IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වැඩි ආටෝපයට ගිහින් යාළුවාට සපත්තු කුට්ටමක් අරන් දෙන්න වෙලා

තම කාර්යාලීය මිතුරකුගේ දියණියකගේ විවාහෝත්සවයකට සහභාගි වීම සඳහා තවත් මිතුරකුගෙන් ඉල්ලා ගත් සපත්තු ජෝඩුවෙන් එකක් අල්ලපු ගෙදර බල්ලා රැුගෙන ගොස් සපා දැමීම නිසා මහත් අලකලංචියක් සිදුවීමේ පුවතක් ලංකාදීපයට වාර්තා වෙයි. සිද්ධිය සැකෙවින් මෙසේය.

ඔහු මහනුවර නගරයට නුදුරු කුඩා නගරයක පෞද්ගලික ආයතනයක කාර්යාලයක සේවය කළේය. එම කාර්යාලයේම සේවය කළ මිතුරකුගේ දියණියගේ මංගලෝත්සවයක් සඳහා ඔහු ඇතුළු කාර්යාලයේ සියලූ දෙනාට ආරාධනා කර තිබිණ. කාර්යාලයේ සියලූ දෙනා විවාහෝත්සවයට යාමට සූදානම් වූහ. උත්සවය තිබුණේ නගරයේ ප‍්‍රධාන හෝටලයකය.

විවාහෝත්සවයට යාම සඳහා සියල්ල සූදානම් කළද තමාගේ සපත්තුව ගැන ඔහු එතරම් සෑහීමකට පත් වූයේ නැත. එය තරමක් ගෙවී ගොස් තිබිණ. බොහෝ වැදගත් පුද්ගලයන් එන උත්සවයකට යාම සඳහා නව සපත්තු ජෝඩුවක් සපයා ගැනීමට ඔහු කල්පනා කළේය. එක්වරම මිලදී ගත නොහැකි නිසා තම නිවස අසල පදිංචි ඔහුගේ තවත් මිතුරකුගෙන් සපත්තු ජෝඩුවක් අතමාරුවට ඉල්ලා ගත්තේය.

මිතුරාගෙන් ඉල්ලා ගත් සපත්තු දෙක නිවස ඉදිරිපිට කොරිඩෝවේ තබා ඔහු ඇතුළට ගියේ අලූත් ඇඳුම් ඇඳ ගෙන ඒමටය. ඒ අතරතුර අල්ලපු ගෙදර බල්ලා සපත්තුවේ ඉව වැටී ගේට්ටුවෙන් ඇතුළු වී එක් සපත්තුවක් රැුගෙන ගොස් සපා කීතු කීතු කර දැම්මේය. ඔහු අලූත් ඇඳුම් හැඳ පැමිණ සපත්තු දැමීමට උත්සාහ කළත් එක් සපත්තුවක් අඩු බව දැක සොයා බැලීමේදී වත්ත මායිමේ අල්ලපු ගෙදර  බල්ලා එය සපා කනු දැක ගන්නට හැකි විය. කොතෙක් උත්සාහ කළද සියල්ල හමාර වී තිබිණ.

වැඩි ආටෝපයට ගොස් ඔහුට අවසානයේ විවාහෝත්සවයත් නැති වී මිතුරාට සපත්තු ජොඩුවකුත් අරන් දෙන්න සිදු විය.
 



අදහස් (0)

වැඩි ආටෝපයට ගිහින් යාළුවාට සපත්තු කුට්ටමක් අරන් දෙන්න වෙලා

අසෝකා Tuesday, 24 December 2013 04:04 PM

කොහොමත් මගුල් ගෙදරක් කිව්වම කවුරුත් ආසයිනේ ලස්සන්ට ඇදලා යන්න. පව්!(නදී)

:       0       0

නීලා Wednesday, 25 December 2013 01:04 PM

තමන්ට නැති දෙයක් ඉල්ලන්න යන්නේ ඒ මට්ටමේ ඉන්න කෙනෙකුගෙන් මිස ලොකු අතුවලින් නෙමෙයි. මගුල් ගෙදරක යනකොට හොඳට ඇඳගන යන්න කව්රුත් කැමතියි. ඒක ''බොරු ආටෝපය ' කියලා සමච්චලයට දාන්න හොඳ නැහැ. ගෙනාපු දේ පරෙස්සම් කරලා වැඩේ පිරිමහගත්තා නම් ඔය දේ වෙන්නේ නැහැ. ආපහු අරන් දෙන එක එයාගේ යුතුකමක්. (නදී)

:       0       0

සුජිත් Tuesday, 24 December 2013 05:55 PM

කුමාරිහාමි, ඉතින් ඔයා කිව්වේ නැහැනේ කතාවේ ඉතුරු හරිය. ඇයි අර බැල්ලි ඔයාගේ හැට්ටේ කෑවට පස්සේ මැරුණු කතාව.(නදී)

:       0       0

කුමාරි Tuesday, 24 December 2013 06:20 PM

ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ කිව්වලු. පව් ඒත් තියෙන හැටියට තමන්ගේ දේ ඇඳගෙන යන්න මීට පසු පුරුදු වෙන්න.(නදී)

:       0       0

අජිත් Tuesday, 24 December 2013 08:25 PM

තමන්ගේ මට්ටන් තම්මැට්ටන් කියලා වැඩ කලා නම් හරිනේ.(නදී)

:       0       0

සිරි අයියා Tuesday, 24 December 2013 09:23 PM

කුමාරිහාමිගෙ හවරිය පරම්පරාවෙන් එන එකක් වෙන්න ඇති. ඒ වගේ හවරි හරි ගඳයි. (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 24 December 2013 10:47 PM

ඒ මනුස්සයාගේ වෙලාව.අනික පුදුම යාලුවෙක්නෙ එහෙමත් ගන්නවාද යාලුවෙක්ගෙන් ඒ වෙනුවට පව්.හැමදේම දැන් මුදල් මතනේ. (අ)

:       0       0

ශ්‍යාමලී Tuesday, 24 December 2013 12:36 PM

අනේ පව්! (නදී)

:       0       0

පාලි Wednesday, 25 December 2013 08:47 PM

ඉතින් කුමාරිහාමි සල්ලි ගත්තාද වැඩේ නම් කැතයි (අ)

:       0       0

රන්ඳුනු Wednesday, 25 December 2013 12:12 AM

අපරාදේ කුමාරිහාමි අක්කගේ බෝරිච්චි අත් දාල මහපු හැට්ටය. අක්කේ ඒකේ කර වටේට මුතුත් අල්ලලද තිබුනේ.(නදී)

:       0       0

ජානී-යූ.එස්. Wednesday, 25 December 2013 03:49 AM

මගේ මිතුරියකටත් ඔය වගේ වැඩක් වුණා. මගුල් ගෙදරක යන්න තව කෙනෙකුගෙන් රත්රන් බඩු ඉල්ලගෙන ඇවිත් ගෙට හොරු පැනල ඒවා අරන් ගිහින්.අන්තිමේදී නය වෙලා අරන් දෙන්න සිද්ද වුණා.(අ)

:       0       0

කුමාරිහාමි Tuesday, 24 December 2013 02:03 PM

බල්ලාගේ අයිතිකාරයගෙන් අලාභය ඉල්ලගන්න. දවසක් අල්ලපු ගෙදර බැල්ලි හෝදලා වේලෙන්න දාල තිබුන මගේ හැට්ටෙකුයි, හවරියකුයි හපලා විනාශ කළා. ඒ අහිංසක සතා දන්නේ නැහැනේ හැට්ටේ කාගේද, හවරිය කාගේද කියලා. ඌට ගහල වැඩක් නැහැනේ. බැල්ලිගෙ අයිතිකාරයන්ට කිව්වම මට අලුතෙන් හැට්ටයක් මහගන්නයි, හවරියක් ගන්නයි සල්ලි දුන්නා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 325 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 698 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 562 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1115 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 866 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 741 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1541 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site