IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වේලාව අමතකවී හවසට ගුඞ්මෝනිං කියලා

කොළඹ නගරයට ආසන්නව ඇති මෙම සුපිරි වෙළෙඳසල පිහිටා ඇත්තේ ගොඩනැගිල්ලක පහත මහලේය. තම ආයතනවල අඩුපාඩු පරීක්‍ෂා කර  ඒවාට පිළියම් යෙදීම සඳහා ප‍්‍රධාන කාර්යාලයෙන් නොබෝදා විදෙස් නිලධාරින් දෙදෙනකු පත්කෙරිණි. දිනක් මෙම නිලධාරින් පෙර කී සුපිරි වෙළෙඳ සංකීර්ණයට ද පැමිණෙන බව දන්වා තිබූ අතර එහි සේවය කරන කාර්ය මණ්ඩලය ඇමතූ කළමනාකරු ‘‘උදේට අර මහත්තුරු මෙහාට එනවා අපි එයාලව හොඳට පිළිගන්න  ඕනේ’ යැයි පැවසීය. පසුව දොර අසල සිටි ආරක්‍ෂක නිලධාරියාට කතා කළ කළමනාකරු මහතා ‘‘කට්ටිය ආවාම දොර ඇරලා, ගුඞ් මෝනින් කියලා පිළිගන්න  ඕනේ’’ යැයි ඔහුට ද මතක් කර දුන්නේය. ‘‘හරි සර් මම ඒක වරද්දන්නේ නැතිව කරන්නම්’’ ආරක්‍ෂක නිලධාරියා පිළිතුරු දුනි. දිවා කාලය ද පසුවිය. අදාළ නිලධාරින් පැමිණියේ නැත. සවස පහට පමණ නිලධාරින් පැමිණෙනු දුටු කළමනාකරු ‘‘අන්න කට්ටිය එනවා මතකයි නේ’’ යැයි කී විට ආරක්‍ෂක නිලධාරියා ‘‘ ඕකේ සර්’’ යැයි හරිබර ගැසෙමින් පැවසීය. දොරටුව විවෘත කරමින් පැමිණ නිලධාරින්ව පිළිගත් ආරක්‍ෂක නිලධාරියා ‘ගුඞ් මෝනින් සර්’’ යැයි සීරුවෙන් සිටිමින් ආචාර කළේය. ‘‘ගුඞ් මෝනින්’’ යැයි කළමනාකරු හිසට අත ගසා ගත්තේය. එක් විදේශික නිලධාරියෙක් අනෙකා අමතා ‘‘ඇත්තටම දැන් උදේ දැයි’’ ඇසීය. ‘‘මේකේ ඇතුළෙ ඉද්දී උදේ රෑ හඳුනාගන්නට බැහැ’’ අනෙක් නිලධාරියා සිනාසෙමින් පැවසීය.



අදහස් (0)

වේලාව අමතකවී හවසට ගුඞ්මෝනිං කියලා

සුරේෂ් Monday, 15 October 2012 05:26 PM

වැරදීම් කාටත් වෙනවා. (නි)

:       0       0

ෂිෆ්රාන් Tuesday, 16 October 2012 08:44 AM

අපේ මිනිස්සු කියන දේ කරනවා (ස)

:       0       0

රියාස් Monday, 15 October 2012 01:07 PM

සහතික බොරුවක්......අමූලික ඇත්තක් කරලා පෙන්නලා (ස)

:       0       0

චමින්ද Monday, 15 October 2012 06:11 PM

ඕක බන්ගලාදේශ් වලනම් සාමාන්‍ය දෙයක් , මෙහේ ඉන්න සිකියුරිටිලා පැය 24 දීම කියන්නේ සුබ උදෑසනක් කියලයි (ස)

:       0       0

ලලිත් Monday, 15 October 2012 01:27 PM

මක් වෙයිද

:       0       0

චන්ද්‍රසිරි Monday, 15 October 2012 01:50 PM

සුබ උදෑසනක් වේවා ....(ස)

:       0       0

අමිල Monday, 15 October 2012 02:01 PM

තනි වචනේ මිනිස්සු

:       0       0

සජී Tuesday, 16 October 2012 04:43 PM

ඇයි අනේ මට හිනා යන්නේ නැත්තේ (ස)

:       0       0

මනම්පේරි Monday, 15 October 2012 08:25 PM

මේක ලංකාවේ සිද්ධියක් නිසා ඒ හැටි ගණන් ගන්න එපා (නි)

:       0       0

අශෝක Monday, 15 October 2012 02:34 PM

දැන් ලංකාවෙ කතා කරන්නෙ සිංග්ලිෂ්. මොකද සිංහල කථාකරන එක ලෝක අපරාධයක් කියලා සමහරු හිතන්නෙ.තවත් සමහරු ඒක ලැජ්ජාවක් කියලා හිතනවා. හරියට තමන්ගෙ අම්මා මොඩ් නැත්නම්, අම්මා නොකියා බබාගෙ නැනී කියනවා වගේ. (නි)

:       0       0

අන්ජන Tuesday, 16 October 2012 12:27 PM

පත්තරේටත් දාන්න දෙයක්ද මේ ? (ස)

:       0       0

Mohamed Riswan Saudi Arabia Monday, 15 October 2012 09:15 PM

මා වැඩකරන ස්ථානයේ ලංකාවේ කෙනෙක් නිවාඩුවට ගොස් නැවත සෞදියට පැමිණිය. මෙහි දවල් කෙම වෙලාව දවල් 11 සිට 1දක්වාය. මේ නිවාඩු ගිහින් ආපු කෙනා 10.30 ට දුව ගෙන යන විට මම ඇහුව කොහෙද දුවන්නේ කියල. ඔහු කිව්වා දෙන වෙලාව 1.00 කියල. එයාගේ ඔරලෝසුවේ තවම ලංකාවේ වෙලවී තිබුනේ. ලංකාවේ 1.00 කියන්නේ සෞදියේ 10.30. එය දුවපු වෙලාවටත් පස්සේ පැ යබාගයකින් තම වෙනස් එක අරින්නේ.

:       0       0

දයා Monday, 15 October 2012 10:08 AM

ආරක්ෂක නිළධාරියා වැස්සකටවත් පාසල් ගිහින් නැති පාටයි (ස)

:       0       0

එරංග Monday, 15 October 2012 09:13 PM

අහිංසක මිනිහෙක්ට වැරදුනාම හිනාවෙන්න එපා. ප්‍රික්ස් (අ)

:       0       0

දිනේෂ් Monday, 15 October 2012 02:52 PM

අයියෝ සල්ලි

:       0       0

වන්නි Monday, 15 October 2012 10:14 AM

අයියෝ සල්ලි

:       0       0

විජේ Monday, 15 October 2012 10:20 AM

මට මාර හිනා (ස)

:       0       0

රෝයි Monday, 15 October 2012 10:27 AM

මටත් ඔහොම වෙලා තියෙනවා

:       0       0

ෆාතිමා Monday, 15 October 2012 10:47 AM

ඒක නම් ඒ හැටි හොද නැහැ

:       0       0

වසන්ත Monday, 15 October 2012 11:41 PM

කුමාරි හරි. මම ගාල්ලේ බස් නැවතුම්පළ ඉහළ මාලයේ තියෙන පොත් වෙළදසැළකින් ඇහුවා සකස්කඩ සහ බුද්ධගජ්ජය තියෙනවාද කියලා. ඒකේ හිටපු කොල්ලා මට දාපු අපහාස හිනාවට මට හිතුණා පිටරට ඉන්න මගේ දරුවන්ට සිංහල උගන්වන්න මහන්සිවෙන එක අපරාධයක්ද කියලා. (නි)

:       0       0

කුමාර Tuesday, 16 October 2012 01:29 PM

මේවා ඒ තරම් ලොකුවට හිතන්න එපා (ස)

:       0       0

බන්ඩාර Monday, 15 October 2012 11:05 AM

මටත් බඩ පැලෙන්න හිනා අප්පා (ස)

:       0       0

හසිත් Monday, 15 October 2012 11:19 AM

නිර්මානශීලිව කතාව ගොඩනගලා තියෙනවා (ස)

:       0       0

බමුණුසිංහ Tuesday, 16 October 2012 03:51 AM

උදයේ කියපු වචනය සවසට වෙනස් නොකරන එක හොද ගුණයක්. (නි)

:       0       0

නිරාන් Monday, 15 October 2012 11:53 AM

ඔයින් ගියා ඇති..අපේ වැඩිහිටියන් වගේ ආයුබෝවන් කිව්වානම් ඉවරනේ (ස)

:       0       0

කුමාරි Monday, 15 October 2012 11:54 AM

ලංකාවේ වෙළද සේවකයන් ගැන නම් කියල වැඩක් නැහැ.මම මේ සාහිත්‍ය මාසයේ මුල් සතියේ ඇතුගල්පුර පොත්හලකට ගිහින් එහි සේවකයෙකුගෙන් ඇහුවා ස්වර්ණ පුස්තකයට නිර්දේශ වුණ පොත් තියෙනවද කියල.මේ මනුස්සය මගෙන් අහනවා ස්වර්ණ පුස්තකය කියන්නේ මොකක්ද කියලා. මම ඇහුවා ඔයා වැඩ කරන්නේ පොත් කඩයක නේද කියල.අඩුම තරමින් සුළුවෙන් හරි තමන් විකුණන දේවල් ගැන අවබෝදයක් සුළුවෙන් හරි තම සේවකයන්ට ලබා දෙන්න කළමනාකාරීත්වය උනන්දු විය යුතුයි . (ස)

:       0       0

ලංකෝනිස් Tuesday, 16 October 2012 04:37 AM

මම නම් කියන්නේ වෙලාවට වැඩ කරන්න බැරි නිලධාරීන්ට මේක හොද වැඩක්. (නි)

:       0       0

සිල්වා Monday, 15 October 2012 04:30 PM

ඕක සුලු දෙයක්නේ ලෙකු උදවියට උදේ , දවල්, රෑ මාරුවෙන එක සුළු දෙයක්නේ (ස)

:       0       0

චතුර Tuesday, 16 October 2012 08:13 AM

නොදන්න කමයි මෝඩ කමයි කියන්නේ දෙකක් . ඕක සාමාන්‍ය දෙයක්නේ (ස)

:       0       0

නාලක Thursday, 18 October 2012 07:59 AM

සම්මා සතිය නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 538 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 887 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 934 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1246 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1581 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1026 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site