IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වැඩි වාසියට ගිහින් තිබුණු ටිකත් නැතිවෙලා

(නයිනමඩම චන්දන ප‍්‍රනාන්දු)
නොදන්නා කර්මාන්තයක් කරන්න ගිහින් ලොකු අලාභයක් කරගත් ලොරි හිමියකුගේ සිද්ධියක් පසුගියදා වයඹ පළාතේ සාගරයක් ළඟ තිබෙන ප‍්‍රධාන නගරයකින් වාර්තා විය.


මෙම ලොරි හිමියා කාලයක් රාජ්‍ය සේවයේ සිට වයස සපිරෙන්නත් පෙර ඉක්මනින් තමන්ගේ පාරිතෝෂිතයත් අරගෙන ගෙදර නතරවුණ කෙනෙකි.
ගෙදර නතර වූ මෙම හිටපු රාජ්‍ය සේවකයාට තමන්ට ලැබුණ මුදල් ටික ආයෝජනය කරන්න විවිධ ආකාරයේ යෝජනා එද්දී තමන්ගේ අසල්වැසියන් බොහෝම ජයට කරගෙන යන ව්‍යාපාරයක් ගැන හිතා උවමනා ලොරියක් අරගෙන තිබුණේ ලොකු බලාපොරොත්තුවකිනි.


එම ව්‍යාපාරයේ ස්වභාවය අනුව ලොරි රථයට පළපුරුදු සහයකයකු උවමනා වුවත් සේවකයාට ලොකු මුදලක් ගෙවීමට වෙන බව දැක ගෙදර හිටපු තමන්ගේ පුතකු ලොරියේ සහයකයා ලෙස යොදාගෙන පළමු දවසේම ලොරිය පසුපසට ගැනීමට යද්දී නිවෙසක තාප්පයක් කඩාගෙන ගොස් නතර විය. ලොරි හිමියාට අවබෝධ වෙලා තියෙන්නේ තම පුතා ලොරිය පසුපසට ගැනීමට සංඥා ලබාදී ඇත්තේ දුරකථනයකින් ඔහුගේ යහළුවෙක් සමග කතා කරමින් බවය.


තමන්ගේ අලූත්ම ලොරියට වූ අලාභය දරාගෙන නිවෙස් හිමියාගේ කැඩුණු තාප්පයට අලාභය ගෙවා තමන් කරගත් අණුවන ක‍්‍රියාව ගැන ලොරි හිමියා කල්පනා කරමින් සිටී.



අදහස් (0)

වැඩි වාසියට ගිහින් තිබුණු ටිකත් නැතිවෙලා

දෙවිඳු Saturday, 11 April 2015 02:53 AM

කලින් විශ්‍රාම ගියාට පාරිතෝෂිකය ලැබෙන්නේ 60 පැන්නමනේ (නි)

:       0       0

විමුක්ති Sunday, 12 April 2015 02:22 PM

පරිතෝශිකය 45න් ගන්න පුළුවන් උනත් වයස 60 නෙමේ 100 පැන්නත් නැති මොලයක් ආපහු ගන්න බැහැනේ අනේ. (නදී)

:       0       0

දුමින්ද Saturday, 11 April 2015 06:20 AM

ලාබ බඩුවේ හිලක් ඇත (නි)

:       0       0

කිරි ගමරාල Thursday, 09 April 2015 04:16 AM

නවීන පන්නයට හැඩ ගැසුණු සහායකයින් එකම වෙලාවේ වැඩ කීපයක් කරන්න පුළුවන් අයලුනේ. එ්කයි අලභා දෙකකින් නැවතුනේ. (ස)

:       0       0

ආරච්චිගේ Thursday, 16 April 2015 07:50 AM

1985දී තිරගතවුණු "ආණ පාවම්"(පිරිමියා පව්)කියන දෙමල චිත්‍රපටියේ එන එක ජවනිකාවකත් ඔහොම දෙයක්වෙනවා, නගරයේ සිට ගමට කාර් එකකින් එන අයෙක්,එම ගමේ පාරේ පටු ගතිය නිසා,ගමේ අයෙකුට කි- යනවා කාර් එක බෝක්කුවේ හැප්පෙනවාද කියල බලන්න,පස්සේ ඔහු කාර් එක පස්සට ගනිද්දී,එයා බලාගෙන හිටපු මිනිහ හෙප්පුනේ නැහැ හැප්පුනේ නැහැ එන්න එන්න කියාගෙන ගිහිල්ල,අන්තිමේදී කාරය බෝක්කුවේ හැප්පුනු ගමන්ම හා දැන් හැප්පුනා කියල ප්‍රීතිවෙනවා,ඒ වගේ දෙයක්තමයි මේකත් (බ)

:       0       0

කුමාරි Thursday, 09 April 2015 05:50 AM

එකපාරම දියුණුවෙන්න හදනකොට ඔහොම තමා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 09 April 2015 06:20 AM

හැම කිල්ලටම වඩා නොසැලකිල්ල ලොකුයි කියන්නේ ඕවට තමයි ! දැන් ඉතින් වෙච්චි දේ උන එකෙන් පාඩමක් ඉගෙන ගෙන නැවත පටන් ගනිමු ජිවිතේ කියන්නේ ඕකට තමයි . (බ)

:       0       0

මැක්සි ලියනාරච්චි Thursday, 09 April 2015 02:07 PM

තාත්තාගේම පුතානේ! (නි)

:       0       0

මුදියන්සේ Saturday, 11 April 2015 02:58 PM

කුමාරිලා වගේ අය මේවා පාඩමට ගතයුතුයි (නි)

:       0       0

උපාලි Saturday, 11 April 2015 03:27 PM

ඔහුගේ උත්සාහය අගය කරන්නේ නැද්ද? පවු අහිංසක රජයේ සේවකයා! (නි)

:       0       0

නිහාල් Thursday, 09 April 2015 07:45 AM

දෙයියෝම සාක්කි තමයි! (නි)

:       0       0

සෑම් Thursday, 09 April 2015 08:08 AM

"හැපෙනවාද බලන්න" කිව්වාම හැපෙනකම් ඉඳලා "ඔන්න දැන් හැපුණා" කියන්න ඇති.(බ)

:       0       0

සරත් කුමාර Sunday, 12 April 2015 11:24 AM

දෙවිදු නොදන්නා දේ නොකියා ඉන්න. වයස 45 පහු උනාම ඒ අදාල දේ ගන්න පුලුවන් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 725 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 846 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1077 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1020 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1283 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1624 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site