IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විගණන නිලධාරියා - මවිත කළ අපූරු ගිණුම් තැබීමක්

ආයතනයේ විගණන පරීක්‍ෂණයට ආ විගණන නිලධාරියකු අන්දුන් කුන්දුන් කළ අමුතු ගිණුම් තැබීමක් වලල්ලාවිට කාර්යාලයක සිදු වී තිබේ. සතිමුල, සතිමැද, සතිඅග ගෙවී මාසය හමාර විය. ලහි ලහියේ කටයුතු හමාර කරමින් සේවකයෝ තම තමන්ගේ කටයුතු කඩි රැුලක් මෙන් උත්සාහයෙන් කළහ. කෑම පැය, තේ වේලාව හැරුණු කොට එකිනෙකාට සිනා සීමටවත් බැරි තරම් කාර්ය ශූරත්වයකින් ඔවුහු මහජන සේවයේ නිරතව සිටිති. ආයතන ප‍්‍රධානියාද එළෙසමය. මේ කලබලය වෙනදාටත් වඩා තදින්ම පැවතුණේ එදින ගිණුම් පරීක්‍ෂණ නිලධාරීන් පැමිණෙන දිනය නිසාය. උදෑසනම ආයතනයට පැමිණ තම තමන්ගේ ලිපි ගොනු සංඛ්‍යා ලේඛන ලහි ලහියේ පිළියෙළ කොට සියල්ලෝම දීර්ඝ හුස්මක් පිටකළාක් මෙන් නිදහස්ව සිටියහ. සුපුරුදු පරිදි පරීක්‍ෂකවරු ආහ. ඔවුන්ද නිහඬව තමන්ගේ රාජකාරී කරමින් සිටින අතර එක් ගිණුම් නිලධාරියෙක් එක්වරම. ”මේ මොනවද මේ කවුද මේකේ තොවිල් කළේ.” එසේ කියමින් එක් ලේඛනයක් එහා මෙහා පෙරළමින් පරීක්‍ෂා කරන්නට විය. එවිටම ආයතනයේ ගිණුම් අංශ නිලධාරිනියක එතැනට පැමිණ මෙසේ ඇසුවාය. ”මේ පහුගිය කාලේ අපේ ලොකු මහත්තයලගේ ගෙදර ගම්මඩුවක් නැටුවා. ඒත් එතුමාගේ පෞද්ගලික මුදලින් ඒක කළේ. ඇයි ඒ වියදමත් මේවාට දාලාද. ඇය සිහින් හඬින් ඇසුවාය. නෑ..... නෑ..... මේ මන්තර පොත් කාගෙද දුඹුරු පැහැති පැරණි දිරාපත් වූ කඩදාසි මිටියකින් සැකසූ ශ්ලෝක වැනි ගාථා ලියූ පොත් කිහිපයක් අතට ගෙන නිලධාරියා උස් හඬින් කීවේය. ආ.... ආ....  ඕක මගේ  ඕක මගේ වැරදිලා ඔය පොත් අතරට ගිහිං. එක් පුද්ගලයෙක් කලබලයෙන් පැමිණ කඩදාසි මිටිය අතට ගත්තේය. ආ.... මේකද ඔයා මේ නිතර කියවන පොත. අපි හිතුවේ බණ පොතක් කියවනවා කියලයි. විවේකය ලැබුණු සෑම විටම ඔහු මන්නර කට පාඩම් කළ බව ආයතනයේ සියල්ලන්ම දැන ගත්තේ එදිනය.



අදහස් (0)

විගණන නිලධාරියා - මවිත කළ අපූරු ගිණුම් තැබීමක්

රූපවතී Thursday, 07 November 2013 12:24 PM

ඒ කාලේ මිනිස්සුන්ට මන්තරවත් තිබුන ජප කරන්න ..ප්‍රාදේශීය කාර්යාල වල පෙත්තෝ ..?ඒත් දැන් ..එහෙම නෙවේ කෙලින්ම ගිහින් කරන්නේ කන පලලා එන එකයි ...? පෙනෙනවනෙ .ඒ කාලේ පාඨක අදහස් වගේද දැන් ..දියුණුවෙලා ..? හැමෝම ඉන්ටෙර්නෙට් පාවිච්චි කරනවා ..?සතුටුයි නේද ..? ඒත් දැන් අපේ ගොයියෝ ..මරාගන්නවා ..ඒ ගැන නම් දුකයි..? (ස)

:       0       0

හරින් Monday, 03 September 2012 08:17 AM

කියමුකෝ බලන්න මන්තරයක්..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 794 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 879 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1099 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1029 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1287 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1629 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1545 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site