IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රියැදුරු බලපත් ගන්නා විභාගයේදී බිරියකගෙන් අපූරු උත්තරයක්

රියැදුරු බලපත‍්‍රය ගන්නා විභාගයට පෙනී සිටි බිරිය රිය පදවද්දි සැමියා කරන වැරැද්ද ප‍්‍රශ්නයක දී පිළිතුර ලෙස ලිවීමේ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි. සැමියා පළපුරුදු රියැදුරෙකි. බිරියටත් රියපැදවීමේ ආසාවක් ඇති වීම නිසා ඔහුගේ අවසරයෙන් ඒ සඳහා ඉල්ලූම්කර අදාළ විභාගයට පෙනී සිටියාය. රිය පැදවීම පුරුදු පුහුණු කළේ සැමියාය. විභාගය අවසන්වී පැමිණි පසු සැමියා අමතා කන්දක් බහින විට රථය පාලනය කරන්නේ කොහොම ද යැයි අසා ඇත. ඇයි එහෙම ප‍්‍රශ්නයක් තිබුණ ද? ඔව් මම ඔයා කරන දේ උත්තරයට ලිව්වා. නිව්ටල් කරන්න  ඕනෑ කියලා ලිව්වා. එවිට සැමියා අනේ යෝදියේ! මම එහෙම කරන්නේ පෙට‍්‍රල් ඉතුරු කරගන්න වුවමනා නිසා මිස මාර්ග නීතියක් නිසා නොවේ යැයි කියා ඇත. දැන් ඉතින් මොනව කරන්නද? අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා කියන කතාවේ අර්ථය තේරුම් ගත්තේ අදයි කියලා සැමියා නිහඬ වුණාලූ.



අදහස් (0)

රියැදුරු බලපත් ගන්නා විභාගයේදී බිරියකගෙන් අපූරු උත්තරයක්

චමී Thursday, 11 October 2012 03:15 PM

තනිකරම බොරුවක් (ස)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 30 September 2012 12:29 PM

ඒකනේ කියන්නේ. සැමියාගෙන් ඔය වගේ දේවල් ඉගෙන ගන්නේ යන්නේ නැතුව ආචාර්ය මහාචාර්ය කෙනෙකු ළගට යන්න කියන්නේ. (නි)

:       0       0

මිලාන් Saturday, 29 September 2012 09:00 AM

කාන්තාවන්ට තියෙන්නේ කට විතරයි. (නි)

:       0       0

ෂෙරීෆ් Friday, 28 September 2012 05:16 PM

ප්‍රශ්නයත් සමග උත්තර හතරකුත් දෙනවානේ, හරි එක තෝරන්න. (නි)

:       0       0

නිරාන් Saturday, 29 September 2012 10:38 AM

මෙයාට හීනෙන් පෙනෙන ඒවා ගණන් ගන්න එපා. (නි)

:       0       0

ජයලත් Saturday, 29 September 2012 10:48 AM

මේක විහිලුවක් නෙමෙයි. (නි)

:       0       0

ජානක Tuesday, 02 October 2012 04:01 PM

මාළුවා නහින්නේ කට නිසා කියනවනේ (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 28 September 2012 12:49 PM

පාරේ යන මගීන්ට දෙයියන්ගේම පිහිටයි (ස)

:       0       0

සුසන්ත Monday, 01 October 2012 02:24 PM

මේක විහිලුවක්නේ. (නි)

:       0       0

රවීන්ද්‍ර Wednesday, 03 October 2012 10:21 AM

අනේ ඉතිං, අද කාලේ පෙට්‍රල් ටිකේ ගාණ ගැන බැලුවොත් මේ උත්තරේ සාධාරණයි. (නි)

:       0       0

අසිත Tuesday, 02 October 2012 04:46 PM

මේකේ තියෙන දේ දෙන්නෙකුට වගේ තේරිලා තියෙනවා. (නි)

:       0       0

රවීන්දු Wednesday, 03 October 2012 10:31 AM

අද කාලේ පෙට්‍රල් වල ගානේ හැටියට නම් මේ උත්තරේ තමයි සාදාරණ උත්තරේ.(නදී)

:       0       0

මනම්පේරි Friday, 28 September 2012 01:56 PM

ආනන්ද, පාරේ යන්නේ මගීන්‍ නෙමෙයි පදිකයෝ. මගීන් යන්නේ කොල්ලෝ වාහනයක් ඇතුළෙනේ. (නි)

:       0       0

සුජිත් Friday, 28 September 2012 01:59 PM

විභාග ප්‍රශ්ණපතුයට බහුවරණ ප්‍රශ්ණ පත්‍රයක් මිස ලිවීමට එන්නේ නැහැනේ..!(නු)

:       0       0

මිලානෝ Friday, 28 September 2012 01:54 PM

මෝඩ ගෑනි මන්.....// (ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 28 September 2012 02:10 PM

සැමියා බිරිඳ‍ගේ දෙවියාය...(ස)

:       0       0

ගුණරත්න Tuesday, 02 October 2012 07:24 AM

විහිලු කතාවකට මරේ මරු. (නි)

:       0       0

යොහාන් Friday, 28 September 2012 02:14 PM

නිවුටල් එකේම යන එක හොඳයි (ස)

:       0       0

සරත් Friday, 28 September 2012 02:21 PM

මම මේ දැක්කමයි ගැහැණියක් පිරි‍මියෙක්ගෙන් උපදෙස් ගත්ත අවස්ථාවක්. (නි)

:       0       0

සනත් Tuesday, 02 October 2012 07:56 AM

මේක කියවලා හිනා වෙන්න කිචි කවා ගන්න වෙනවා. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 03 October 2012 01:29 AM

මේක ගොඩක් හොද වැඩක්. (නි)

:       0       0

දිනුක Sunday, 30 September 2012 07:33 PM

මම දන්න තරමින් නම් කරන්න තියෙන්නේ උත්තර 4න් හරි එක තෝරන එක. දැන් ලිඛිත පරික්ශනයකුත් තියනවද දන්නේ නැහැ. (නි)

:       0       0

ජනක Saturday, 29 September 2012 04:13 PM

පිළිතුරු හතරකින් එකක් තෝරා ගන්නවා මිස ලියන්න නැත. (නි)

:       0       0

ලලිත් Friday, 28 September 2012 09:53 AM

කතාව බොරු උනක් ඇත්ත වගේ ලියලා තියෙනවා (ස)

:       0       0

චානුක Monday, 01 October 2012 05:44 PM

ලිවීමට, පිළිතුරු නැහැනේ. (නි)

:       0       0

දමිත් Wednesday, 03 October 2012 04:53 AM

හිතාගන්න පුළුවන් අනෙක් හරිය අපිට (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 29 September 2012 12:55 AM

පිටුපසට රිවර්ස් කරයිද දන්නේ නැහැ. (නි)

:       0       0

කුමාර Saturday, 29 September 2012 06:53 PM

සහතික ඇත්ත.පිළිතුරු ලිවීමට නොව පිළිතුරු තේරීමටයි තියෙන්නේ.(නු)

:       0       0

ජයකොඩි Monday, 01 October 2012 12:02 AM

හිනා යන උත්තරයක්නේ. (නි)

:       0       0

සිල්වා Saturday, 29 September 2012 05:48 AM

බැරි වැඩ නොකරන් අඹරෝ කිවුවලු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 214 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 655 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 510 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1096 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 851 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 727 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site