IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සීනුව ගහලා කතාවකට වැටිලා

මාතර පැත්තට දිව යන පෞද්ගලික බසයකි. නවීන විලාසිතාවෙන් සැරසී සිටි තරුණියක් බසයෙන් බැසීම සඳහා සීනුව නාද කළ අතර බසයේ වේගය අඩු විය.

බසයෙන් බැසීමට ආ ඇය දුටුවේ ඉදිරි අසුනක තම සමීප ඥාතිවරියක සිටින බවය. ඇයට පණිවුඩයක් දීමට සිතුණු හෙයින් මඳක් නැවතී ඇය සමඟ කතාවට වැටුණාය. බසය නැවැත්වූ රියැදුරු තැන ඉදිරිපස කණ්ණාඩියෙන් ඇය දෙස රවා බැලූවත් කතාවේ නිමක් නොවීය. ”කතාව නවත්තල බහිනවා.”

කොන්දොස්තරද කෑ ගැසීය. ඒත් කතාවේ ඉවරයක් නැත. කොන්දොස්තරට යකා වැහිණ. බසයද යළි අද්දන්නට සූදානම් විය. ”ඉක්මනට බහිනවකො හලෝ” කී කොන්දොස්තර තවත් මොනවාදෝ කීවේ කෝපයෙනි.

”අර කොන්දා මොනවද කුටු කුටු ගානවා” ඇය ඥාතිවරියට කියත්ම එය ඇසුණු කොන්දොස්තර දැඩි කෝපයෙන් ඇයට පහර දීමට මෙන් එතැනට ආවත් ඇය වේගයයෙන් දිව ගොස් බසයෙන් බැස මග දිගේ දිව ගියේ මගීන්ගේ හිනා හඬ මැදය.



අදහස් (0)

සීනුව ගහලා කතාවකට වැටිලා

නන්දලාල් - ප්‍රංශය Wednesday, 20 January 2016 12:25 PM

අපේ කාලේ නම් ගමේ ගොඩේ බවලතුන්ගේ "චර - බරේ" තිබුනේ ගමේ ලිඳ ළඟ. දැන් එක බස් එකටත් ඇවිල්ල වගෙයි. මෙහෙම ළමිස්සියන් නිසා බස් වල යන අනිත් මගීන්ට දෙයියන්ගේම පිහිටයි.....(බ)

:       0       0

සරත් Monday, 18 January 2016 03:49 PM

රුපවති, මොකෝ ඔච්චර තරහ හෙළයන් සමග. (ස)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 19 January 2016 12:09 PM

රින්සෝ බාල්දියක් ඉවරවෙනකම්ම සෝදලා. ඔන්න අපේ කාන්තාවෝ, තැනක් නොතැනක් බලනවද. (ර)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 19 January 2016 12:22 PM

පවු අනේ අදනම් කට්ටියට බයිට් එකක් නැහැ වගේ නේද ? (ර)

:       0       0

ජයා Monday, 18 January 2016 11:06 AM

සීනුව නාද කලානම් බසයෙන් බැසිය යුතුයි එහෙම නැතිව මිනිසුන් රස්තියාදු කිරීම බුද්ධිමත් කෙනෙක් නම් කරන්නේ නැත (ම)

:       0       0

ඉනෝකා Tuesday, 19 January 2016 07:20 AM

නවීන විලාසිතාවෙන් සැරසී, නිමක් නැති කතාවට පැටලී සිටියොත් අනෙක් අය ඇයගේ කතාව ඉවරවෙන තෙක් ඉවසා වදාරා සිටිය යුතුද....? මම මේ දන්නේ නැති නිසයි ඇහුවේ. (නි)

:       0       0

වික්‍රම Tuesday, 19 January 2016 12:28 PM

ජයා, බයිට් නැත්නම් හදලා ගේමුකො කාටත් සහයෝගයෙන් රස විදින්න. (ර)

:       0       0

සුනිල් Tuesday, 19 January 2016 12:44 PM

ඇයි ජයෝ රුපවතී බිත්තරයක් බැදලාම ගෙනත් තියෙන්නේ මදිද ? (බ)

:       0       0

බණ්ඩාර රුසියාව Monday, 18 January 2016 04:53 PM

අනිවාර්යයෙන්ම එයා රජයේ සේවිකාවක්. කතාවට වැටුනහම උන්හිටි තැන් අමතකවෙනවා. (නි)

:       0       0

සුරනි Tuesday, 19 January 2016 01:02 PM

ලංකාවේ මිනිස්සු හොඳ නැහැ කියමින් ඒ අස්සටමනේ අන්තිමට රිංගලා තියෙන්නේ. (ර)

:       0       0

ලාල් හෙට්ටීපොල Thursday, 21 January 2016 03:10 AM

කොල්ලෝ වෙලා අපි ඔය වැඩ කළා නම් එහෙම ඉඳලා ඉවරයි. අපිට පයින් ගහලා එළියට දායි. (නි)

:       0       0

ජයනාත් Monday, 18 January 2016 07:16 AM

සීනුව ගැහුවේ ඇය බසයෙන් බැසගන්නයි.. එය වැලකුනේ නෑදෑකම් ලොකු හින්දයි.. බැනුම් ඇසුවේ ඇය කාලය කෑ හන්දයි.. රියදුරු මෙන්ම සහයකගේත් කට සද්දයි..(ම)

:       0       0

ගුණවර්ධන Monday, 18 January 2016 06:43 PM

සීනුව ගැසුවේය බසයෙන් පිටවෙන්න... සිතුවේ තමන් දන්නා අය අමතන්න... කොන්දා නිසා බැරිවිය මට පවසන්න... ගුටියක් නොකා දිව්වෙමි පණ රැකගන්න... (නි)

:       0       0

කාන්ති Monday, 18 January 2016 07:18 AM

පුදුමයි මේ උදවිය තරුණ පහේ හැඩකාර තරුණියන්ට මෙහෙම බැන්නා කිව්වාම. සාමාන්‍යයෙන් පිටට අත තියලා බොහොම ආදරෙන් කරුණාවෙන් බහින්න නගින්න සලස්සන්නේ (ම).

:       0       0

නන්දනී Wednesday, 20 January 2016 02:39 AM

මම දැක්කා ඔය ලංකාවට බනින කෙනා, එංගලන්තේ යුධ ආම්පන්න ගබඩා කළ රටක ඉන්නේ කියලා බොහොම උජාරුවෙන් කියනවා. ඒකෙන්ම තේරෙනවානෙ මානසිකත්වය. (නි)

:       0       0

යසපාල Monday, 18 January 2016 08:08 PM

අනේ හැබෑට මෙහෙමත් ගැහැණු! (නි)

:       0       0

ජෙනී Monday, 18 January 2016 10:53 PM

හැම රටේම අඩුලුහුඬුකම් තිබෙනවා. ඒත් ලංකාවේ බස් කොන්දොස්තරගේ සිට තමන්ගේ ගමේ මිනිස්සු දක්වාම පහත් කරනවා නම් ඒක ආකල්පමය ප්‍රශ්නයක්. (නි)

:       0       0

රූපවතී Monday, 18 January 2016 01:00 PM

අපෝ ලංකාවේ මිනිසුන්ද? ඕපාදූප, අනුන්ගේ හැලි උදේ ඉදන් ගමවටේ කාලේ නාස්ති කරනවා ඒත් වෙලාවට වැඩ කරන වැදගත් පුරුදු නම් අබරලා ගුලි කරලා නැවත හැදුවත් ඇති කරන්න අමාරුයි ...

:       0       0

මහින්ද සෞදි Monday, 18 January 2016 08:01 AM

චාරු,බස් කොන්දොස්තර ඩුබායි තිලක්ගේ ගමේ කෙනෙක්? (බ)

:       0       0

සරත් Tuesday, 19 January 2016 12:14 AM

රූපවති, සෙවණ දුන් ගසේ අතු සිඳලන්න එපා. වැදු මවටත් හැදු රටටත් ගරහන්න එපා. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 19 January 2016 01:06 AM

තරුණියට කියන්න තිබුනේ “මට වැරදිමක් වුණේ, සොරි අනේ" කියලා. (නි)

:       0       0

සෑම් Tuesday, 19 January 2016 03:51 PM

අනේ අම්මේ අර පිට බැද්දරජයා වගේ උගතෙක්. මොලේ තෙමා ගන්ඩ එපා. (බ)

:       0       0

අජිත් Monday, 18 January 2016 01:50 PM

පව් අනේ ලස්සන කෙල්ල. කොන්දොස්තර වයසක කෙනෙක් වෙන්ට ඇති මගේ හිතේ! (බ)

:       0       0

රංග Wednesday, 20 January 2016 05:25 AM

පිටරට ගිය අයට එසේ මෙසේ පොෂ් උණක් නෙවෙයි තියෙන්නේ. කවදාවත් බස් එකේ ගිහිල්ලත් නැහැ වගේ (බ)

:       0       0

ඉනෝකා Wednesday, 20 January 2016 10:35 AM

රංග, කට්ට අව්වේ පොත් මිටියත් තුරුළු කරගෙන පාසල් ගිය හැටි, බස් වල තෙරපීගෙන දහඩිය වගුරමින් වැඩට ගිය හැටි කෙසේ අමතක කරන්නද? අම්මා උයාදුන් දුප්පත් කෑම වේල ගැන කඳුළු පිරි නෙතින් සිහිකරමින් අපි මෙහෙ හිටියාට හිත තිබෙන්නේ ලංකාවේ. දුප්පත් සිසුන් ඉටිකොළවල බිම හිඳගෙන අකුරු කරන හැටි පුවත්පතින් දුටු අප කෙතරම් කම්පා වුණාද...? ඇයි ඒ..? අපි ශ්‍රී ලාංකිකයින් නිසාමයි. (නි)

:       0       0

ගුණවර්ධන Wednesday, 20 January 2016 06:31 PM

රූපවති, ආවට ගියාට අදහස් දමන්න එපා. ලංකාවේ අය එහෙම වෙන්නේ කොහොමද? (නි)

:       0       0

චාරු Monday, 18 January 2016 05:44 AM

බසයේ රියදුරු පිටබැද්දර ගමේ කෙනෙක් වද්ද? (බ)

:       0       0

චන්දි Tuesday, 19 January 2016 05:20 PM

පෝය ලග නිසාද මන්දා ජයා සොයුරා නිවුණු ගතියක් පෙන්නුම් කරලා තියෙන්නේ, මෙතන බයිට් වෙන එකත් වෙනස්ම ෆන් එකක් නේද ජයෝ... (ර)

:       0       0

චන්දි Tuesday, 19 January 2016 05:41 PM

බෙල් එක ගැසුවේ බහිනා තැන ලග හින්දා.., ඩිංගක් පහු උනේ නෑදෑයෙක් උන් හින්දා.., නෑයයි වේයයි දෙන්නම එක හින්දා.., ගුටි නොකා බේරුනේ දෙපයේ විරිය හින්දා. (ර)

:       0       0

ජයමිණි Monday, 18 January 2016 02:26 PM

එක්කෙනෙක්ට බවලතුන්ව පේන්න බෑ..අනික් කෙනාට ලංකාවෙම මිනිස්සු පේන්න බෑ..හරියට තමුන් ලංකාවෙ හිටියෙ නැති කෙනෙක් වගේ. (බ)

:       0       0

ලක්ෂිත පැරිසිය Tuesday, 19 January 2016 07:00 PM

රූපවතියේ, කට හින්දයි මාළුවා නහින්නේ. ඉපදුන රටට ගරහන්න එපා (නි)

:       0       0

රාධිකා Tuesday, 19 January 2016 07:39 PM

සුරනි, කවුද රූපවතීද? ඒ ගොල්ලෝ දැන් සුද්දියෝනේ (නි)

:       0       0

වික්‍රම Monday, 18 January 2016 06:14 AM

චාරු මෙතන ආයෙත් අච්චාරු කරන්න වගේ හදන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 770 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 866 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1090 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1025 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1286 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1628 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site