IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වසර ගණනාවක් පෙම්කළ පෙම්වතිය කෙස්වැටියෙන් අල්ලා පොලිසි ගෙනත්

අවංක චේතනාවෙන් වසර ගණනක් තිස්සේ මුළු හදවතින්ම ආදරය කළ පෙම්වතිය තමන්ට හොරා වෙනත් කෙනකු හා පෙම්සුව විඳිමින් සිටිද්දී ඇය අතටම අල්ලාගෙන එම ගැටලුව විසඳීමට පොලිසියේ සහාය පැතූ අහිංසක පෙම්වතෙක් පිළිබඳ පුවතක් කුරුණෑගල බස් නැවතුම්පොළ පොලිස් මුරපොළින් වාර්තාවිය.


කුරුණෑගල නගරයෙන් තරමක් ඈත පිහිටි ගම්මානයක පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආරක්ෂක ආයතනයක සේවය කරන මොහු අසල ගමක 20 හැවිරිදි තරුණියක සමග පෙමින් වෙලිණි.


ඔහු ඇයට බොහෝ ආදරය කළේය. කවදා හෝ දිනක මඟුල් පෝරු මස්තකව ගමටම මඟුල් කියා ඇය තම සහකාරිය කර ගැනීමේ චේතනාවෙන් වසර කිහිපයක් තිස්සේ මොහු ඇය මලක් මෙන් රැක ගත්තේය.


කොළඹට වී රෑ නිදි වරමින් උපයා ගන්නා සොච්චම් වැටුප සහමුලින් ඔහු විය පැහැදම් කළේ තවමත් අධ්‍යාපනය අවසන් නොකළ තම ආදරණීය පෙම්වතිය වෙනුවෙනි. ඇයට අවශ්‍ය කුමක්ද ඔහු වහා එය ඉටුකළේය.


පසුගිය දිනක නිවාඩු දමා නිවෙසට පැමිණි ඔහු පෙම්වතිය සමඟ දින කිහිපයක් ඇය කියන සියලු තැන් වලට ගෙනගොස් ඉල්ලන  සියලු දේ මිලට ගෙන ඇයව සතුටු කළේ හදේ උතුරා යන ආදරය නිසාය.


නිවාඩු දින කිහිපය නිමා වී යළිත් රැකියාවට කොළඹ ගිය මොහුට ඉතාමත් හදිසි කටයුත්තකට නැවත තම නිවෙසට පැමිණීමට සිදුවිය. කිසිවකුටත් නොදන්වා හදිසියේ නිවෙසට පැමිණි මොහු අදාළ අවශ්‍යතාව ඉටු කරගෙන එදිනම කොළඹ බලා යාමට කුරුණෑගල බස් නැවතුම්පොළට පැමිණියේය. බස් නැවතුම්පොළට වී කොළඹ බසයක් එනතුරු සිටි මොහුට හදිසියේ තමන් ඉදිරියෙන් ගමන් ගන්නා තම පෙම්වතිය ඇස ගැටුණි.


ඇය තවත් තරුණයෙකු හා පෙමින් වෙලී අතිනත් අල්ලාගෙන ගමන් කරනු ඔහු දුටුවේය. තම ඇස් අදහාගත නොහැකිව මොහොතක් ඒ දෙස බලා සිටි ඔහුට උන්හිටි තැන් අමතක විය. මේ සිටින්නේ වසර ගණනක් තමන් නිර්මල හදවතින් පෙම්කරන තම ආදරියයි. වහා ඉදිරියට පැන ඇයගේ කෙස් වැටියෙන් අල්ලා ගත් ඔහු දෙනෝදාහක් බලාසිටියදී ඇය ඇදගෙන ගියේ බස් නැවතුම්පොළේ පොලිස් මුර කුටිය වෙතය.


දෙදෙනා දෙපසට කොට සිද්ධිය පිළිබඳ තොරතුරු විමසූ පොලිස් නිලධාරීන්ට පෙම්වතිය විසින් ඉතාමත් නිර්දය ලෙස පෙම්වතා රවටා ඇති බව හෙළිවිය. එම අවස්ථාවේ බොහෝ වේලාවක් තිස්සේ දෙදෙනාටම තරයේ අවවාද කොට ඔවුන් පිටත්කර හැරීමට පොලිස් මුරපොළේ නිලධාරීන් පියවර ගත් අතර එම ස්ථානයෙන් පිටව යන පෙම්වතා අමතා පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ මෙවැනි චපල කෙල්ලෙකුට රැවටී ජීවිතය මුලාවේ හෙළා නොගෙන අවංක තරුණියක් සොයා ගන්නා ලෙසය. එමෙන්ම මෙවැනි වංක පෙම්වතියන් නිසා පවුල් පිටින් ඝාතනය කොට තම වටිනා ජීවිත අමු අමුවේ කාලකණ්ණි කරගන්නා සියලු පෙම්වතුන්ට මෙම තරුණයා ආදර්ශයක් බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ කාටත් ඇහෙන ලෙසය.

(ඉබ්බාගමුව - සම්පත් සෙනවිරත්න)



අදහස් (0)

වසර ගණනාවක් පෙම්කළ පෙම්වතිය කෙස්වැටියෙන් අල්ලා පොලිසි ගෙනත්

ජයරත්න Tuesday, 04 October 2016 06:02 AM

පණට පණ සේ ආලේ මුත් ස්ත්‍රී ජාති නෑ විස්වාසේ ! (හේ)

:       0       0

මැටිපහන Wednesday, 05 October 2016 12:42 PM

එහෙම කොණ්ඩෙන් ඇඳගෙන යන්න පුලුවන්ද? එහෙම කාගෙවත් කොණ්ඩෙන් ඇඳගෙන යන්න බැහැ. (නි)

:       0       0

ජනහිත Wednesday, 05 October 2016 01:27 AM

පෙම්වතා වාසනාවන්තයෙක්. හොඳින් ඉන්න කල්පනාකරලා හොඳ කෙනෙක් හොයාගන්න. ඒක බැරි නැහැ. වින්නැහියක් වෙන්න කලින් ඔයින් ගියා ඇති. දැන් ඉතින් නම් හම්බකරන සල්ලි ඔයවගේ දේවලට වියදම් කරන්න එපා. ඉතුරු කරගෙන ජීවිතය සාර්ථක කරගන්න. (නි)

:       0       0

රමණි Wednesday, 05 October 2016 01:50 AM

පිරිමි ළමයා ආදරය කරන්න දන්නේ නැතුව ඇති. ගැහැණු ළමයට බනින එක වැරදියි. (නි)

:       0       0

ටෙෂාන් Wednesday, 05 October 2016 02:43 AM

රමණි, පිරිමි ළමයා හොඳට අාදරේ කරන්නේ දන්න නිසා තමා, ඔච්චර දුක් විඳලා මේ ළමයව බලගෙන තියෙන්නේ. (නි)

:       0       0

උදාර Wednesday, 05 October 2016 01:51 PM

මොනටද පොලිසි යනවද හිත හදාගන්නවා මිස? (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 05 October 2016 03:08 AM

ගැහැනුන්ට බහුතරයකට , පිරිමින්ට වගේ හයිය හිතක් නැහැනේ , හුලන් හමන අතටත් දුවන දුවල මුළු ජීවිතේම විනාස කොරගත්ත ගැහැණු මොන තරම් ඉන්නවද ? (ම)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 06 October 2016 07:06 AM

චන්ද්‍රා වීරසිංහ මහත්තය අසුපිරු තැන ඇති දහස් ගනකගේ ඇස පාපු හොඳ ගුරුමහතෙක් නිසා මේකට උත්තරේ දෙන්න බැහැ සර්, වෙන කෙනෙකුටනම් , අඩුම තරමේ අපේ රුපොවතියාවත් මට මෙහෙම කිවනම්.... (ර)

:       0       0

රූපවතී Sunday, 16 October 2016 04:53 AM

අනේ පිට බද්දර අයියේ ..මේ චන්ද්‍රා වීරසිංහ කියන්නේ ..ඒ තාරකා විද්‍යාඥයා නොවේ ...? මේ අර අපේ එසැන පාටක මිතුරියක් චන්දි ඒ කාලේ අපි විහිලු කළේ ?.මේ එයයි (බ)

:       0       0

රුවනි Friday, 07 October 2016 12:59 AM

නාලිකා, එවැනි දේ මනුෂ්‍ය ස්වභාවයක් (නි)

:       0       0

ජනහිත Wednesday, 05 October 2016 05:05 AM

රමණි, පිරිමි ළමයි ආදරේ වැඩිකමට තමයි කරදර නොකර පොලිසියට එක්ක ගිහින් වෙච්ච් දේ කිවුවේ. "හිත ගිය තැන මාළිගාව“ කියලා තියනවා දන්නවනේ. (නි)

:       0       0

සම්පත් Tuesday, 04 October 2016 09:41 AM

වැඩක් නෑ කතා කරලා.(හේ)

:       0       0

එරන්ද Friday, 07 October 2016 01:49 AM

ඕක පොලිසි යන්න තරම් දෙයක්ද (නි)

:       0       0

එඩ්වඩ් Friday, 07 October 2016 01:50 AM

නොගැළපෙනවා නම් වෙන්වෙන එකයි හොඳ (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 05 October 2016 05:50 AM

වරදේ නොබැඳෙන ලඳුන් ලොව නැත.... (නි)

:       0       0

ඕෂධ සුරවීර Thursday, 06 October 2016 09:04 AM

නාලිකා කියන අවශ්‍යතා සහ අඩුපාඩු මොනවාද පහදන්න (බ)

:       0       0

අබරන් Tuesday, 04 October 2016 11:10 AM

වැඩේ වැරදි වෙන්න ඇති ...එත් එහෙම තමයි වාරියපොළ කොල්ලෝ....(රේ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 05 October 2016 10:19 PM

පිටබැද්දර ජයා තාම හොඳ හෝටලයකින් කාලා නැහැ වගෙයි පෙනෙන්නේ (නි)

:       0       0

උදය Wednesday, 05 October 2016 11:08 PM

රමණි, පිරිමි ළමයා ආදරේ කරන්න දන්නේ නැත්නම් කරන්න තිබුණේ එයාට එ්ක කියලා දෙන එක නේද. ඔය විදියට වෙන කෙනෙක් එක්ක යන්නේ හිතේ තියෙන චපලකමට. ඔය ගැහැණු කෙනා කළ දෙය අනුමත කරන්න පුලුවන්ද? (නි)

:       0       0

මිහිරි Friday, 07 October 2016 06:29 AM

අැටෙන් පොත්තෙන් එලියට එන්න ඉස්සෙල්ල මොන අවශ්‍යතාද නාලිකා ඔය දීල තියෙන තරම හොඳටම ඇති ඒ කොලුවා. (බ)

:       0       0

අසෝකා Tuesday, 04 October 2016 12:18 PM

කොල්ලගෙ වෙලාව හොදයි, ඔයින් බේරුනා ඇති. නැත්නම් හම්ඹ කරපු සේසතම නැතිවෙනවා. (ර)

:       0       0

රුවන් Wednesday, 05 October 2016 09:24 AM

දැන් ගැහැණු ළමයි නම් විශ්වාස කරන්න බැහැ. (ර)

:       0       0

කෝනාර Wednesday, 05 October 2016 09:29 AM

රමණි පිරිමි ළමයා ආදරය කරන්න දන්නේ නැහැ කියලා හිතෙනවා නම් කරන්න ඕනෙ තවත් කඩා වඩා ගන්නෙ නැතුව අයින් වෙන එක නේද? මේ කෙල්ල කරලා තියෙන්නේ රවට්ටපු එකයි. මෙහෙමත් ගෑහැණු. ලොකු වෙනකොට කොහොම තියෙයිද දැන් මෙහෙමනම් මෙයා. (ර)

:       0       0

නාලිකා Thursday, 06 October 2016 02:03 AM

ගැහැණු ළමයින්ට අාදරය, මුදල්, ඇදුම් පැළදුම් වගේම ඇගේ අවශ්‍යතා අඩුපාඩු ගැනත් බලන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 835 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 901 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1114 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1036 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1288 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1631 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1439 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site