IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වැලන්ටයින් පෙන්නන්න ගිය තරුණයාට කුඩ පහර

උදේ පාන්දර කොළඹ බලායන රුහුණු කුමාරි දුම්රියට පාසල් යන වයසේ තරුණයෝ තිදෙනෙක් ගොඩවූහ. ඔවුන් ඇඳ සිටියේ පාසල් නිල ඇඳුම් නොව විලාසිතාවට බර ඇඳුම්ය.
එක් කාන්තා මැදිරියක මැදිවියේ කාන්තාවක සමඟ වාඩි වී සිටි පියකරු පෙනුමෙන් යුත් දැරියක දුටු එක් තරුණයකු ඇය හා සිනාසුණාය. ඇයද සිනාසී අසල වූ කාන්තාව දෙසද බැලූවාය.
මොහොතකට පසු තරුණයා තම අතෙහි තිබූ ඉංග‍්‍රීසි පුවත්පතෙහි වූ ඡායාරූපයක් ඇයට පෙන්වා ඉඟි මැරීය. එහි වූයේ වැලන්ටයින් දිනය සංකේතවත් කරන යොවුන් තරුණයකු හා තරුණියකගේ සිප වැළඳ ගැනීමකි.
මොහොතකින් දැරිය අසල සිටි කාන්තාව තම අත වූ කුඩයෙන් තරුණයාට පහරක් එල්ල කළත් එය වැදුණේ පත්තර පිටුවටය.
මේ ඇයගේ මව බව සිතූ තරුණයා සිය යහළුවන්ද සමග දුම්රිය මැදිරි පසුකරගෙන දිවීම අපූරු දැක්මක් විය.



අදහස් (0)

වැලන්ටයින් පෙන්නන්න ගිය තරුණයාට කුඩ පහර

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 22 February 2013 07:48 PM

අචිනි වීරසිංහ මෙය හොඳ වැඩක් බව කියන්නීය. මා ඇය විසින් මින් පෙර දක්වා තිබූ සියළු අදහස් සමඟ එකඟ වූවා සේම මෙවරද ඇගේ වටිනා ශාස්ත්‍රීය සමාජ විද්‍යාත්මක අදහස සමඟ එකඟ වෙමි. ඇය වැනි දිරිය කාන්තාවක් හඳුනා ගැනීමට ලැබීම පිළිබඳව හා ඇගේ අභීත ගතිගුණ පිළිබඳව නිහතමානීව සතුටට පත්වෙමි. (නි)

:       0       0

ධනුෂ්ක Monday, 18 February 2013 03:50 PM

කොල්ලෝ වුණහම කෙල්ලොත් එක්ක ආදරේ නොකර වයසක ආච්චිලාට ආදරේ කරන්නද? (නි)

:       0       0

නයනී දිසානායක Friday, 15 February 2013 11:52 AM

සුජීව දැන් ඔයාගෙ වයස 62කක් විතර ඇති නේද? මොකද ඔච්චර ඉරිසියාව? (නි)

:       0       0

දෙවිම්න් Monday, 18 February 2013 02:23 AM

රිස්වාන්, ඇයි දකුණ එක්ක ඔච්චර තරහා.(නදී)

:       0       0

ඩේවිඩ් Tuesday, 19 February 2013 12:16 PM

කරන්නන් වාලේ කරන්න ගියහම ඔහොම තමයි. ලංකාවට මොන වැලන්ටයින්ද? එදාට විතරක් මොකක්ද තියෙන විශේෂයක්.(නදී)

:       0       0

දිසානායක Saturday, 16 February 2013 10:07 AM

අපිත් ඔහොම ගිය හැටි මට මතකයි, මට හොදහැටි මතකයි... (නි)

:       0       0

තිලක් Monday, 18 February 2013 03:30 AM

අනේ පව්.(නදී)

:       0       0

චම්පිකා Saturday, 16 February 2013 10:05 AM

කොල්ලෝ උනාම ඔහොම තමයි (දී)

:       0       0

දෝහා Saturday, 16 February 2013 10:36 PM

අනවශ්‍ය දේවල් කරන්න ගියහම ඔහොම දේවල් වෙනවා. (නි)

:       0       0

සමන්ත Friday, 15 February 2013 12:36 PM

තරුණ තරුණියන්ට හරි වැරැද්ද පෙන්වා දිය යුතු වුණත් එය කළ යුත්තේ අතින් පයින් නොවේ. (නි)

:       0       0

තරංග Friday, 15 February 2013 12:45 PM

මොකක්ද වැලන්ටයින් දිනය කියන්නේ ....(ස)

:       0       0

මුතුකුඩ Friday, 15 February 2013 07:05 PM

කුඩෙන් ගැහැවිවා ඒක වෙන්න බෑ. කුඩ තියෙන්නේ ඉහල ගෙන යන්නනේ.(නදී)

:       0       0

බාමි Friday, 15 February 2013 12:51 PM

දැන් ඉන්න තරුණ තරුණියන් කියා හදන්න පුළුවන් ජාතියක් නොවෙයි. සමාජයෙන් ගුටිකාලා හැදෙන්න ඕන ජාතියක් (ස)

:       0       0

සෙමාල් Tuesday, 19 February 2013 07:23 PM

ඔය කොළු වයසට ඕවා ඔහොම තමයි.(නදී)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 22 February 2013 10:23 PM

නයනි දිසානායක කියන දේ ඇත්ත. මම හිතන්නේ කවුරුවත් කාටවත් ඉරිසියා නොකළ යුතුයි කියලයි. ඒ වගේම නිම්මි කියන විදිහට අයියෝ සුළු සිදුවීමක්නේ ඕවා. කොහොම වුණත් කුඩෙන් ගහපු ඇන්ටි ආදරය කරපු කෙනෙක් නම් වෙන්න බැහැ කියන එක මම ද අනුමත කරමි. ආදරය කරපු හා අවංක ආදරය හඳුනන කෙනෙකු කවදාවත් මෙසේ හැසිරෙන්නේ නැත. (නි)

:       0       0

හේරත් Friday, 15 February 2013 01:02 PM

කුඩෙන් ගැහුවලු. පත්තරේ ඉරුණෙත් නෑ. මට වැදුනෙත් නෑ.. කුඩේ කැඩුනෙත් නෑ.. බොරැවටනේ දිව්වේ... දුකේ බෑ වැලන්ටයින් නංගියේ....(ස)

:       0       0

සමීර Monday, 18 February 2013 05:34 PM

දැන් හැදෙන තරුණ පරම්පරාවනම් වැඩක්ම නැහැ (දී)

:       0       0

මංගල Friday, 15 February 2013 07:32 PM

කොල්ලට ගහන්න තරම් වරදක් කරලා නැහැ.(නදී)

:       0       0

යොහාන් Friday, 15 February 2013 07:44 PM

ඇගට මැස්සෙක්වත් වහලා නැතුව ඇති මීට කලින්.(නදී)

:       0       0

ලංකා Friday, 15 February 2013 01:53 PM

මොවුන් සිංහලයට බයයි නංගියේ....(ස)

:       0       0

ලලිත්-කටාර් Saturday, 16 February 2013 11:42 AM

නොගැළපෙන දේ කරන්න යන අනුකරණවාදීන්ට ඔය දඩුවම මදි. (නි)

:       0       0

ගමේ අම්මා Monday, 18 February 2013 06:04 PM

දැන් හැදෙන ළමයිගේ හැටි (දී)

:       0       0

වසන්ත Monday, 18 February 2013 06:05 PM

ඔය වයසට ඔහොමතමයි (දී)

:       0       0

විරාජ් Monday, 18 February 2013 06:05 PM

කොලු කම කියන්නේ ඕකට තමයි (දී)

:       0       0

අංජන Sunday, 17 February 2013 07:35 AM

මේක පත්තරේටත් ගියාද? (නි)

:       0       0

චානුක Wednesday, 20 February 2013 01:07 PM

කව්ද ඔය රිස්වාන් කියන්නේ? අතපය කඩාගන්නේ නැතුව කටවහගෙන පාඩුවේ ඉන්නවා දකුණු පළාතට විතරක් අනං මනං කියන්නෙ නැතුව හරිය.මමත් දකුණේ. (නි)

:       0       0

කුරුවිට Saturday, 16 February 2013 03:29 PM

එක මනුස්සයෙක් කියනවා කුඩ තියෙන්නේ ඉහළගෙන යන්නලු. හූ හූ හූ... (නි)

:       0       0

බී කේ Friday, 15 February 2013 02:59 PM

ඕවා ඔහම තමයි. කොල්ලෝ කියන්නේ නිකන්ද... (දී)

:       0       0

ප්‍රසන්න Saturday, 16 February 2013 04:06 PM

හැදියාව නැති අයට දෙන්න ඕනෑ ඔය වගේ පාරවල් තමයි. (නි)

:       0       0

මුතුකුඩ Sunday, 17 February 2013 07:07 PM

කුරුවිට, නැත්නමි කුඩ තියෙන්නේ ගොල්පේස් එකට අරගෙන යන්නද? අපි නම් කුඩ ගෙනියන්නේ අව්වට වැස්සට ඉහලන් යන්න(නදී)

:       0       0

සිසිර Saturday, 16 February 2013 04:10 PM

ඉරිසියාවටයි ගහන්න ඇත්තේ. (නි)

:       0       0

සරත් Friday, 15 February 2013 09:21 AM

ඔය කාලෙට ඔහොම තමා.. එහෙම නැතුව වැඩකුත් නැහැනේ.. ඒත් පස්සේ නම්....(ස)

:       0       0

චතුරංග Sunday, 17 February 2013 10:00 AM

මේක ඇත්තටම කාටද වුනේ.(නදී)

:       0       0

සුජීව Friday, 15 February 2013 09:28 AM

මොවුන්ට දෙන්න ඕන කුඩෙන් නොවේ....(ස)

:       0       0

වසන්ත Saturday, 16 February 2013 06:12 PM

තරුණ කාලෙනේ. ඔහොම තමයි. (නි)

:       0       0

ප්‍රියා Friday, 22 February 2013 09:14 AM

මහ ලැජ්ජාවක්! (නි)

:       0       0

ධම්මි Friday, 15 February 2013 04:27 PM

මේ කාලකන්නි වැලන්ටයින් නැතුව සාලිය අසෝකමාලා සැමරුවනම් කොච්චර හොදද(ස)

:       0       0

බන්දුග-කටාර් Sunday, 17 February 2013 11:13 AM

පිටරටවලින් එන ඕනම වසංගතයක් බාරගන්න අපේ රට සූදානම්.(වදී)

:       0       0

සුනිල් Monday, 18 February 2013 02:47 PM

අසරණ කොල්ලා (දී)

:       0       0

රිස්වාන් Friday, 15 February 2013 04:29 PM

අයියෝ දකු‍ණේ ඉඳන් එන කෝච්චියක්නේ, අනිවාර්යෙන් ම බලපිටිය පැත්තේ අම්මා කෙනෙක් වෙන්න ඇති. (ස)

:       0       0

ඩයස් Saturday, 16 February 2013 06:47 AM

වෑඩේ කියන්නෙ ඉංගිරීසි පත්තරයක් පෙන්නපු එකනෙ. සුනාමියක ෆොටෝ එකක්වත් පෙන්නුවා නම් වැඩේ ගොඩ දාගන්න තිබුණා (නි)

:       0       0

ෂෙරීෆ් Friday, 15 February 2013 04:50 PM

සමහර ගෑණු ළමයි කොල්ලන්ට ආදරේටත් කුඩෙන් ගහනවා...(ස)

:       0       0

අචිනි Wednesday, 20 February 2013 04:16 PM

හොඳ වැඩේ. (නි)

:       0       0

නිම්මි Wednesday, 20 February 2013 11:27 PM

අයියෝ සුළු සිදුවීමක්නේ. ඕවා ඔහොම තමයි පුදුම වෙන්න ඕනේ ඔහොම නොවුනොත්. කොහෙමෙ උනත් කුඩෙන් ගහපු ඇන්ටි ආදරය කරපු කෙනෙක් නම් වෙන්න බැහැ.(නදී)

:       0       0

තුෂාන්ත Tuesday, 19 February 2013 05:20 PM

ඇදලා දාන්නයි තිබුණේ කෝච්චියෙන් බිමට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 523 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 354 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1062 1

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 826 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 704 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 435 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site