පුංචි පහේ සාදයක් දැමීමට සිතූ ගෙහිමියා මිතුරන් පිරිසකට ආරාධනා කළේ එදින සවස තම නිවසට පැමිණෙන ලෙසටය. කල් ඇතුවම නගරයට ගොස් හොඳ වර්ගයේ සැර බීම බෝතල් දෙකක් ගෙනැවිත් කාමරයේ ඇඳ යට තැබුවේ වැඩි පරිස්සමටය. අඳුර වැටෙත්ම ආරාධනාව පිළිගත් මිතුරන් පිරිස එකා දෙන්නා නිවසට එන්නට විය.
සතුටු සිතින් මිතුරන් පිළිගත් ගෙහිමියා වෙල්කම් ඩි්රන්ක් එකට ප්ලේන්ටි පිරිනමා සීතල හැන්දෑවේ ඇඟ පොඞ්ඩක් උණුසුම් කර ගන්නා ලෙස පවසා බයිට් එක පිළියෙළ කිරීම සඳහා මුළුතැන් ගෙට ගියේය. ගෙවත්තේ තිබෙන පළබර අඹ ගසේ ගෙඩි කන්නට එන මාවවුලන් එලවීම සඳහා රැගෙන ආ අහස් වෙඩි නිවසේ තිබුණේය. සුපුරුදු පරිදි අහස් වෙඩි කිහිපයක් අතට ගත් නිවැසි දරුවකු මාවවුලන් එළවීම සඳහා අහස් වෙඩියක් ගිනි දල්වා උඩ දැමීය. අවාසනාවකට උඩ නොගිය අහස් වෙඩිය බිම දිගේ ගොස් නතර වුණේ නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා ළඟය.
අහස් වෙඩියට බිය වූ සුනඛයා පණ එපා කියා දිවගොස් නතර වුණේ සැර බීම බෝතල් දෙක සඟවා තිබූ ඇඳ යටය. බයිට් එක පිළියෙළ කර අවසන් කළ ගෙහිමියා එය රැගෙන මිතුරන් ඉදිරියට ගෙන ගොස් තබා අවශ්‍ය අනෙකුත් කළමනා සියල්ල සකස් කර අවසානයේ සැර බීම බෝතල් දෙක ගැනීමට කාමරයට ගොස් ඇඳ යටට එබුණේය. අවාසනාවක මහත, බෝතල් දෙක බිම වැටී කුඩු පට්ටම් වී කාමරය පුරා ගලා ගොසින්ය. එකෙනෙහිම ඇඳ යට වකුටු වී සිටින සුනඛයා දුටු ගෙහිමියාට සිද්ධිය අවබෝධ වන්නට වැඩි වේලාවක් ගත නොවීය. කනගාටුවෙන් යුතුව මිතුරන් ඉදිරියට ගොස් සිදුවී ඇති අකරතැබ්බය පවසා සිටියේය. සියල්ල තේරුම් ගත් මිතුරෝ පිරිස බයිට් පීරිසිවලට වගකියමින් පිටව ගියහ.
(මඩුල්ල - සේනක බණ්ඩාර සහ මොනරාගල අතිරේක - කේ.එම්.පී. බණ්ඩාර)
වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ
අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ.
අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ
එළැඹෙන අලුත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං” වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු
මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ
සිය මාමණ්ඩියගේ සොහොන යැයි සිතා සූර් පිට කිලෝ මීටර් කණුවකට ඉටි පන්දම් පත්තු කර පැමිණි පුද්ගලයකු පිළිබඳව වයඹ පළාතේ එක්තරා ගමකින් වාර්තා වේ. සිද්ධිය මෙසේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සුනඛයෙක් මත්පැන් සාදයක් නවත්වයි