IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


විදුලිබිල ගෙවන්න ඇවිත් රූපපෙට්ටියට වශී වී හවස ගෙදර ගිහින්

විදුලි බිල්පත් ගෙවීමට පෝලිමේ ආ මැදිවියේ පුද්ගලයකු එම කාර්යාලයේ මගී පෝලිමේ සවිකොට තිබූ රූපවාහිනියක දර්ශනය වන විකට වැඩසටහනක් දැකීමෙන් දැඩි සතුටට පත්ව ඊට සම වැදී නැවතී සිටියදී පසුපස පෝලිමේ ආ අය දැඩි අපහසුතාවට පත්ව ඔහු ඉවතට තල්ලූකර දමා පෝලිමේ ගමන් කිරීමේ අපූරු අවස්ථාවක් පසුගියදා දක්නට ලැබුණේ දකුණු පළාතේ ප‍්‍රධාන පෙළේ විදුලිබල මණ්ඩල කාර්යාලයකිනි. මේ තැනැත්තා විදුලි බිල ගෙවීමට පෝලිමේ ආවේ ඉදිරිපස ප‍්‍රදර්ශනය කෙරෙන රූපවාහිනී තිරය දෙස ද බලමිනි. ඔහු ප‍්‍රිය කරන විකට වැඩසටහනක් එහි ප‍්‍රදර්ශනය වූ අතර එය නැරඹූ ඔහුට පෝලිමේ යාම අමතක වූ බවක් පෙනුණි. එහි දර්ශනයවූ විහිළුවලට සිනාසෙමින් හා විවිධ ප‍්‍රතිචාර දක්වමින් සිටි නිසා පෝලිම එතැනින් නතර විය. පසුපස සිටි අයකු කෝපයට පත්ව ඔහු තල්ලූ කොට ඉදිරියට ගිය අතර, සෙසු අය ද එසේ ගියත් ඔහු සිනාසෙමින් වැඩසටහන අවසන් වන තුරු බලා සිටියාලූ.



අදහස් (0)

විදුලිබිල ගෙවන්න ඇවිත් රූපපෙට්ටියට වශී වී හවස ගෙදර ගිහින්

kkksss Friday, 22 June 2012 09:23 AM

යකෝ දැන් විහිළු කථායි මැර කථායි වීර කථායි සේරම දකුනෙන් දකුණට ජයවේවා!

:       0       0

කයි Thursday, 21 June 2012 12:11 PM

TV එකේ හිටියේ මම..එක්කෙනාටද උන්හිටිතැන් අමතක වුනේ...මම හිතුව තව අයට එහෙම වෙන්න ඇති කියලා...

:       0       0

පිනා Saturday, 23 June 2012 10:30 AM

අලිබබා ඔය මාර ජෝකර් කෙනෙක් නේ

:       0       0

බූරු පුතා Sunday, 24 June 2012 06:46 PM

අනේ මේ වගේ මිනිස්සුත් ඉන්නවනේ!

:       0       0

අමිල කටුනායක Thursday, 21 June 2012 12:29 PM

හොඳ වෙලාවට ..........

:       0       0

Thursday, 21 June 2012 12:33 PM

මෙලෝ රහක් නෑ....!!

:       0       0

විදුර Thursday, 21 June 2012 06:11 PM

මෝඩයා

:       0       0

මාටින් Thursday, 21 June 2012 01:09 PM

ඔන්න ඉබ්බෙකුයි හාවෙකුයි හිටියලු, ඉබ්බට ඉගිලෙන්න හිතිල කොකාට කිව්වලු , ඊට පස්සෙ කොකා ඉබ්බගෙ කටට දුන්නලු..කෝටු කෑල්ලක්.. නිමි...හහා හා...

:       0       0

මාධව Thursday, 21 June 2012 08:40 PM

අලි බබාගෙ කතාවනම් මරැ.. දෙයියො සාක්කි කතාව අලිබබාට ලියන්න දෙන්න..

:       0       0

දුෂාන් Thursday, 21 June 2012 08:24 PM

ටී.වී එකේ පෙන්නල තියෙන්නෙ ලංකාදීපෙ "දෙයියෝ සාක්කිලු"..

:       0       0

සමන්ත Thursday, 21 June 2012 09:25 PM

ඒක නම් කොහොමත් වෙන්න බැහැ.. හවස්වෙනකම්ම ඔය විකට ජවනිකාව පෙන්නනවාද? මේවා ‍හොදයි ඉතිං ...

:       0       0

අලිබබා Thursday, 21 June 2012 01:52 PM

තම මිතුරාව නිවසට කැදවාගෙන ඇවිත් තම භාර්යාවට හදුවාදී එදින දහවල් ආහාර පිලියෙල කර අද අපේ ගෙදරින් දවල්ට කෑමකාල යන්නයි පවසා ඇත. හිතවත්කම වැඩිනිසා මිතුරාගේ නම වෙනුවට මිතුරාව හැදින්වුයේ පොර යනුවෙනි. තම භාර්යාවට මිතුරා ගැන මෙසේ හදුන්වාදී ඇත. පොර හරි හොදයි. පොරමාත් එක්ක තමයි වැඩකරන්නේ. පොර හිතහොද මනුෂ්‍යයා. පොර මට හුගක් උදවු කරලා තියෙනවා. පොරට අපි හොදට සකන්න ඕනා යනුවෙනි. පසුව නිවසේ දහවල් ආහාර සාදන අතර යාලුවා මෙසේ පවසන ලදී. පොරට කෑමටික බෙදල දෙන්න. මම පොරට මොනවහරි අතුරැපසට පලතුරැ අරන් එන්නමි. යනුවෙන් පවසා පිටත්ව ගොස් ඇත. ඒ අවස්ථාවෙි පැමිනිය මිතුරා මුනසෝදාගෙන කාමරයේ ඇදුමි මාරැකරමින් සිටින විට කෑම මේසයට පියෙලකර මිතුරාගේ භාර්යාව මිතුරාට කථාකොට මෙසේ පවසා ඇත. අපි පොරකමුද? යනුවෙනි. මෙ වචනය ඇසු පමනින් මිතුරා බියටපත්ව කාමරයෙන් එලියට පැන දිවුවාලු.

:       0       0

ශානිකා Tuesday, 26 June 2012 03:33 PM

මේක විහිලුවක්ද?

:       0       0

ඇම්ටා Thursday, 21 June 2012 10:50 PM

මෙයාගෙ මොලේ පරීක්ෂා කරගන්න වෙයි..!

:       0       0

සරත් Thursday, 21 June 2012 02:12 PM

අලී බබා පොඩ්ඩක් වැරදුනා නේද අන්තිමට ??????

:       0       0

බඩී Thursday, 21 June 2012 01:38 PM

මොනවද මේ අලි බබාගේ සත දෙකේ කමෙන්ට්ස්?

:       0       0

පැටිට‍්‍රික් Friday, 22 June 2012 02:04 AM

නැව ගිලුනත් බෑන් චූන්

:       0       0

සම්පත් තිළිනු Tuesday, 26 June 2012 10:46 AM

"මේකනම් නියම කතාවක්"

:       0       0

ගිහාන් හුංගම Friday, 22 June 2012 02:31 AM

ඔයා හරි සමන්ත. විශ්වාස කරන්න බැරි බොරු කතා තියනවා තමයි.

:       0       0

බුද්ධික මධුසංක Thursday, 21 June 2012 10:14 AM

ලස්සන කතාවක්

:       0       0

තුන්කුරැ පේනුව Friday, 22 June 2012 03:37 AM

පිස්සුද නැත්නම් හැටිද??

:       0       0

පෙරේරා Thursday, 21 June 2012 03:59 PM

අලි බබාගේ කතාව නම් ෂෝක්

:       0       0

varuna Thursday, 21 June 2012 09:41 AM

මේ දේම තමයි දැන් රටට වෙලාතියෙන්නේ...

:       0       0

කයියා Thursday, 21 June 2012 03:23 PM

අනේ ඉබ්බගේ කටට දුන්න කොත්තු කෑල්ල...... ඒකත් උක් ගස් කොත්තුවක්ලු අබරෝ

:       0       0

සනා Saturday, 23 June 2012 04:03 AM

අපේ පාර්ලිමේන්තුවෙ දරශණ පෙලක්වත්ද දන්නේ නැහැ ඒ වෙලාවෙ රෑපවාහිනියේ දාල තිබුණෙ. එහෙම එකක් නම් මේ වගේ සිද්ධියක් වෙන්න පුළුවං..

:       0       0

නීල් Thursday, 21 June 2012 10:36 AM

මන් ගැනද කියල තියන්නෙ. මටත් ඔහොම වෙනව සමහර වෙලාවට. අයියෝ කවුද මේක දැක්කේ

:       0       0

ජයන්ත Monday, 25 June 2012 07:16 AM

අනේ හොල්මන් තමයි

:       0       0

බෙන් ටෙන් Thursday, 21 June 2012 04:01 PM

රාජ්ය ආයතන හැම තැනම පෝලිම තමයි... ටී.වී. එකක් දාලා තිබිච්ච එක නම් පුදුමයි. එත් කතාව නම් ................

:       0       0

නීල් Thursday, 21 June 2012 11:16 AM

මන් ගැනද කියල තියන්නෙ. මටත් ඔහොම වෙනව සමහර වෙලාවට. අයියෝ කවුද මේක දැක්කේ

:       0       0

ප්‍රියදර්ශනී Thursday, 21 June 2012 11:32 AM

පිස්සු නැත්තම් හොඳයි..

:       0       0

කමල් Friday, 22 June 2012 10:00 AM

ෂුවර් එකටම ටීවී එකේ පෙන්නන්න ඇත්තේ අපේ පාර්ලිමේන්තුව වෙන්න ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 575 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 746 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1195 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1529 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1012 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


සොහොන් කොත වැරදී කණුවට ඉටිපන්දම් පත්තු කරලා
2024 අප්‍රේල් මස 08 854 0

සිය මාමණ්ඩියගේ සොහොන යැයි සිතා සූර් පිට කිලෝ මීටර් කණුවකට ඉටි පන්දම් පත්තු කර පැමිණි පුද්ගලයකු පිළිබඳව වයඹ පළාතේ එක්තරා ගමකින් වාර්තා වේ. සිද්ධිය මෙසේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1466 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site