IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


විදුලි පණිවිඩය පමා කළාට බිරියගෙන් අපූරු පාඩමක්

සැමියා සේවය කරනුයේ කොල්ලූපිටියේය. බිරියගේ සේවය රාජ්‍ය ආයතනයකය. දිනක් බිරිය සැමියාට ඇමැතුමක් දෙමින්, ‘‘අද මම ඔෆිස් ගියේ නැහැ අසනීපයි කියලා ටෙලිග‍්‍රෑම් එකක් උදේ එකොළහට කලින් යවන්න’’ යැයි කීවාය. ‘‘හරි මම යවන්නම්’’ යැයි පැවසූ සැමියා තැපැල් කාර්යාලයට ගොස් විදුලි පණිවිඩයක් යැවීම සඳහා පෝරමයක් ඉල්ලීය. ‘‘ටෙලිග‍්‍රෑම් ෆෝම්ස් ඉවරවෙලා’’ කවුන්ටරයෙන් කීය. ‘‘හරි වැඬේ දැන් කොහොමද ටෙලිග‍්‍රෑම් එක යවන්නේ’’ ඔහු ප‍්‍රශ්න කළේය. පසුව තැපැල් කාර්යාලයේ නිලධාරියෙක් සෑම තැනම සොයා බලා මුල්ලක තිබුණු පෝරමයක් රැගෙන පිටතට ගොස් ඡායා පිටපත් කිහිපයක් ලබාගෙන නැවත පැමිණෙන විට දහවල් විය. කෙසේ හෝ විදුලි පණිවිඩය යැව් අප කතා නායකයා කවුන්ටරයෙන් මුද්දර කවරයක් ඉල්ලා සිටියත් සතියකට වැඩි කාලයක සිට ඒවාද නොමැති බව දැනගන්නට ලැබුණි. සේවය නිමාවී නිවසට පැමිණි සැමියා බිරිය අමතා ‘‘හරි වැඩේ තමයි පෝස්ට් ඔෆීස් එකේ ෆෝම්ස් ඉවරවෙලා ටෙලිග‍්‍රෑම් එක යවද්දී දොළහත් පහුවුණා. යැයි කීය ‘‘කියපු වැඩක් හරියට කරන්නේ නැහැනේ ඔහේට මම ආයේ කෑම උයන්නැහැ. කඩෙන් කන එකයි ඇත්තේ’’ යැයි බිරිය පැවසුවාය. ‘‘අතේ සල්ලි නැතිව කඩෙන් කොහොම කන්නද?’’ සැමියා ඇසූවිට එහෙනම් ගිහිල්ලා ‘‘පෝස්ට් ඔෆිස් එකෙන් කනවා’’ යැයි ඇය කීවාය. ඔවුන්ගේ දියණිය ඇසුවේ ‘‘තාත්තේ දැන් පෝස්ට් ඔෆිස් එකේ කෑමත් විකුණනවාද? කියාය.



අදහස් (0)

විදුලි පණිවිඩය පමා කළාට බිරියගෙන් අපූරු පාඩමක්

ආශා Tuesday, 13 November 2012 05:57 PM

මෙහෙම තමයි ගොඩක් තැපැල් කාර්යාල. මටත් ගොඩක් දවසට මෙහෙම වෙලා තියෙනවා. (නි)

:       0       0

යොහාන් ඩුබායි Tuesday, 13 November 2012 01:30 PM

රජයේ සේවය හරියට කරනවානම් 1500 නෙමෙයි ඔයාලා ඉල්ලන 13500ම දෙන්න පුළුවං.. කොහෙද සේවකයෝ එන්නේ 9ට. ලොක්කො එන්නේ 10ට ඊළගට තේ..දිවා ආහාරය පැය අටෙන් හතකරක්ම අපතේ.. බලන්න මේ තැපැල් කන්තෝරුව මෙහෙම කොහොමද ආසියාවේ ආශ්චර්ය හොයන්නෙ.. තැපැල් ඇමතිතුමනි වහාම මේ තැපැල් කන්තෝරුව ගැන හොයලා ක්‍රියාමාර්ගයක් ගන්න.!(නු)

:       0       0

සරත් Tuesday, 13 November 2012 01:33 PM

අපිටනම් ඕවා සාමාන්‍ය දේවල් (ස)

:       0       0

සම්පත් Tuesday, 13 November 2012 01:40 PM

ඇත්ත තත්ත්වය නම් තැපැල් කාර්යාල වල එක්කෝ කවර නැහැ, එක්කෝ ෆෝම් නැහැ, එක්කෝ මුද්දර නැහැ. විසදුම් හොයන්න ඕනෑ මේවටයි. (නි)

:       0       0

සෙනරත් Wednesday, 14 November 2012 12:22 AM

ගෙදර බිරිය දැනගන්න ඕනෑ තමන්ගෙ රස්සාවෙ වැඩ හරියට කරගන්න. ඒකට මිනිහා පළිනැහැනේ. (නි)

:       0       0

ෂෙරීෆ් Wednesday, 14 November 2012 09:43 PM

වත්මන් ලංකාව හරි දියුණුයි . හැමදෙනාගාවම මොබයිල් ෆෝන්, ඊමේල් පහසුකම් තියෙද්දි මේ මනුස්සයට පිස්සුද ??(ස)

:       0       0

මුතු Tuesday, 13 November 2012 01:41 PM

මේක අද රටේ වෙන ඇත්ත සිද්ධියක්. ඒ නිසා මේකට හිනහත් යනවා කේන්තිත් යනවා. (ස)

:       0       0

සෙනරත් Friday, 16 November 2012 07:56 AM

මේ ගෙදර හැදෙන පොඩි දරුවන් පවා මෙයින් ගන්නේ වැරදි ආදර්ශයක් නේද? (නි)

:       0       0

රොහාන් Tuesday, 13 November 2012 06:39 PM

කණ පුපුරන්න දෙකක් දුන්නා නම් හරි. (නි)

:       0       0

දිමුතු Tuesday, 13 November 2012 07:02 PM

මාර තැපැල් කන්තෝරුවක්නේ ඒක..!(නු)

:       0       0

මනෝජ් Sunday, 18 November 2012 10:02 AM

අනේ ඕවා කෝලම් (ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 13 November 2012 02:47 PM

මෝඩ අම්මණ්ඩි කෙනෙක් (ස)

:       0       0

ලලිත් Sunday, 18 November 2012 09:34 PM

අයියෝ සල්ලි

:       0       0

වරුණ Wednesday, 14 November 2012 04:35 PM

මේක තැපැල් කන්තොරුවල වෙන සාමාන්‍ය දෙයක් (ස)

:       0       0

පී.පෙරේරා Tuesday, 13 November 2012 07:22 PM

මේ ඔය තැපැල් කන්තෝරුව තියෙන්නෙ ලංකාවෙද නැත්නම්..?(නු)

:       0       0

හේමන්ත Wednesday, 14 November 2012 04:37 AM

තමන්ගෙ සැමියාව විශ්වාස නැත්නම් මේ ගැහැණු උදවිය කාවද විශ්වාස කරන්නේ? (නි)

:       0       0

සම්පත් Tuesday, 13 November 2012 07:30 PM

හිනාව නවත්තගන්නත් බැහැ..!(නු)

:       0       0

තුෂාඩ් Wednesday, 14 November 2012 01:13 PM

මගෙ එක්කෙනා උනානම් දනී..!(නු)

:       0       0

අජිත් Friday, 16 November 2012 10:36 AM

මෙයා ගිහින් තියෙන්නේ ඇත්තටම තැපැල් කන්තොරුවකටද ? (ස)

:       0       0

ඊවන් Wednesday, 14 November 2012 01:20 PM

ආසියාවේ ආශ්චර්‍යය !!!! (ස)

:       0       0

සිල්වා Wednesday, 14 November 2012 01:23 PM

දකුණේ කෙනෙක්ද මෙයත් ????? (ස)

:       0       0

කිවිනි Tuesday, 13 November 2012 10:33 AM

කිති කවාගෙන හිනවෙන්නවත් කිති නෑනේ මට................... (ස)

:       0       0

කමල් Tuesday, 13 November 2012 08:35 PM

මම දන්නෙ නැති නිසයි ඇහුවෙ ඉතිං අමතුමක් දීලා කියන්න බැරිද?(නු)

:       0       0

වරුණ Tuesday, 13 November 2012 11:17 AM

පස්සු පීකුදු (ස)

:       0       0

අමිල Tuesday, 13 November 2012 03:56 PM

මේ කතාව ඔයාල දැනගත්තේ කොහොමද ?? (ස)

:       0       0

සජී Tuesday, 13 November 2012 11:32 AM

අනේ ගොඩක් කාලෙකට පස්සේ හොදම හොද හිනා යන කතාවක් අහුවුණා..!(නු)

:       0       0

ජනක ජනක Wednesday, 14 November 2012 09:00 AM

අයියෝ සල්ලි

:       0       0

හිරන්ත Tuesday, 13 November 2012 11:21 AM

ඔය වගේ රජයේ සේවකයන් නිසා තමයි පඩි වැඩිකිරීම 1500ට සීමා උනේ..!(නු)

:       0       0

ආනන්ද Wednesday, 14 November 2012 09:25 AM

තැපැල් කන්තෝ‍රුවේ ඔයින් ගියා ඇති. අර කොළඹ මුහුද අයිනෙම ස්ටේෂන් එක ලඟ ලස්සන රජයේ කාර්යාලයක් තියෙනවා.ඒකට නිකන් ගොඩ උනත් සල්ලි දෙන්න ඕන. ඔය වගේ පෝරමයක් ගන්න නම් අපිම පොටෝකොපියත් ගහල තව රුපියල් 1000 ක් වත් දීල තමයි වැඩේ කරගන්න වෙන්නේ.ඒ අය එක්ක බැලුවම මේ සේවකයා මොන තරම් මානුෂිකද.ඒ බිරිඳ අමානුෂික උනාට (ස)

:       0       0

පද්මි Wednesday, 14 November 2012 02:09 PM

දුර කථන ඇමතුමත් වලංගුයි.පසුව ලිඛිත සාක්ෂි (ස)

:       0       0

හේරත් Tuesday, 13 November 2012 09:23 PM

අයියා, බලන්නකෝ කොහේහරි කොහිල විකුණන්න තියෙනවද කියලා. මූලග්ගායට කියාපු බෙහෙත. (නි)

:       0       0

ප්‍රියදර්ශන Thursday, 15 November 2012 09:27 PM

අපි දන්නවා මේක වුණේ කාටද කියලා. හෝ හෝ හෝ.... (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 14 November 2012 09:27 AM

දැන් මේ ක්‍රමය අඅවලංගු වීගෙනයි යන්නේ. (නි)

:       0       0

තාරක Thursday, 15 November 2012 09:44 PM

මේ සිද්ධිය වුණේ කාටද කියලා දැනගන්න ආසයි. (නි)

:       0       0

දයා-සවුදි Tuesday, 13 November 2012 12:18 PM

පේනවා නේද රාජකාරියේ තරම? (නි)

:       0       0

වරුණ Tuesday, 13 November 2012 12:28 PM

මේ වගේ අපේ රටේ සමහර රාජ්‍ය ආයතනවල වැඩ පටන් ගන්නේ දහයට.. මිනිසුන් අමාරුවෙ..!(නු)

:       0       0

සරත් Tuesday, 13 November 2012 10:12 PM

වැඩක් නෑ අනේ (ස)

:       0       0

ගීත් Saturday, 17 November 2012 11:24 PM

මේ සිල්වාට දකුණ ගැන පුදුම අමාරුවක් නේද තියෙන්නේ? මේ මනුස්සය දකුණට අදාල නැති ප්‍රවෘත්ති වලත් දකුණට බැනලා අදහස් දාලා තියෙනවා. ගිහිල්ල බෙහෙත් ටිකක් ගන්න. මේක කොල්ලුපිටියෙ ඔෆිස් එකක වෙච්ච දෙයක්. (නි)

:       0       0

රොෂාන් Sunday, 18 November 2012 01:36 AM

නියම කතාවක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 119 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 920 0

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 740 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 634 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 369 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මළගෙදර මාරුවී අම්බානට ගුටිකාලා
2024 අප්‍රේල් මස 20 390 0

කටුපොත අපේ කිට්ටුම නෑකෙනෙක් හදිසියේ මිය ගිහිල්ලා. මම දැන් මළ ගෙදරට යන්න ඕනෑ. ආරංචි වුණේ අද. රෝහණ සිය මිතුරන්ට කටුපොත සිදු වී ඇති මළගම ගැන විස්තර කීවේය. මළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1649 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site