ගැනී. (අ)

:       0       0

හේවාවිතාරණ Wednesday, 17 September 2014 08:38 PM

ගංගා එන්නකෝ. හදිසියක් වුණොත් ශේප් කරලා අරින්නම් (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 17 September 2014 08:45 PM

සිසිර, ඉක්මණින් අංගොඩ ගොස් දොස්තර කෙනෙක් හමුවෙන්න (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 17 September 2014 08:47 PM

ගංගා ගැහැනියක්ද, පිරිමියෙක්ද? (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 17 September 2014 08:48 PM

හිමි ගෙයි නැති සඳ ගැහැණු කවරේද වරදේ නොබැ‍ඳෙන (නි)

:       0       0

නුවන් Tuesday, 16 September 2014 01:30 AM

මෙතන පිළිවෙලකට සංවාදයක් යද්දී ඒක කඩන්නයි සමහරු හදන්නේ. (නි)

:       0       0

පද්මා Tuesday, 16 September 2014 01:47 AM

මිනිහාට විතරද තුවාල වෙන්න ගහලා තියෙන්නේ? කාන්තාව තමයි පළමු වරදකාරිය (නි)‍  

:       0       0

සමීර Monday, 15 September 2014 10:52 AM

ඔය ජාතියේ වැඩ ඉන්න තැන කරන්නවත් කරන තැන ඉන්නවත් එපා කියලා තියෙන්නේ කට කහනවට නෙමෙයි. (නදී)

:       0       0

රවී Tuesday, 16 September 2014 02:26 AM

සමහර කාන්තාවන් අනියම් සම්බන්ධකම් වලට යොමුවෙන්නේ පවුලේම හිතවතුන් නෑදෑයන් සමඟින්. මමත් සමාජයේ දැකලා තිබෙනවා . ඔය විවාහක අක්කලාගේ ගෙවල් වල නොයෙකුත් හේතු නිසා ලැගුම් ගන්න බොහොමයක් බවලතුන් නවතින්නේ අක්කාගේ සැමියා එක්ක හිතවත් වෙලා. අන්තිමට මේ තමන්ගේ සහෝදරියගේ සැමියා නේද කියලාවත් ඒ අයට මතක නැහැ. (නි)

:       0       0

රංජිත් Tuesday, 16 September 2014 02:30 AM

මට තේරෙන හැටියට පිරිමියා වැරදිකරයා විදියට දකින අයත් ඒ වගේම අය වෙන්න ඇති (නි)

:       0       0

මහින්ද පියසිරි Monday, 15 September 2014 11:01 AM

අනේ ගංගා ඔයත් ගැහැණියක් නේද? ළමයි කන්නේ මොනවාද ? (නදී)

:       0       0

මංජු දෝහා Monday, 15 September 2014 11:26 AM

ගංගා දැන් ගෑනි වැරදි නැහැ නේද? නිකම් ගොන් කතා කියන්න එපා (නදී)

:       0       0

කෙවින් Tuesday, 16 September 2014 04:30 AM

කවුරු කවුරුත් තම තමන්ගේ නෝනලා මහත්තුරු පරිස්සම් කර ගන්න ඕන කාලයක් මේක. (නදී)

:       0       0

සමන්ති Thursday, 18 September 2014 01:14 AM

සමහරුන්ට මේ වගේ දේවල් හරිම රසවත් විදියට බලන්න මානසික තෘප්තියක් තියෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 621 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 808 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1058 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1013 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1278 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1622 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site